ඉතිහාසය පුරාවට ඉපැරණිම කෘත්‍රීම ආහාර වලින් එකක් වන පාන් කෘෂිකරමයේ මූලාරම්භයේ සිට තිබුණු බවනෙ ඔය කියන්නේ.
කෙසේ වෙතත් අවසන් බෝජනය ( ක්‍රිස්තුස් වහන්සේ ගේ ) පාන් බව අපි කවුරුත් දන්නවනේ එක මේසේ එකට එක පාන් ගෙඩිය කඩන් කාපු අය තමා පාවා දුන්නෙ, ඒ හින්දා යාලුවෝ එකට ඉන්න අය එක්ක පාන් කන්නෙ පරිස්සමට . ඔය මතක් වුණු වෙලාවෙ ඉඳන් අපි පාන් නොකාවත් ඉමුද?
දන්නවනේ අර බිසවක් " පාන් නැතිනම් කේක් කාපල්ලා" කියලා වෙච්ච දෙයක්. හොඳ වෙලාවට ලංකාවෙ බිරින්දෑ වරු කවුරුත් එහෙම කිව්වෙ නැහැනේ අනිච්චං දුක්කේ.නැතිනම් ලංකාවෙත් විප්ලවයක් ඇතිවෙනවා අනිවාර්යයි
අපේ ලංකාවට පාන් ගෙනාවෙ පෘතුග්‍රීසි කාරයෝ නෙ? අපි ඉතින් කිව්වා " සුදුපාට ගල් කාලා ලේ බොනවා " කියලා. එදායින් පස්සෙ පරදෙස්ක්කාරයන්ට ආවඩන අපි පාන් ජීවිතයට නැතිවම බැරි දෙයක් වෙලා නෙ?
පාන් ගෙඩියක් දරුවන්ට කන්න දෙන්න හොරකම් කල මිනිහෙක් ගේ අනුවේදනීය චිත්‍රපටිය අපි කවුරුත් බලල තියෙනවනේ?ඔන්න නොදන්න අයට ට්‍රෙලර් එකෙ ලින්ක් එකක් දානවා. ලස්සන ෆිල්ම් එකක් බලන්නකෝ
https://www.youtube.com/watch?v=IuEFm84s4oI
මෙන්න මං මූනුපොතට අද උදේ පෝස්ට් කළ එක
දෙන්නම් බැටේ.
හීන් සතුටක් හිතේ පතුලේ හෙමින් එබිකම්........ කරනවා
පාන් පැලටත් දුකේ බැරුවළු මටත් ගතු නම්....... කියනවා
"පාන්" හතරක් මිලේ වැඩිවළු ඔන්න අවුරුදු..... එබෙනවා
වාන් දමතත් අපේ කැක්කුම ඉන්න "කතිරය"... තියෙනවා
ගොය්යො ගෙටවෙනු අපිද හෙටදින අතට වෙරවිරි ගන්නවා
කය්ය ගැහුවට රූප පෙට්ටියෙ දන්න අය මෙය........ දන්නවා
කොක්කු නැටුවට තිත්ත පැටවුන් දිනක වරමක් ......ගන්නවා
දෙයියො බුදුවරු යදිනු කුමටද කතිර යුද්ධය .........තියෙනවා
හීන් සතුටක් හිතේ පතුලේ හෙමින් එබිකම්........ කරනවා
පාන් පැලටත් දුකේ බැරුවළු මටත් ගතු නම්....... කියනවා
"පාන්" හතරක් මිලේ වැඩිවළු ඔන්න අවුරුදු..... එබෙනවා
වාන් දමතත් අපේ කැක්කුම ඉන්න "කතිරය"... තියෙනවා
ගොය්යො ගෙටවෙනු අපිද හෙටදින අතට වෙරවිරි ගන්නවා
කය්ය ගැහුවට රූප පෙට්ටියෙ දන්න අය මෙය........ දන්නවා
කොක්කු නැටුවට තිත්ත පැටවුන් දිනක වරමක් ......ගන්නවා
දෙයියො බුදුවරු යදිනු කුමටද කතිර යුද්ධය .........තියෙනවා
තිත්තයෝද අපි වාරයක් එනකම් බලන් ඉන්න? මගේ නංගි මේක බලලා අහනවා රුපියල් 4ටද ඔච්චර කෑගහන්නේ කියලා. කෑ ගැහුවාය මම ?
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන " ආදරෙයි මං ආදරෙයි" බලන එයාට නම් මොකෝ නේ?
හ්ම්ම්ම්ම්ම්ම් සීනිගම පැත්තෙ මිරිස් අඹරලා පුළුවනිද මන්දා පාන් මිල අඩු කරන්න?
අපේ ආච්චි නම් ඒ දවස් වල කියන්නේ " ඔය කිරිසප්පයොන්ට පාන් රොඩු දීල වැඩක් නැහැ. බතකුයි සම්බෝලයකුයි හදන්න කියලා
දැන් නම් අපි 21+ තමා ඒ හින්දා පාන් කෑවට කමක් නැතිද මන්දා.
