Jan 10, 2016

අනුන්ගෙ කෙහෙම්මල් අස්සේ අතදාන්න ගිහිං

අනුන්ගේ කෙහෙම්මල් අස්සෙ අත දාන කතාව ඔයාල හැමෝම දන්නවනෙ නෙද? කෝකටත් මම ආයම ලියන්නම් ඒක ලේසියි නෙ?

ඔන්න එක් තරා එක කළෙක හිටියළු එක මිනිහෙක් හරිද?
දැන් ඉතිං "හ්ම්" කියන්න ඕනි. "ඉතිං අපට මොකෝ කියලා අහන්නෙ නැතුං හොඳේ..අපේ ඉතිහාසය සර් වගේ මතෘකාවෙන් පිට පනින්නෙ නැතුව මම ආයම කතාවට එන්නම්කෝ.

අපි එයාට නමක් දාමුකෝ හරමානිස් කියලා.දවසක් එයාට යාලුවෙක් මුණ ගැහුනලු. මෙන්න දෙබස

හරමානිස්:හලෝ මචං . උඹ 'කුරුසයෙක්' වුණාද?
යාලුවට තේරුණා මොකද්ද අහන්නෙ කියලා
ගිරිගෝරිස්:ඔව් බං මම 'කැතලික්" වුණානෙ?
හරමානිස්:මම දැනගත්තා උඹ 'චර්ච්' එකක් බෙල්ලෙ එල්ලන් ඉන්න කොට
ගිරිගෝරිස්:මටත් ආසයි බං කුරුසයෙක් වෙන්න..
යාලුවට හිතුන එන පොට හොඳ නැහැ කියලා
ඉතිං යාලුවා කිව්වා දවසක් දෙකක් අපි චර්ච් ගිහිල්ල බලමුකෝ කියලා. ඉතින් යාලුවා කිව්වා පල්ලියට ගිහින් "ප්‍රේ ' කරන්න කියලා මේ ගොය්යා දන්නවය ඕවා.
හරමානිස්: අනේ  මම ඕව ඉතිං දන්නෙ නැහැනේ?
ගිරිගෝරිස්:මොනවත් ඕනි නැහැ. ගිහින් අනිත් අය කරන දෙවල් බලල පොඩ්ඩක් ඉගෙන ගන්න බලපං. පස්සෙ ගිහින් අපි ෆාදර් හම්බුවෙමු
ගිරිගෝරිස් ඉතින් සැදැහැ සිතින් පල්ලියට ගියා කියමුකෝ මෙන්න බොලේ වැඩේ. ලස්සන ලස්සන ගැහැණු උදවිය ලස්සන ලස්සන ඇඳුම් ආයිත්තම් ඇඳගෙන හරි අගේට මොන මොනවදෝ කියනවා. ඒ මදිවට නැගිටිනවා වාඩිවෙනවා. ඔය මැදැයි ඉතින් මෙයාට වට පිට බල බල ඉන්නකොට දැක්ක එක්තර එක් බවලතෙක්ගෙ ගවුමක් එයා නැගිටින කොට ම්.ම්.ම්.ම් එයාගෙ "ප..ස අස්සේ" ගිහින්..
ඉතින් ගිරිගෝරිස් හෙමින් සැරේ ඇඟිළි තුඩු දාලා අර හිරවුණු ගවුම එළියට ඇද්දා.මොකක් වෙන්න ඇත්ද? ලැබුණා කම්මුල ඉදිමෙන්නම  පාරක්
ඉතින් යාලුවට ගිහින් සිද්ධිය කිව්වම " උඹ මොකටද අනුන්ගේ කෙහෙම්මල්. ඒවා ඒ විදිහට තියෙන්න අරින්න එපාය? කිව්වළු
ඊළඟ දවසෙත් එයාටම ඒ දේම උණාලු. ඉතින් ගිරිගෝරිස් ඊයෙටත් වඩා හෙමින් ගවුම අර දෙබලෙන් එළියට ඇද්දමළු එයාට මතක් වුනෙ අර යාලුවගේ උපදේසේ 
අනුන්ගෙ කෙහෙම්මල් මොකටද මම ආපහු මම ගවුම තිබ්බ විදිහටම හදනව කියලා මෙයා ගවුම හදන්න හැදුවළු..
හවස යාලුවා කම්මුල් දෙකම ඉදිමිලා තියෙනවා දැකලා
"උඹව නම් හදන්නම බැහැ බං හෙට පුතාවත් එක්ක පළයං. හැබැයි උඹේ ඇඟිළි තියන දිහාව  පරිස්සමින්" කිව්වළු අනුන්ගෙ ගැහැනු දිහා එහෙම බලන්නම එපා කිව්වළු.
එදා හවස යාලුවව මුනගැහෙන්න ආවලු හරමානිස්. මූන පුරා අතේ පයේ තුවාල  එක්ක ඉන්නවළු කෙඳිරි ගගා ගිරිගෝරිස්.
හරමානිස්:මොනවද බං මේ කරගත්තේ ' ශික් ශික් මම හිතුවෙ නැහැ උඹ මේ පුතා ඉස්සරහත් ඕ වගෙ පහත් වැඩ කරයි කියලා. අනික පල්ලියෙදිත්
ගිරිගෝරිස්: මම මුකුත් කළේ නැහැ බං අද ගවුම හිර වුන තැනින් ඇද්දෙ පුතා. ඉතින් මම ඒක ආපහු දාන්න හදනකොටම කට්ටියම එකතු වෙලා නෙළුවා බන්. මට කතා කරන්නවත්  හම්බුන්නෙ නැහැ කිව්වලු.
ඒ වගෙ අනුන්ගේ කෙහෙම්මල් අස්සෙ අත දාන්න ගිහින් මටත් ගුටි කන්න වෙයිද මන්ද..
මදුමාධවී කවි පන්තිය ගැන කියන්නම් කෝ මම දැන්

