***** ගලවලා ගනින් බන් ඔය රෙද්ද
ඉතින් මාතලන් කතා කළේ " ගලවලා ගනින් බං ඔය රෙද්ද " කියලනෙ? ඒකෙන්ම මං පටන් ගත්තා. හොඳයි අපි ඇස් වහගෙන අලියට ඇහ තියලා තියෙනවනේ? කොච්චර කිරිමේල් වැඩක් ද ඒක? ඇස් වහගෙන සර්ව සාදාරණ දෙයක් කරන්න පුලුවනිද? අනේ ඉතින් මේ ඇත්තිට අපි දොස් කියන එක හොඳය.
ඉතිං මම කෝකටත් කියලා මූන වහගෙන නැති නීතියෙ දෙවඟනක් හොයා ගත්තා.
***ඕන් ආයුබෝවන්ඩ දැන් නම් රෙදි ගලවනවා එහෙම නොවෙයි.
තියෙනවද ඔය රෙද්ද?
නැතිවෙලා ගොඩක් කල්
සර්ව සාදාරණ ලොවක්
දකින එක හීනයක්...
හැම තුලාවක් වගෙම
පැත්තක් බර වැඩියි නෙව
පිහිටන්නෙත් ඇදේටම.
ඇයි බොලා දන්නැද්ද
මේ "නැති 2500" නෙව ?
ඔන්නොහෙ කවුරු හරි
මොනවහරි කරයි නෙව
ඇස් පියන් කට පියන්
හදිසියට පොල් පැලයක් වත්
දෙන්න ඉන්නෙ ඔච්චරමනේ?
අනේ අම්මො එහෙම පුළුවනෑ
ඒ උත්ත්මයන්ට නෙව
අපි හත් මුරු පරම්පරාවෙම අය
දෑත් ශක්තිමත් කළේ
පාට පක්ෂ උන්නෑහේලා
මාරු කරගත්තෙන් අපිට මොකෝ?
අපි යන්නය ආණ්ඩු කරන්න?
මගුල් තුලා පයිරු පාසානම්
ඒ උත්ත්මයලා අතරෙම වෙච්චි කොටා
අනිච්චං දුක්කේ පින්පාට බඩ ගෙඩිය
ඉතින් මම මාතෘකාවෙන් පිට පැන්නද මන්දා කියන්නෙ ගියෙ නීතියේ දෙවඟන ගැන. කිව්වෙ වෙන කව්දෝ පින්වන්තයෝ ගැන. ටී එම්. ජයරත්න ගායනා කළ සින්දුවක් මතක් වුනා. පාර හදන තැන ගිනි යම් අව්වේ දෙවියො වැඩ ඉන්නේ?"
මෙන්න ඒ සින්දුවට ලින්ක් එක
******බලන් කඩතුරා හැර දෑසේ
ඒ කාලෙනම් පාණ්ඩුකම්බල සයිලාසනය උණු වුනා කියනවනෙ?මං හිතන්නෙ ඒක දැන් ඒ. සී. කරල වෙන්න ඕනි. දන්න කෙනෙක් සී සී ටී වී වත් හයි කරගන්න පයින්ඩයක් ඇරියනම් සොල්ල වේලෙ ඉල්ලෙ මන් හිතන්නෙ
![]() |
මුදලට බලයට යටවන නීතිය ගැන නොදන්නා කෙනෙක් වෙත්ද?නොදුටු නියායෙන් ඉවසා කොතරම් කළක් අපි ඉඳිවිද? |
![]() |
නීතියෙ අසාදාරණයෙන් පීඩා විදින්නෙ කවුරුද? වත්තක කෙසෙල් කැනක් සොරා ගත් අයකු? බඩ ගින්නට පුංචි හොරකමක් කරපු අය? මායිම් වැටට සන්ඩු වී කොස් ගසක් කපපු අය? |
![]() |
සියල්ලටම වඩා ලොවෙහි කොතැක හෝ යම් කෙනෙකුට අසාදාරණයක් වීම ගැන හදවතට දැනෙනවා නම් එය ලොව තත්වයෙන් උසස්ම සහ අලංකාරම විප්ලවය වන බව පවසා ඇති බව අපි දනිමු |
![]() |
අසාදාරණය නීතියක් වෙන කළ විරෝදය යුතුකමක් නොවී තිබේවිද? |
අනික ඉතින් මට හිතෙන්නෙ අර දෙවඟනගෙ වහන්න ඕනි තැන නෙවි වහගෙන ඉන්නෙ. ඇස් වහන්නෙ නති නිසා කොය්යම්ම දෙයක් දැක්කත් කට වහලා තියෙන නිසා ම්.ම්.ම්.ම්.ම් කට පියානම ඉන්නව වගේ.
