Dec 3, 2016

විකිණෙන විකුණුනු ගැහැනිය

කටුසු හදවතගෙ නිසදැස කියවල මගේ ඇස් වලට කඳුළු ආවා.. ඒ ඔස්සෙ කමෙන්ටුවක් නොලියම බැරිවුනා.
ඒ පොස්ටුවට  මම ලින්ක් එක මෙතනම යොදන්නම්

මහඹබාට මූණු දෙකයි
විකිණෙන විකුණුනු ගැහැනිය එදා ඉඳන්ම හිටියා/ අදටත් ඉන්නවා/ හෙටටත් ඉඳියි/හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්




පෝය හඳ පායපු
ලස්සනෝම දවසක
පන්සලේ බෝ මලුවෙදි
යාන්තමට හිනා වෙලා
මගෙ හිත ගත්තම,,,,
කාටත් හොරා දවසක්
මගේ අතේ ලේන්සුවක්
ගුලිකොරපු දවස
හැංගි හොරා අපි කාටත්
අපි අපේ කියැව්ව පෝය දවස
අම්ම අප්ප නාටක කියද්දි
මගුල් බෙර මාල හත නැතුවම
කාටත් හොරෙන්ම අපි කූඩු වුණු හැටි
අමතක කරන්නේ කොහොමෙයි?
අපි වෙනුවෙන්ම උදේ ඉඳන්
හවස් වෙනකම්ම ..රෑ මැදියමෙත්
කාසි පනම් හොයන්ට
වෙන හෙය්යම්මාරුව
මම නොදන්නවය මයෙ දෙය්යෝ?
කරගැට  පුපරපු අතවලින්
කකුල් කෙටි ටික කෙඳිරි නොගාම
රෑ තිස්සේ අත ගාන හැටි මං දුටුවා
දව්ස් ගණන් පය්න්ඩයක් වත්
එවාගන්න බැරුව  මං හූල්ලපු හීල්ලිල්ල
කාට කොහොම කියන්නද මන්ද...
පොඩියෙකා බඩගින්න මොරගහන කොට
අම්මෙක් හැටියට මං උහුලන්නෙ
 කොහොමෙයි මයෙ දෙය්යො ???
"ඉස්කෝළෙට කොපි පොතක් ගේන්න
එහෙම නැතුං ඉස්කෝලෙ එන්න එපා"
කිව්වම " ඉස්කෝලෙ නෝනා කියැව්වම
 මට හොරෙන් ඉකි ගහන
ලොකු එකීට  " අප්ප එනකං ඉඳින්"
කියන්නේ කොහොමෙයි????
නමෝ විත්තියෙන් උඹට දුන්නු
ආලවන්ත කොම එහෙමමයි මයෙ දෙය්යෝ
"මින් මනත නොකියා කළින් එන්න එපා"
කියාගන්න බැරුවයි මං හැංගුනෙ
වෙනදා වගේම අදත් පෝය හඳ පායලා
පව් සෝදන්න බැරිවුනත් අපි පන්සල් ගෙහුං එමුද
ඩුං ඩුං ගගා අර බෙර කැටි මොර දෙන කොට
හිත අස්සේ කීරි ගැහෙන
අඳෝනාව වාං දමයි මයෙ දෙය්යෝ
අපි පෙරහැර නොබලම එමු



Nov 11, 2016

~~~ඔබේ නිහඬ බව~~~


මිනිස්සු   හරිම කැමතියි  නොලැබෙන  දෙයට . මන්ද  මම කැමතියි  හහුගාක්ම.එහෙම  කියන   එක  වැරදිද මන්ද.     උපදෙස්  දෙස්   දුන්නම   මගේ හිත මට නතු නම් කොච්චර හොඳ ද ?
දවසක් මට එයා  හම්බ උනේ  බස් එකේදී අහම්බෙන් . මම එදා  මාමාල  ගෙදර ගියා . මම හරිම ආසයි  කවදත් බස්  එකෙ ජංනේලෙන් එලිය  බලන්  යන්න.
කවද හරි හෙලිකොප්ටර්   එහෙකින් යන්න පුළුවන් උනා නම්  කොච්චර  හොඳ ද?
මගෙ සිතුවිලි දාමය   හරි මොකක් හරි බිඳ ගෙන මගේ නෙතු හොරකම් කලේ ලස්සනම   ලස්සන   ඇස් දෙකක් . හ්ම්ම් ඔව්   ඇස් .මගේ  හිත නම්  තිගැස්සුණ. හ්ම්ම් මූනැත්  වෙනස්  වෙන්න ඇති .ඔයාලා  ඉස්සෙල්ලම කෙනෙක් හම්බ වුනාම බලන්නේ කොහෙද ? මම  නම් ඉස්සෙලම ඇස් . ඇස්  ඉතින් හදවතේ කැඩපත  කියනවා නේ ?    
වැට කදුළු බිඳ ගෙන හිත  අස්සේ එයා පදින්චි  වෙයි කියලා මං  වත් හිතුවේ නැහැ .
ඊට  සති ගානකට පස්සේ  වුනත්  එයාව  දැක්ක හැටියේම මන් අඳුනගත්ත. චුට්ට   චුට්ට කතා   කරලා  හෙමින් හෙමින් යාළුවෙලා  ලස්සනම  ලස්සන  හීන දකින්න තරම්  මම බොළද  වුනේ  කොහොමද   කියල නම් අහන්න එපා.එය එසේ  සිදු වුනා.හැමදා ම අපි අහන  දකින  දේවල්  වගේම  දවසක්  මන්  එයා දැක්ක  මුතියන්ගනේදී ... හ්ම්ම්  පෝය දවසක ....
   ලස්සනම ලස්සන  ඇස් තියෙන  ලස්සන චුටි  බබාලා  දෙන්නේකුයි... ලස්සනම ලස්සන  වයිෆ් කෙනෙකු එක්කයි. වයිෆ්  කෙනෙකුයි  තමා  . තව කී දෙනෙක් හිටියද? ඉන්නවද  මන්ද . එතනින්ම නවතුනනත්  මගෙ පෙම් කතාව:  හොරෙන් හොරෙන් විටින් විටින් මගේ හිතට  එයා  රින්ගුවේ  මටත් හොරෙන්.  කඳුළු  කාටත්  හොරෙන් තනියට ළඟ  හිටිය  කවදත් වගේම. මට හිතුන  ඔයාලත් එක්ක  මෙහෙමවත්  බෙදා ගෙන චුට්ටක් හිත හෑල්ලු කරගන්න .  
 
රිදවා මහිත නිහඬව ඉන්නා.......... ඔබට
කියලා කිමද හදවත රිදුණා....... පෙමට
යැදලා කුමට හිමි නැත සඳුනේ මෙමට
වැඳලා පතමි අපි හමුවෙමු සසරේ පිනට


හමුවී දිනෙක අතිනත ගන්නට ........පතලා
සිහිනේ ගෙවුණි තුන්යම ඔබ ගැන හිතලා
මතුදා හමුව සැනසෙමි මම ඉකි......නසලා
කියමී කනට මගෙ පෙම තුටු වෙමි ...සැදිලා


උකුළේ මහිස රඳවා කවි........අසන්නට
අහසේ දිලෙන තරු කැට ටික ගනින්නට
මිදුලේ කුමරි මල් සුවඳේ........හිඳින්නට
සුහදේ පැතිමි හිමි නැති පෙම විඳින්නට


රසයේ වෙළෙමු එක හිම කිරමක සිසිලේ
තොලගා බලමු එක බඳුනක තේ "සිසිලේ"
පිහිනා යමුද දිය බුන් ගහමින්...... ගඟුලේ
කිමිදී හිඳිමි මිය යන තුරු නෙත්.... යුගලේ


මං මගෙ නොවන තරමට සෙනෙහස උතුරා
සංතොස වගෙම දුකිනුත් ඔබ ගැන මතුරා
දැං මම කියමි ඔබගෙය මම නිති... දිව් රා
ඉන්නේ කිමද සෙනෙහසකට මග ....අවුරා?


පා මුදු සිනහා ඔබෙ නෙතගේ වෙළෙන්නම්
කාලය හමුවනා මතු දිනයේ ... පතන්නම්
කාහට හිමිවුණා දෝ නොසිතා ....හිඳින්නම්
මා මිය යන දිනේ ළඟ ඉන්නට ... යදින්නම්

Nov 3, 2016

නිවන් සුව පතමු

ශ්‍රී ලාංකීය රසික හදවත් තුල නොමැකෙන නමක් ඔව් අද්විතීය තැනක් හිමි කරගත් ඔහුට අපි පතමු නිවන් සුව!!!
පියා:වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා 
උපත:1927 වර්ෂයේ දෙසැම්බර් පස්වන දින
සම්පූරණ නම:වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා

මව:බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස්
("පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය)
 අධ්‍යාපනය:1.ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාස

                               2..පානදුර ශ්‍රී සුමංගල විද්‍යාල
                 3.ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨ
වෙනත් නම්: අමරදේව
සම්මාන:            පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001)
                       ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය සම්මානය(1998)
                       ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන කලාකීර්ති සම්මානය (1986)
                        ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය

විපත :2016-11-03 11:32:06
මිය ගිය වග රෝහල් ආරංචි මාර්ග පවසයි"

අවසරද ? මට පවසන්නට   ඔහුගෙ හැකියාවලින් බිඳක් 
සිතාරය තබ්ලාව හා හාර්මෝනියම දක්ෂ ලෙස වාදනය කිරීමේ හැකියාවක් සහිත වූ පණ්ඩිත් අමරදේවයාණ්න් සිංහල ජන සංගිතය හා භාරත  ජනමූල සංගීතය තම ස්වනිර්මාණ සඳහා උපයෝගී කරගති.




