Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Nov 17, 2015

සසර ගමනද දිගු .............නිසා

ඔන්න හිතුණා මම මූණු පොතට ලිව් කවි පන්තියක් නිකං විහිලුවට වගේ පෝස්ට් කරන්න..

විහිළුවට වගේ හොඳද?

මෙලෝ රහක් නැති කවි ඔහේ පෝස්ට් කරන එක තමයි මගෙ විනෝදාංශය වෙලා තිබ්බෙ. අනිත්ව ගැන කියන්නෙ නැහැ දැන්ම . හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ?
ප්‍රශ්නේ මොකද්ද දන්නවද.. ඔහේ හිතට එන ඒවා ලිය ලිය හිටිය මට කවි හදන හැටි ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒකට ඉතින් මට කීප දෙනෙක්ම ගෲප්ස් කීපයකුත් උදව් වුණා.

මම දැන් ඉතින් කවි ලියන්න දන්නවා කියල හිතන් ඉන්නව . හැබැය්  ඒ කවි මෙලෝ රහක් නැහැ විතරක් නෙවි ලිවීමේ ප්‍රීතියත් මට නැහැ..
ඉස්සර මම කවි ලිව්වේ අන්තර් ජාලයෙන් ලැබෙන අහම්බෙන් හම්බවෙන රූප වලට.

ඔන්න මම ළඟදිත් එහෙම එකක්/ කීපයක් එව්වා.

ඇති නේ ඇඩ්වර්ටය්සින්ග් පාර.. දැනටම්ම ඔයාලා "හෑක ..හැක " ගානවා ඇති.

සිංදු ඇනෝ මට කිව්ව කවි ටික බ්ලොග් එකට එකතු කරන්න  කියලා. ඒ ටික එක තැනක එකතු වෙනව නේ? කියලා.
මනෝජ් නිතර කියනවා කවිත් පෝස්ට් කරන්න කියලා.. 

ම්.ම්.ම්.ම් මම දන්නවා ඉතින් අපේ බ්ලොග් අයට වැඩිය කවි දිරවන්නේ නැහැ කියලා.

දන්නවනේ ඉතිං ආදරය ගැන අපි හැමෝම කියනවා. අහනවා . හිතනවා. හ්ම්ම්ම්ම්ම් අඬනව ඒ එක එක්කෙනාගෙ අත්දැකීම් මත.


බ්ලොග් වල නම් ඉතින් දකින්නම අඩුයි. ඉන්න අය ආදරය හඳුනන්නේ නැතිද? නැතිනම් හුඟාක් වයසට ගිහින්ද මන්දා.



අහම්බෙන් නෙත ගැටුණු ඡායාරූපයක් දැක ලියූවෙමි.රූමත් ලියක් හිමි නමක් දෙස ඇසිපිය නොහෙළා බලා සිටින රුවකි එය 








සසර ගමනද දිගු .............නිසා
හමුව වෙන්වෙමි නැත ..තොසා
දකිමි ගතලූ වත............. කසා
වඳිමි හිමියනි දණ ............ගසා

භවේ කළ පෙර පව .......වගේ
හිතේ කෙළෙසුන් ඇත ..මගේ
දුකේ කඳුළැලි ඇස..... නැගේ
කෙසේ සමුදෙමි හිමි...... අගේ

"එපා වෙන්නට තව....... පමා
දුකේ කෙළවර මෙය .....තමා"
බසේ හිත නැත දෙමි .....සමා
ගියේ ඇයි ඔබ මා......... දමා

මෙතේ බුදු ළඟ දණ..... නමා
කෙසේ අයදිමි මම....... සමා
හිතේ වෙනකෙකු නැහැ තමා
පෙමේ දුක නොමැතිය ... නිමා

කවේ ලියැවෙන දුක.... ඉබේ
කෙසේ පවසමි මම ...... සබේ
සදා සඟවමි හද.......... ගැබේ
රුවේ නිවනද මට ......... තිබේ

Aug 5, 2015

ඔබ මගේමයි~~~මූණු පොතෙන් බිඳක්

මම ඉතින් හැමදාම කියන්නේ මූනුපොතේ අගේ නේ?
  • මේ වගේ වැඩ වලට බ්ලොග් ලියන අය කියවන අය කැමතිම නැහැ කියලා දන්නවා..
    ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්
    මෙන්න මම නිර්මාණ ටිකක් පෝස්ට් කරනවා හොඳේ,
    බලලා නොබැන යන්න :)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  