මේ පැත්තේ නම් හාල් කිලෝ එකක් රුපියල් 60න් ඉහලට + පොල් ගෙඩියක් රුපියල් 45/ 50/55 ම්.ම්.ම්.ම් අවුරුදු ලං වෙන කොට නම් වැඩිවෙයි.ඒත් තාමත් පාන් ක්නවට වඩා ලාබයි.
ලේසියට අපි අපේ කෑම වලට පාන් පිටි එකතු කරාට දන්න අය දන්නවා ආප්ප/ රොටී/ පිට්ටු/ තොසේ ඔය කොයි දේත් හාල් පිටි වලින් හදන්න පුළුවන් කියලා. වැඩේ තියෙන්නෙ ආපි කන්නෙ ඒ වගේ දෙවල් කඩෙන්නේ?
එලවළු ටිකක් වත්තේ හදා ගත්ත නම් මැල්ලුමක් එක්ක බත් ටිකක් උයන්න පුළුවනි. ඉඩ නැහැ නම් කියයි. වෙලා නැහැ නම් කියයි. මම මේ කතා කරන්නෙ අපිවගේ දුප්පත් ජනතාවට.
"සිංහලයා මෝඩයා බත් ගිලින්න යෝදයා " "ගමරාළ දිව්‍ය ලෝකෙ ගිය හැටි" වගේ උපහාස කතා ප්‍රචාරය කරල තියෙන්නෙ එදා ගමරාලට තිබ්බ අභිමානය සැළැකිල්ල අඩු කරන්න කියලා අපි දන්නවනේ? නිදහසෙන් මෙච්චර කාළෙකට පස්සෙත් අපි තාමත් පාන් කන්නෙ ඇයි?
"මොකෝ මේ පාන් කාපු එකා වගේ" කියලා කියන්නෙත් ඕකයි . මොහොතට බඩ පිරුණට පැයෙන් දිරවල ඉවරයිනෙ?
ඉතින් අපි "පෙරදිග ධාන්‍යාගාරයට උරුමකම් කියනව නේ/ අද ඉඳන් බත්ම කමුද? මය්යොක්කා බතලත් තවම තීයෙනවනේ?
හ්ම්ම්ම්ම්ම්ම් සීනිගම පැත්තෙ මිරිස් අඹරලා පුළුවනිද මන්දා පාන් මිල අඩු කරන්න?
අපේ ආච්චි නම් ඒ දවස් වල කියන්නේ " ඔය කිරිසප්පයොන්ට පාන් රොඩු දීල වැඩක් නැහැ. බතකුයි සම්බෝලයකුයි හදන්න කියලා
දැන් නම් අපි 21+ තමා ඒ හින්දා පාන් කෑවට කමක් නැතිද මන්දා.
මේ පැත්තේ නම් හාල් කිලෝ එකක් රුපියල් 60න් ඉහලට + පොල් ගෙඩියක් රුපියල් 45/ 50/55 ම්.ම්.ම්.ම් අවුරුදු ලං වෙන කොට නම් වැඩිවෙයි.ඒත් තාමත් පාන් ක්නවට වඩා ලාබයි.
ලේසියට අපි අපේ කෑම වලට පාන් පිටි එකතු කරාට දන්න අය දන්නවා ආප්ප/ රොටී/ පිට්ටු/ තොසේ ඔය කොයි දේත් හාල් පිටි වලින් හදන්න පුළුවන් කියලා. වැඩේ තියෙන්නෙ ආපි කන්නෙ ඒ වගේ දෙවල් කඩෙන්නේ?
එලවළු ටිකක් වත්තේ හදා ගත්ත නම් මැල්ලුමක් එක්ක බත් ටිකක් උයන්න පුළුවනි. ඉඩ නැහැ නම් කියයි. වෙලා නැහැ නම් කියයි. මම මේ කතා කරන්නෙ අපිවගේ දුප්පත් ජනතාවට.
"සිංහලයා මෝඩයා බත් ගිලින්න යෝදයා " "ගමරාළ දිව්‍ය ලෝකෙ ගිය හැටි" වගේ උපහාස කතා ප්‍රචාරය කරල තියෙන්නෙ එදා ගමරාලට තිබ්බ අභිමානය සැළැකිල්ල අඩු කරන්න කියලා අපි දන්නවනේ? නිදහසෙන් මෙච්චර කාළෙකට පස්සෙත් අපි තාමත් පාන් කන්නෙ ඇයි?
"මොකෝ මේ පාන් කාපු එකා වගේ" කියලා කියන්නෙත් ඕකයි . මොහොතට බඩ පිරුණට පැයෙන් දිරවල ඉවරයිනෙ?
ඉතින් අපි "පෙරදිග ධාන්‍යාගාරයට උරුමකම් කියනව නේ/ අද ඉඳන් බත්ම කමුද? මය්යොක්කා බතලත් තවම තීයෙනවනේ?
පාන් විප්ලවයට ජය වේවා...