මට නම දැම්මේ සරච්චන්ද්‍ර"link
වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා අමරදේව වූ හැටි මේ ලින්කුවෙන් ඔයාලට කියව ගන්න පුළුවනි


ඔහු ලත් ඉගෙනුම අභාශය තමාගෙම  රටාවකට හරවාගෙන අළුත් ගමනක් අලුත් යෑමට තරම් කැරලිකාඅර අදහස් ඔහු සතු වුණාද

"කැරැල්ලක් විදිහටයි දැක්කෙ"link

"එදා හිටපු ඒ මහා කලාකාරයෝ අද නැහැ"යැයි ඔහු පැවසුයේ නොබෝදාය. අද නැති මහා කලාකාරයින්ගේ නම් ලයිස්තුවට  ඔහුගේ නමත් ඇතුළු වූයේද?ඔහු කෙසේ සිතුවත් අපෙ හදවත් තුලින් සදා නොමැකෙන හඬක් වන බවට නිසැකය.

එදා හිටපු ඒ මහා කලාකාරයෝ අද නැහැ










සඳ හොරෙන් සඳ හොරෙන් හොරෙන් ඇවිත් " මං ආස ලස්සන සින්දුවක් මෙතනින් පෝස්ට් කරන්නම්
"සඳ හොරෙන් සඳ හොරෙන් හොරෙන් ඇවිත් "
කුමරියක පා සලඹ සැලුනා
පූරුවෙ කළ පින් අපට කොයින්දා
මින්දද හී සර වැදී සැලෙන

එදා මෙදා තුර ඔහු  ගැයූ පෙම් ගී 



හිටපු ජනාධිපතිතුමන්ගේ ගරුබුහුමන් ලැබූ වගයි



 වත්මන් ජනාධිපති තුමන් අමරදේවයන්ට අත්වැල් තැබූ වග




"මළ ඉරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම්"






"මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව"
ඒ හෙළ කලාකරුවා මිය ගොසිනි

Oct 22, 2016

ලුණුත් නැති 2016 අවුරුද්ද කෑවද?හිටං

ලියන්න නම් ටිකක් කල් ගියා තමයි ඉතින්. කිව හැකි නොකිව හැකි හැල හැප්පීම් ගොඩක් නිසා ලියන්නම බැරි වුණා. ඇති ඉතින් චූර්ණිකාව නෙ? ඔන්න ඉතින් මං  කෙටියෙන්ම කෙළින්ම කියන්නං කො වෙච්ච දේවල්.....

එදා සිංහල අවුරුදු දවස.ඒ කාලෙ ඉඳන්ම මාමලා අපේ ගෙදර තමා අවුරුදු  වැඩ අල්ලන්නේ. ඒ කියන්නෙ නැකතට අනුභවය වැඩ ඇල්ලීම ගනුදෙනු හා නේක දේ හොඳෙ

අවුරුදු කෑම මේසේ ඇරල අපි ලෑස්ති වුනෙ වලඳන්න. කවුරුත් වාඩි වෙලා මේසෙට. අම්ම, නංගි, මල්ලි. මාමා, නැන්ද ලොක්කය්යා ( ලොකු මස්සිනා) ශානුකය්යා එයාගෙ වයිෆුයි ( පොඩි මස්සිනා) ශානික්කි ( මේ සැරේ අවුරුදු පහුවෙලා එනවා කියල ආවේ නැහැ .. එයා ඉතින් මගෙ බොක්කේ ෆිට් එක ) හරි!!! හරි!!! හැදියාවක්  ඇති ගෑල්ලමයි එහෙම කතා කියන්න හොඳ නැහැනෙ? 

ඉතිං නැකැතට රතිඤ්ඤා පුපුරණ කොට අපි කවුරුත් පෝලිමට හිටිය මාමගෙ අතින් බත් කටක් කන්න. ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්.ම් රසේ ඉවසුම් නැහැ. කිරිබතට ලුණු වැඩියි. හැම් බේකන් ෆ්‍රයිඩ් රයිස් කන කරිජ්ජ පාගන තමුන්නැහැල දන්නෙ නැති වුනාට අලුත් අවුරුදු කිරිබතට අපෙ ගම් පොජ්ජවල ලොකු වටිනාකම දෙනවා. කරිබත හරියට තිබුනෙ නැතිනම් අවුරුද්දම  හරි නැහැ කියල තමා කියන්නෙ . මම නෙමෙ ම්.ම්. ම් ම් තතු දත්තෝ කියමුකෝ 

හැමෝම මෙසෙ වාඩිවුනා කෑමට. වෙනද උන්නදුවෙන් කිරිබත්  බෙදුනෙ නැහැ  පිඟන් වලට... ලුණු මිරිස් බෙදාගෙන කවුරුත් කන්න පටන් ගත්තා..
මම කුස්සියට යන්න හැදුවෙ කෙතලෙ උතුරුනවද බලන්න.

"ලොකු දූ, මේ කිරිබතට කටට ගන්න බැහැ ලුණු වැඩියි." අම්ම පටන් ගත්තා. කිරිබත නිසා කෙසේ  වෙතත් මගේ ඇවුරුද්ද නම් ඉවරයි කියලා මට හිතුනෙ...

"අපරාදෙ කියන්න බැහැ ලුණු මිරිසට නම් ලුණු මදිම මදි" ශානුකය්යා කියන ගමන් " හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙන ගනින් දුවේ.. මැද්දට පැන වැඩිහිටියන් සමඟ කතා කැතැයි දුවේ"අනේ එයාගෙ අලුත බැඳපු  මනමාලිට කියලා හදවා ගන්නනේ තිබ්බේ මට හිතුනා
ඒ බොනික්කි කොළොම් පුරෙන් ඇහිඳං ආවේ . හරි!!! හරි!!!! ලස්සනයි තමා . ඉවුම් පිහුම් බැහැ. " නෙතින්නෙත යාවෙල තමා." එයාලගෙ අම්මට සම්බන්ධෙ මෙයාලගෙ ආරන්චි වෙලා නිතර  ඇනුම් බැනුම් කියලා ගෙදර නම් යන්න බැහැ කියලා ඇඬුවම... ඉතින් තේනුකය්යා ගිහින් දෙමව්පියෝ හම්බවෙලා බේරුම් කරගත්තු දෙපැත්තෙම අය විරුද්ධ වුණු විවාහ මගුලක් ඒක හොඳේ.


"දූගෙ කෑම එහෙම වරදින්නෙ නැහැනෙ ලේසියෙන්" මාමා කිව්වා.
"එයාට දැන් හරි වැඩනෙ. කොයි වෙලාවෙත් අර මගුලෙ එල්ලිලා. කොට කට ඉන්නවා. ඇස් දෙකටත් මොකක් හරි කරගන තම නවතින්නෙ. වෙලාවකට මම ඕක අල්ලලා විසීකරනවා ගඟට" අම්මා කිව්වෙ  හැමදාම කියන ටික තමා ඉතිං. 

"ඇස් වලට නම් කන්ණාඩි වත් ගන්න පුලුවනිනේ? ඔතනින් නැවතුනොත් ඇති" කිව්වෙ තේනුකය්යා. එයා ඉතින් නිසි බලධාරියෙක් වෙන්න දඟලනවා නේ හැමදාම

එයත් එක්ක" කං කං බූරු" කරන්න ( දීග යන්න මම කැමතිම නැති එක හේතුවක් ඕක. ඉර හඳ යට ඔක්කොම දන්නවා කියලා හිතං ඉන්නෙ .. උපන් හැටි )
මම මේසෙන් නැගිට්ටෙ තේ හදන්න යන්නමත් නෙවි. හැමදේටම කම්ප්‍යුටර් එක ඇදල ගන්නවා. මම ඉතින් ඉබ්බි වගේ ගේ ඇතුලෙමනේ? ගෙදර වැඩ ඉවර වෙලා තමම එෆ්. බී එන්නෙ.

කුස්සියට ගිහින් ටිකකින් ශානුකය්යත් ආව කුස්සියට."රේණුච්චියෝ යන්  ඉස්සරහට,, අඬනවද හොරෙන් හොරෙන්? " කියලා ඇහුවා.
" නැහැ අය්යෙ මේ තේ හදන්න යන්නෙ" මං හෙමීට කිව්වා.
 පොතක් වගෙ මගේ හිත කියවන එයාට  බොරු කියල නම් වැඩක් නැහැ කියලා මං දන්නවා.
"ඉතිං ලුණු වැඩි නම් තමා . වැරදෙනවනෙ එහෙම? මොකෝ ගෙදර අවුල්ද නංගි ආයම?"කුස්සියෙ ප්ලෙට් එක උඩ වාඩි වෙන ගමන් එයා ඇහුවා

"නැහැ බදුල්ලෙ කොහෙවත් ලුණු නැහැ මේ දවස් වල" මම කිව්ව. " කඩවල තියෙන්නෙ ලුණු කුඩු විතරයි. ඒව කොච්චර දැම්මත් රත් වෙන කොට ලුණු රහ නැතිවෙනවා.. ඉතින් ටිකක් අමාරුයි පදම අල්ලගන්න. මදි මදි කියලා ආයම දානවා රත් වෙන කොට ආයම ලුණු රහ නැහැ" 
" එහෙම වෙන්නෙ කොහොමද ?  එන්නකො අපි යන්න ඉස්සරහට."

