Jul 31, 2015

අද නම් හෙළුවෙන්ම වැණුවා



වැරදි වැරදී ඉගෙන ගන්නා එක අගෙයි. නමුත් එකම වැරැද්දක්ක් කීප විටක්ම කිරීම සසර පුරුද්දළු
"අද නම් හෙළුවෙන්ම වැණුවා" පෝස්ට් කරල පැයක් ඇතුලත වෙනත් බ්ලොග් එකක් පෝස්ට් කර නීති රීති බිඳ හෙලූ මට,,,,,, කවදත් වගෙම උපදෙස් දුන්නු නිසා මම ලින්ක් එක සටහන් කරමි.

හෙළුවෙන්ම වැණුවා"
කියවා අදහස් ද්ක්වලාම යන්න හොඳේ
මදූ මාධව සරණිය නිතර ජනප්‍රිය කවි ලියන නිසා මටත් හිතුනා විරිදුවක් ලියන්න

අද නම් හෙළුවෙන්ම වැණුවා

මදූ මාධව සරණිය නිතර ජනප්‍රිය කවි ලියන නිසා මටත් හිතුනා විරිදුවක් ලියන්න
අසභ්‍යත් නොවන නොවෙනත් නොවෙන..

කවුදෝ මට මතකයි බ්ලොග් ලියන අය කමෙන්ට්ස් බලපොරොත්තු වෙනවද නැතිනම් හිතට එන දේවල් ලියනවද කියල පෝස්ට් එකක් දාල තිබ්බා
අනිත් අයට නම් මම දන්නෙ නැහැ. මම නම් හුඟක් ඒක ගැන හිතනව
ඒ කමෙන්ට්ස් මගේ ඊළඟ පෝස්ට් එකට බලපානවා

'කළණය්යා  නම් ඉතින් ' මයි කාර් මයි පැට්‍රොල්' කියනවා. ඒ ඉතින් එයා බ්ලොග් ලෝකේ කිරුළු පලන්දලානෙ ඉන්නෙ.

එෆ් බී එකේ නම් "බොමුද සීතල වතුර වීදුරුවක්?" වගේ එකක් ඇහුවත් ලයික් 150 ක් වත් ලැබෙනවා
එකී නොකී අය කමෙන්ට්සුත් කරනවා, මූණු පොතේ නම් ෆලෝවර්ස්ලා 3500 පන්නලා. 
බ්ලොග් එකට නම් හා හා පුරා 13ක්ම ඉන්නවා මාත් ඇතුළුව හොඳේ




ඉස්සර කාලේ දවසක
හිටියලු එක ගුරුවරයෙක්
සිංහල ගති අගේ කරන
(දරුවන්ගේ නැණ පාදන )//


ඔන්න ඉතින් එක දවසක්
අමුඩය ගැන  කතාවකදි
දැක ඇති අය උස්සන්නට
 (කීවලු පොඩි ළමුන්ගේ අත්)//


පන්තියෙ එක ළමයෙක් වත්
දැක නැහැ නොව 'අමුඩය' වත්
අනේ දෙය්යනේ හැබෑට
(අපේ  රටට වෙච්ච දෙයක්)//


"සද්දෙ  එපා ලමයින් දැන්
පෙන්වන්නම් අමුඩය මම"
මැදට ඇවිත් සරම කොනෙන්
(ඉස්සුව නොවැ ගුරු උතුමා) //


ගෑණු ළමුන් හිකි හිකියේ
පිරිමි ළමෝ හරි සද්දේ
ඒ සද්දෙට මුල්ගුරුතුම
(පන්තියෙ  දොර ලඟ ඔරවයි ) //


"මොකද ළමයි සද්දෙ මෙතන?
ගුරුවරයෙක් ඉන්නවනේ?"
"නෑනෙ මැඩම් මේ අපෙ සර්
(අද නම් හෙළුවෙන්ම වැණුවා" )//


"අද පාඩම ඒක මැඩම්
සින්හලයෙන් වර්ණනාව
ඒකයි මේ කියන්නේ දැන්
*( විශුවල් ඒඩ්ස් පෙන්නුවෙ මම" )


"කෝ බලන්න කෝ බලන්න"
විදුල්පති සැරෙන් කිව්ව
සරම කොනෙන් උස්සාගෙන
(අමුඩය යලි පෙන්නූවේ )//


ඔෆිස් එකට එන්න කියා
හනිකට පැවසුවා මැඩම්
අනේ ඉතින් හනික ගියා
(හිනා සද්දෙ වැඩිව ගියා )//


ඔෆිස් එකට ගිය සර්ට
"ගෙදරින් පණිවිඩයක් විත්
වයිෆ් එන්න කියල එවල"
 (හනි හනිකට ගෙදර ගියා ) //


*හාෆ් ඩෙයක් අරන් ඔහේ
එන වග මම දන්නව නෙව
අමුඩෙ වැලේ වනල ඔහේ
(ඉස්කෝලෙද? ගියෙ කොහේද?)//


