Jul 19, 2015

ආච්චිගෙ රෙද්ද

ලියන්නට කප්පරකුත් ටිකක් පොදි බැඳ ගෙන ඉන්න මම, ඉවසගෙන හිටිය ඊළඟ බ්ලොග් එක ලියන්න.
අවසර ලැබුනෙ එහෙමනෙ? කතිකාවක් ගොඩ නැගෙනකම් බල්ං හිටියොත් මට ඉන්න වෙයි මෝල් ගහේ දළුලනකං නේ?
ඉතින් මම ලියන්න හිතපු දේවල් ටිකක් කියන්නද?
බ්ලොග් ලෝකෙ මට උදව් කරන අය ගැන .. මුණු පොතෙ මට උදව් කළ අය ගැන
මනා  "මනාගෙ පින්තාරුව "නම් එපාම කිව්වා එයා ගැන ලියන්න. හැබැයි කා ගැන හරි ලියන්න කිව්වෙ නම් එයා.
කළැණය්යගෙන් "කලා හිත" ඇහුවෙම නැහැ . දන්නව නේ ඔයාල එයාගෙ කට?
නයනෙත්‍රි ගැන වගේම මේ දෙන්න ගැනත් ඔන්න මම ලියනව තව ටික දවසකින් හොඳේ.
නමුත් අද මම ලියන්න නම් හදන්නෙ ඒ අය කවුරුත් ගැන නෙමේ හොඳේ
මම මුල ඉඳන්ම  පටන් ගන්නම්කෝ
( මොකද " ටික්කා" + "අටම්පහුර " කමෙන්ට් කළේ මගෙ ලිවීමේ මොකද්ද කළබලයක් පේනවා කියල නේ?)
අපේ ගෙදර අප්පච්චි, අම්මා, මම , මල්ලි, නංගි. ඉස්සර නම් ආච්චී සීයයි හිටියෙ අපෙ ගෙදරම තමා. පුන්චි කඳු ගැටියක් උඩ අපේ ගේ තියෙන්නෙ. මගේ කන්ද උඩ මළිගාව තමා මගේ මුළු ලෝකෙම. එකෝමත් කාලෙක ඒ මාළිගාව සතුටෙන් සිනහවෙන් ආදරෙන් පිරිල තිබ්බා.
කාලෙන් කාලෙට බලාපොරොත්තු වූ නොවූ හෙන ගෙඩි පාත් වුණා තමා.
"මනා" කිව්වෙ 'අප්පච්චි නැතිව ඔයාලා  ජීවිතේට මුහුණ දෙන  විදිය  ගැන ලියන්න" කියලා. ළඟ පාතක හිටියනං අනිනව හොඳ ටොක්කක් මම.   සංවේදී නොවන එයාගේ කතාව නම් මගෙ හිත ටිකාක් රිද්දුවා.
ඔන්න ආයත් කතාවෙන් පිට ගියා " කෙටියෙන් පවසමි මගෙ ආදරියෙ කීමට ඇති සැමදේ........ ' කියලා කළබලෙන්ම කියල දැම්ම නම් හරි.
අපේ අප්පච්චිට සහෝදරයෝ දෙන්නයි ( ලොකු මාමා+ චූටි මාම ) එක සහෝදරියි. ( චූටි නැන්දයි )එයාල ලංකාවේ කඳුරටින් එපිට ලෝකෙට ඉගිල්ලිලා ගිහින්.  ඌවෙ හදවත බඳුවූ කිරි බදුල්ලේ  හිරවුනෙ අප්පච්චි විතරයි.
සීයා ආච්චි නම් සතුට අසතුට මැද්දෙම මෙහෙ හිටිය. සීයට නම් බදුල්ලේ පොළවට පස් වෙන්නයි ඕනි උනේ' ආදාහනය කරන්නත් එපා කියල තියෙනව අපිත් එක්ක. "මිනිහෙක්ගෙ අන්තිම යුතුකම තමයි තමන් උපන් පොළොවට පස් වෙලා  පොළොව සරු කරන එක."ඕක ගැන මා එක්ක වාද කරන්න එපා හොඳේ;සීයා තමා කිව්වේ. ඇත්තමයි.
ඉතින් අපේ සීයා රජයේ ලිපිකරුවෙක්. එයා විශ්‍රාම ගිහින් හුඟ කාලයක් හිටියෙ චූටි නැන්දිල ගෙදර. එයා ඉන්නෙ කඩවත. මට නම් හිතට අල්ලන්නෙම නැහැ හරි පණ්ඩිතයි(චූටි නැන්දි ). කොළඹ කියන්නේ නිකන් රජවරු ඉන්න නැහැ නිකන් දිව්‍යලෝකයක් කියලයි එයා කියන්න කැමති. 