ReplyDeleteපාන් කෑවට කමක් නැහැ පාන් කාපු එකා වගේ ඉන්න එපාද? ස්තුතියි ඇවිත් යන්න ආයම
Deleteපාන් විප්ලවයට ජය වේවා...
Deleteසාදුකින් ඉන්න උන් දැන් ඉතින් නැගිටියව්
Deleteබොලාට පාං ගෙඩිය විතරනෙ පේන්නෙ.. මං අස්පට් එකේ ඉන්නෙ ඉදල ඉදල බයික් එකක් ගන්න කියල බලං හිටිය ඒ මගුල ලස්ස දෙක්කිං උඩ ගිහිං..
ReplyDeleteඅනේ අර ඉන්දියන් මළ හෝන්තු නං අර යසට තියෙන්නෙ.. නෙදෝමකිං බං... පාං ගණං නං කේක් කමු.. ඒක ලාබ ඇති
අපි යනවද මූදූ අපිට කොයින්දා මාළු ? පාන් කන්න බැරි අපි ඉතින් බයික ගැන කතා කරාවිද? ආයම එන්න හොඳේ :)
Deleteහැක්, බ්‍රෑන්ඩ් නිව් යමහා තියනවා ලක්ෂ 16 යි. හොන්ඩා ලක්ෂ 19 1/2 යි. මා...........රයි.
Deleteහ්ම් ඔන්නොහෙ තිරික්කලයක් වත් ගන්නවා හෙමින් ( පාන් නොකා සල්ලි එකතු කරලවත් )
Deleteවිචාරක තුමා.. හිහි. කාට කියන්නය නේ..
Deleteඒ තරං ලොකු ගණං එකක් නෙවී මං බැලුවෙ. 250cc බයික්කෙක්. ඒකත් හරියන්නෑලු. චැසි115 හොනට් එක තමා අඩුම ගාණකිං ගණං ගිහිං තියෙන්නෙ. හෙහ්. ඒකත් 1යි සත 75කින්.
කජු ඇටද කොස්සැටද අප්පා...
ආයෙ නං එන්නෑලු. හැක්
අර කාගෙද ඉලාස්ටික් පටිය වගේ ඔයා බයික් ගැනමනේ කියන්නෙ. පාන් පාන් පාන් ගැන කියමු
Delete@mahesh
දැන් කවුද පාන් කන්නේ
ReplyDeleteඅනේ ඔන්න මං නං නැහැ. පාරෙදි දැක්කත් අහක බලං යන්නෙ ඇත්තමයි
Deleteපාං කෑම වහා නවතනු!
ReplyDeleteප්‍රීමා සමාගම ලංකාවේ තහනම් කරනු!
අපි බත්ම කමු නේ? සිංහලයා මෝඩයා බත් ගිලින්න යෝදයා කිව්වලු නේ?
Deleteඅහසිං කසුන සෙරන්ඩිබ් එකට කඩේ යනව වගේ. හැක්..
Delete"සෙරන්ඩිබ්" ? ඈ ප්‍රසන්න මමේ එයා එහමද? මට නම් දැවෙන ප්රශ්නය පාආආආඅන් තමා
Delete@Prasanna
http://www.sfml.lk/
Delete(Y) කමු පාන් ගනන් වැඩි වුනත් පාන්නෙ නෙ? දැක්කමත් කටට කෙල උනනවා. ඒ ලින්ක් එකෙ තියෙන මෙව්ව ටික නං@prasanna
Delete.
ReplyDeleteයූ ආර් ටූ ලේට් මෑන්.
Delete. = ?
Delete@C.J
4 වට් අය්යෙ? @Prasanna
Deleteෆෝ පුටිං තිත
Deleteලෙට් හිම් පුට් තිත. බිකෝස් තිත ඉස් ඉම්පොර්ටන්ට් දෑන් නතින්ග්
Delete@Prasanna
ලෙට් හිම් පුට් තිත. බිකෝස් තිත ඉස් more ඉම්පොර්ටන්ට් දෑන් නතින්ග්
Deleteබංබු ඉම්පොර්ටන්ට් සිනීිගල නෙමෙයි සීනිගම..
Deleteජ ය වේ වා !!
අද පෝය පුසන්න අයියා..
ඒ හින්දා මං මක්කවත් අහන්නෑ
@C. J. හැදුව.... ස්තූතියි හොඳේ :) පෝයනේ ඔන්නොහෙ කමක් නැහැ නේ?
Deleteමාතෘකාව හැදුවට මැද තියන සීනිගල සීනිගම කරලා නැතෝ..ඒකත් හදපියෝ..
Deleteඇයි පොා්ය කියල නිකං ඉන්නව කියල හිතුවද? වී හෑව් ස්ටොක්ස්.
Delete@Ambalangoda kathaa
Deleteහැදුවෝ. ස්තුතියි :)
@Prasanna
Deleteඑහෙමද? බලාගෙන පොලිසියෙන් එයි බෝතල් හොයාන
වහාම පාං 3.50 ට දෙනු.
ReplyDeleteපාන් කා ගල් බොන්නන්ගේ සංගමය.