* half a day ekak honde :D


Jul 19, 2015

ආච්චිගෙ රෙද්ද

ලියන්නට කප්පරකුත් ටිකක් පොදි බැඳ ගෙන ඉන්න මම, ඉවසගෙන හිටිය ඊළඟ බ්ලොග් එක ලියන්න.
අවසර ලැබුනෙ එහෙමනෙ? කතිකාවක් ගොඩ නැගෙනකම් බල්ං හිටියොත් මට ඉන්න වෙයි මෝල් ගහේ දළුලනකං නේ?
ඉතින් මම ලියන්න හිතපු දේවල් ටිකක් කියන්නද?
බ්ලොග් ලෝකෙ මට උදව් කරන අය ගැන .. මුණු පොතෙ මට උදව් කළ අය ගැන
මනා  "මනාගෙ පින්තාරුව "නම් එපාම කිව්වා එයා ගැන ලියන්න. හැබැයි කා ගැන හරි ලියන්න කිව්වෙ නම් එයා.
කළැණය්යගෙන් "කලා හිත" ඇහුවෙම නැහැ . දන්නව නේ ඔයාල එයාගෙ කට?
නයනෙත්‍රි ගැන වගේම මේ දෙන්න ගැනත් ඔන්න මම ලියනව තව ටික දවසකින් හොඳේ.
නමුත් අද මම ලියන්න නම් හදන්නෙ ඒ අය කවුරුත් ගැන නෙමේ හොඳේ
මම මුල ඉඳන්ම  පටන් ගන්නම්කෝ
( මොකද " ටික්කා" + "අටම්පහුර " කමෙන්ට් කළේ මගෙ ලිවීමේ මොකද්ද කළබලයක් පේනවා කියල නේ?)
අපේ ගෙදර අප්පච්චි, අම්මා, මම , මල්ලි, නංගි. ඉස්සර නම් ආච්චී සීයයි හිටියෙ අපෙ ගෙදරම තමා. පුන්චි කඳු ගැටියක් උඩ අපේ ගේ තියෙන්නෙ. මගේ කන්ද උඩ මළිගාව තමා මගේ මුළු ලෝකෙම. එකෝමත් කාලෙක ඒ මාළිගාව සතුටෙන් සිනහවෙන් ආදරෙන් පිරිල තිබ්බා.
කාලෙන් කාලෙට බලාපොරොත්තු වූ නොවූ හෙන ගෙඩි පාත් වුණා තමා.
"මනා" කිව්වෙ 'අප්පච්චි නැතිව ඔයාලා  ජීවිතේට මුහුණ දෙන  විදිය  ගැන ලියන්න" කියලා. ළඟ පාතක හිටියනං අනිනව හොඳ ටොක්කක් මම.   සංවේදී නොවන එයාගේ කතාව නම් මගෙ හිත ටිකාක් රිද්දුවා.
ඔන්න ආයත් කතාවෙන් පිට ගියා " කෙටියෙන් පවසමි මගෙ ආදරියෙ කීමට ඇති සැමදේ........ ' කියලා කළබලෙන්ම කියල දැම්ම නම් හරි.
අපේ අප්පච්චිට සහෝදරයෝ දෙන්නයි ( ලොකු මාමා+ චූටි මාම ) එක සහෝදරියි. ( චූටි නැන්දයි )එයාල ලංකාවේ කඳුරටින් එපිට ලෝකෙට ඉගිල්ලිලා ගිහින්.  ඌවෙ හදවත බඳුවූ කිරි බදුල්ලේ  හිරවුනෙ අප්පච්චි විතරයි.
සීයා ආච්චි නම් සතුට අසතුට මැද්දෙම මෙහෙ හිටිය. සීයට නම් බදුල්ලේ පොළවට පස් වෙන්නයි ඕනි උනේ' ආදාහනය කරන්නත් එපා කියල තියෙනව අපිත් එක්ක. "මිනිහෙක්ගෙ අන්තිම යුතුකම තමයි තමන් උපන් පොළොවට පස් වෙලා  පොළොව සරු කරන එක."ඕක ගැන මා එක්ක වාද කරන්න එපා හොඳේ;සීයා තමා කිව්වේ. ඇත්තමයි.
ඉතින් අපේ සීයා රජයේ ලිපිකරුවෙක්. එයා විශ්‍රාම ගිහින් හුඟ කාලයක් හිටියෙ චූටි නැන්දිල ගෙදර. එයා ඉන්නෙ කඩවත. මට නම් හිතට අල්ලන්නෙම නැහැ හරි පණ්ඩිතයි(චූටි නැන්දි ). කොළඹ කියන්නේ නිකන් රජවරු ඉන්න නැහැ නිකන් දිව්‍යලෝකයක් කියලයි එයා කියන්න කැමති. 
එයා එයාගේ හිත රවට්ට ගන්න හදනවා මං හිතන්නේ. රජ සැප ලැබුණත් ගඟේ සීතල නාලා උදේ හීතල පින්න පයෙ වැදෙන්න ;ඈත යන වළාකුලු අස්සෙ එක එක රූප හොයන්න; කඳු දිගෙ අපිව හොයන් එන මීදුම අල්ලන්න දුවන්න ; රෑට කලාමැදිරියො පස්සෙ යන්න; ගණන් කරල ඉවර කරන්න බැරි තරු අස්සෙ තරු රටා හොයන්න: කඩුපුලු මල් පායන තුරු කවි, ගාථා කියන්න: නිදි නැති නිදිකුම්බ කොල නිදි කරන්න. නාහෙ අස්සෙන් හිතට රිංගන රෑ කුමාරි මල්  සුවඳ විඳින්න; එයා ආස නැතිනම් එයාට පිස්සු වෙන්න ඕනි, කොන්ක්‍රීට් ලෝකෙ රැජින වුනත් එයා හිතින් හීනෙන් මේ කන්ද උඩ මාළිගාවට එන්නෙ නැතිනම් ඔය කොළොම් පුරේ ශ්‍රියාව අගෙම අගෙ වෙන්න ඕනි.
ඉතිං සීයගෙ පෙන්ෂන් එක සීය ඉන්න කාලෙ තිබ්බෙ එහෙ චූටි නැන්දිලගෙ එඩ්රස් එකට . බදුළු ආවට පස්සේ බදුල්ලට හදා ගන්න සීය හුඟක් මහන්සි වුණා. ලියුම් ලිව්වා ෆෝන් කළා. ඒත් හරි ගියෙ නැහැ. හැමදාම වත්ත පහළට ගිහින් ලියුම්කාරයා එනකම් බලං ඉන්න එක සීයගෙ පුරුද්දක් වෙලා තිබ්බා.