දන්නවනෙ ඔයාලා අපේ මධු මාදවී ලස්සන කවි පන්තියක් ලියලා එයා කෝක ලිව්වත් ලස්සනට ලියනවනේ ඇති කරන්න ගත්තු හා පැටියෙක් ගෙ ආවසානය ගැන ලියලා තියෙන්නෙ, හුඟාක් ආදරෙන් හදල ඒ වගේම ඌ වදයක් වුණු හැටි අපූරුවට සිත්තම කරලා. එයාගෙ  පෝස්ට් එකෙ ලින්කුවත් මම මේ ගමන්ම  පහළින් එකතු කරනවා, නොදුටු අයට බලන්න
lසමාවෙයං පුත මට
මෙන්න ඉතින් මගේ කමෙන්ට් එක එයාට ලිව්ව
හරිම අගනා කවි පෙළක්.. ඔබේ දුක නොදැණාම නොවේ. කොන්ක්‍රීට් වනයෙ හිරවුණු මියගිය හා පැටියා වෙන්න මටත් හිතුණා.එයාගෙ ඇහින් අපේ ලෝකයයි මේ..

සද්දෙට බයයි කොළ හෙල්ලෙන වෙලාවට
නෙත් දෙක සරයි බිය වද්දෙන..... කලාවට
යුද්ධෙට නොවෙයි දුව යන්නෙද ..ගුහාවට
ඇත්තම තමයි ගෙට එන්නෙද ....."පිඟානට"

දුවගේ තුරුලෙ මම හුරතලයේ ඉන්නම්
ඇකයේ රැඳිලා රස පදවැල් අහගන්නම්
පුතුගේ රුදුබවේ කෙණිහිලි විඳ ගන්නම්
මෙමගේ හුරු ලෙසේ හැම තැන බෙටි ලන්නම්

දත කට මදින්නට හැම දෙය හැපුවා කියා
කුමකට බනින්නෙද එය මගෙ හුරුව නියා
සතුටට දුවන්නට එහෙ මෙහෙ යන්න කියා
කෝමට හිතන්නට මේ ගෙයි ඉඩද.... මෙයා