එයා එයාගේ හිත රවට්ට ගන්න හදනවා මං හිතන්නේ. රජ සැප ලැබුණත් ගඟේ සීතල නාලා උදේ හීතල පින්න පයෙ වැදෙන්න ;ඈත යන වළාකුලු අස්සෙ එක එක රූප හොයන්න; කඳු දිගෙ අපිව හොයන් එන මීදුම අල්ලන්න දුවන්න ; රෑට කලාමැදිරියො පස්සෙ යන්න; ගණන් කරල ඉවර කරන්න බැරි තරු අස්සෙ තරු රටා හොයන්න: කඩුපුලු මල් පායන තුරු කවි, ගාථා කියන්න: නිදි නැති නිදිකුම්බ කොල නිදි කරන්න. නාහෙ අස්සෙන් හිතට රිංගන රෑ කුමාරි මල්  සුවඳ විඳින්න; එයා ආස නැතිනම් එයාට පිස්සු වෙන්න ඕනි, කොන්ක්‍රීට් ලෝකෙ රැජින වුනත් එයා හිතින් හීනෙන් මේ කන්ද උඩ මාළිගාවට එන්නෙ නැතිනම් ඔය කොළොම් පුරේ ශ්‍රියාව අගෙම අගෙ වෙන්න ඕනි.
ඉතිං සීයගෙ පෙන්ෂන් එක සීය ඉන්න කාලෙ තිබ්බෙ එහෙ චූටි නැන්දිලගෙ එඩ්රස් එකට . බදුළු ආවට පස්සේ බදුල්ලට හදා ගන්න සීය හුඟක් මහන්සි වුණා. ලියුම් ලිව්වා ෆෝන් කළා. ඒත් හරි ගියෙ නැහැ. හැමදාම වත්ත පහළට ගිහින් ලියුම්කාරයා එනකම් බලං ඉන්න එක සීයගෙ පුරුද්දක් වෙලා තිබ්බා.
"බලනවා අයිසෙ මේ මිනිස්සු, විනාඩි පහේ වැඩේනෙ?" කියලා පටන් ගෙන ලියුම් කාරයත් එක්කත් සීය කියනවා. හන්දියෙ කඩෙත් කීප සැරයක් කියල තිබ්බා. බස්තම අරගෙන පිළිවෙලට ඇඳගෙන ඔළුව පීරලා "රේණු "කියනවා. ඒ මට . අපි දෙන්නම හෙමින් හෙමින් කන්ද බැහැගෙන යන්නෙ පියුම්ගෙ අතින්ම ලියුම ගන්න.
"රාජකාරිය දේව කාරිය වගේ කරන්න ඕනි මයේ පුතේ හොඳද? " ඒ කිව්වෙ මට.
"ංහා සීයෙ" කියන්න මම පුරුදු වෙලා හිටියා. සීය හති ඇර ඇර මග ටිකක් නතර වෙලා ඉඳලා ආපහු යන්නෙ මහ පාරට. එයාට කවදාවත් ඒ ලියුම ලැබුනේ නැහැ. අපි දෙන්න හැමදාම ලියුම් බලන්න පහළට ගියා. පුරුද්දක් හැටියට වචනයක් දෙකක් අපිත් එක්ක කතා කරන්න යන එන අයත් පුරුදු වෙලා හිටියා. ඒක සීයගෙ දින චරියාවේ වැදගත්ම කොටස වෙන්න ඇති මම හිතනන්නේ
කෑම බීම ඉඳුම් හිටුම් පුතාගෙ  ගෙදරින් ලැබුණු සීයට ඇයි ඉතින් සල්ලි. සමහරු එහෙමත් ඇහුවා. මම කියන්නද රහස?
ආච්චිගෙ සිල් රෙදි පරණයි, කියලා ආච්චිට සිල් රෙදි අරන් දෙන්න.
හැමදාම පත්තරයක් කියවන්න ගෙන්න ගන්න.
මටත් සෙරෙප්පු දෙකක් අරන් දෙනවා කිව්ව කොළ පාට ( එක සැරයක් මම ඇඬුවා මට කොළ පාට සෙරෙප්පු දෙකක් තමා ඕනි  කියලා. මට ගෙනත් දුන්නෙ රෝස පාට දෙකක්)
පෙන්ෂන් අරන් එනකොට අපිට බූන්දි, මස්කට්, පුහුල් දෝසි ගෙන්නම් කියලත් කිව්වා.ආච්චිට ආසයි දිවුල් බොන්න හොඳේ. දවසක් සීය කිව්ව මගෙ මැනිකෙට දිවුල් ගෙඩියක් වත් ගෙනත් දෙන්න බැරි වුණානෙ කාලෙකින් කියලා.