"බලනවා අයිසෙ මේ මිනිස්සු, විනාඩි පහේ වැඩේනෙ?" කියලා පටන් ගෙන ලියුම් කාරයත් එක්කත් සීය කියනවා. හන්දියෙ කඩෙත් කීප සැරයක් කියල තිබ්බා. බස්තම අරගෙන පිළිවෙලට ඇඳගෙන ඔළුව පීරලා "රේණු "කියනවා. ඒ මට . අපි දෙන්නම හෙමින් හෙමින් කන්ද බැහැගෙන යන්නෙ පියුම්ගෙ අතින්ම ලියුම ගන්න.
"රාජකාරිය දේව කාරිය වගේ කරන්න ඕනි මයේ පුතේ හොඳද? " ඒ කිව්වෙ මට.
"ංහා සීයෙ" කියන්න මම පුරුදු වෙලා හිටියා. සීය හති ඇර ඇර මග ටිකක් නතර වෙලා ඉඳලා ආපහු යන්නෙ මහ පාරට. එයාට කවදාවත් ඒ ලියුම ලැබුනේ නැහැ. අපි දෙන්න හැමදාම ලියුම් බලන්න පහළට ගියා. පුරුද්දක් හැටියට වචනයක් දෙකක් අපිත් එක්ක කතා කරන්න යන එන අයත් පුරුදු වෙලා හිටියා. ඒක සීයගෙ දින චරියාවේ වැදගත්ම කොටස වෙන්න ඇති මම හිතනන්නේ
කෑම බීම ඉඳුම් හිටුම් පුතාගෙ  ගෙදරින් ලැබුණු සීයට ඇයි ඉතින් සල්ලි. සමහරු එහෙමත් ඇහුවා. මම කියන්නද රහස?
ආච්චිගෙ සිල් රෙදි පරණයි, කියලා ආච්චිට සිල් රෙදි අරන් දෙන්න.
හැමදාම පත්තරයක් කියවන්න ගෙන්න ගන්න.
මටත් සෙරෙප්පු දෙකක් අරන් දෙනවා කිව්ව කොළ පාට ( එක සැරයක් මම ඇඬුවා මට කොළ පාට සෙරෙප්පු දෙකක් තමා ඕනි  කියලා. මට ගෙනත් දුන්නෙ රෝස පාට දෙකක්)
පෙන්ෂන් අරන් එනකොට අපිට බූන්දි, මස්කට්, පුහුල් දෝසි ගෙන්නම් කියලත් කිව්වා.ආච්චිට ආසයි දිවුල් බොන්න හොඳේ. දවසක් සීය කිව්ව මගෙ මැනිකෙට දිවුල් ගෙඩියක් වත් ගෙනත් දෙන්න බැරි වුණානෙ කාලෙකින් කියලා.
අපේ ගෙදර හිටියට එයාල එයාලගෙම පුන්චි ලෝකයක් ගොඩ නගා ගෙන තිබුණා. අපි දැන් හිටියා වැඩි දුවේ. කිව්ව සීය දවසක්.
ඒ ඇයි? කියල මම ඇහුවා. සීයා කිව්ව "වැඩිහිටියො කියන්න 'හිටිය වැඩි' අය. එයාල ඉතින්  එහා ලෝකෙට යන්න කාලෙ හරි කියලා.
සීයයි ආච්චියි කොළඹින් ආවේ ඇයි කියලා කාටවත්ම කිව්වෙ නැහැ. ඒත් දවසක් මට කිව්ව" ඔය කොන්ක්‍රීට වනාන්තර අපිට දිරවන්නෙ නැහැ පුතේ, තත්පරයක නිවනක් නැතිව හැමෝම දුවනවා. අම්මා තාත්තට කතා කරන්නවත් වෙලාවක් නැහැ.කවුරුත් තම තමන්ගේ ලෝක වල. අපි (වයසක අය ) නිකන් බඩු මූට්ටු වගෙ. දෙන දෙයක් කාලා බීල ඉන්න ඕනි කාමරේට වෙලා.
"ඒ කියන්නෙ සාලෙටවත් සීයල ගියෙ නැත්ද?"
"එහෙම නෙවියි රේණුවෝ ඔය රස්නෙ කොහේ එළියට බහින්නද? කතා කරන්නවත් ළඟ පාතක කවුරුත් නැහැ. හැමෝම දොරවල් වහල වැඩට ගිහින්.මෙහේනම් ඉතින් වත්ත පිටියට වත් බහින්න ගඟට ගිහින් නිදහසේ වතුර ටිකක් නාගන්න පුළුවනිනේ"
සීය එහෙම කිව්වට මතක ඇති කාලෙක ගඟට ගිහින් නැහැ. වතුර උණු කරලා ගෙදර නාන්නේ. "මේ සීතලේ නෑවොත් මැරෙයි "කියලා සීයම කියනවා.
අප්පච්චි වැඩට යන්න කළින් අම්ම අතට සල්ලි දෙන්නෙ ඕනි දෙයක් ගන්න කියලා.
දවසක් මම කිව්වා " අප්ප්ච්චි, සීයට පත්තර ගන්නත් සල්ලි දෙන්න " කියලා.
ඇයි මම පත්තර තුනක් ගන්න සල්ලි දෙනව නෙ? අප්පච්චි අම්ම දිහා බලන ගමන් ඇහුවා.
"ඉතින් ළමා පත්තර දෙකයි සිරිකතයි ආච්චිටයි සීයටයි වැඩක් නැහැනෙ? " මම කිව්ව.
අම්මා කට අරින්න කළින් මම හැරිලා දිව්වා. මම හුඟක් වෙලාවට කරන්නෙ කතාව වැදගත්ම නැතිනම් පැනල දුවන එක. ඒක මට වාසි. ඇයි දන්නවද? අම්ම වරදට කෝටු පාර වගේම එයාගෙ ' තහනම් නියෝගත්' දෙනවා .'සතියක් ටී වී බලන්නේ නැහැ.හවස සෙල්ලම් කරන්න නොගිහින් පාඩම් කරන්න ඕනි' වගේ ඒවා. මම ඉතින් කේලමක් කිව්වෙත් නැහැ .
අප්පච්චි නොරිස්සුමෙන් ගෙයින් එළියට ආවේ. ඇසුත් රතු වෙලා . එයා හැරිල ආපහු ගියා. මමත් ඉතින් පස්සෙන් ගියා. " අප්පච්චි, ඕනි දෙයක් තියෙනව නම් මට කියන්න. දුවට නොකිය. හවස එනකොට මම පත්තර ගේන්නම් " කිව්වා. ඒ හඬේ නොරිස්සුමක් තිබ්බද මන්ද. 
"නැහැ පුතේ මම ඒ දැරිවිට මුකුත් කිව්වෙ නැහැ"
" නැහැ තමා අප්පච්චි... ඒත් මම දන්නවා" කියලා හැම එකටම කට දාන මමත් කිව්වා.
අප්පච්චි මුකුත් නොකියම එළියට බැහැල ගියා. 