ඇත්තටම අර කඩුව මොකටද? දන්න කෙනෙක් කියනවද? "යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද? "
අනේ ඉතින් ඒ ඇත්ති යුද්ධෙට යන්නය?
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කිව්වලු
"//පිං පාට බඩගෙඩිය//" කලණයියාට අපහාස කිරීම තරයේ හෙලා දකිමි
ReplyDeleteකළන්ය්යා කොහෙන්ද මන්දා මෙතෙන්ට සම්ප්රාප්ත වුනෙ
Deleteහංසමාලි මගෙන් මැරුම් කන්නයි තනන්නේ..
Deleteඅර මොකෝ?
Deleteඔයා ඕක හිතන්න යන්න එපා සුදූ....අර වචනෙක තේරුම අහගන්න ඔයත් එක්ක කතාකරපු දවසේ ඉඳලා ඔය කළණ අයියා ඉන්නේ අපිත් එක්ක තරහෙන්....ඊරිසියව....
Deleteකව්ද අපි ? :O :O :O
Delete//ඒ කාලෙනම් පාණ්ඩුකම්බල සයිලාසනය උණු වුනා කියනවනෙ?මං හිතන්නෙ ඒක දැන් ඒ. සී. කරල වෙන්න ඕනි//
ReplyDeleteනෑ පවුල නඩත්තු කරන්ඩ බැරුව සයිලාසනය උගස් තියල
ඒක නම් වෙන්නම ඇති හැමදේම ගිනි ගනනෙ නෙ?
Deleteලව් කයි වලට එච්චර කැමති නැති නිසා කොමෙන්ට් වත් නොදාන්නේ... මෙව්වා ලියනවා නම් හැමදාම එන්න බැරිය...
ReplyDeleteමොලේ චුට්ටක් වෙන්න මෙව්ව වෙලා මදි මාතල ඒකයි ඒවා නොලියන්නෙ .ආවට ස්තුතියි. අගෙයි ඔයාගේ පෝස්ටු
Deleteමම ඉතින් කැමතිම ඒවට තමා
kAmathima love kawi kiwwe @maathalan
Deleteඔය උන්දැව කවුදෝ සමුහ දුශනේ කරලා.. එදා ඉඳන් රඟපාන්නේ 'ඇගේ වෛරය'..
ReplyDelete"හංසමාලි මගෙන් මැරුම් කන්නයි තනන්නේ.."
Deleteකියන්නෙ මොකෝ. මේ ඇල්වතුරත් දෙපාරක් නිවන් බොනවා කියලා හිතන් ඉන්න මට
ඒක නම් අපි කමිටුවක් පත කරලා හොයල බලමු නෙ? ( සමූහ කතාව?)
අර ආත්තෝපදේශය වෙනස් කලා නේද ඩිංගි මහත්තයා? දැන් කියන්නෙ " ඉවසන දනා රුපු යුධයට නැති කඩුව කොස් කොටන්නද?" කියල
ReplyDeleteමල්ලි හරි මල්ලි
Deleteකඩුත් හාන්දුරුවන්ගේ, නඩුත් හාන්දුරුවන්ගේ ඇයි බඩුත් නඩුකාර හාන්දුරුවන්ගේ තමයි,...මොරටුවේ ඉන්ජෝ ස්ට්රයික් එකක් කරලා නඩුවක් තිබුනා, මේක දැනට අවුරුදු කිහිපයකට කලින් සිදුවීමක්, නඩුවෙන් දඩුවමේ සැර පොඩ්ඩක් අඩුකරගන්ඩ ඔය හාමුදුරුකෙනෙකුට ගානක් දුන්න...