ගල් බොන්නන්ගේ සංගමයට මගේ ප්‍රණාමය
Deleteබ්‍රෑන්ඩ් ඒක ගල්
Deleteචැහ් තුනයි පනහේ පාං එලකිරි.. චැන්ද්රිකා නෝනට ජය වේ වා...
Delete@eladha bra
Deleteපාමුත් කනවැයි ( බ්‍රෑන්ඩ් එක අවුල් නැහැ මයේ හිතේ )
@C.J.
Deleteපරිප්පු ඕනිම නැතිද? 3යි 50 හේ පාන් වලට?
ඇත්තට ම පාන් කියන්නේ ලෙඩ ගොඩක්. පාන් විතරක් නෙමෙයි බනිස් වර්ග සහ අනෙකුත් පිටි ආහාර එහෙමයි. ඒත් අපේ පැරැන්නෝ ජීවත් වුනේ බත් අල බතල කාලා. ඒ ශක්තියට කවදාවත් පාන් කාපු අයට ලංවෙන්නවත් බැහැ. හැබැයි අපි එදාට සාපේක්ෂව වැඩිය වැඩ නොකරන ජාතියක් වෙලා නිසා කන ප්‍රමාණය ටිකක් පාලනය කරලා හැකි තරම් අපේ ආහාර වලට හුරුවීම නං නුවණට හුරුයි තමයි.....
ReplyDeleteඒකම තමා මත් කිව්වෙ :) අල බතල කොස් මය්යොක්කා බත් පාන් වලට වඩා නම් ගුනයි නෙ
Deleteදැන්නම් හොඳටම අඩු කරලා තියෙන්නේ. මම දැන් වැඩිපුර උදේ ආහාරයට ගන්නේ කඩල මුංඇට කව්පී රතු බත් වගේ දේවල්.
ReplyDeleteඒක හොඳයි අර ඩයබිටීස් කොලස්ට්‍රොල් වගේ එවගෙන් බේරෙන්නත් හොඳයි මගේ හිතෙ
Deleteහ්ම්
ReplyDeleteහ්ම් හ්ම් හ්ම් බස්සිට නෑ කමක් වත් තියෙනවඩ මන්දා ' ජස්ට් කිඩින්ග්'
Deleteසීනිගල තියෙන්නෙ කොහෙද අනේ.අම්බෝල තියෙන්නෙත් එහේද?
ReplyDelete'හැක හැක රූප පෙට්ටියෙ දැක්කෙ ගලේ මිරිස අබරන එකනේ? ලැපටුනා මයේ හිතේ:) ස්තුතියි ආයම එන්න
Deleteලියල ඉවරවුන ගමන් පබ්ලිෂ් කරන්න හදිසි වෙන්න එපා.මුල ඉඳන් හෙමිහිට කියවල වැරදි තියෙනවනං හදන්න.
Deleteපෙනෙන්නෙ නැහැ කව් රු හරි කියන කම්ම. වැරැද්ද හදාගෙනම කියවනවා මං හිතන්නේ මං.ස්තූතියි හුඟක් හොඳේ
Deleteඑච්චර මහන්සි වෙන්නේ මොකටද විචාරක.. අපි ඉන්නවනේ ප්රූෆ් රීඩ් කරන්න.. හැක්..
Deleteඅනේ එහෙම නෙවි . මට වැරදුණාට වැරදි පෙනෙන්නෙ නැහැ කිව්වෙ .
Deleteපාං... දුප්පතාගෙ ආහාරෙ.. කෙලියනෙ ඉතිං. චැඃ
ReplyDeleteජයවේවා..!!
ජයවේවා!!!! පාන් එකටද? වැඩි කළ අයටද? නැතිනම් මට වත්ද? ස්තූතියි හොඳේ :)
Deleteපාන් කියගන්න්ත් බැහැ
ReplyDeleteහ්ම්ම්ම් කීයක් මොනවා වැඩි කරයිද මන්දා. අවුරුදු අස්සේ මුදලාලිත් වැඩි කරනවනේ . මොනවා කරන්නද බඩු ඒ ගොල්ලන්ගේ නේ?
Delete@එලද බ්‍රා
ඔය අල බතල වලත් තියෙන්නේ පිෂ්ටය නේද?
ReplyDeleteඔව් ඉතින් 40 පැනපු ඩයබිටීස් කොලස්ට්‍රොල් වගේ තියෙන අය කොහොමත් ඒවා අඩුවෙන් කන්න වෙනව තමා. වැඩිය සිරුරට ශක්තිය වැයවෙන දේවල් නොකරන අයත්. ම්.ම්.ම්.ම්.ම්. මෙතන තියෙන්නෙ පාන් මිල වැඩි කිරීමේ ප්‍රශ්නෙට උත්තර නෙ? පාන් පිටි එවන්නෙ කුරුට්ටත් සත්තුන්ට ඉතුරු කරගෙන කියලනෙ කියන්නෙ
ReplyDeleteමටනම් හිතාගන්න බැහැ මිනිස්සු මේ තරම් පාන් ගිලින්නේ මොන මගුලටද කියල..පාන් මිලත් එක්ක පාන් කනවට වඩා ලාබයි බතක් සම්බෝලයක් එක්ක කන එක.. මම කියන්නේ ආහාර වේලේ කොස්ට් එක අඩුම කරන්න ඕනෙනම් විතරක්.. ඒත් මිනිස්සු කොයිතරම් ගණන් ගියත් ආණ්ඩුවට බැන බන පාන් ගිලිනවා.. අරෙහෙ වී ගොයියෝ වී මිල මදියි කියල කෑ ගහනව..