මම සීයලගෙ කාමරේට ගියා. සීයගේ ඇස් වල කඳුළු පිරිල තිබුනෙ  සීය ජනේලෙන් එළිය බලන් හිටිය නිසා කියල  හිතන්න පුලුවන් කමක් නම් මට ඇති වුණේම නැහැ.එදා සීයා ලියුම් කාරයා බලන්න පහළට ගියේ නැහැ. ඒ එයා අසනීප වුණ නිසා. සීය හොරෙන්ම තනියෙන්ම ගිහින් තිබ්බ නිසාආය කවදාවත්ම නො එන්නම.
 ලස්සනම ලස්සන පෙට්ටියක; වියන් ගහපු පෙට්ටියක මල් වඩම් ඇත් දත් තියලා; සියා හිනාවීගෙන හිටියත් මට මතක් වුනේම සීයගෙ කඳුළු පිරිච්ච රතු වෙච්ච ඇස්.
නෑයෝ ඔක්කොම ඇවිත් සමහරු ඉන්න තැන් හොයනව. සමහරු කන්න හොයනව. අළුත් නෑයො නෑයොන්ට අඳුනවලා දෙනවා. ආපු හැටියෙම නම් කවුරුත් ඇඬුවා.
"අනේ මගේ සුදු අප්පච්චී.....  මගේ අතින් වතුර ටිකක් බොන්නෙ නැතුව ගියේ ඇයි අප්පච්චී. මම ළඟ හිටිය නම් ඔහොම වෙන්නේ නැහැ අප්පච්චී අනේ කතා කරන්න මගෙඋ චූටි දුවේ කියල එක පාරක් අප්පච්චී..." ඔහොම කිය කියා අඬ්ල ගෙට යන චූටි නැන්දි කවුරු හරි ආවම අළුතින් අඬනවා..
ඒක ගෙදර අයට විකාරයක් වුනෙ එයා අවුරුද්දටවත් සීය බලන්න එන්නේ කළාතුරකින් නිසා. ස්ක්යිප් එකෙන් කතා කරල " ලෝන්ග් වීක් එන්ඩ් එකක් නිසා අපි අනුරාධපුරේ යනවා" කියල කියන්න නම් අමතක කළේ නැහැ. 
බැරිම තැන අප්පච්චි නැන්දිව අතින් ඇදගෙන ගියා කාමරේට.
කලබල කොතනද මම එතැන, මාත් පස්සෙන් ගියා.