අපි ඉස්සරහට යනකොටම එයා කිව්වා" බදුල්ලෙ ලුණු කැට නැහැ කියන්නෙ නංඟි."

"ඔව් අනිත් ලුණු එන්නෙ නැතිලු. සංස්ථා ලුණු කඩවලට දෙන්නෙ ඒ ගානටමලු ඉතින් කඩවලට පාඩු නිසා ගන්නෙ නැතිළු. පහල කඩේ මුදලාලි මට කිව්වෙ" 
නැන්දා මෙච්චර වෙලා ඕක නොකියා හිටියෙ ඇයිද මන්දා. මට හිතුණා

"එහෙනං හිටං අපෙ ලුණු ටිකටත් විද්දා. අපි හරි දක්ෂ ජාතියක්නෙ අපි? වටේට්ම මුහුද අපිට ලුණු නැහැ. රටින් ගේනවා. වටේටම මුහුද අපි රටින් ටින් මාලු ගේනවා. උඩ පැන්ගෙන ඡන්ඳෙත් දුන්නනෙ? " තේනුකය්යා පටන් ගත්තා. කෑගැහුවෙ මා එක්ක තරහින්. ශානුකය්යා කුස්සියට ආවනෙ මා එක්ක ඒකයි.

" අම්මෝ දේශාපාලනේ නම් එපා වුරුදු මේසෙට " මම කිව්වා. ඕක දිඟින් දිගට ගියොත් හිතුත් නරක් වෙනවා . එහෙමනෙ හැටි

ඉතිං මම මේ දේශාපාලනයක් කතා කලා නෙවි. ඒ දවස් වල ලුණු තිබ්බෙ නැහ බදුල්ලේ. අනිත් අයට කොහොමද දන්නෙ නැහැ. ඔයාලටත් එහෙමද?


Mar 22, 2016

පාන් කමුද? පත්තු කරමුද? සීනිගම මිරිස් අඹරමුද?

අපි බලමුද පාන් කියන්නෙ මොනවද කියලා?"Bread is a staple food prepared from a dough of flour and water, usually by baking. Throughout recorded history it has been popular around the world and is one of the oldest artificial foods, having been of importance since the dawn of agriculture.



ඉතිහාසය පුරාවට ඉපැරණිම කෘත්‍රීම  ආහාර වලින් එකක් වන පාන් කෘෂිකරමයේ  මූලාරම්භයේ සිට තිබුණු බවනෙ ඔය කියන්නේ.
කෙසේ වෙතත් අවසන් බෝජනය ( ක්‍රිස්තුස් වහන්සේ ගේ ) පාන්  බව අපි කවුරුත් දන්නවනේ එක මේසේ එකට එක පාන් ගෙඩිය කඩන් කාපු අය තමා පාවා දුන්නෙ, ඒ හින්දා යාලුවෝ එකට ඉන්න අය එක්ක පාන් කන්නෙ පරිස්සමට . ඔය මතක් වුණු වෙලාවෙ ඉඳන් අපි පාන් නොකාවත් ඉමුද?

දන්නවනේ අර බිසවක් " පාන් නැතිනම් කේක් කාපල්ලා" කියලා වෙච්ච දෙයක්. හොඳ වෙලාවට ලංකාවෙ  බිරින්දෑ වරු කවුරුත්  එහෙම කිව්වෙ නැහැනේ අනිච්චං දුක්කේ.නැතිනම් ලංකාවෙත් විප්ලවයක් ඇතිවෙනවා  අනිවාර්යයි

අපේ ලංකාවට පාන් ගෙනාවෙ පෘතුග්‍රීසි කාරයෝ නෙ? අපි ඉතින් කිව්වා " සුදුපාට ගල් කාලා ලේ බොනවා " කියලා. එදායින් පස්සෙ  පරදෙස්ක්කාරයන්ට ආවඩන අපි පාන් ජීවිතයට  නැතිවම බැරි දෙයක් වෙලා නෙ?

පාන් ගෙඩියක් දරුවන්ට කන්න දෙන්න හොරකම් කල මිනිහෙක් ගේ අනුවේදනීය චිත්‍රපටිය අපි කවුරුත් බලල තියෙනවනේ?ඔන්න නොදන්න අයට ට්‍රෙලර් එකෙ ලින්ක් එකක් දානවා. ලස්සන ෆිල්ම් එකක් බලන්නකෝ
https://www.youtube.com/watch?v=IuEFm84s4oI

මෙන්න මං මූනුපොතට අද උදේ පෝස්ට් කළ එක


දෙන්නම් බැටේ.
හීන් සතුටක් හිතේ පතුලේ හෙමින් එබිකම්........ කරනවා
පාන් පැලටත් දුකේ බැරුවළු මටත් ගතු නම්....... කියනවා
"පාන්" හතරක් මිලේ වැඩිවළු ඔන්න අවුරුදු..... එබෙනවා
වාන් දමතත් අපේ කැක්කුම ඉන්න "කතිරය"... තියෙනවා

ගොය්යො ගෙටවෙනු අපිද හෙටදින අතට වෙරවිරි ගන්නවා
කය්ය ගැහුවට රූප පෙට්ටියෙ දන්න අය මෙය........ දන්නවා
කොක්කු නැටුවට තිත්ත පැටවුන් දිනක වරමක් ......ගන්නවා 
දෙයියො බුදුවරු යදිනු කුමටද කතිර යුද්ධය .........තියෙනවා
තිත්තයෝද අපි වාරයක් එනකම් බලන් ඉන්න? මගේ නංගි මේක බලලා අහනවා රුපියල් 4ටද ඔච්චර කෑගහන්නේ කියලා. කෑ ගැහුවාය මම ?
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන " ආදරෙයි මං ආදරෙයි" බලන එයාට නම් මොකෝ නේ?

හ්ම්ම්ම්ම්ම්ම් සීනිග පැත්තෙ මිරිස් අඹරලා පුළුවනිද මන්දා පාන් මිල අඩු කරන්න?
අපේ ආච්චි නම් ඒ දවස් වල කියන්නේ " ඔය කිරිසප්පයොන්ට  පාන් රොඩු දීල වැඩක් නැහැ. බතකුයි  ම්බෝලයකුයි හදන්න කියලා

දැන් නම් අපි 21+ තමා ඒ හින්දා පාන් කෑවට කමක් නැතිද මන්දා.

මේ පැත්තේ නම් හාල් කිලෝ එකක් රුපියල් 60න් ඉහලට + පොල් ගෙඩියක් රුපියල් 45/ 50/55 ම්.ම්.ම්.ම් අවුරුදු ලං වෙන කොට නම් වැඩිවෙයි.ඒත් තාමත් පාන් ක්නවට වඩා ලාබයි.

ලේසියට අපි අපේ කෑම වලට පාන් පිටි එකතු කරාට  දන්න අය දන්නවා ආප්ප/ රොටී/ පිට්ටු/ තොසේ ඔය කොයි දේත්  හාල් පිටි වලින් හදන්න පුළුවන් කියලා. වැඩේ තියෙන්නෙ ආපි කන්නෙ ඒ වගේ දෙවල් කඩෙන්නේ? 

එලවළු ටිකක් වත්තේ හදා ගත්ත නම්  මැල්ලුමක්  එක්ක බත් ටිකක් උයන්න පුළුවනි. ඉඩ නැහැ නම් කියයි. වෙලා නැහැ නම් කියයි. මම මේ කතා කරන්නෙ අපිවගේ දුප්පත් ජනතාවට.

"සිංහලයා මෝඩයා බත් ගිලින්න යෝදයා " "ගමරාළ දිව්‍ය ලෝකෙ ගිය හැටි" වගේ උපහාස කතා  ප්‍රචාරය කරල තියෙන්නෙ එදා ගමරාලට තිබ්බ අභිමානය සැළැකිල්ල අඩු කරන්න කියලා අපි දන්නවනේ? නිදහසෙන් මෙච්චර කාළෙකට පස්සෙත් අපි තාමත් පාන් කන්නෙ ඇයි? 

"මොකෝ මේ පාන් කාපු එකා වගේ" කියලා කියන්නෙත් ඕකයි . මොහොතට බඩ පිරුණට පැයෙන් දිරවල ඉවරයිනෙ?

ඉතින් අපි "පෙරදිග ධාන්යාගාරයට උරුමකම් කියනව නේ/ අද ඉඳන් බත්ම කමුද? මය්යොක්කා බතලත් තවම තීයෙනවනේ?





Mar 17, 2016

තියෙනවද ඔය රෙද්ද

අද මන් බ්ලොග් පොඉස්ටුවක් කියෙව්වා. දන්නවනෙ කවියක් නිසදැසක් දැක්කොත් මම කමෙන්ට් ඒකක් දානවා. ඒක  පෙම් කවියක් නම් විරහ කවඉයක් නම් ලියල මිසක් පිළිතුරක් යන්නේ නැහැ. දේශපාලනය නම් අරහං. ඒවයේ කමෙන්ට් කරන්න ගිහින් මොල ගෙඩියෙ තරම ප්‍රදර්ශනය කරන්න වෙන නිසා කට පියාගෙන ඉන්නවා. එහෙම අයට විතරද මන්දා ඇතුලෙ හිස් වුනු වුනත් ඔලු ගෙඩිය රැකගන වෙන්නෙ.මෙන්න මාතලන්ගේ පෝස්ටුවට ලින්ක් එක. ඒ තරම් අගේට මට ලියන්න බැරි වුනත් නොලියා නොහැකි වුණු නිසා ලිව්වා. 