අපේ ගෙදර හිටියට එයාල එයාලගෙම පුන්චි ලෝකයක් ගොඩ නගා ගෙන තිබුණා. අපි දැන් හිටියා වැඩි දුවේ. කිව්ව සීය දවසක්.
ඒ ඇයි? කියල මම ඇහුවා. සීයා කිව්ව "වැඩිහිටියො කියන්න 'හිටිය වැඩි' අය. එයාල ඉතින්  එහා ලෝකෙට යන්න කාලෙ හරි කියලා.
සීයයි ආච්චියි කොළඹින් ආවේ ඇයි කියලා කාටවත්ම කිව්වෙ නැහැ. ඒත් දවසක් මට කිව්ව" ඔය කොන්ක්‍රීට වනාන්තර අපිට දිරවන්නෙ නැහැ පුතේ, තත්පරයක නිවනක් නැතිව හැමෝම දුවනවා. අම්මා තාත්තට කතා කරන්නවත් වෙලාවක් නැහැ.කවුරුත් තම තමන්ගේ ලෝක වල. අපි (වයසක අය ) නිකන් බඩු මූට්ටු වගෙ. දෙන දෙයක් කාලා බීල ඉන්න ඕනි කාමරේට වෙලා.
"ඒ කියන්නෙ සාලෙටවත් සීයල ගියෙ නැත්ද?"
"එහෙම නෙවියි රේණුවෝ ඔය රස්නෙ කොහේ එළියට බහින්නද? කතා කරන්නවත් ළඟ පාතක කවුරුත් නැහැ. හැමෝම දොරවල් වහල වැඩට ගිහින්.මෙහේනම් ඉතින් වත්ත පිටියට වත් බහින්න ගඟට ගිහින් නිදහසේ වතුර ටිකක් නාගන්න පුළුවනිනේ"
සීය එහෙම කිව්වට මතක ඇති කාලෙක ගඟට ගිහින් නැහැ. වතුර උණු කරලා ගෙදර නාන්නේ. "මේ සීතලේ නෑවොත් මැරෙයි "කියලා සීයම කියනවා.
අප්පච්චි වැඩට යන්න කළින් අම්ම අතට සල්ලි දෙන්නෙ ඕනි දෙයක් ගන්න කියලා.
දවසක් මම කිව්වා " අප්ප්ච්චි, සීයට පත්තර ගන්නත් සල්ලි දෙන්න " කියලා.
ඇයි මම පත්තර තුනක් ගන්න සල්ලි දෙනව නෙ? අප්පච්චි අම්ම දිහා බලන ගමන් ඇහුවා.
"ඉතින් ළමා පත්තර දෙකයි සිරිකතයි ආච්චිටයි සීයටයි වැඩක් නැහැනෙ? " මම කිව්ව.
අම්මා කට අරින්න කළින් මම හැරිලා දිව්වා. මම හුඟක් වෙලාවට කරන්නෙ කතාව වැදගත්ම නැතිනම් පැනල දුවන එක. ඒක මට වාසි. ඇයි දන්නවද? අම්ම වරදට කෝටු පාර වගේම එයාගෙ ' තහනම් නියෝගත්' දෙනවා .'සතියක් ටී වී බලන්නේ නැහැ.හවස සෙල්ලම් කරන්න නොගිහින් පාඩම් කරන්න ඕනි' වගේ ඒවා. මම ඉතින් කේලමක් කිව්වෙත් නැහැ .
අප්පච්චි නොරිස්සුමෙන් ගෙයින් එළියට ආවේ. ඇසුත් රතු වෙලා . එයා හැරිල ආපහු ගියා. මමත් ඉතින් පස්සෙන් ගියා. " අප්පච්චි, ඕනි දෙයක් තියෙනව නම් මට කියන්න. දුවට නොකිය. හවස එනකොට මම පත්තර ගේන්නම් " කිව්වා. ඒ හඬේ නොරිස්සුමක් තිබ්බද මන්ද. 
"නැහැ පුතේ මම ඒ දැරිවිට මුකුත් කිව්වෙ නැහැ"
" නැහැ තමා අප්පච්චි... ඒත් මම දන්නවා" කියලා හැම එකටම කට දාන මමත් කිව්වා.
අප්පච්චි මුකුත් නොකියම එළියට බැහැල ගියා. 