'මේ පිස්සු කෙළින්නේ නැතුං ඉන්නවා චූටි. වෙච්ච දෙවල් අපි දන්නවා. රට්ටුත් දන්නවා.ලෝකෙ හිනස්සන්නෙ නැතිව කරන්න තියෙන දෙයක්  බලලා කරනවා. පිස්සියෙක් වගේ දොඩවන්නේ නැතුං" එතකොට චූටි නැන්දි මාව දැක්කා. අප්පච්චිත් දැක්කා. මම හෙමින් ලිස්සල යන්න ගියා. ඊට පස්සෙ මොනව කියා ගත්තද දන්නෙ නැහැ,හැබැයි චූටි නැන්දි එක එක දේවල් කිය කිය ඇඬුවෙ නන් නැහැ.
හැම දෙයක් ගැනම තැන තැන කුටු ගාගත්ත වැඩිහිටියෝ. 
මොනවද පොඩි අය්යේ, අර අම්ම ළඟ තියෙන ඇඳුම්? සුදු රෙද්දක් වත් නැහැනෙ හොඳ එකක් හදිසියට ගන්න?චූටි නැන්දා මැසිවිලි නැගුවේ.

"හදිස්සියක් කියන්නෙ මරණයක්ද චූටි? " අප්පච්චි ඇහුවම නැන්දි කට වහගත්තා.
අම්ම කොහෙදෝ තිබිලා අළුත්ම අළුත් සුදු ඇඳුම් කට්ටල දෙකක් ගෙනත් අප්පච්චි අතට දුන්නා. ඒක අල්මාරියේ තියෙන්න ඇති "හදිසියකට ගන්න"
අප්පච්චි ගිහින් ඒක ආච්චිට දීලා ආවා, මම කාමරේට යන කොට ආච්චි ඇඳුම් අතේ තියන් අඬනවා. මම ගිහින් ආච්චි ළඟ  ඇඳේ ගෑවී නොගෑවී  වාඩිවුණා. 
අනේ මගේ දුවේ , මිනියෙ රස්නෙ යන්නත් කළින් මම කොහොමද අළුත් ඇඳුමක් කරට දාගන්නෙ? ' කියලා ආච්චි ආයම ඇඬුවා.
මට උත්තරයක් තිබ්බෙ නැහැ දෙන්න.
"අප්පච්චිට හැමෝම බනිනවා ආච්චිලව හොඳට බලාගත්තෙ නැහැ "කියලා.
මැරුණයින් පස්සෙ මොකටද දූ සැළකිළි? බොරුවට මාන්නේ. අර දැරිවි අපේම දරුවෙක්  වගේ. කියන්න වචනයක් නැතුං හොඳට බලා කියා ගත්තනේ?"ඒ කිව්වෙ  මගේ අම්ම ගැන.
ආච්චි එහෙම කියල ඇඳුම්  ඇඳගත්තා.
මම හෙමිහිට වත්ත පහලට ගියා. සීයගෙ ලියුම ගැන හිත හිත.
ලියුම්කාරයා මං දැකලා" ඔන්න අද ලියුමක් තියෙනවා. සීය බලං හිටිය එක. කෝ දුව සීයා?" අහන ගමන් එයා අපෙ පාර පැත්ත බැලුවා.
සුදු කොඩි සීයටද  බබා? 
" ඔව් මාමේ"
මගේ අතට ලිවුම දීලා, "මෙතන අත්සන් කරන්න බබා" කිව්ව  එයා වෙවුලන කටහඬකින්.
වේගයෙන් සයිකලේ පැදන් ගිහින් මගදි බයිසකලෙන් බැහැල හිටගෙන හිටියා එයා. ලියුම් තේරුවෙ නම් නැහැ. කවදාවත් එහෙම කරලත් නැහැනෙ?
සීයගෙ රා. සේ. පී ලියුම අරන් මම හෙමින්  ගෙදර ගියා. 
මොනවද දූ ඔය? චූටි නැන්දිට ඕනි එකක් නැහැ ඉතින් . ලියුම ගැන ඇහුවෙ.
"මේ  ආච්චිගෙ රෙද්ද" කියල මම දුවගෙන ගියා.

පස්සේ මට උත්තරයක් ලැබෙයි . ඒ වුනාට මට පුන්චි සතුටක් ඇති වුණා.