ReplyDeleteසසිරි බර මෙසිරි ලක තව කොයිතරම ඔය වගේ දෙවල් වුණාද වෙනවද වෙයිද?
DeleteNaga hair naga
ReplyDeletesthuthi ayye sthuthi :D :D :D
Deleteෂා මරුනෙ. සිත්තරාවිගෙන් දැක්ක වෙනස්ම පෝස්ට් එකක්. නියමයි. ජය වේවා!!!
ReplyDeletesthuthi manaage :) Diri diimen hitha sAnAhe :D :D :D
Deleteමිනිස්සුන්ගේ අනාගතය දවසින් දවස වලපල්ලට යමින් සිටිනවා හංසමාලි. අපි කොයිතරම් සාධාරණය වෙනුවෙන් ගැටුනත් , නැගී හිටියත් , එරෙහිවුනත් හොඳ දේ පරයාගෙන නරක දේ හිස ඔසවන එක නවත්වන්න අපිට බැහැ. මම කියන්නේ නැහැ ඔයා ලියපු පොස්ට් එකවත් මාතලන් ලියපු පොස්ට් එකවත් තේරුමක් නැති දේවල් කියල. ඒවා මේ සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් සිදුවියයුතු සත්කාරයන් .
ReplyDeleteඒත් බෞද්ධ දර්ශනය සහ බුද්ධ වචනය ඇසුරින් මේ වෙන දේවල් පැහැදිලි කරනවානම් අපි ඒ දේවල් එක්ක ගැටෙන එක තේරුමක් නැහැ කියන එකයි මගේ අදහස. මොකද මේ සංසාර ගමන කවදාවත් ඉවරයක් වෙන එකක් නෙවෙයි නිසා අපිට මේ ආත්මෙත්, ඊළඟ ආත්මෙත්, ඒවගේම ආත්ම අනන්ත සන්ක්යාවකුත් මේ වගේ අසාධාරණයන් වෙනුවෙන් නැගී හිටින්න වෙයි. ඒත් එදාටත් බලය තිබෙන කෙනා සාධාරණයට පයින් ගහල ඒ හඬ යටපත් කරාවි. එහෙම බැලුවාම මේ ප්රශ්නයට සදාකාලික විසඳුමක් අපිට හොයන්න බැහැ. එකම විසඳුම අපි මේ ගැටීම් ඇතිවෙන සමාජයෙන් ඉවතට ගමන් කිරීම පමණයි. ඒ නිසා මගේ අදහස නම් අපි මේ සංසාර ගමන හැකි ඉක්මනින් කෙටි කරගතයුතුයි කියන එකයි. එහෙම නොවුනොත් ඉදිරියේදී අපිට අදට වඩා ලොකු අවුල් වියවුල් සහිත, මිනිසුන් එකිනෙකා ඇනකොටාගන්න සමාජයක ජීවත්වෙන්න වෙනවාමයි.
කොසොල් රජතුමා දුටුවා සිහින දහසය ඇසුරෙන් බුදුරජානන් වහන්සේ අපිට කලින් දේශනා කරලා තියෙනව මේ තත්වයන් ඇතිවෙනවා කියල. තුන්කල් බලල දෙෂනාකරපු බුද්ධ වචනය කවදාවත් වරදින්නේ නැහැ. ඒ හින්ද ලෝක ප්රජාවගේ අනාගතය ඉදිරියේ මීට වඩා හුඟක් අවුල් සහගත වෙනවාමයි.