මම සීයලගෙ කාමරේට ගියා. සීයගේ ඇස් වල කඳුළු පිරිල තිබුනෙ  සීය ජනේලෙන් එළිය බලන් හිටිය නිසා කියල  හිතන්න පුලුවන් කමක් නම් මට ඇති වුණේම නැහැ.එදා සීයා ලියුම් කාරයා බලන්න පහළට ගියේ නැහැ. ඒ එයා අසනීප වුණ නිසා. සීය හොරෙන්ම තනියෙන්ම ගිහින් තිබ්බ නිසාආය කවදාවත්ම නො එන්නම.
 ලස්සනම ලස්සන පෙට්ටියක; වියන් ගහපු පෙට්ටියක මල් වඩම් ඇත් දත් තියලා; සියා හිනාවීගෙන හිටියත් මට මතක් වුනේම සීයගෙ කඳුළු පිරිච්ච රතු වෙච්ච ඇස්.
නෑයෝ ඔක්කොම ඇවිත් සමහරු ඉන්න තැන් හොයනව. සමහරු කන්න හොයනව. අළුත් නෑයො නෑයොන්ට අඳුනවලා දෙනවා. ආපු හැටියෙම නම් කවුරුත් ඇඬුවා.
"අනේ මගේ සුදු අප්පච්චී.....  මගේ අතින් වතුර ටිකක් බොන්නෙ නැතුව ගියේ ඇයි අප්පච්චී. මම ළඟ හිටිය නම් ඔහොම වෙන්නේ නැහැ අප්පච්චී අනේ කතා කරන්න මගෙඋ චූටි දුවේ කියල එක පාරක් අප්පච්චී..." ඔහොම කිය කියා අඬ්ල ගෙට යන චූටි නැන්දි කවුරු හරි ආවම අළුතින් අඬනවා..
ඒක ගෙදර අයට විකාරයක් වුනෙ එයා අවුරුද්දටවත් සීය බලන්න එන්නේ කළාතුරකින් නිසා. ස්ක්යිප් එකෙන් කතා කරල " ලෝන්ග් වීක් එන්ඩ් එකක් නිසා අපි අනුරාධපුරේ යනවා" කියල කියන්න නම් අමතක කළේ නැහැ. 
බැරිම තැන අප්පච්චි නැන්දිව අතින් ඇදගෙන ගියා කාමරේට.
කලබල කොතනද මම එතැන, මාත් පස්සෙන් ගියා.