May 28, 2015

~~~~~ පෙමක මහිමය ~~~~~~~

            ~~~~~ පෙමක  මහිමය ~~~~~~~
1.
නෙත නෙතින් බැඳී~ හිත කියන කතා ~මුළු අහස පුරා~ අපි ලියමු හොඳේ
මුදු හඬින් කියා~ ඔබෙ අනගි සෙනේ~ එය මුහුන් කළා~ අර කෙවිලි නදේ
මතු මතුත් ඔයා~මගෙ මගෙම නිසා~ හද උදම් වෙලා නෙක කවිද... හැදේ
තුරු මුදුන් බලා~ ඔය රුවම සොයා~ මම හිඳිමි බලා~ නිති හදෙහි.... රැඳේ

2.
හඳ  මෝදු වෙවී ~අපෙ ළඟම ඉඳී~තනි නොතනි මෙනී~යළි වසඟ... වෙමූ
කිරි ගරුඬ නදී ~ සුදු දෙපය සිඹී~පිය නගමු එතී~කිම දෙමුද ...............සමූ
අපෙ ගතෙහි වෙලී~මුදු පවන් රැලී~හිත පිනයි බොහෝ~මද සිනහ.... දෙමූ
මී දුමෙහි එතී ~එන සිහින පොදී~නෙත කඳුළු පිරේ ~දිවි ජයම.......... ගමූ

3.
හඳ දියෙන් නනා~ තරු කැටද උලා~එමි ක්ෂිතිජ ඉමෙන් ~ගමි හාදු..... මුදූ
ඔබෙ නමින් සදා~ මගෙ දිවිය පුරා~ ඉමි තුටෙන් රැඳෙන් ~ පෙම විඳිමු සුදූ
මගෙ සිහින් සරා~ රජ වෙන්න ඔයා~ගෙන කිරුළු හදෙහි ~ මුළු සිතින් පිදූ
අපි අපෙම වෙලා ~ මතු මතුද ඉමූ~ ලොව වනයි  අගය ~ තිර පෙමක් හැදූ



May 16, 2015

~~~හැරගියද මා ළඟමය~~~

ලංකාවේ සියදිවි හානි කරගන්නන්ගෙන් 80% පිරිමි බව සොයා ගැනේ
1.
යාවුණු දෙනෙත රස ගඟුළක පා...... කරලා
හාවුණු දෙහද මිය යන තුරු  නිති ....බැඳිලා
පාවුණු ලොවේ පෙමෙ සුව නිබඳව... ලබලා
ජීවන ගමන කිම ගියෙ ඔබ මා ........හැරලා?
2.
තිස්සෙම ළඟම හිඳ සෙනෙහස මට........ දුන්නා
රස්නෙද සිසිල ලඟ වෙනසක් නැත...... උන්නා
ප්‍රශ්නෙට බියෙද හැර ගියෙ සැක මතු.... වෙන්නා
කෂ්ඨක දිවියෙ මම  තනිවිය විඳ.............වන්නා
3.
සෙනෙහස සතුට විඳ අපි සැනසෙමුය........ කියා
සසරෙම මගෙම වෙන බව රතු ලෙයින් ......ලියා
හදවතෙ මිහිර ගොනු කොට සුරලොවෙහි....  තියා
සුදු මා ඇතැර තනියම ලොව හැරම ........... ගියා
4.
පායන ඉරේ ඉරු කිරණේ........... දැවටෙන්න
ගෑවෙන මද නලේ සිසිලේ........ පැමිණෙන්න
මෝරන හඳේ සොමි කැල්මේ ..... හමුවෙන්න
ගායන කරන කිචි බිචියේ..............රඟදෙන්න

May 11, 2015

මහළු මඩමක ඉන්න අම්මාට

අසරණ බව දුටිමි නෙත් යුග ...........පුරාවට
නෙත්යුග හිනා සෙව් වග  පෙනේ..... මනාවට
වෙසතුරු බව නොවෙයි හදවත......... පුරාවට
සුසුමක ඉඟිවැකිය දුටුවෙමි............ හිනාකට





ඉසි කෝ මාන පිරිදිවියක් ................ගෙව්වාද?

දැසි දස් නෑ පිරිවර මැද .................උන්නාද?
වතුපිටි හරක බානක රඟ............... දුටුවාද?
හිමි නැති පෙමක පැටළුණු සිත............ වින්දාද?