මෙන්න සිහින දහසය ගැන කියවන්න..
http://savebuddhismsl.blogspot.com/2015/05/16.html
කතාව නම් පිළිගන්නම වෙනවා. අයුක්තිය අසාධාරණය හැමදාම ලෝඉකෙ තියේවි. දුටු විට නොදුටුවා වගේ ඉන්න බැරි නිසා ලිව්වා. මම බ්ලොග් ලෝකෙට අළුත් තමා. නමුත් හුඟක් දේවල් ගැන ඉගෙන ගත්තා. ගේ ඇතුලෙ කොටු වෙලා මූනු පොතේ කවියක් ලියලා ගෙදර වැඩ ටික කරල ම්.ම්.ම්.ම්.ම් මන්දා මගේ පිරිපුන් ලෝකයෙන් එහා ලෝකය ගැන අළුත් ඇහැකින් බලන්න මට බ්ලොග් ලෝකය උදව් කරනවා. මං කීප තැනකම කියල තියෙනව වගේ මේකෙ සමහර පෝස්ට්ස් වත් කමෙන්ට්ස් වත් මට තේරෙන්න්නෙ නැහැ. ඒ කියන්නෙ මට තව හුඟක් තියෙනවා ඉගෙන ගන්න. හෙමින් හරියයි මං හිතන්නේ. මම තාම පරීක්ෂන මට්ටමින් තමා බ්ලොග්ස් ලියන්නේ මගෙම ආවේනික ක්රමයක් හොයා ගන්න කම්. මදු මාදවී/ කළනය්යා/ මාතලන් :) ඔය වගේ හිත් ගත් ආකාරයේ බ්ලොග්ස් ලියලා බලනවා. කමෙන්ට් 100 වත් පන්නන ඒව ලියවෙනකම් , අසාර්ථක නම් ලියන එක නවත්තනවා :) . මම කිව්වෙ බ්ලොග් ලියන එක= ඒ හින්දා ඔයාලගෙ අදහස් හරිම වටිනව අම්බලන්ගොඩ කතා :)
Deleteබ්ලාහ්..........................
ReplyDeleteඕහ්හ්හ්
Deleteඔව්වා දිහා බලාගෙන යමක් ලියනවායින් ඔබ්බට යන්න නරකයි.. කුඩු පැකට්ටෙකක් දාල ඇතුලට දැම්මොතින් අපට නම් ඇපත් නෑ.. අන්න එහෙමයි දැං නීතිය.නෙද්දකිං...
ReplyDeleteජයවේවා..!!
හ්ම්ම්ම්ම් ඒකත් ඇත්ත. පන පිටින් ආපහු එන්න උනොත් ඇති නේ? ස්තුතියි හොඳේ
Deleteතුමුල බල ඇති තෙදැති දෙවඟන
ReplyDeleteසැකයි මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල ...
.
ඉරා සළු පට බැඳුණු නෙතු යුග
තරාදිය ගෙන හෙළා ගඟ දිය
තලා අසිපත නසා එහි පණ
පසිඳලිය හැකිවේද යුක්තිය ...
.
ධවල සළු පිළි සොරුන් ගත්තෙද
මිණි මෙවුල් දම් ගරා හැලුනිද
ඔබේ ගත රැඳි දුහුල් සළුපොට
හමන සුළඟට ඉගිල යාවිද ...
.
පද - උපාලි ජයමාන්න
සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
ගායනය - අමරසිරි පීරිස්
https://www.youtube.com/watch?v=gl5jnLYK9Vs
අදමයි ඇහුවේ. ස්තුති වේවා .
Deleteඅපේ කට්ටියම එකතු වෙලානේ ඉතින් ඔය රෙදි ගලවලා අයින් කරලා තියෙන්නේ.
ReplyDeleteඑහෙම කරල පටවනවා නේ අනිත් අයට වැරැද්ද?
ReplyDeleteරෙදි ගලවලා. චැහ්. මං යනව යන්න.
ReplyDelete:) අය්යෝ එහෙමත් යනවද ගහෙන් ගෙඩි එන්න හෙ
Delete