'මේ පිස්සු කෙළින්නේ නැතුං ඉන්නවා චූටි. වෙච්ච දෙවල් අපි දන්නවා. රට්ටුත් දන්නවා.ලෝකෙ හිනස්සන්නෙ නැතිව කරන්න තියෙන දෙයක්  බලලා කරනවා. පිස්සියෙක් වගේ දොඩවන්නේ නැතුං" එතකොට චූටි නැන්දි මාව දැක්කා. අප්පච්චිත් දැක්කා. මම හෙමින් ලිස්සල යන්න ගියා. ඊට පස්සෙ මොනව කියා ගත්තද දන්නෙ නැහැ,හැබැයි චූටි නැන්දි එක එක දේවල් කිය කිය ඇඬුවෙ නන් නැහැ.
හැම දෙයක් ගැනම තැන තැන කුටු ගාගත්ත වැඩිහිටියෝ. 
මොනවද පොඩි අය්යේ, අර අම්ම ළඟ තියෙන ඇඳුම්? සුදු රෙද්දක් වත් නැහැනෙ හොඳ එකක් හදිසියට ගන්න?චූටි නැන්දා මැසිවිලි නැගුවේ.

"හදිස්සියක් කියන්නෙ මරණයක්ද චූටි? " අප්පච්චි ඇහුවම නැන්දි කට වහගත්තා.
අම්ම කොහෙදෝ තිබිලා අළුත්ම අළුත් සුදු ඇඳුම් කට්ටල දෙකක් ගෙනත් අප්පච්චි අතට දුන්නා. ඒක අල්මාරියේ තියෙන්න ඇති "හදිසියකට ගන්න"
අප්පච්චි ගිහින් ඒක ආච්චිට දීලා ආවා, මම කාමරේට යන කොට ආච්චි ඇඳුම් අතේ තියන් අඬනවා. මම ගිහින් ආච්චි ළඟ  ඇඳේ ගෑවී නොගෑවී  වාඩිවුණා. 
අනේ මගේ දුවේ , මිනියෙ රස්නෙ යන්නත් කළින් මම කොහොමද අළුත් ඇඳුමක් කරට දාගන්නෙ? ' කියලා ආච්චි ආයම ඇඬුවා.
මට උත්තරයක් තිබ්බෙ නැහැ දෙන්න.
"අප්පච්චිට හැමෝම බනිනවා ආච්චිලව හොඳට බලාගත්තෙ නැහැ "කියලා.
මැරුණයින් පස්සෙ මොකටද දූ සැළකිළි? බොරුවට මාන්නේ. අර දැරිවි අපේම දරුවෙක්  වගේ. කියන්න වචනයක් නැතුං හොඳට බලා කියා ගත්තනේ?"ඒ කිව්වෙ  මගේ අම්ම ගැන.
ආච්චි එහෙම කියල ඇඳුම්  ඇඳගත්තා.
මම හෙමිහිට වත්ත පහලට ගියා. සීයගෙ ලියුම ගැන හිත හිත.
ලියුම්කාරයා මං දැකලා" ඔන්න අද ලියුමක් තියෙනවා. සීය බලං හිටිය එක. කෝ දුව සීයා?" අහන ගමන් එයා අපෙ පාර පැත්ත බැලුවා.
සුදු කොඩි සීයටද  බබා? 
" ඔව් මාමේ"
මගේ අතට ලිවුම දීලා, "මෙතන අත්සන් කරන්න බබා" කිව්ව  එයා වෙවුලන කටහඬකින්.
වේගයෙන් සයිකලේ පැදන් ගිහින් මගදි බයිසකලෙන් බැහැල හිටගෙන හිටියා එයා. ලියුම් තේරුවෙ නම් නැහැ. කවදාවත් එහෙම කරලත් නැහැනෙ?
සීයගෙ රා. සේ. පී ලියුම අරන් මම හෙමින්  ගෙදර ගියා. 
මොනවද දූ ඔය? චූටි නැන්දිට ඕනි එකක් නැහැ ඉතින් . ලියුම ගැන ඇහුවෙ.
"මේ  ආච්චිගෙ රෙද්ද" කියල මම දුවගෙන ගියා.

පස්සේ මට උත්තරයක් ලැබෙයි . ඒ වුනාට මට පුන්චි සතුටක් ඇති වුණා.

ප: ලි: රජයේ සේවය කරන අය අඩුම ගානේ පෙන්ෂන් එකට සම්බන්ධ අය කළ යුතු වැඩ කලට වේලාවට කරනව නම් හොඳයි . අමතක කරන්න එපා ඔයාලත් කවද හරි " විශ්‍රාම වැටුප් ගනීවී. ආත්මගරුත්වයක් ඇතිව ජීවත් වෙන්න ඔයාලට ඒ පෙන්ෂන් එක පිටුවහලක් වෙයි. අපේ සීයවත් මුන ගැහෙයි හොඳ තැනකට ගියොත් හොඳේ 







42 comments:

  1. //අපේ අප්පච්චිට සහෝදරයෝ දෙන්නයි ( ලොකු මාමා+ චූටි මාම )// එහෙම නෙවෙයි රේණුවෝ.. අප්පච්චිගේ සහෝදරයෝ නම් බාප්පලා මහප්පලා (ලොකු තාත්තා/ ලොකු අප්පා) වෙන්නෝනේ.. කවුද බොලාට ඔය නෑකම් කියලා දුන්නේ..
    හොඳ බබා.. මෙහෙම ඉඳ හිටලවත් බ්ලොග් පැත්තේත් අවිත් අත්සනක් ගහල යන්න ඕනි හොඳේ..

    ReplyDelete
    Replies
    1. හරියටම කිව්ව නේ වැරැද්ද? කලණය්යට පින් සිද්ධ වෙන්න තමා ලියන්නේ. ඇවිත් බලල් යනවට ස්තූතියි හොඳේ
      @Kalyana mithra

      Delete
  2. /* රජයේ සේවය කරන අය අඩුම ගානේ පෙන්ෂන් එකට සම්බන්ධ අය කළ යුතු වැඩ කලට වේලාවට කරනව නම් හොඳයි . අමතක කරන්න එපා ඔයාලත් කවද හරි " විශ්‍රාම වැටුප් ගනීවී. */

    උෟරගේ මාලු ඌරගේම ඇගේ තියලා කපනවා කියන්නේ මේක වෙන්ට ඇති නේද...?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හතරවරං. වැඩ නොකර ඉන්න කම්මැලියෝ මහ ගොඩයි නෙ?