***** ගලවලා ගනින් බන් ඔය රෙද්ද




ඉතින් මාතලන් කතා කළේ " ගලවලා ගනින් බං ඔය රෙද්ද " කියලනෙ? ඒකෙන්ම මං පටන් ගත්තා. හොඳයි අපි ඇස් වහගෙන අලියට ඇහ තියලා තියෙනවනේ? කොච්චර කිරිමේල් වැඩක් ද ඒක? ඇස් වහගෙන සර්ව සාදාරණ දෙයක් කරන්න පුලුවනිද? අනේ ඉතින් මේ ඇත්තිට අපි දොස් කියන එක හොඳය.

ඉතිං මම කෝකටත් කියලා මූන වහගෙන නැති නීතියෙ දෙවඟනක් හොයා ගත්තා.
***ඕන් ආයුබෝවන්ඩ දැන් නම් රෙදි ගලවනවා එහෙම නොවෙයි.


තියෙනවද ඔය රෙද්ද?
නැතිවෙලා ගොඩක් කල්
සර්ව සාදාරණ ලොවක්
දකින  එක හීනයක්...

හැම තුලාවක් වගෙම
පැත්තක් බර වැඩියි නෙව
පිහිටන්නෙත් ඇදේටම.
ඇයි බොලා    දන්නැද්ද
මේ "නැති 2500" නෙව ?

ඔන්නොහෙ කවුරු හරි 
මොනවහරි කරයි නෙව
ඇස් පියන් කට පියන්
හදිසියට පොල් පැලයක් වත්
දෙන්න ඉන්නෙ ඔච්චරමනේ?

අනේ අම්මො එහෙම පුළුවනෑ
ඒ උත්ත්මයන්ට නෙව
අපි හත් මුරු පරම්පරාවෙම අය
දෑත් ශක්තිමත් කළේ

පාට පක්ෂ උන්නෑහේලා 
මාරු කරගත්තෙන් අපිට මොකෝ?
අපි යන්නය ආණ්ඩු කරන්න?
මගුල් තුලා පයිරු පාසානම්
ඒ උත්ත්මයලා  අතරෙම වෙච්චි කොටා
අනිච්චං දුක්කේ පින්පාට බඩ ගෙඩිය

ඉතින් මම මාතෘකාවෙන් පිට පැන්නද මන්දා කියන්නෙ ගියෙ නීතියේ දෙවඟන ගැන. කිව්වෙ වෙන කව්දෝ පින්වන්තයෝ ගැන. ටී එම්. ජයරත්න   ගායනා කළ සින්දුවක් මතක් වුනා. පාර හදන තැන ගිනි යම් අව්වේ දෙවියො වැඩ ඉන්නේ?"
මෙන්න ඒ සින්දුවට ලින්ක් එක

ඒ කාලෙනම් පාණ්ඩුකම්බල සයිලාසනය උණු වුනා කියනවනෙ?මං හිතන්නෙ ඒක දැන් ඒ. සී. කරල වෙන්න ඕනි. දන්න කෙනෙක් සී සී ටී වී වත් හයි කරගන්න පයින්ඩයක් ඇරියනම් සොල්ල වේලෙ ඉල්ලෙ මන් හිතන්නෙ


මුදලට බලයට යටවන නීතිය ගැන නොදන්නා කෙනෙක් වෙත්ද?නොදුටු නියායෙන් ඉවසා කොතරම් කළක් අපි ඉඳිවිද?

නීතියෙ අසාදාරණයෙන් පීඩා විදින්නෙ කවුරුද? වත්තක කෙසෙල් කැනක් සොරා ගත් අයකු? බඩ ගින්නට පුංචි හොරකමක් කරපු අය? මායිම් වැටට සන්ඩු වී කොස් ගසක් කපපු අය?
සියල්ලටම වඩා ලොවෙහි කොතැක හෝ යම් කෙනෙකුට අසාදාරණයක් වීම ගැන හදවතට දැනෙනවා නම් එය ලොව තත්වයෙන් උසස්ම සහ අලංකාරම  විප්ලවය වන බව පවසා ඇති බව අපි දනිමු

අසාදාරණය නීතියක් වෙන කළ  විරෝදය  යුතුකමක් නොවී තිබේවිද?



අනික ඉතින් මට හිතෙන්නෙ අර දෙවඟනගෙ වහන්න ඕනි තැන නෙවි වහගෙන ඉන්නෙ. ඇස් වහන්නෙ නති නිසා කොය්යම්ම දෙයක් දැක්කත් කට වහලා තියෙන නිසා ම්.ම්.ම්.ම්.ම් කට පියානම ඉන්නව වගේ.

ඇත්තටම අර කඩුව මොකටද? දන්න කෙනෙක් කියනවද? "යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද? "
අනේ ඉතින් ඒ ඇත්ති යුද්ධෙට යන්නය?
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කිව්වලු

Mar 14, 2016

ලා රෝස පැහැති දුහුල් නයිටිය

ඉර පායලා. මිදුලෙ මල් වලින් හොරකම්  සුවඳ හොරකම් කරගත්තු හීන් හුළඟක් කාමරේ ජනේලෙ අස්සෙන් රිංගලා ඇවිත් මං ළඟ තනි රැක්කා.
ලා රෝස පැහැති දුහුල් නයිටිය ඇඳ  පිට දිගට විදාහල තෙත   කොණ්ඩය විටින්  විට අතගාමින්  සිහින් හඬින් ඇසෙන " දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා " මුමුනමින් මූනු පොතේ "ෆ්ලවර් ශොප්" ප්ලේ කරමින්  සිටියෙමි.


මේක මම බ්ලොග් එකේ පෝස්ට් කළොත් මනොජ් නම් " නදකිං ඕකත් සෙල්ලමක්ද? " අසනු නොඅනුමානය.
හදිසියේම ඇසුණු ගොරහැඩි පිරිමි උගුර පෑදීමකිමකින් කළබල වූ මම ජනේලය දෙස බැලිමි. එය අසල " මුත්තුය" මුත්තු කීවේ මුත්තු ජූනියර්  ටය

නමින් ඔහු සීලන්ය. නමුත් අප්පා වගෙම වෙන්න  ඕනි කියලා අපේ ගෙදරදී කෑ ගසා අඬපු දවසෙ ඉඳන් එයා " මුත්තු" වුනා. මුත්තූ, පුතාට එන්න කියන්න.කිව්වොත් ආමන්ත්‍රණය තාත්තාට එනම් "අප්පාටය"
"මුත්තූ, අප්පට මේක දෙන්න" කිව්වොත් පණිවිඩය අපි කියන්නෙ පොඩි මුත්තුටය.


  පුන්චි කාලෙ අපි එකට සෙල්ලම් කල සන්ඩු කළා ගස් නැග්ග පීනුවා මාලු ඇල්ලුවා ගුටිත් කෑවා. නමුත් මගේ නිදහසට බාදා වුනාට පුන්චි නොරිස්සුමක් මගේ හිතට ආවෙ

පුටුපත්තෙ වනල තිබ්බ හවුස්කෝට් එක ඉක්මනින් ඇදඟෙන කොන්ඩෙ එක දුකුණු උරෙන්  ඉස්සරහට වැටෙන්න  හදාගෙන  ඉක්මනට බොත්තම් දාගත්තා අනිත් පැත්ත හැරිලා.
මම ජනේලේ පැත්තට  හැරිලා "ඇයි මුත්තු?" කියලා ඇහුවේ පුන්චි නොරිස්සුමකුත් හිතේ තියාගෙන . ජනේලෙට පිටුපාලා වත්ත දිහා බලන් ඉන්න තරම් සංවර කමක් මුත්තුට තිබ්බත්  රෑ ඇඳුම පිටින් මාව දැකපු එක ගැන නම් මට ඇතිවුනෙ සියුම් ලැජ්ජවක්. නොරිස්සුමක්.

"කොස් කඩන්න කියලා පණිවිඩ එවල තිබ්බ " කිව්ව මුත්තු   කුස්සිය පැත්තට ගියේ මා දිහා නොබලාම. මම ටක් ගාල මගේ කාමරේට ගිහින් ඇඳුම් මාරු කරගත්තා. පරණැ 'ත්‍රී ක්වාටර්' එකය් පරන අත් දිග කමීසෙය් ඇඳ ගත්තා.ඒක මගේ යුනිෆොර්ම් එක. වත්තෙ වැඩ කරන කොට එහෙම තමා අඳින්නේ

ගෙදර අම්මා නැති සෑම වෙලාවකම ඉස්සරහ සහ කුස්සිය පැත්තෙ දොර වහල තියන්නත් කවුරු ආවත් ඒවා අම්ම නැතිනම් අරින්න තහනම් නීතිය මට මොහොතකට මතක් වුණා.