ReplyDeleteමමනම් කියන්නේ පාන් මිල තව ලොකු ගානකින් වැඩි කරානම් මිනිස්සු නිකම්ම පාන් පරිභෝජනය අඩු කරලා දාවි.. ඒත් ගෙවල්වල කුස්සිය කළමනාකරණය කරන උදවිය බතක් රත්කරන්න කම්මැලිකමට තම පවුලේ සාමාජිකයින්ට පාන්ම ගිල්ලන්න තමා කල්පනාව.. උදේට දරුවන්ට පිටි කෑම මොනාහරි ගිල්ලන දෙමාපියන් තමා අද කාලේ වැඩියෙන්ම ඉන්නේ.. ටිකක් පාන්දරින් නැගිටලා තමුන්ගේ දරුවන්ට පෝෂණය පිරි ආහාරවේලක් හදල දෙන්න අද කාලේ අම්මලාට උවමනාවක් නැහැ. සමාජයේ පිරිහීම තමයි හංසමාලි..
අපේ අම්ම නැගිට්ටේ උදේ හතරට.. අපිට කෑම හදල උදේ හයට ගෙදරින් යන තාත්තට කෑම එක බැඳලා දීල පුළුවන් උපරිමයෙන් අපේ වැඩත් කරලා අපිව ඉස්කෝලෙත් යවල අම්ම රස්සාවටත් ගියා.. හවසට ඇවිත් අපිට රෑ කෑම හදල ගෙදර වැඩ ඉවර කරලා දවසේ පත්තරත් බලල රටතොට ගැන අවබෝධකුත් අරගෙන අම්ම නිදාගනිද්දි රෑ දොළහ ලං වෙලා.. එත් කවදාවත් ලේසියට කියල අම්ම අපිට පාන් ගිල්ලුවේ නැහැ. අද නිවිහැනහිල්ලේ ගණන් හදල බැලුවාම අම්ම කසාද බැඳපු දවසේ ඉඳන් අම්ම විශ්‍රාම යනකං (අවුරුදු 27 ක් )සතියේ දින පහේම අම්ම නිදාගෙන තියෙන්නේ දවසට පැය හතරයි. සති අන්තේදි ඕනෙනම් පැයක් වැඩියෙන් නිදාගන්න ඇති. අපේ අම්ම කවදාවත් තාත්තට චෝදනා කරේ නැහැ මට මහන්සියි කියල..
ඒත් අද මම දකිනවා ඒ අම්මාවරුන්ගේ වෙනසයි අද අමාවරුන්ගේ වෙනසයි.. අන්න ඒ වෙනස නිසා තමයි මම හිතන්නේ මේ පාන් මේ හැටි මාර්කට් වෙලා තියෙනේ..
කෑමක් විදිහට ගත්තොතින් මට පාන් කනවට වඩා ලාභයි බත් කන එක.. මොකද පාන් කනවනම් මට පාන් ගෙඩියක් සහ හොදි හෝ ව්‍යංජන බාල්දියක් විතර ඕන නිසා බත් ටිකකින් සෑහීමකට පත්වෙන එක හැම අතින්ම සෞක්‍ය සම්පන්නයි.. හැක්..
මසුරං කියුං ටික අමබලන්ගොඩ කතා කිව්වෙ :)
ReplyDeleteමිනිස්සු කම්මැලි තමා
කඩෙන්ම කාලා යන්තම් පිරිමහගන්න හදන්නෙ,
සමහර අයට ඇත්තටම රහට උයන්න බැහැනෙ?
අනික දැන් ගැහැණු අය රස්සාවල් කරනව නේ?
ඉතිං ඇවිත් ගෙදර වැඩත් කරන්න ආමරු
සමහරු හුඟක් දුර රස්සාවට ගිහින් රෑ වෙලා එන්නෙ.ඉතිං ඔය කඩේ තියෙන දෙයක් කාල රෑ වේල 'ශේප් ' කරගන්නවානාගරික වෙන්න වෙන්න කන ප්‍රමාණය අඩුයි කියලයි මට හිතෙන්නෙ.