      Delete
  3. /*"අනේ මගේ සුදු අප්පච්චී..... මගේ අතින් වතුර ටිකක් බොන්නෙ නැතුව ගියේ ඇයි අප්පච්චී. මම ළඟ හිටිය නම් ඔහොම වෙන්නේ නැහැ අප්පච්චී අනේ කතා කරන්න මගෙඋ චූටි දුවේ කියල එක පාරක් අප්පච්චී..." ඔහොම කිය කියා අඬ්ල ගෙට යන චූටි නැන්දි කවුරු හරි ආවම අළුතින් අඬනවා..*/

    මම නං ඕකට කියන්නේ නිහඩ සිත්තරාවි සෝබනේ කියලා.
    ජිවත් වෙලා ඉන්න කාලේ බලන්නේ නැතිව ඉදලා මැරුණාට පස්සේ සෝබනේ දාලා වැඩක් නෑ. මට නං හිතෙන්නේ අපි ඒ අය වෙනුවෙන් යුතුකම් වගකීම් හරියට ඉෂ්ඨ කරලා තියනවා නං අඩන්න ඕනි වෙන එකක් නෑ ඔය වගේ සෝබන කතා කියකිය.

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත කතාව හතරවරං ආදරේ සැලකිල්ල අපේ දෙමවිපියන්ට පෙන්වන්න හැකිනම් අපි හැමෝටම කර ගන්න පුළුවන් ලොකු පිනක් ඒක

      Delete
    2. ඇයි ජෙමෝ, ඩූඩා දීලා තිබුණෙ ඔය වගේ උන්ට පොරි හැලෙන්න. අම්මා තාත්තා කියනදේ සත පහකට ගණන් නොගන්න ඉන්නකං නොසලකපු උන් බුකියේ මව්ගුණ/පියගුණ වනනවා වැනිල්ලක් මොනිට්ර් එක පෙරලෙන්න.

      Delete
    3. අනේ ඉතින් ඔය ඩූඩ මං දන්නෙ නැහැනෙ? ලින්ක් එකක් වත් දැන්ම නම් දේශාටනය කරන්න තිබ්බ :)

      Delete
    4. http://bluejeansntshirts.blogspot.com/2015/07/132-bmw.html

      Delete
  4. Ada post eka suk scene ekak wagema sentimental scene ekak. Mage ammage pawule ayyala akkala nanagila mallila okkomallama 7k. Eken 4k Europe. Denata achchi witharai jiwathun athara. Europe aya holiday ewith achchita loku beheth aran anith ayata pada show eka pennala yanawa. Un aye enne awurudu 4kin. Lankawe inna aya teachers la bankers nisa un busy. Ape amma house wife nisath lamayingen lamayinge lamayingenuth karadara nethi nisa achchiwa balagena innawa. Achchith balaganna eka lehesi pahasu nethi nisa achchige lamayi kemathi ne achchiwa gedara thiyaganta. Den ape amma full time carer. Eth kawada hari achchi nethi una dawasata oya Europe aya ewith oyage kathawata samaanama kathawak rangapala andala aye yawi. Mokada oya Europe inna ayath lankawe inna ayath denata contact thiyenne achchi inna nisa. Eya merinata passe okkoma hithawath kam iwarai. Pawule 7k hitiyath europe wedagath widiyata hitiyath achchita salakanne mage ammath thaththath samaharak wita mama yawana sallith nisa. Mama godak wela ammata therum karanta heduwa ohe karana de wesiy kiyala. Passe mama therum gaththa ape ammala wayasata giyata passe ape lamayinuth ohoma kiwwoth edata api monawada kiyanne kiyala. Lole heti ohoma thamayi. Eth mata duka lamayingen lamayinge lamayingen kisima karadarayak nethiwa kurullo wage nidasa ape ammala thaththalata kawada nidahasak lebeida kiyala? Achchita adarei thamayi. Eth lamayin denaganta oni saama kaamiwa beda hadagena demawpiyo balaganta. Den mata eka deyak pehediliy.. Ekanam " kaariya kerenathuru kaageth rewateema..." Honda lipiyak.. Jaya wewaa..