මල්ලි ක්ලාස් ගිහින් එන්නෙ හවස
නංගි නම් තුන වෙන කොට එයි

අම්මා ගියෙ කිරි අම්මා දානෙ ගෙදරක. මාමල ගෙදරත් යනවා කියලා ගියේ. රෑ වෙය් මගේ හිතේ. ඒත් ඉතින් කොස් කඩන්න??? මම කුස්සියෙ පැත්තෙ දොර ඇරගෙන එළියට ගියා. මුත්තු ඇඳුම් මාරු කරගෙන. බිත්තියෙ ඇනයක එල්ලලා. මේස් දෙක වැලේ වනල

මාව දැක්ක හැටියෙම " තාත්තට සනීප නැහැ බේබි. " කිව්වා. අපි දෙන්නම හිනාවුනේ එකට. ඒ පුන්චි කාලෙ සිද්දියක් මතක් වෙලා . එදා ඉඳන් එයා මට බේබි කියනවට මම විරුද්ද  වුණා. අප්පච්චිට කියල මුත්තුට කියල (ලොකු මුත්තුට ) බැරිම තැන දවසක් මම ගැහුවා අත් දෙක මිටි මොලවලා. මුත්තු මට වඩා අවුරුදු 4ක් වැඩී. "අනේ එපා බේබි" කියලා මගේ අත්දෙකින් අල්ලගත්තේ මට තවත් ගහන්න බැරිවෙන්න. එයා අත් අල්ලගත්තම මගේ; මට තවත් කේන්ති ගිහින්මම උඩ පැනලා එයාට ඔළුවෙන් ගැහුවා. වැදුනෙ කටට. තොල පැලිලා ලේ ගලන කොට තමා ඉවර වුනේ සන්ඩුව. පුරුදු පරිදි අම්මල මැදිහත් වෙලා මට "බේබි" කියන එක තහනම් කළා.

දැන් කට්ටිය කල්පනා කරන්වද මන්දා මම.. ම්.ම්.ම්.ම්.ම්.ම් ඔන්නොහෙ ඕනි එකක් කල්පනා කරන්නැතෑ වෙන වැඩ නැත්තං නේ? ඉතිං ඔන්න කොහොම හරි...

වරකා ගහට මුත්තු නැග්ගේ දිග ලණුවත් අරන්. වරක ගෙඩිය කඩලා ලනුව දිගේ "බෑවා" මම ඒක අල්ලලා ගැටය ලිහල පැත්තකින් තිබ්බා. පැහිච්ච කොස් ගෙඩියකුයි මැල්ලුම් පොලොස් ගෙඩියකුයි බිමට දැම්මා. බැහැලා අනිත් ගහෙන් වැල ගෙඩි දෙකක් කූඩෙන් බෑවා. තේරෙනවනෙ නේද වැල බාන්න ලණුව පාවිච්චි කළොත් ඒක බිමට වැටෙන්නත් ඉඩ තියෙනවා . කොහොමත් අපි වේවැල් කූඩයක් පරන ඒකටම තියන් ඉන්නවා.

"කිරි අම්මා දානේ ටිකක් හම්බුනා කමුද? " කියලා අහන ගමන් මම කුස්සියට ගිහින් නංගිටයි මල්ල්ලිටයි පිඟන් දෙහෙකට බෙදලා අපි දෙන්නට පිඟන් වලට බෙදන් අරන් ගියා. කොස් ගහ ළඟ තියෙන ගල් පොත්තෙ වාඩි වෙලා අපි කිරිබත් කෑව. කැවුම් කිරියා කෙසෙල් මම කවදත් ආස කෑම.

කහට දෙකක් හදං එන්න මං කුස්සියට යන කොට මාත් එක්කම මුත්තුත් ආව. පිඟාන හෝදගෙන  එළියෙන්.
මගේ අතෙන් ඇදලා මාව මේසෙ පැත්තට තල්ලු කරන ගමන් මුත්තු කලබළෙන් වගේ කිව්වා " පාඹු පාඹු ඉක්මනට මෙසේට නැගින්න තංගා" කියලා.එයා තංගා කියන්නෙ එයාගෙ නංගිට. මමත් ඉතින් පුටුවට කකුල   තියලා පැන්න මේසෙට.වට පිට බලනකොට දැක්කෙ ලොකු සරපයෙක්. අඩියට දෙකට කුස්සියට පැන්න  මුත්තු අරන් ඇවිත් තිබ්බෙ මෝල් ගහ. මෝල් ගහේ අනිත් පැත්තේන් උගෙ කොන්ද්ට එකකුයි ඔලුවට එහෙක්යි ගහලා සර්පයාව මැරුව මුත්තු.

ඌව කෝටු දෙහෙකින් තදකරලා අල්ලන් අරන් ගියා වත්තට. 
මම ඉතින් මේසෙන් බැහැල ගිනි පෙට්ටියයි ලාම්පුතෙල් බෝතලයයි ලිප ළඟ තිබ්බ ගෝනියෙන් රෝනියෝ ශීට්ස්සුයි අරන් එළියට අරන් ගියේ සර්පයා පුච්චන්න. බෝතලෙයි ගිනි පෙට්ටියයි කට වහගෙනම  මම මුත්තුට දුන්නා. ලාම්පුතෙල් දාලා ගිනිකූරක්  පත්තු කරලා සර්පයාගෙ ඇඟට දාලා කඩදාසි දැම්ම උඩින් . ඔව්ව් ඉතින් සරපයෙක්  දැක්කොත් මරනවා ඉතින්. වත්තෙ උනත් ගෙදර වුනත්. 'විසඝෝර සර්පයා අත නෑර මෝඩයා " කියනවා. විස බලන්නෙ නැහැ අහු වුන තැන මරනවා. 

"කවුරු හරි එනකම්  මං ඉන්නම්" මුත්තු කිව්වා. මම එපා කිව්වෙත් නැහැ. ඒ ගැන වැඩිය හිතුවෙත්  නැහැ 

ශෙඩ් එකෙන් උදළුත් අරන් අපි  බටු පාත්තිය දිහාවට ගියෙ ඔව්ව් කතා බහක් නැතිව. ටික වෙලාවකින් "කියන්න කාරණාවක් තියෙනව" කියලා මං දිහා බලල මුත්තු කීවා.එයා සරස්වතී එකේ ඉගෙන ගත්තෙ හොඳට සිංහල ලියන්න කතා කරන්නත් පුලුවනි.
" මම කසාද බඳින්න යන්නෙ. පාර්වතීව ඔයත් දන්න කෙනෙක්"
"ආආ හොඳයිනෙ? මොන?"
" ඔයාගේ ඉන්ග්ලිශ් ක්ලාස් එකේ"
" නෑ"
"ඔව් "
" එයා ඩයරබා එකේනෙ? (ඩයරබා  කියන තේ වත්තේ)
"කොහොමද හම්බූනේ" 
" ඉන්ග්ලිශ් ක්ලාස් ඇවිත් තමා"
"අපේ?"
"හ්ම්ම්.... හැමදාම මම උදේටයි ඉන්ටර්වල් එකටයි ක්ලාස් එක ළඟට ආවා.ඒ ආවෙ ඔයා බලන්න"
"ඒ මොකෝ?"
"තේනුකය්යා මට සල්ලි දුන්නා. හැමදාම ක්ලාස් එකට ගිහින් බලන්න. උදේට එක බස්සෙකේ යන්න හවසටත්  එකම බස්සෙකෙ එන්න කියලා"
තත්පර කීපයක් අපි කතා නැතිව හිටියා. තේනුක කියන්නෙ මගෙ මස්සිනා. මහ හිතුවක්කාරයා. තරහ ආවත් ඒ කාත් එක්කද කියලා මට හිතා ගන්න බැරි වුණා
ඉතින් මම සීසන් එකක් අරන් "කම්ප්යුටර් ක්ලාස්" එහෙකට ගියා. ඔයා ක්ලාස් එකට යනකම් පස්සෙන් ගිහින් මගේ ක්ලාස් එකට යනවා. එහේ "ලන්ච් ඉන්ටවල්" එකට  ඔයාගේ ක්ලාස් එකට එනවා.
"හැමදාම?"
" ඔව් ඉතින්..."
පාරුට මෙයා දෙන ලියුම් මාත් කියවලා තියෙනවා. අපි එකතු වෙලා උත්තර ලිව්වෙ කියලා මට එතකොටයි මතක් වුනෙ. ඒක මෙයාට කියන්නෝනද කියලා මම හිතනකොටම....
" කවි ලස්සනයි කියලා මුත්තු කිව්වා.
"වෙඩින් එක ලබන මාසෙ 17.රිවර්සයිඩ් එකේ තියෙන්නෙ. කාඩ් එකක්  ගෙනාවා."
"වෙන කාටද කිව්වෙ? "
"තේනුකය්යට විතරයි. ඔයාටත් තනියෙන් එන්න බැහැනෙ?"
"එනව කිව්වද?"
" ඔව්. එනව නේද?"
"හ්ම්ම්ම් එන්නම්"
" අත්සන් කරන්න"
මම හිනාවුනා. අපි දෙන්නම වැඩිය කතා කරන්නේ නැහැ කවදත්. අපිට වචන ඕනි වුනේ නැහැ.
"අවුරුද්දට ගේ පේන්ට් කරනවද? "
"හ්ම්"
"වත්තෙ ඉන්නවා කට්ටියක් එවන්නම්."
"හා"
එයා එවනවනම් අහන්න දෙයක් නැහැ අපිට කරදරයක් නැතුව වැඩේ කරගන්න පුළුවනි.
දැන් දෙමල අය ඉගෙන ගන්නව රට යනවා කුලී වැඩට වතු වලට යනවා . බදුල්ලෙ ටවුන් එකෙත් කඩවලත් ඉන්නව. පිටරට රස්සාවලටත් යනවා.  එයාල එයාලගෙ වතුකම්කරු ලෝකෙන් එළියට ඇවිත්. අළුත් පරම්පරාවේ වහල් මානසිකත්වය නැහැ. ඒක නම් වචනෙ

මහ හඬින් පස්සෙන් යකා එනවා වගේ ආපු තෙනුකය්යගේ වෑන් එක මිදුල වටේ රවුමක් ගහලා පාර පැත්තට හරවල නැවැත්තුවා. ඒකේ ලොකු අකුරින් ගහල තිබ්බ "සිංහ  ලේ"  මුත්තුත් දකින්න ඇති මයෙ හිතේ....
