නෙත්සර දිදී හමුවන මොහොතක්........... ගානේ
සත්සර වැයේ හදවත් යාවුණු................... මානේ
සුන්දර පෙමේ නතු වී වෙන් වෙණු .......... බෑනේ
පෙම්බර හදේ වෙන අයෙකුට ඉඩ ........... නෑනේ.
.තුන් යම පෙනේ රුව හිනැහී වහලෙ.......... කොනේ
දුක්බර නෙතේ කඳුළෙහි සීතලද................. දැනේ
නෙත්මිණ මගේ ඔබටය හැමදාම................ සෙනේ
නිම්නැති ඔබේ පෙම හිමි නැත එයයි............... විනේ
..රන්දම සේල නැතිවට ඔබෙ ඉමිය................... තොසේ
වෙන්වෙමු කියා කීවට ඉවසමිද....................... කෙසේ
ලිව්වෙමි නිතර හිතුවිලි ඔබ ගැනම.................... මෙසේ
ඉන්ලද සතුට ඇති වැලලෙන තෙක්ම................... පසේ
..මං දුටු විටෙක නුදුටුව ලෙස යන්න ........................එපා
මංහැර ගියද ඉතිරව ඉමි පිටුද .............................නොපා
සංතොස සතුට සැනසුම ලැබ සිනහ ........................පපා
තුන් තිස් කෝටියක් දෙවිවරු රකියි .......................සැපා
පෙම්බර හදේ වෙන අයෙකුට ඉඩ ........... නෑනේ.
.තුන් යම පෙනේ රුව හිනැහී වහලෙ.......... කොනේ
දුක්බර නෙතේ කඳුළෙහි සීතලද................. දැනේ
නෙත්මිණ මගේ ඔබටය හැමදාම................ සෙනේ
නිම්නැති ඔබේ පෙම හිමි නැත එයයි............... විනේ
..රන්දම සේල නැතිවට ඔබෙ ඉමිය................... තොසේ
වෙන්වෙමු කියා කීවට ඉවසමිද....................... කෙසේ
ලිව්වෙමි නිතර හිතුවිලි ඔබ ගැනම.................... මෙසේ
ඉන්ලද සතුට ඇති වැලලෙන තෙක්ම................... පසේ
..මං දුටු විටෙක නුදුටුව ලෙස යන්න ........................එපා
මංහැර ගියද ඉතිරව ඉමි පිටුද .............................න
සංතොස සතුට සැනසුම ලැබ සිනහ ........................පපා
තුන් තිස් කෝටියක් දෙවිවරු රකියි .......................සැපා
No comments:
Post a Comment