    ReplyDelete
  5. Diga comment ekak sanwedii. palamuwa eekata stuthi Tikko,
    ow samaharu ehema thama,,,,,,,, gamen sidaadiyata/ kolmpureta/ pitaratakata yana aya thamange mula amathaka karanawa. thamange demawpiyo shodhara sahodarayo amathaka karanawa.
    mul sindagena wenathAnaka pAlawena eyaala "Bonsai"pAla wenawa
    saskruthiya amathaka karaama eyaala thawa dhuratah Sri Lankika wenne nAhAne?
    hadisi malagamakata uthsawayaka aawoth pransen goda bAhAla Sinhala kathaa karanna bAhA rangapaanawa :D
    amma thaaththata salakana daruwo pinwanthayo kiyalane kiyanne? biipu kiri wala gune thiyenna oonine?
    oyage amma thaaththa pinwanthayo = e dul gAhAta eyalage pina.
    kawadha hari oyaage amma thaaththaath aadharen balaaganna TIkko, oyaata adhaa jaya

    ReplyDelete
  6. අන්න දැන්නම් නිදහසේ ලියනවා වගේ. ඕක තමා කෙරෙන්න ඕනි. ඔය අටමගල් බුකිය අස්සෙ රිංගලා ඔළුව කුරුවල් කරගන්නැතිව ඔන්න ඔහොම ඉන්න ප්‍රියේ. :D

    ReplyDelete
    Replies
    1. :O ඔළුව කුරුවල් වෙලා අම්මත් කිව්ව තමා ඕක කොට කොට ඉඳලා මොකක් හරි කරගෙන තමා නවතින්නෙ කියලා. එහෙනම් ඕකයි වුනෙ නේ?
      ස්තුතියි ඇවිත් ගියාට ආයත් ඇවිත් කුරුටු ගාල යන්න හොඳේ?

      Delete
  7. කතා තේමාව ගැනනම් නෙමෙයි කියන්න යන්නෙ,කතා විලාසය ගැන.මගෙත් හොදම යාලු ගෑල්ලමයෙක් ඉන්නවා ඌව පැත්තෙ.එයා කතාකරන් ඉස්ටැයිල් එකත් මේකමයි.අහන් ඉන්න ආස හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඌවේ එකයි.. දන් තලවකැලේ එකයි.. අම්මප බෝත් මුරුංග කරල වගේ හිටියට..

      Delete
    2. එහෙමද කලණයියේ, එහෙනම් ගුටි දීලා පන්නමු නේ?
      @kalanayya :)

      Delete
    3. ඒත්මං බැලුව මොකෝ මූ මේ කෝටු කෑල්ල වගේ කෙට්ටු කියල .....

      Delete
    4. ඇත්තටම ඇය් ඒ? ඇනොපිලිස් ලේ බීලද මන්ද
      Anopilis

      Delete
  8. එහෙනම් මම කියන්නද මලියෝ, දන්නවද අර කියමන ? " මූදු ගියෝ ආවෝ බදුළු ගියෝ නාවෝ" එහෙනම් ඉතින් 'බින්න බහින්න වෙයිද මන්දා? පරිස්සමෙන් යාළුවෙ

    ReplyDelete
  9. කලින් කතා වල තිබ්බ කලබලකාරී ගතිය ගොඩක් අඩු වෙලා. පෝසට් එක ලස්සනයි. අතීත මතකයන් අස්සෙන් හොඳ පණිවිඩ ටිකක් දීල තියෙනවා.

    මෙන්න වැන්දා, මගෙ ගැන නම් ලියන්න ඕනෙ නෑ :D

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. වාව් !! ඔච්චර බයද ඔයා ගැන ලියනවට? ඒ මොකෝ? ස්තූතියි ඔයාගෙත් උපදෙස් මත තමා මේ බ්ලොග් එක හෙමින් හදා ගෙන යන්නේ.එකම එක පාරක් ලියනවා හොඳේ

      Delete
    2. හුම්ම්ම්ම්ම්.. මොකක්ද මෙතන යන මේ දෙන්නගේ අමුතු මුකුළුව ඈ..? මං උඩත් බැලුව පෝස්ට් එක පටං ගත්ත විදියෙම්ම.. මනා කෑවවත්ද බදුල්ලෙන් කහකුඩු පාරක්.. හැක්.

      Delete
    3. ඔය කිව්වෙ ඉතින් කතාවක්. නැහැ අය්යේ ' ජස්ට් කිඩිං' මොන මුකුළුවත්ද ආයේ
      @kalanayya

      Delete
  10. ඔය පස්සෙ එක දාගන්ඩ හදන උන් ඉන්නව නේද , මට පේන්ඩ බෑ ... අර ලියුම ආපු කෑල්ල නං හිතට වැදුන රිදෙන්ඩ ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇනොපිලස්, බොරුවට ලෝකෙට පේන්න සද්දෙ දාන අය මටත් පේන්න බැහැ. ආයමත් එන්න විදින්න එපා විඳින්න හොඳේ

      Delete
    2. අවුලක්ගන්ඩ එපා මට මිනිස් ලේ ඇලජික් .. ;) :)