මට නම් අප්පච්චි නැහැ. අම්මට රෝගී තත්වයෙන් ඉතින් උදේට නැගිටින්නේ මම තමා. උදේට කව් රුත් බත් කාල ගෙදරින් එළියට යන්න ඕනි. ඒක නීතියක්ද රීතියක්ද දන්න දවසෙ ඉඳන් අපි එහෙමයි. ඉතින් දහයට + දවල්ට කන්න වෙනම දේවල් හදල වතුරත් අරන් යන්නෙ නංගි මල්ලි මම :) හේතුව හැටියට අම්ම කියන්නේ බඩගින්නේ ගිහින් කලන්තෙ දාන්න ඕනි නැහැනේ කියලා
ඔව් පාන් වලට වියදම වැඩි තමා. අපි රාත්තල් 2ක් ගේනවා+ අපි 4 දෙනයි. මල්ලිට භාගෙ මදි. හුඟක් වෙලාවට මගේ භාගෙනුත් අම්මගෙ භාගෙනුත් මල්ලිට දෙනවා.
පාන් කාල පැයක් යන්න කළින් ආයම බඩගිනිනේ
ස්තූතියි ඇවිත් සළකුනක් තියල ධිරි දෙනවට.
විනෝදාංශයක් විදිහට කුකිං ඩබ්ජෙක්ට් එකේ තදින්ම යෙදීල ඉන්න නිසා පාන් පිටි ගැන මේ ටිකත් ලියන්න හිතුන.. ලංකාවේ පාන්පිටි එක්ක ඇමෙරිකාවේ පාන්පිටි සංසන්දනය කරාම තමයි මට තේරුනේ ලංකාවේදී පාන්පිටි කියල අපි පාවිච්චි කරන්නේ බොහොම තත්වයෙන් බාලම බාල පිටි වර්ගයක් නේද කියල. අශ්වයින් මිදී යුෂ බීල නිහඬව ඉඳීම සහ කොටළුවන් මිදී රොඩු මිශ්‍ර ජලය බීල පාටි දමපු කතාව තමයි මට ඇමෙරිකාවේ පාන් පිටි දැක්කාම මතක් උනේ..
Deleteකඩවල්වල හදන කොත්තු, ගෝදම්බ, රොටි වර්ග ගන්න ඔය පාන් පිටි එක නැතුව අමාරුයි. හාල් පිටි වලින් ඒ ඇදෙනසුලු ගතිය ගන්න බැරි නිසා හෝටල් ව්‍යාපාරය වෙනුවෙන් පාන් පිටි නැතුවම බැරි තත්වයක් ඇතිවෙලා. ඔය කියන පාන් පිටි ගෙන්වීම නැවත්තුවොත් අපිට කඩවල්වල ඔය කිව්ව රොටි වර්ග ආයේ දකින්න කන්න ලැබෙන්නේ නැහැ.
මේ පාන්පිටි කියල බාල පිටි ගෝනිය ලංකාවේ මිනිස්සුන්ට දෙන්න රටෙන් එලියට යන මුදල් රට ඇතුලේ තියාගන්න අපේ දේශපාලුවන්ට ඕනෑකමක් නැහැ. එහෙම ඕනකමක් තිබුනානම් පරියේෂණ මගින් තාක්ෂනය වැඩි දියුණු කරලා පාන් සහ රොටි වර්ග හදන්න පුළුවන් පිටි වර්ගයක් හාල් වලින් හදාගන්න එක ඒ තරම් කජ්ජක් වෙන එකක් නෑ. ඒත් ඒ වගේද හම්බෙන කොමිස් කුට්ටි සහ වරප්‍රසාද.. ඒ හින්ද පාන්පිටි කාල මිනිස්සු ලෙඩ වීම උන්දලාට ප්‍රශ්නයක් නෙවෙයි. ලෙඩ වීමෙනුත් වෙන්නේ බෙහෙත් ගෙන්වන කොමිස් ටික උන්දලාගේම සාක්කුවට වැටීම නිසා මහජනතාව කියන්නේ දෙසපාලුවන්ට උන්නත් දාහයි මලත් දාහයි සම්පතක්..
මේ දේවල් වෙනුවෙන් දැනුම ලංකාවේ තියෙනව කියල මම විශ්වාස කරනවා. එත් ඒ දැනුම් සම්භාරයන් තියෙන මිනිස්සුන්ව ඒ වාගේ ප්‍රායෝගික දෙයකට යොදවන කළමනාකරණය ලංකාවේ පරිපාලනයේ නැති නිසා තමයි මේ ප්‍රශ්න සියල්ලම. මම පුද්ගලිකව දන්නා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් එයාගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් හැදුවේ බත් පිඟාන පිරෙන්න තරම් එක බත් ඇටයක් හැදෙන විශාල වී ප්‍රභේදයක්. ඒ වගේ මිනිසුන්ගේ දැනුම රටට වැදගත්වෙන තැනකට යොදාගන්න බුද්ධිමත් කලමානකරණයක් පරිපාලනයේ නැති එක අපේ මිනිස්සුන්ගේ අවාසනාව.
මේ හැමදේම ඇතුලේ තියෙන්නේ අම්බරුවන් පාර්ලිමේන්තු යවපු පාපයේ ප්‍රතිපල තමයි..