මුදු වදනකට කන් පෙති නුඹේ.....සොයනවද?

රස මසවුලක රස සිහිනෙන්........ දැනෙනවද?
දොර දන් දෙන්න වෙසතුරු මෙන් ....හිතුවාද?
මතු බුදු වෙන්න දරුවන් දන් ..........දුන්නාද?.





තනිවුනු නෙතට දුක කඳුලක් නොම........ ඒවා

තනිවුනු හිතට දුක් සුසුමක් නොම .........ඒවා
මුනුබුරු දරුන් ඉඳ හිට වත් මෙහි ..........ඒවා
මතු බුදු වෙන්න මතු දිනකදි හැකි..........වේවා

May 8, 2015

.රබන් පදයක්

1
කූර කරකවා කූර කරකවා ~උණු තෙල් දැන් දමතෙයි
          තෙතෙයි තෙයි/උණු තෙල් දැන් දමතෙයි
පාන හිනා දැක නැන්දගෙ දෝනි~ හැඩට කැවුම් බැදෙතෙයි
         තෙතෙයි තෙයි/ හැඩට කැවුම් බැදෙතෙයි 
ගේන කෙසෙල් කැන් වහල පුරාවට~ මෙන්න ඔබරි පාතෙයි
             තෙතෙයි තෙයි/ මෙන්න ඔබරි පාතෙයි 
සීරු මාරුවට හදන කොකිස් ටික ~මුට්ටි පුරා පිරිතෙයි 
             තෙතෙයි තෙයි/ මුට්ටි පුරා පිරිතෙයි


2.
x

අතිරස වට්ටිය මේසෙ උඩම හිඳ~ බඩට බැලුම් හෙලතෙයි 
               තෙතෙයි තෙයි / බඩට බැලුම් හෙලතෙයි
ගොම ගෑ ගෙබිමෙහි රූප සොබාවට ~මසිත සතුටු කෙරෙතෙයි
              තෙතෙයි තෙයි / මසිත සතුටු කෙරෙතෙයි
කිරිබත ඉදෙනව සුවඳ දැනෙන කොට ~සිරිකත ගෙට වඩිතෙයි
                   තෙතෙයි තෙයි/සිරිකත ගෙට වඩිතෙයි
අවුරුදු අරගෙන කුමරු වඩින කොට~ හිත් වල මල් පිපිතෙයි 
                       තෙතෙයි තෙයි/ හිත් වල මල් පිපිතෙයි

May 2, 2015

~~~දුක නොකියවෙන දුක් කවක්~~~

1/
පුන් සඳ හොරෙන් තුරු වදුලෙන් එබිකම් කර....... බලනවා
සත්සර හඬයි තව තනියෙන්  පෙම ගැන කවි........ ලියනවා
පන්හිඳ ඉතින්  මට පෙර මෙන් තනියට මගෙ.......... හිඳිනවා
මන් පෙර වගෙම හිත ඇතුලෙන් හොයමින් ඔබ.......හඬනවා
2/
වැස්සක නිමිති දෝ ඈතින් හෙමි හෙමිහිට ............ අදෙන්නේ
දෙස් දෙන විලස තුරු එකි'නෙක හරි තරහෙනි .......හැපෙන්නේ
තිස්සෙම හඬන බකමූනෙකි මේ මැසිවිලි .............. කියන්නේ
පස්සෙම එන්න බැරි හන්දයි මම තනියම ................ හඬන්නේ
3/
තුන්තිස් පැයේ සිහිවී ඔබ උණු කඳුළැලි............. සැලෙනවා
ලස්සන හීනෙ වියැකී  හද රිදෙ තනියම................. විඳිනවා
සන්තොස නැසී සසලයි හද මියැදෙන්නම ......... හිතෙනවා
තත්පර නොවේ සුහදේ මගෙ මුළු දිවියම .........නැසෙනවා


Apr 7, 2015

~~~ගෘහස්ත හිංසනයමද මේ?~~~(දේවාලයක කපු මහතෙකුගෙ යාතිකාවක තාලයට ගායනා කළ හැකි ලෙස ලියන්නට උත්සහ කර ඇත )