"යන්න එපා" මං හෙමින්  කෙඳිරුවා.
"හ්ම්"
මුත්තු හෑන්ඩ් 4න්  එකෙන් කෝල් එකක් ගත්තා.
"ලොකු නෝනා, මම මේ මුත්තු කතා කරන්නේ. කොස් කඩන්න කියලා ආවේ. තේනුක  මහත්තයත් ඇවිල්ලා. " ඉක්මනින් කියවගෙන ගියා. ඉතුරු ඒවට " හා නෝන හා! හා! හා! " කිව්වේ.
"ආ මුත්තු කොහොමද?" කියාගෙන  තේනුකය්යා අපි ඉන්න පැත්තට ආවා . මං කල්පනා කලේ මම එෆ්. බී එකෙන් ලොග් අවුට් වුනාද කියලා 









Mar 5, 2016

මොකද කරන්නෙ " ගල් ගහමුද? "

අපි මිනිස්සු. ඒ අතරෙ පිස්සොත් ඉන්නවා. පිස්සො කියන්නෙ කවුද? අනිත් අය නොදකින නොපෙනන දේවල් දිහා තමන්ගේ දෘශ්ඨිකෝණයෙන් බලන අය. අනිත් අයටත් නොපෙනෙනවාම නොවෙයි. එයාලා කට වහන් ඉන්නවා. කලාකාරයෝ කියන්නෙ කවුද?  " ඔබේ ඇසින් ඔබ නුදුටු ඇසින්" ලෝකය දිහා බලන්න පුළුවන් අය?
කාක්කෙක් කෑම ටිකක් දැක්කම " කාක් කාක්" කියලා කෑ ගහනවා ඒක අහල එතනට  එන කාක්කොත් " කාක් කාක් " කියනවා. හැබැයි සන්ඩු කර කර වැඩියෙන් කන්නත් බලනව

දැන් ඔයාල කල්පනා කරව ඇති රතු කට්ට පැනල වගේ කියලා. හ්ම්ම් ඔව් අද පිස්සු පෙත්ත ගන්න බැරි වුනා තමා.
 මූණු පොතෙයි.. බ්ලොග් වලයි මම පෝස්ට් කිහිපයක දැක්ක.පියාට ඒඩ්ස් කියලා පුතාට පාසලක් නැතිවුණු එක ගැන. දැන් නම් ඒ ප්‍රශ්නෙ හරි මම හිතන්නෙ?
හැමෝම එක එක කොණවලින් බලල තිබ්බ..
මට ඒ කිරි සප්පයට  හිතෙන දේවල් වලින් ඇබිත්තක් කියන්න. අලි රන්චුවෙම ඇතින්නන්ට කිරි එරුනට මිනිස් අම්මලට එහෙම මව් කිරි එරෙන්නෙ නැහැනෙ? ඒ ලමයා තවත් ළමයෙක් විදිහට මානව දයාවෙන් බලන්න ඒ අම්මලගෙන් කිරි බිව් පුතාලටත් බැහැනෙ?

"සකල සිරින් පිරි සිරි ලංකාවේ හංසමාලි සොඳ නම් ලබනා
පතල මහා කරුණාවෙන් ලොව වෙත දුකම අකුරු කොට පද බඳනානමින් ප්රියන්තිය වතද සිතද ඇගේ අගේ අගේ දන මන බඳිනාහැබැයි මොකක් හරි වැඩකට එන්නට කියුවොත්නම් ඈ මග හරිනා.. :)"

ඕන් ඉතිං කලණය්යත් මං ගැන මගේ පොස්ටුවක  කමෙන්ට් එකක් විදිහට ලිව කය්යඒ නිසා මම චුට්ටක් මැදහත් සිතින් මේක ලියන්න උත්සහ කළා.නමුත් ලියවිල ඉවර වෙන කොට ඒකත් දුකමද මන්දා
මම ඒ ප්‍රශ්නෙ ළමයාගෙ ඇහෙන්  බලන්න උත්සහ කළා. බලන්නකෝ හොඳද කියලා. ඔව් ඔව් ඔව් අවිදුර දෘශ්ඨිකතවය තමා. වැඩි දුර පෙණුනොත් අනිත් අතට මොනවා ලියාවිද දන්නෙත් නැහැනෙ.


අඬන්නට කඳුළක්
සුසුමකට මොහොතක්
කියන්නට අකුරක්
හිමි නැත්තෙ ඇයි මට විතරක්?

සුදෝ සුදු ඇඳුමක්
ඇඳන් ඉන්නා එකත් සතුටක්
අලුත් පොත් ගොඩකුත්
කියවන්න බැරි ඇයි මට විතරක්?

පිට්ටනියේ පුරාවට
මටත් ආසයි දුවන් යන්නට
අතින් අත අල්ලගෙන
යන්න කෝ අනෙ යාලුවෙක් මට?

රෑ තිස්සෙ  ඉකි ගසන
අම්මගෙ කෙඳිරිය
දෙය්යොවත් නැහැ  අහන් ඉන්නේ
අපිම විතරද පව්ම කෙරුවේ?

තිබහකට වතුර ඩිංගක් 
බත් කන්න හාල් චුට්ටක්
ලියන්නට මටත් පෑනක්
නැතිද "දානය" මටත් උරුමේ?

ඇහෙන නෑහෙන හඬින් දෙස් දෙන
නැන්දලා අනෙ කියනවද මට
අප්පච්චි මගෙ ලොකුම වීරයා
මාත් මැරුණේ නැත්තේ කොහොමද?

" මගේ එකෙක් නම් දන්නවා මං
කරන දේ මම හෙමින් ඕකට"
අනේ නැන්දේ  කීයන්නේ ඇයි
මැරෙන්නද අපිටත් කියන්නේ?

බුදුන් වැඩි මේ සිහල දේශයේ
පෑ දයාවට  ඉඩක් නැතිමය
කර වටක් පන පිටින් වළලා
ගල් ගසා මැරුවත් සැපක්නෙ?




අනිත් දෙමව්පියෝ තමන්ගේ ළමයින්ව පාසලෙන් අයින් කරන ගිහින්. අම්මලා ගැන මම මුකුත්ම කියන්නෙ නැහැ දරු දුක දැනෙන්න අම්මා කෙනෙක් වෙන්නම ඕනි කියනව නෙ? නැහැ අම්ම කෙනෙක් වෙන්න ඕනිළු අම්ම දුක දැනෙන්න. 





මේ රූපෙ නම් ඒ අප්පච්චිගෙ නොවෙයි මං හිතන්නෙ. නමුත් මේකත් මම එකතු කළ උණු වෙන හදවත් ඇත්තන්ට කතා කරන්න

"Sri Lanka is considered to have a very low prevalence of HIV, the virus that causes Aids.
According to UN figures, in 2014 there were 3,200 adults and 100 children living with HIV, fewer than 0.1% of the population.
But there is also concern about poor awareness of the virus and how it spreads, which leads to stigma and discrimination."
එකේ දත්ත වලට අනුව ලංකාවේ ජනගහනයෙන් 0.1%  වඩා අඩුවෙන් තමා 2014 ඒඩ්ස් තිබිල තියෙන්නෙ.
2014 දි හොඳේ
මොන හොඳක්ද? (වැඩිහිටියො 3200 ළමයි  100)
හැක හැක " දැන් ඉතින් හැමෝම නම් කියනවා එහෙම නොවෙයි ඕන්. කාගෙ කාගෙවත් 


ඔන්න ඉතින් අර ගමේ  අය අර දරුවගේ ගේ ඉස්සරහ දාල තියෙන දැන්වීම. ඒඩ්ස් තියෙන කෙනෙක් කිසිම වෙලාවක ඒ ගැන කාටවත් කියයිද? සැකයක් තිබුණත් රෝහලකටවත් යයිද?එහෙම අයට මොන වගෙ සිතුවිලි පහල වෙයිද? කලකිරීම ? පසුතැවිල්ල? ලැජ්ජාව? වයිරය? එයාල මොනවා කරයිද? දැන් සුළුතරය  බහුතරයක් වෙයිද? මුහුද හත් ගව්වක් නෙ තාම නේ?
ගහ දන්න අපිට කොළ කඩාපාන්න එපා නංගී කියයි කියලා මම ඒඩ්ස් කියන්නෙ මොකද්ද කියල නම් කියන්න යන්නෙ නැහැ. මම හිතන්නෙ අපි කවුරුත් දන්න දෙයක් නිසා. කවුරු හරි කමෙන්ට් කළොත් ඒ ගැනත් මේකෙම ලියන්නම්.

අර උඩින් තියෙන රතු පාට  පටියෙ තේරුම විතරක් දැනට කියන්නම් 
වයිරසය ඇති (HIV positive ) අය සහ එයාලත් සමග ජීවත් වෙන අය සමග එකමුතුව (solidarity ) ජීවත් වීම සටහන් කරන ලංඡනයයි ඒ. 