ප: ලි: රජයේ සේවය කරන අය අඩුම ගානේ පෙන්ෂන් එකට සම්බන්ධ අය කළ යුතු වැඩ කලට වේලාවට කරනව නම් හොඳයි . අමතක කරන්න එපා ඔයාලත් කවද හරි " විශ්‍රාම වැටුප් ගනීවී. ආත්මගරුත්වයක් ඇතිව ජීවත් වෙන්න ඔයාලට ඒ පෙන්ෂන් එක පිටුවහලක් වෙයි. අපේ සීයවත් මුන ගැහෙයි හොඳ තැනකට ගියොත් හොඳේ 







Jul 18, 2015

මාතලන් | Maathalan: බඩු ඉස්සීම, හඳපාන හා මනාගේ අළුත්ම ගීතය - Rrunaway ...

මාතලන් | Maathalan: බඩු ඉස්සීම, හඳපාන හා මනාගේ අළුත්ම ගීතය - Rrunaway ...: ගොඩක් උන් කියනවා වාගේ, දැන් තියෙන පඩත්තල, අජූව, සක්කිලි දේශපාළණය ගැන ලියනවාට වඩා වෙන මොකක් හෝ බඩකඩුත්තුවක් ලියාගෙන ඉන්නා එක අබ ඇටයක...

Jul 10, 2015

ලෝකේ ඉන්න විශ්වාසම පිරිමියා



"අද මොනවද අපි කරන්නෙ?" මම ඇහුවේ පේර ගෙඩියක් හපන ගමන්"
කොටු පනිමුද?"ෂානිකා අක්කි ඇහුවේ එයා දුවන සෙල්ලම් වලට කැමති නැති නිසා..(අපි තරම හය්යේන් දුවන්න එයාට බැහැ.අපි තරම් වේගයෙන් දුවන්නත් බැහැ.)
"අය්යෝ ෂානික්කි, ඒක මහ කම්මලි වැඩිනේ?" මම ඉක්මනින් කීවේ අනිත් අය හා කියයි කියල බයේ.
අපි සාරි ගප්පි අල්ලමු" මම කීවේ ෂානුකය්යා දිහා බලාගෙන... එයා ඉතින් මම කියන එකක් බැහැ කියන්නෙ නැහැනෙ..
තේනුකය්ය කීව.. එයා තමය් අපේ ලොක්ක. හරි පණ්ඩිතය.
මම හෙමින් අඹ ගහ දිහ බලනකොටම තේනුකය්ය කීවා.
" ඔන්න ගස් නගින්න නම් බැහැ." මේ වැහි කාළේ ගස් නගින්න එපා..ගස් තෙතයි කියල අම්මා එනකොටත් කිව්ව".
"මේ සීතලේ? තාම පින්නවත් වේළිලා නැහැනෙ?" 
ශානික්කිගෙ බෝල මූන ගේ පැත්තට හරෙව්වා.. 'අපි එහෙනම් සෙල්ලම් බත් උයමු' කියයි කියල මට හිතුනෙ.
ගෙදර ගිහින් සෙල්ලම් බත් උයමු' කියල එයා කියන කළින්
"අනේ අපි හොරා පොලිස් වලින් පටන් ගමු...

 ගස් වේළුනාම ගස් නගිමු... 

දවල් වෙලා සාරි ගප්පි අල්ලමු..

හවසට සෙල්ලම් කඩයක් දාමු.." 
මම කියව ගෙන ගියේ... 'වෙන යෝජනා එන්න කළින්.

"හාං මම ස්ථානාධිපති" ෂානික්කි කෑ ගැහුවෙ,,,එතකොට එක තැන වාඩිවෙලා  කෝල්ස් ගන්න හැකිනේ.
හොඳයි එහෙනම් හැමෝම එන්න උච්චි උච්චි තෝල් තෝල් කරන්න . ඒ විදිහට අපි පිල් බෙදුනා.
"නීති අංක එක: පොලිසිය හොරු ඇල්ලුවොත්.. පිටට තුනක් හරි කකුලට තුනක් හරි ගහල පොලිසියටම ඇදගෙන එන්න ඕනි.

."නීති අංක දෙක අල්ලගත්තම බිම පෙරෙලෙන්න තහනම්"(ඒ මට දාපු නීතිය )"

නීති අංක තුන.. පොලිස් රාළහමිව හොරු එකතු වෙලා අල්ලගතොත් එයාවා බිම පෙරල ගන්න ඕනි" (ඒ වෙලාවේ තේනුකය්යා පොලිස්කාරයෙක්) අපිට වඩා ශක්තිය තියෙනව එයාට. අපිට එයාව පෙල්ලගන්නත් බැහැ. හුඟක් වෙලාවට අල්ලගන්නත් බැහැ.


නීති අංක 4 ...වැටුනොත් අඬන්න තහනම්... තල්ලු කළා කියල බොරු කියන්නත් තහනම් ( කවීශ්ට ඒ නම් )

එයා බදුළු කෝච්චීයක් වෙන්නයි යන්නේ.. නීති කියලා ඉවර වෙනකොට රෑවෙය් මම හිතන්නේ" මම් හිතුවෙ නොරිස්සුමෙන්.. 