1.නෑඹිලි කොරොස් ඉගිලෙද්දී හදවත මගෙ කීරි...... ගැහේ
රෑමැද හඬන නෙතු ඉදිමී උදයෙද නිති කඳුළු ...........පිහේ
වෑහෙන සුසුම දිවි කළඹා ඉකියක රහසේම ..........නැහේ
කාහට කියමි දුක් ගින්දර පෙරදින පිටුපෑව............ රැහේ

2.සිද්ද පත්තිනි ~දේවි ඇසුනෙද~ අනේ මගෙ මේ........ කන්නලව්වද
රිද්ද ගත් හිත~හඬා වැටුනට~ සොයා බලනට කෙනෙක් ....නැතුවද
සද්ද නැතුවට~ ඉකි ගසා මම~දැවේ මසිතම ඉතින්............. ඇහුනද
 නැද්ද සක්දෙවි~ තව මෙමා වැනි~ දුකේ මිරිකෙන කතක් නොසිටිද?


3.වැද්ද ගත්තේ~ මුළු හදින්මය~ තව අයෙකු හට ඉඩ නම්~නැතේ
සද්ද මැද්දේ~ ඉවස ඉන්නේ~ හදේ සෙනෙහේ~ කොනකම ඇතේ
නැද්ද සුහදේ ~ළතෙත් බව හෙම~කෝ දීගේ ~මපැතුව සෙතේ
රිද්ද ගන්නා~ මගේ නෙතුයුග ~රසද ලුනු වැඩි කරදෙයි බතේ

4.අම්මා අප්පා~ කියන බසකට~ හිතද නොනැමුනෙ~ පෙම .......නිසාමය
රැව්වා බැන්නා ~මදිද හිමියනි~ තැලුවෙ නොසරුප්~ බස්......... කියාමය
කිව්වා හිතුවා ~යළිදු හිතුවෙමි~  දරණු කෙළෙසද~ මේ.......... අයාමය
හෙව්වා බැලුවා~ නමුදු සිදුවුනෙ~ දුකට යළි යළි ~~මා............ හෙලීමය

~~~~රහසෙම දැන් යන්න....... ගිහින්~~~~


වාවනු කෙළෙස වැහි බීරුම දුර එනවා
පායන හැඩක් නැහැ දවසම ගත වෙනවා
මෝරපු ගොයම දුටුවම මගෙ බඩ දනවා
පායපු දිනක බත් පිඩ අපෙ ගෙට ලනවා...

කෝමළ ගඟද අද සැඩ රැලි........ නංවනවා
කෑමට දෙයක් ගන්නට ඉන්..... බැරිවෙනවා
සාගිනි දැනෙන කුස රහසෙම මොර දෙනවා
යාදිනි කියමි දෙවියොත් අද........ නිදියනවා..

දේදුණු කොහිද හිරු කුමරුද යන්න.......... ගිහින්
කෑමොර දෙන්නෙ නැහැ නොකළද මෙයත් විහින්
පෑරෙන හිතම කැලඹෙයි මගෙ හඬින්........ සිහින්
පාලන දෙවියො රහසෙම දැන් යන්න....... ගිහින්..

පානය කරන ජලයෙහි මඩ පැහැය ........නිසා
බීමට නොහැක උණුකර වුව රසය.......... නසා
පායන හැඩක් නැති අහසෙන් මෙලෙස..... අසා

~මගෙම නංගිට ආදරෙන්~~~~

මං ළඟ  දැවටි අක්කී මගෙ හොඳය කියා
රං කිරි සිනා පෑවා නෙව නැගණි.... ඔයා"
දැං මගෙ ළඟට එන්නකො දෙව් ලියක් නියා
"සුන්දර කවට වදනේ මා වෙලුවෙ ..... ගයා..

බාධක කටොළු දුක් දැක නොසැලී..... ඉන්නේ
සාධක ඇතුව මිස සැක නොසිතා ..... ගන්නේ
මා දැක යන්න ඉඳ හිට හෝ මෙහි .... එන්නේ
නෑ දුක දකින පින  ඇත්නම්  තුටු .......වෙන්නේ.

.ගේ තුළ එකට ගුලිවී අපි හිටිය........... වගේ
ආයම ඉන්න එනවද  මගෙ  නැගණි..... අගේ
කී දෙය   අහන හැකිකම නැහැ පෙරදි... නගේ
තාමත් එහෙම ඇයි ඉන්නේ මැණික .... මගේ


.අතිනත පටල නෙක මග අපි ඇවිද ...ගයා
සමනලු පස්සෙ දිව්වට උන් ඉගිලු.... නියා
එකටම හිටිය මගෙ නැගණිය  දුරක ගියා
නිතරම සිහිවෙ ඉන්නෙමි මම දෙනෙත පියා.

.විටකදි  හඬල විටකදි  යළි හාද........ වුණා
එකමුතු කමෙන් හිටියනෙ අපි  ලෙසට මනා
රට දැය ලොවම දෙපතුළ ළඟ ඇතත් ....දිනා
දැක ගනු පිණිස එනවද  මට       පපා සිනා..