https://www.youtube.com/watch?v=yA5FcdOOAMI

මිලියන කීයක්? ලෝකයෙම? තව? (link)
මිලියන් 39ක් දැනටමත් මිය ගොස් ඇති අතර අවුරුදු පතා මිලියන 1.5 මිලියනයක් අවුරුදු පතා මෙයට ගොදුරු වෙන බව පැවසේ.දැන්ටමත් මෙයට ගොදුරු වූ අය මිලියන 35ක් පමණ සිටින බවත් පැවසේ. ඔව් ඔව් ලෝකෙම තමා :) 

http://www.theglobalfund.org/en/hivaids/

මිලියන 19 ක් තමාට තිබෙන නොදන්නා අතර එය අනුපාතයක් ලෙසට 2: 1 කි.   (link) 
"However, there is one number that is even more startling. Out of 37 million people estimated to be living with HIV, 19 million do not know their status. In other words, one out of every two people living with HIV does not know that they are HIV-positive – and therefore does not access treatment and care. "


ඉතිං මේක අපේ හිත් වලට දැණුනු එකම එක සිද්ධියක් නොවේ, 2014 දි 3200ක් වාර්ථා ගත අය පමණක් හිටියා නම් ..ම්.ම්.ම්.ම් අද ඒක කොච්චර වැඩිවෙලා ඇතිද?
ඒත් එක්කම සමාජ ගත් වන ප්‍රශ්න වලට මොකද කරන්නේ?
 ඔයාලගේ දරුවෙක්ගෙ පන්තියෙත් ලෙඩ තිබෙනවා යැයි සැක කරන දරුවෙකු හිටියොත් මොකද කරන්නෙ?
***සහජීවනයෙන් ජීවත් වෙන්න අපිට මොනවද කරන්න පුළුවන්????????

Mar 2, 2016

සිල්වය්යගේ දුව ඇක්සිඩන්ට් වෙලාලූ



Praසන්ணாයියාගේ මුහුණත් තහඩුව අහම්බෙන් එකතු  වෙලා පෝස්ටුවට කමෙන්ටි 100 පැන්නුවෙ මගෙ පළවෙනි සැරේට. 
එතකොටම හිතාගත්තැකිනෙ මගෙ"නිර්මාණ කෞශල්‍ය" ? ඒ හන්දා අර පැස්බරා අර වැලි අස්සෙ මූන හන්ගනව වගේ මාත් ටිකක් හැන්ගිලා හිටියා.මොකද පස්සෙනෙ මතක් වුනේ මූන හන්ග ගත්තට පශ්චත් භාගය එළියෙ කියලා

අද මං කියන්න යන්නෙ අගනුවර කන්තෝරුවක සිද්ධ වුනා කියන අබැද්දියක් ගැන.හැබැයි ඉතින්නේක ඔබ තමුන්නාසෙලා දන්න පොරසිද්ධ කතාවක්. (මට රකාරාංශය ටයිප් කරන්න බැහැ හොඳේ.)

ම්.ම්.ම්. මේක විහිළු කතාවක්.ඉතිං  දැන්මම " හැක හැක' ගාන්නෙ නැතුන් ඉන්න ඕනි,

සකළ සිරින් පිරි සිරි ලංකාවේ කොළඹ පළාතේ අති .................සොබනා
පතල අයෙක් විය ගැහැනු සොඬෙක් ලෙස කන්තෝරුවෙ  හැම දෙන දන්නා
කොමළ කරන්නට හරි හපනෙකි මොහු දකින දකින සමඟින් ..........අඟනා
අනඟ  කතාවට යන එන මග තොට  විටකදි අඟනෝ  පෙමෙ        බැඳුනා

දුටුවිට අඟනක් විමසයි වතගොත දැවටේ නිතරම බඹර.......... වගේ
කුල ගොත කුමටද දඟලයි මෙහෙයට දකිනා අයහට නොමැත අගේ
පොපියන සිතුවිලි පවසයි ඇය හට පිළිකුළ පමණක් හිතට නැගේ
කුමටද මෙසසර නතුනම් හදවත මිනිසත් බව කුමකටද ...... සගේ



අනුනගෙ වැරදිම කීමෙ
දිය යට ගිනි ගෙන දීමෙ
දුකකදි මග හැර යෑමෙ
තුට ලැබුවා

දුටු තැන් හොඳ හිත පෑම
නැති තැන වැරදිම කීම
වැඩකදි මගහැර යෑම
නැත සොබනා

දිනක්දි හදිසියේ ඕම
පණිවිඩ ලැබුණිය මේම
" දියණිය අනතුරුවීම"
තැති ගැණුනා

කළබල වුණි මේ උගතා
දොර ඇරගෙන මේ සමතා
පැන්නා හනිකට මහතා
දුක හිතිලා

දොර නොව ජනෙලය ඇරලා
හනිකට ඉවතට පැනලා
ජරමරයකි දැන් වීලා
හරි පුදුමේ

කළබල බොරුවට වීම
හදිසියෙ වැඩක යෙදීම
විසිවෙනි මහළෙහි වීම
අමතක වී

ඉතිං විසිවෙනි තට්ටුවේ ඉඳං පහලට වැටෙන මේ උපාසක මහත්තයට මෙන්න මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා.

කීවට මොකද හරි අරුමේ සිදුවන්නේ
නෑමට දිවිය අද කරුමෙකි පලදෙන්නේ
ඇත්තට මිතුර මෙහි අරුතම පවසන්නේ
සත්තට දුවක මට නැති බව සිහිවෙන්නේ

අපොයි දෙය්යනේ මට දුවක් නැහැනෙ

දියණියක මට නොමැත කිමද මට සිදුවුනේ
දරුවෙකිය කෝ කෙළෙස නෑ නොවෙද දෙවියනේ
ටික දුරකි මේ විලස බිමට ඔහු පැමිණුනේ
"කසාදයවත් තවම වී නොමැත මහතුනේ"

අනේ ඉතින් තවම කසාදවත් නොබැඳපු මේ සිල්වය්යා තව ටිකක් පහලට වැටෙන කොට මෙන්න මෙහම හිතනවා.
අය්යෝ අය්යෝ මගේ නමත් "සිල්වා" නෙමෙයි නෙ?

"කෙළෙසක පවසමිද මට වූ වැරදීම
මගෙ නමද එය නොවේ කෝ අනේ සැනසීම
සිහි එළඹ සිටිය යුතුය තෙරුවණද නැමදීම
දෙය්යනේ නොමැත මට මෙයින් නම් ගැලවීම

අනේ අපොයි වැටුනා නේද මේ ඇත්ත බිමටම. අහන්න දෙයක් තියේය. කපෝති තමා අලියට පෑගුනාම -- ගියාද අහනවනේ?


නිසසල දේහය බිමට හොත් හැටි දැක සුසුමක් හිතයට පහල     වුණා
සුදනකු වන්නේ නැතිනම් දිවියෙද් මිනිසත් බව හිමි නොමැති මෙනා
යන එන අයවළු පවසති වගතුග විඅසති නොදන්න නොයෙක දනා
මියගිය පසුවද කලදේ පැවසෙයි දෙතොලග නිතරම නැගෙන සිනා

ප: ලි: හිනාගියේ නැතිනම් ඉතින් සොරි.කොම් තමා හොඳේ






Jan 10, 2016

අනුන්ගෙ කෙහෙම්මල් අස්සේ අතදාන්න ගිහිං

අනුන්ගේ කෙහෙම්මල් අස්සෙ අත දාන කතාව ඔයාල හැමෝම දන්නවනෙ නෙද? කෝකටත් මම ආයම ලියන්නම් ඒක ලේසියි නෙ?

ඔන්න එක් තරා එක කළෙක හිටියළු එක මිනිහෙක් හරිද?
දැන් ඉතිං "හ්ම්" කියන්න ඕනි. "ඉතිං අපට මොකෝ කියලා අහන්නෙ නැතුං හොඳේ..අපේ ඉතිහාසය සර් වගේ මතෘකාවෙන් පිට පනින්නෙ නැතුව මම ආයම කතාවට එන්නම්කෝ.

අපි එයාට නමක් දාමුකෝ හරමානිස් කියලා.දවසක් එයාට යාලුවෙක් මුණ ගැහුනලු. මෙන්න දෙබස

හරමානිස්:හලෝ මචං . උඹ 'කුරුසයෙක්' වුණාද?
යාලුවට තේරුණා මොකද්ද අහන්නෙ කියලා
ගිරිගෝරිස්:ඔව් බං මම 'කැතලික්" වුණානෙ?
හරමානිස්:මම දැනගත්තා උඹ 'චර්ච්' එකක් බෙල්ලෙ එල්ලන් ඉන්න කොට
ගිරිගෝරිස්:මටත් ආසයි බං කුරුසයෙක් වෙන්න..
යාලුවට හිතුන එන පොට හොඳ නැහැ කියලා
ඉතිං යාලුවා කිව්වා දවසක් දෙකක් අපි චර්ච් ගිහිල්ල බලමුකෝ කියලා. ඉතින් යාලුවා කිව්වා පල්ලියට ගිහින් "ප්‍රේ ' කරන්න කියලා මේ ගොය්යා දන්නවය ඕවා.
හරමානිස්: අනේ  මම ඕව ඉතිං දන්නෙ නැහැනේ?
ගිරිගෝරිස්:මොනවත් ඕනි නැහැ. ගිහින් අනිත් අය කරන දෙවල් බලල පොඩ්ඩක් ඉගෙන ගන්න බලපං. පස්සෙ ගිහින් අපි ෆාදර් හම්බුවෙමු
ගිරිගෝරිස් ඉතින් සැදැහැ සිතින් පල්ලියට ගියා කියමුකෝ මෙන්න බොලේ වැඩේ. ලස්සන ලස්සන ගැහැණු උදවිය ලස්සන ලස්සන ඇඳුම් ආයිත්තම් ඇඳගෙන හරි අගේට මොන මොනවදෝ කියනවා. ඒ මදිවට නැගිටිනවා වාඩිවෙනවා. ඔය මැදැයි ඉතින් මෙයාට වට පිට බල බල ඉන්නකොට දැක්ක එක්තර එක් බවලතෙක්ගෙ ගවුමක් එයා නැගිටින කොට ම්.ම්.ම්.ම් එයාගෙ "ප..ස අස්සේ" ගිහින්..