සෙල්ලම පටන් ගන්නයි මට ඕනි. දැනටමත් මගෙ ඇස් හතර වටේ.
"මේ, ගස් උඩ බේ ගෙවෙල් අශ්ශෑ බේ.වත්තේ අශ්ශෙ විතරයි..ලොකු මාතියා මට තමයි *පනින්නේ... මුත්තු නීති ටිකක් කියන් ගියා * මුත්තුට (බ ) යන්න බැරි උනාට ඒ දෙකට මැදි සද්දයක් කියන්න පුළුවන්"

"හරි හරී ස්ථානාධිපති ගනන් කරන්න..අපි හොරු දුවමු... සගයනි! පැනගමු!!මම දුවන්න පටන් ගත්තා... "ටිල් ටිල්... ඩිශුම් ඩිශූම් ඩෝං" ඔක්කොම ආයුධ එකට වැඩ

මම දිව්වේ කන්ද මුදුනට( ගේ පැත්තට ) අලිගැට පේර ගහට මුවාවෙලා හති ඇරල හෙමින් හෙමින් පහලට ආවා

අපි පාරේ යන වාහන බලන ගලක් තියෙනවා"අපේ බැලුම් ගල" පඳුරු වලට මුවාවෙවී බැලුම්ගල ලඟට ගිහින්.. අත් කකුල් 4ම පාවිච්චි කරලා ගල මුදුනට නැගල. ගල් පතුර දිගෙ හෙමින් හෙමින් පහලට ආව.
 බිම දිගාවෙලා පහළ බැලුවාපහළ ශානුක පොලිස් රාළහාමි... මට පිටුපස්ස හරවලා..ගල දිගෙ සද්ද නැතිව දුවන් ගමන් මම පැන්නා එයාගේ ඇඟට
එයා අයින් වුනේ මාව නොදැකම...ගල් පතුරක් මගේ විළුඹේ දික් අතට ඇනුනා...ආආආඅ... මම එහෙමම ඉඳ ගත්තා...ඇදලා දැම්මා මම ගල් පතුර... 
ශනිකාක්කි අඬනවා" අනේ ඔයා මැරෙයියි...." 
"මේ කලන්තෙ දාන්න ඔට්ටු නැහැ හරිද? "මම කලබලේම කීවා.
මුත්තු දුවන්න පටන් ගත්තා ' ලොකු නෝනා.... ලොකු නෝනා" කිය කිය
පිච්ච්කෝටුව තමා මට මතක් උනේ.
"මුත්තූඋ මෙහෙ එන්න්නෝඔ" මම කෑ ගැහුවා.මුත්තු ආපහු දුවගෙනම ආවා.අම්මගෙ අල්මාරියේ උඩ ඇති යතුරු කැරැල්ල... එකෙන් අල්මාරිය ඇරලා බෙහෙත් පෙට්ටිය ඇති උඩ තට්ටුවෙ අරන් එන්න.
" අනේ චූටි බේබි මට කාමාරේට නම් යන්න බැහැ (එයා මට චූටි බේබි කියන්නෙ නැහැ.. මම ගහනවා එයාට එහෙම කීවම කලබලේට මට ඒකත් මතක් උනා..
"මට නම් ගෙදර යන්න බැහැ.තාත්තා එනකම්....අම්ම ගහයි" මම කීවා.
"මාමා එන්නේ හවස හලෝ.. මෙතන ඉන්න බැහැනේ? "තෙනුකය්ය කිවා.
අපි මුත්තුලා ගෙදර යමු" "අනේ චූටි බේබි, එහේ බෙහෙත් නැහැනේ?,පේර කොළ විතරයි..තුවාලෙ ලේ ගොඩක් එන නිසා ඒක වැඩක් නැහැ
"...ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්.ම් මේක හරියට රිදෙනවා අනේ,, මට කියවුනා මගෙ බඩත් මොනාද වෙනවා." ශානිකාක්කි ආය අඬන්න පටන් ගත්තා.
"ඔයා ගිහින් වතුර බාල්දියකුයි... පිහියකුයි... රතුළුණු ගෙඩි දෙකකුයි.. කෝපි කුඩුයි ගේන්න අනේඊ යන්න මට රිදෙනවා"මුත්තූ දිව්වා ගේ පැත්තට.
යි හලෝ ළුනු ගෙඩි"
"ශානිකාක්කිට කලන්තෙ දැම්මම නහයට අල්ලන්න"
ලොකුමුත්තු( මුත්තු ගෙ තාත්තා ) දුවගෙන ආව මා ළඟට.
 ඊට පස්සෙන් අම්මා.
"අනේ මුත්තු අන්ක්ල්...... " කියවුණා මට. මට සිහිය එනකොට හිටියෙ ස්පිරිතාලේ ඇඳක් උඩ.