~~~~කෙසේ වනම්දෝ ආසිරි අවුරුද්දේ~~~

කෝමල සිනා හිරු කුමරුට පුදන....... නියා
කෝකිල හඬේ වෙලි සිරසද වනන....... එයා
රූමති අගේ නෙව එරබදු කොමල....... ලියා
පාවඩ එලේ නව අවුරුදු කුමරු......... සොයා.

.ගෙන් ගෙට සිනා මල් වරුසා ගෙන එන්නේ
රන් මුතු මාල කර වටකර.... හිනැහෙන්නේ
සිංහල හාලෙ සුවඳයි දැන් මතු....... වෙන්නේ
අවුරුදු කෑමෙ සුවඳින් හිත......... පිබිදෙන්නේ


නවදළු දිලේ හැඟුමකි නව ...... ඇති  වෙන්නේ
තැන තැන රබන් තරඟෙකි කනෙ රඟ   දෙන්නේ
නෙක නෙක කෙළිය සතුටට නව මං..... වෙන්නේ
එකමුතු කමෙනි ගේදොර වැඩ .....    සිදු වෙන්නේ.

.වතුපිටි නිවස කල එලියකි ඇති..... කෙරුනේ
පිරිසිදු කමට හිමි මුල් තැනමය...... ලැබුනේ
කෙළෙසක කියමි නව අවුරුදු සිරි.... වරුනේ
සිරිලක හැඩ දෙව් පුරයකි යයි ....   .හැඟුනේ.

.ඈතක සිටින අය නිවසට රොක් ....වෙන්නේ
ආගිය විත්ති සරු සාරෙට කිය........ වෙන්නේ
මෑතක සිටිය අය තව තව ලං........ වෙන්නේ
සාදය නිසා පෙර සමගිය ඇති ......... වෙන්නේ..


~~රජයේ සේවය/ පුද්ගලික සේවය~~~

සේවය කරන්නට නැහැ නිසි කණිසම ........ඇත්තේ
පේවෙන තරමටම කෝ වැඩ  මොනවට ....නැත්තේ
ලෝකය කැරකෙනව ඇයි ඒ වග නොම...... දත්තේ
සේවෙට රජයෙ මුල් තැන හිමි විය ........... යුත්තේ.

..කාලය අටේ සිට හතරට ඉවර වෙලා
සේවය නිසා නිසි වැටුපද උරුම වෙලා
ජීවය ගෙවේ හිත සතුටද  හිමිම වෙලා
කීවට මොකෝ රජෙ සේවය අගම වෙලා.

..තිත්තම ඇත්ත මෙයවේ මගෙ යහළුවනේ
සත්තම කියම සේවය රජෙ හරි අගෙනේ
ගැත්තට යදිමි ඔබගේ නැණ මං  මෙතිනේ
ඇත්තම කියමු රජයේ වැඩ හරි හොඳනේ


 ....නියමිත ලෙසට ගත හැකි නිවාඩුව රජ සේවයේ
සැළකිළි හිමිය මහජන ක්‍රියාවට නිති ලෝකයේ
පිහිටට එන්නෙ රජයයි අමාරුම රුදු  කාලයේ
හොඳ දෙය  දකිමු නවතමු පිණිපාව බොරු තාලයේ.

.පාලන කරන උතුමන් ළඟ දණින්... වැටී
පාලිත දනෝ ඉන්නා හැටි නොවී... ගැටී
"පීඩිත ගැටුම" ගැන නිහඬය කරුමෙ හැටී
කීවම දනුව  රජෙ සේවය හරිම...... වටී..

නිසි ලෙස දැණුම  ලැබ කර තව..............විභාගේ
ඉදිරිය දකිත හැක නැහැ නොව..............අභාගේ
එලෙසට හැකිද 'පොදු නොවු බැළ'හැක.. සභාගේ
අගයමු සැවොම සේවය  අගෙ ..............රජාගේ