ඉතින් ගිරිගෝරිස් හෙමින් සැරේ ඇඟිළි තුඩු දාලා අර හිරවුණු ගවුම එළියට ඇද්දා.මොකක් වෙන්න ඇත්ද? ලැබුණා කම්මුල ඉදිමෙන්නම  පාරක්
ඉතින් යාලුවට ගිහින් සිද්ධිය කිව්වම " උඹ මොකටද අනුන්ගේ කෙහෙම්මල්. ඒවා ඒ විදිහට තියෙන්න අරින්න එපාය? කිව්වළු
ඊළඟ දවසෙත් එයාටම ඒ දේම උණාලු. ඉතින් ගිරිගෝරිස් ඊයෙටත් වඩා හෙමින් ගවුම අර දෙබලෙන් එළියට ඇද්දමළු එයාට මතක් වුනෙ අර යාලුවගේ උපදේසේ 
අනුන්ගෙ කෙහෙම්මල් මොකටද මම ආපහු මම ගවුම තිබ්බ විදිහටම හදනව කියලා මෙයා ගවුම හදන්න හැදුවළු..
හවස යාලුවා කම්මුල් දෙකම ඉදිමිලා තියෙනවා දැකලා
"උඹව නම් හදන්නම බැහැ බං හෙට පුතාවත් එක්ක පළයං. හැබැයි උඹේ ඇඟිළි තියන දිහාව  පරිස්සමින්" කිව්වළු අනුන්ගෙ ගැහැනු දිහා එහෙම බලන්නම එපා කිව්වළු.
එදා හවස යාලුවව මුනගැහෙන්න ආවලු හරමානිස්. මූන පුරා අතේ පයේ තුවාල  එක්ක ඉන්නවළු කෙඳිරි ගගා ගිරිගෝරිස්.
හරමානිස්:මොනවද බං මේ කරගත්තේ ' ශික් ශික් මම හිතුවෙ නැහැ උඹ මේ පුතා ඉස්සරහත් ඕ වගෙ පහත් වැඩ කරයි කියලා. අනික පල්ලියෙදිත්
ගිරිගෝරිස්: මම මුකුත් කළේ නැහැ බං අද ගවුම හිර වුන තැනින් ඇද්දෙ පුතා. ඉතින් මම ඒක ආපහු දාන්න හදනකොටම කට්ටියම එකතු වෙලා නෙළුවා බන්. මට කතා කරන්නවත්  හම්බුන්නෙ නැහැ කිව්වලු.
ඒ වගෙ අනුන්ගේ කෙහෙම්මල් අස්සෙ අත දාන්න ගිහින් මටත් ගුටි කන්න වෙයිද මන්ද..
මදුමාධවී කවි පන්තිය ගැන කියන්නම් කෝ මම දැන්

දන්නවනෙ ඔයාලා අපේ මධු මාදවී ලස්සන කවි පන්තියක් ලියලා එයා කෝක ලිව්වත් ලස්සනට ලියනවනේ ඇති කරන්න ගත්තු හා පැටියෙක් ගෙ ආවසානය ගැන ලියලා තියෙන්නෙ, හුඟාක් ආදරෙන් හදල ඒ වගේම ඌ වදයක් වුණු හැටි අපූරුවට සිත්තම කරලා. එයාගෙ  පෝස්ට් එකෙ ලින්කුවත් මම මේ ගමන්ම  පහළින් එකතු කරනවා, නොදුටු අයට බලන්න
lසමාවෙයං පුත මට
මෙන්න ඉතින් මගේ කමෙන්ට් එක එයාට ලිව්ව
හරිම අගනා කවි පෙළක්.. ඔබේ දුක නොදැණාම නොවේ. කොන්ක්‍රීට් වනයෙ හිරවුණු මියගිය හා පැටියා වෙන්න මටත් හිතුණා.එයාගෙ ඇහින් අපේ ලෝකයයි මේ..

සද්දෙට බයයි කොළ හෙල්ලෙන වෙලාවට
නෙත් දෙක සරයි බිය වද්දෙන..... කලාවට
යුද්ධෙට නොවෙයි දුව යන්නෙද ..ගුහාවට
ඇත්තම තමයි ගෙට එන්නෙද ....."පිඟානට"

දුවගේ තුරුලෙ මම හුරතලයේ ඉන්නම්
ඇකයේ රැඳිලා රස පදවැල් අහගන්නම්
පුතුගේ රුදුබවේ කෙණිහිලි විඳ ගන්නම්
මෙමගේ හුරු ලෙසේ හැම තැන බෙටි ලන්නම්

දත කට මදින්නට හැම දෙය හැපුවා කියා
කුමකට බනින්නෙද එය මගෙ හුරුව නියා
සතුටට දුවන්නට එහෙ මෙහෙ යන්න කියා
කෝමට හිතන්නට මේ ගෙයි ඉඩද.... මෙයා

තිබහට වතුර කෑමට දෙය සොයා යමී
නවතින තැනක හිත උඳු පියලියද කමී
තනිකම මකන ඇය ළඟ ජීවිතය ....දෙමී
හුරුලෙස මටම හිතු හිතු තැන බෙටිද ලමී

කූඩුව මටද මට හිමි නැති රුදුරු ලොවේ
කීවට කවුද අසනුයේ නිදහසද නොවේ
"මානන බැලුම්" මිය යන බව දනිමි දැවේ
කීමට දහස් දෙය ගොළු කර ගනිමි මුවේ

මිනිසා දිනෙක වැසුවළු වනපෙත්.... මැද්දේ
කවදා කොහොම ආවද මෙහෙමත්... සද්දේ
රවටා අපිව ගෙනවිත් දෙන වද..... ලද්දේ
බෙටිලා තැනක මිනිසුනි මොකටද සද්දේ

ගහ කොල අහස ගඟ දිය .....වාසනාවන්
පැනයමි දුවමි නිදහස මට...... මනාවන්
සූසැට ඇතත් මිනිසුනි නෙක..... කලාවන්
නොදනිද මියෙන එක අගෙ මැද ප්‍රියාවන්

සඳවත මැද්දේ රුව මැව්වේ අගෙම .......නිසා
බණ පද මැද්දේ ඔබ හිටියේ එයම.......... අසා
හිමිකර ගත්තේ කිම ඉන්නෙම් දෙනෙත....... වසා
කුමකට යුද්ධේ නැත්තේ මට හිතෙද .... තොසා

මිහිකත හිමිය සමතැන හැමටම ඇත්තේ
කොටුකර ගන්න ඔබ හට අවසර නැත්තේ
වනසිරි හැරිය දුක ඇත්නම් ඔබෙ සත්තේ
යමි අපි එකට ඉමු සමගිව වන මත්තේ

අම්මෝ මගේ කවි කමෙන්ට් එකට  තිබුණු  රිප්ලයි ගොඩ..

Replies

  1. haapatiyo,
    oyaage kavi pdhaval ethaamath agei.
  2. විශිෂ්ටයි සහෝදරී !!!

    මධුවගෙ කවිටිකයි මේකයි අල්ලල යනවා එකෙම්ම !!!!
  3. මම මදුවගේ කවිය දකින්න කලින් මේක කියෙව්වේ. විශිෂ්ටයි හංසමාලි!!!
  4. මං වෙනුවෙන්, මේ වෙනුවෙන්, මේ තරම් දිග කවි පංතියක් ලියපු එකම ඇති හංසි. මට මේ වෙලාවෙ උවමනා සැනසීම සෑහෙන්න ලැබුණා. බොහෝම...........පිං. අපිට අහිමි වුණු හාවා ආයි ආවෙ නැතත්, මේ නිර්මාණ හරහා ඌ අපි අතර ඉදීවි හැමදාම. මං හිතන්නෑ, මනුස්සයෙක් ගැන මේ තරම් සංවේදී කවි ලියවේවි කියලා. හාවෙක්ගෙ මනසට සාපේක්ෂව මිනිස් මනස් යොදුන් ගානක් ඉදිරියෙන්. ඒ වුණාට මේ එක අහිංසක පුංචි හාවෙකුට පුළුවන්, නපුරු මිනිස්සුන්ගෙ ප්‍රතිපත්ති වෙනස් කරන්න, අගනා නිර්මාණ බිහිකරන්න, මිනිස්සු බර ගාණක් කතා කරන මාතෘකාවක් මවන්න. ඒත්, ඒ වෙනකොට, ඒ අහිංසකයා ගිහිං ඉවරයි...............................
  5. ගහ තරු මල් සත්තු ඉර හඳ ගැන කවි ලියන මං සත්තු මොනම හේතුවකටවත් කොටු කරනවට කැමති නැහැ.අපි එයාලව හුරතලේට ඇති කරනව. කෑමට ගන්නවා. බෙර හදනව. විද්‍යාගාර පරීකෂන වලට ගන්නවා. මැරුණම හරි මරලා හරි පුළුං පුරවලා අලංකාරෙට තියෙනවා. මානව හිමිකම් වගෙ සත්ව හිමිකම් සංගම තියෙනව නම්?ණැතිනම් එයාලට කතා කරන්න පුළුවනි නම්?මනසි උසස් යයි කියන මිනිසට එහෙම අයිතියක් දුන්නෙ කවුද මන්ද