රටට ජාතියට ආදරයක් තියෙන උගත් බුද්ධිමත් කණ්ඩායමක් පාර්ලිමීන්තුවට යවන්න තරම උගත් මිනිස්සු ටිකක් ලංකාවෙන් කවදා බිහිවෙයි දන්නෙ නැහැ. අපි ආච්චිත් එහෙමයි අපේ අම්මත් එහෙමයි මාත් එහෙමයි මගේ දරුවොත් එහෙමයි කියලා එකම පක්ෂයක් බදාගෙන ඉන්න අය තාම අපි අතර ඉන්නවා. ඒ වගේම ප්‍රබල පක්ෂයකුත් ඕනි සැබෑ වෙනසක් කරන්න නම්.
Deleteපාං වගේද ආප්ප. රටක් වෙනස් කරපු කෑමක්. මාරෙටම රහ දැනෙනව. අනික හාල් පිටි වලින් නෙ ;).
ReplyDeleteජය වේවා!!!
ඔයාට නම් 30 ක් වත් ඕනිවෙයිද ආප්ප?
ReplyDeleteඅපෝ නෑ. 10ක් විතර ඇති ;)
Deleteආප්ප 10 ක් මිල කීයද?
Deleteපාන්පිටි (තිරිගු පිටි ) ගොඩක් ගුණ කෑමක්.හැදිලා තියෙන්නේ කොටස් 3න්.සිංහළ නම් දන්නේ නැති නිසා ඉංගිරීසියෙන්ම ලියන්නම්.
ReplyDelete01. bran-මේක තමයි ඔය පරලු පාන් කියන ඒවා හදන්න ගන්නේ. තිරිගු ඇටෙන් 13% ඒතර තියෙන්නේ මේක.කෙඳි ස්වභාවය වැඩියි.කුරක්කන් පිටි වලට සමාන ගුණයක් තියනවා.
02. endosperm -තිරිගු ඇටෙන් 85% විතරම තියෙන්නේ මේක.ප්‍රෝටීන් හා විටමින් අඩු ප්‍රතිශතයක් තියෙන්නේ.පිශ්ඨය තමයි වැඩි.ලංකාවේ පාන්පිටි කියලා විකුනන්නේ මේක තමයි.
03. germ -මූලික වශයෙන් නිපදවන්න භාවිතා කරනවා.තිරිගු ඇටයෙන් 2% පමන කොටසක් තමයි මේකට ඇතුලත්වෙන්නේ.germ oil සෑදීම සදහා යොදාගන්නවා.විශාල වශයෙන් ප්‍රෝටීන්, ඛනිජ ලවණ,විටමින් අඩංගුවෙනවා.
ප්‍රීමා සමාගම තිරිගු ඇට ගෙන්නලා පිටිබවට පත්කිරීමේ ක්‍රියාවලියේදී නිශ්පාදනය වන ඉහත සදහන් 01 සහ 03න් 99%ක්ම අපනයනය කරනවා.ඒවා සෑහෙන්න මිල අධික නිශ්පාදන.විශේෂයෙන් germ oil.ලංකාවේ වෙළඳපොලට දාන්නේ කිසිම පෝශනයක් නැති endosperm කියන කොටසින් නිශ්පාදනය කරන පිටි.ඉතින් ඒවා කනවට වඩා හාල් හුන්ඩුවක් ලිපේ තියාගන සම්බෝලයක් හදාගන්න එක වටිනවා සෞඛ්‍යට.
හංසි දන්නවද,ලංකාවේ මිනිස්සුන්ට පාන්පිටි හුරුකරන්න බටහිර රටවල් නොයෙකුත් උපක්‍රම යොදාගත්තා.ප්‍රධානතම දේ වුනේ ඉස්කෝල වලට නොමිලේ දිවා ආහාරය ලබාදීම.ඔය අපේ අම්මලා තාත්තලා තාමත් රසකර කර කියවන ඒ අයට ඉස්කෝලෙන් දුන්න බටර් බනිස්, කිරි බනිස්, ලොකු පාන් භාග අයිති වෙන්නේ මේ කුමන්ත්රනයට. ඒ රසයට දිව හුරුවුන මිනිස්සු ඒ පුරුද්ද දිගටම අරගන ගියා.ඒ පරම්පරාවේ 2-3 නි පුරුක් තමයි අපි.
ඇමරිකානු ආණ්ඩුව විසින් රටතුල විශාල තිරිගුපිටි සංචිතයක් පවත්වාගනු ලබනවා රටේ ආහාර සුරක්ශිතතාවයට. ගබඩාවල ඉඩපහසුකම් අඩුවෙනකොට ඒවා නැවු මගින් මුහුදට දමනවා දුප්පත් රටවලට නොදී.ආහාර මගින් තම බලය පවත්වාගන්නේ එහෙමයි.ඇමරිකාව විතරක් නෙමෙයි.බලවත් රටවල් ගොඩක් ඒ වැඩේ කරනවා.මේ ලෝකේ ආහාර හිඟයක් නෑ.තියෙන්නේ ආහාර බෙදාහැරීමේ විශමතාවක් විතරයි.