අප්පච්චි...ආච්චි...සීයා ,, මුත්තු අන්කල්.. මගෙ ඇඳ වටේට.... මම මගේ කනෙන් කනට හිනාව දැම්මා..අප්පච්චි මගෙ අත එයාගෙ අත් දෙකෙන්ම අල්ලගත්තා....තාත්තගෙ අත් දෙක ගැස්සෙනවා.. කඳුළු බේරෙනවා දැක්කම මටත් හුඟක් දුක හිතුනා..ආච්චිත් අඬනවා.
"අනේ නැහැ දඟ මල්ල... කවුද එහෙම කීවේ? නර්ස් නැන්දි ඇහුවා"


හොඳයි අපිට සෙල්ලම ඉවර කරන්නත් බැරිඋනා" මම කීවේ  (හැමෝටම හිනා..)
 "සතියක් දෙකක් ඇඳේ බැඳලවත් තියාගන්න වෙයි" මගේ ඇඬුම අළුත් උනා.."මැහුම් කපන්නත් ඕනිනේ?"ඇඬුම අස්සෙන් මට ඇහුනා.
"රන්දූ ඇයි මගෙ මැණික?"
ආදරෙන් හෙමින් ඇහුවෙ. මට ඇහැරුණේ සැරින් සැරේ.. එත්.. තාත්තා නම් නිදා ගත්තෙම නැහැ කියල මට හිතුනෙ..
අප්පච්චි මගෙම මගෙ... මුළු ලෝකෙම හොඳම අප්පච්චි මගෙ අප්පච්චි තමයි.. මගෙ හිත කිව්වා.
මම" හා අප්පච්චි" කීවා
"මයෙ පුතේ, මේ ලෝකේ දරුවෙකුට ලොකුම  රැකවරණය අම්මයි අප්පච්චියි තමයි.. ඕනි දෙයක් ඉස්සර වෙලාම කියන්න ඔනි එයාල නෙද?" අප්ප්ච්චි කීවා.. ඕනිම දේකට අම්මා තාත්තා තමන්ගෙ අය පිහිට වෙනව නේ"
"ම්.ම්.ම්.ම්.ම්.ම්.ම් පිච්ච කෝටු පාර නැතිනම්.අප්පච්චිත් බනින්නේ නැතිනම්..කකුල කපන්නෙත් නැතිනම්,,අප්පච්චි කියන එකක් කරන්න පුළුවනිනෙ?"
"මොනවටද මගෙ පුතා දැන් හා කිව්වේ?" අප්පච්චි ආදරෙන් ඇහුව.

ඊළඟ සැරේ.... කකුළ කැපුනම...තුවාළෙට උඩින් තදින් පටියකින් බැඳළා ඉක්මන්ට ඉස්පිරිතාලේ එන්න කීවා නර්ස් නැන්දි...ම්.ම්.ම්.ම්.ම්. ගුටි දෙන්නේ නැති... අඬන්නේ නැති..... ලේ දැකළා කලන්තේ දාන්නේ නැති....ලොකු කෙනෙක්ට කියන්න ඕනි එන්න කළින්".... මම කීවා

"එහෙම කෙනෙක් ඉන්නවද දූ ඔයාට? තාත්තාගෙ හිනාවෙන ඇස් දිහා බලාගෙන මම මෙහෙම කීවා.

"ඔව් අප්ප්ච්චි... මුතුත්ගෙ තාත්තා... ලොකු මුත්තු අන්ක්ල්...එයා තමා ලෝකෙ විශ්වාශම කෙනා" තාත්තා හයියෙන් හිනාවුනා.ඇයි ලොකු මිනිස්සු මම කියන ඒවට හිනාවෙන්නේ?

,,,,,,,
pa li dha manda

හින දැක්ක බ්ලොග් ලෝකෙට එන්න. නමුත් කළණය්යා මෙහෙට්ට මාව ඇදන් ආවේ මරන්න ඇදන් යන හරකෙක් වගේ දැන් ඉතින් කට්ටියම කල්පනා කරන්න එපා එයා ඒක කොහොමද ඒක කලේ කියලා.
මූනු පොතේ මොනවා හරි ලියනව වගේ නෙවි. බ්ලොග් එකක් ලියන එක
නීති හුඟයි. ( ඔක්කොටම වඩා දවසකට එකකට වඩා ලියන්නත් බැහැ )
එක අතකින් ඒක හොඳයි . පිස්සුවෙන් වගේ ලියලා ලියලා දාන්න බැහැනෙ.

මේ සැරෙ මගේ නන්ගි උසස් පෙළ ලියනව ( 2015 ) මල්ලි සාපෙ. කවදත් වගෙ  ඒවා වැඩියෙන් බලපාන්නේ මට.

මං පොඩි කාලෙ වගේ නෙවි. එයාල සෙල්ලම් කරන්නේ නැහැ.රූපවාහිණියයි ..... පරිඝනකයයි එයාලගේ ළමා කාලෙ හොරකම් කරගෙන...

හ්ම්ම්ම්ම් මගෙත්... අම්මා කියනවා වගේ " ඕක කොට කොට ඉඳලා මොකක් හරි එකක් කරගෙන තමා නවතින්නෙ"


මොකක් හරි එකක් වෙන්න කළින් මගේ ළමා කාලයෙන් චුට්ටක් මම ලියලා තියෙනවා. ඔයාලා එක්ක මම ඒක බෙදා ගන්න කැමතියි.