      Delete
    3. එහෙනම් මොනවද බොන්නේ : ? නව යුගයේ ඇනොපිලිස් කෙනෙක්ද?
      @Anopilis

      Delete
  11. //රජයේ සේවය කරන අය අඩුම ගානේ පෙන්ෂන් එකට සම්බන්ධ අය කළ යුතු වැඩ කලට වේලාවට කරනව නම් හොඳයි//
    හරියට හරි... වයසට ගිහිල්ලවත් ඒ අයට සැනසීමේ ඉන්න... සම හරක් රජයේ සේවය කරන අය හිතාන ඉන්නෙ එයාලට පෙන්ෂන් ගන්න වෙන එකක් නැතිය කියලා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඇත්ත රොහාන්, එයාලගේ අතෙන් දෙනව වගේ හරියට. පෙන්ෂන් ගත්ත අයගෙත් අවශ්‍යතා තියෙනව කියලයි මට කියන්න ඕනි වුනේ. ආයෙමත් මේ ඵත්තෙ ගොඩ වදින්න හොඳෙ :)
      @ Rohan Dhananjaya

      Delete
  12. සියාමා බලන්න ඕං මාත් ආවා.. හැක්..ජය වේවා.

    ReplyDelete
    Replies
    1. එනකම් බලාන උන්නා. ස්තූතියි ආයත් ඇවිත් යන්න හොඳේ

      Delete
    2. අනේ මම බ්ලොග් එක හෙව්වා. ඒත් හමු උනේ අද නෙව....

      Delete
  13. @https://www.blogger.com/profile/08022626127699514714

    මේකද? සතුටින් පිළිගන්නම් . ආයම ආයම ඇවිත් යන්න එන්න හොඳේ

    ReplyDelete
  14. ඉන්නකොට සලකන්නේ නැතුව මැරුනාම ඇවිත් කෑ මොර දෙන නෑයෝ නම් හැමතැනම ඉන්නවා!!
    උන් ව හලන එක තමා කරන්ඩ තියෙන එකම දේ!!
    පට්ට!

    ReplyDelete
    Replies
    1. ඒක තමා මට ඕක කියන්නම ඕනි වෙලා හිටියේ. මුල අමතක කරන අය, තමන් කවුද කියන එකත් අමතක කරනව නේ? එයාලට කවදහරි තමන්ගෙ ළමයිනුත් එහෙමම කරාවි +සතුටින් පිළිගන්නවා ආයම එන්න හොඳේ

      Delete
  15. PriaynthiHansamali12@gmail.comJuly 22, 2015 at 3:54 PM

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. හා ඈ!!! ආයෙම එන්න ඇවිත් යන්න ඈ?@elada bra

      Delete
  16. හරිම සංවේදියි. අපේ තාත්තත් පෙන්ෂන් එක එනකම් බලන් හිටිය. මැරෙන කම්ම ආවේ නැහැ. ප්‍රාදේශීය සභාවේ ක්ලාර්ක් ට පවා දෙන්න ඕනේ එකට ලිපිනය හදන්න. එයා දීල නැහැ. මම දන්නෙත් නැහැ. මම යවපු සල්ලිවලින් ජිවත් වුනාට එකට හිතේ හරි බරක් තිබිල තියනවා. ඔය ලංකාවේ හැටි.
    http://nelumyaya.com/?p=3777

    ReplyDelete
    Replies
    1. ඒක තමා. රජයේ සේවය කරන මිනිස්සු හිතන්නෙ පඩි දෙන්නෙ රජයෙන් නෙවෙයි එයාලගේ අතින් කියලා. නූගත් ගම්බද මිනිස්සුන්ව තවත් හෙලා දකිනවා. සිංහල ලියන්න කියවන්න බැරි දෙමල මිනිස්සු තවත් අසරණ කරනවා. ඔව් ළමයින් නොසළකන අම්මලා තාත්තලත් ඉන්නවනේ? වයසට යන්න යන්න දෙමව්පියෝ ස්වාදීනව ඉන්න කැමතියිනේ.අනික පෙන්ෂන් එක එයාලට කළ සේවය වෙනුවෙන් දෙන එයලාගෙ තරුණ කාලෙ හම්බ කළ දේවලිනුත් කොටසක් නේ?
      * ස්තූතියි කමෙන්ටුවට හා නෙළුම් යායේ පෝස්ට් කරමින් දෙන ශයෝගයට හොඳේ.
      @Ajith Dharma

      Delete
  17. අපිට නං පෙන්ෂන් නෑ ආයිබොවන්ඩ........

    ReplyDelete