මගේ පොස්ට් එක මට ලැජ්ජත් හිතෙනවා
Deleteනැහැ කටුසු හදවත, මේ එකක් වත් මං දැනගෙන හිටියෙ නැහැ. වැඩි තිරිඟු පිටි / ඇපල් වගේ දේවල් නැව් පිටින් මුහුදට දානවා කියන එක ඇරෙන්න.
ඉතින් ස්තූතියි දැනුම අපිත් එක්ක බෙදා ගත්තට,
ආයම එන්න හොඳේ සතුටින් පිළිගන්නවා
@katusu hadhawatha
Deleteඔයාගේ කමෙන්ට් එකම තව පෝස්ට් එහෙකට කරුණු තියෙනව නේ?
කටුසුගේ කමෙන්ට් එකෙන් නොදන්නා දේවල් ගොඩාක් දැනගත්ත. කිව්වට විශ්වාස කරන්නේ නැතිවෙයි කව්රුවත්.. අපේ ගමේ මම දන්නා එකෙක් ඉන්නවා උපන් දවසේ ඉඳන් බත් ඇටයක්වත් කාල නැහැ.. ඌ කන්නෙම පාන්.. උගේ වෙඩිම දවසේ මගුල් මෙසේදී ඌ කෑවෙ නූඩ්ල්ස්.. ඒ තරමට බත් ඇලජික් ඌට..
Delete@ambalangoda
Deleteඉතින් මොකද වුනේ? මළාද?
හාල් පිටි වලින් පාන් හදනු ;)
ReplyDeleteඅපි මේකට ඇමරිකාවෙන් උදව් ඉල්ලමු :)
Deleteහදන්න බෑ.හාල් පිටිවල ග්ලූටන් නෑ.ග්ලූටන් වලින් තමයි පාන් පිටි වලට නොකැඩී ඇදීමේ ශක්තිය ලබා දෙන්නේ.(පිපෙනවා කියන එක ).යීස්ට් වලින් පිම්බෙන පාන් ගෙඩිය නොකැඩී පිම්බෙන්නේ ඒ නිසයි.හාල් පිටිවල ග්ලූටන් අවම මට්ටමක තියන නිසා එයාට පිම්බෙන්න බෑ.පිම්බෙන්න ගියොත් එයා පිපිරිලා රොටියක් වෙනවා.ඒත් පාන් පිටි බරෙන් 25%ක් විතර හාල්පිටි කලවම් කරන්න පුළුවන්.ඕක එක එක උපක්‍රම වලින් 35%ට විතර ගේන්නත් පුළුවන්.ඒත් ඒවාගේ ෆිනිශින් එක පාන් පිටි පාන් ගෙඩිය තරම් ලස්සන නෑ.
Deleteහ්ම්ම්ම් . පාන් නොකා ඉන්නත් පුළුවනි නේ? හාල් පිටි වලින් කන කෑම හදල පාන් අතාරිනවා. නැතිනම් ඔයා කියනවා වගේ පාන් පිටි මිශ්‍ර කරල හදනවා. මෙහෙමයි ඉතින් මේ දවස් වල සිංහල අවුරුදු කාලෙනේ. හැම කෑම ජාතියටම වගේ අපි පාන් පිටිත් චුට්ටක් එකතු කරනවා.
Deleteතිරීඟු වල වගේ කුරුට්ට අයින් කලාම සමහර විට පාන් පිටි වගේ හාල් පිටිවලත් ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්
එහෙම කියන්නත් බැහැනෙ නේද? ග්ලූටන් නැහැ කිව්වනෙ ඔයා?
අෆොයි එහෙමත් කේස් එකක් තියෙනවද? සැක් අපරාදෙ... හැබැයි ඉතිං ඕක හෙන ලාබ ප්‍රොජෙක්ට් එකක් නම් බයින්ඩර් ගම් දාල හරි හදයි!
Deleteකොමිස් ? 'හැක හැක හැක '
Deleteමේ අර චූටි කටුස්සා බක්කරේකවත් වැඩ කොරාද?
ReplyDeleteමන්දා. මේව කිරිමේල් වැඩ. 18 මාසයකටවත් ගස් යයිද මන්දා
Deleteමටත් හිතුනේ මු බක්කරේ කෙනෙක්ද
Deleteහම්ම්....වෙන්න චෙෆෙක් විදිහට වැඩකලා අවුරුදු 2ක් බක්කරේ ලයින් එකේ දැන් ඩ්‍රයිවින් ජොබක් කලාට.
Delete@එල ද බ්‍රා
Delete:) මාත් නම් හිතුව :)
@කටුසු හදවත
Deleteදැන් පාන් ට්‍රාන්ස්පොර්ට් ද ? :) ඒකත් ශෝර්ක්
පාන් ගල් අරක්කු වල පොගවලා මරු
ReplyDelete@එලද බ්‍රා
Deleteගහේ බඩු වලට හරියන්නෙ නැතෑ? හ්ම්ම්ම්ම්ම්ම් ඒකත් එහෙමද?