තිබහට වතුර කෑමට දෙය සොයා යමී
නවතින තැනක හිත උඳු පියලියද කමී
තනිකම මකන ඇය ළඟ ජීවිතය ....දෙමී
හුරුලෙස මටම හිතු හිතු තැන බෙටිද ලමී

කූඩුව මටද මට හිමි නැති රුදුරු ලොවේ
කීවට කවුද අසනුයේ නිදහසද නොවේ
"මානන බැලුම්" මිය යන බව දනිමි දැවේ
කීමට දහස් දෙය ගොළු කර ගනිමි මුවේ

මිනිසා දිනෙක වැසුවළු වනපෙත්.... මැද්දේ
කවදා කොහොම ආවද මෙහෙමත්... සද්දේ
රවටා අපිව ගෙනවිත් දෙන වද..... ලද්දේ
බෙටිලා තැනක මිනිසුනි මොකටද සද්දේ

ගහ කොල අහස ගඟ දිය .....වාසනාවන්
පැනයමි දුවමි නිදහස මට...... මනාවන්
සූසැට ඇතත් මිනිසුනි නෙක..... කලාවන්
නොදනිද මියෙන එක අගෙ මැද ප්‍රියාවන්

සඳවත මැද්දේ රුව මැව්වේ අගෙම .......නිසා
බණ පද මැද්දේ ඔබ හිටියේ එයම.......... අසා
හිමිකර ගත්තේ කිම ඉන්නෙම් දෙනෙත....... වසා
කුමකට යුද්ධේ නැත්තේ මට හිතෙද .... තොසා

මිහිකත හිමිය සමතැන හැමටම ඇත්තේ
කොටුකර ගන්න ඔබ හට අවසර නැත්තේ
වනසිරි හැරිය දුක ඇත්නම් ඔබෙ සත්තේ
යමි අපි එකට ඉමු සමගිව වන මත්තේ

අම්මෝ මගේ කවි කමෙන්ට් එකට  තිබුණු  රිප්ලයි ගොඩ..

Replies

  1. haapatiyo,
    oyaage kavi pdhaval ethaamath agei.
  2. විශිෂ්ටයි සහෝදරී !!!

    මධුවගෙ කවිටිකයි මේකයි අල්ලල යනවා එකෙම්ම !!!!
  3. මම මදුවගේ කවිය දකින්න කලින් මේක කියෙව්වේ. විශිෂ්ටයි හංසමාලි!!!
  4. මං වෙනුවෙන්, මේ වෙනුවෙන්, මේ තරම් දිග කවි පංතියක් ලියපු එකම ඇති හංසි. මට මේ වෙලාවෙ උවමනා සැනසීම සෑහෙන්න ලැබුණා. බොහෝම...........පිං. අපිට අහිමි වුණු හාවා ආයි ආවෙ නැතත්, මේ නිර්මාණ හරහා ඌ අපි අතර ඉදීවි හැමදාම. මං හිතන්නෑ, මනුස්සයෙක් ගැන මේ තරම් සංවේදී කවි ලියවේවි කියලා. හාවෙක්ගෙ මනසට සාපේක්ෂව මිනිස් මනස් යොදුන් ගානක් ඉදිරියෙන්. ඒ වුණාට මේ එක අහිංසක පුංචි හාවෙකුට පුළුවන්, නපුරු මිනිස්සුන්ගෙ ප්‍රතිපත්ති වෙනස් කරන්න, අගනා නිර්මාණ බිහිකරන්න, මිනිස්සු බර ගාණක් කතා කරන මාතෘකාවක් මවන්න. ඒත්, ඒ වෙනකොට, ඒ අහිංසකයා ගිහිං ඉවරයි...............................
  5. ගහ තරු මල් සත්තු ඉර හඳ ගැන කවි ලියන මං සත්තු මොනම හේතුවකටවත් කොටු කරනවට කැමති නැහැ.අපි එයාලව හුරතලේට ඇති කරනව. කෑමට ගන්නවා. බෙර හදනව. විද්‍යාගාර පරීකෂන වලට ගන්නවා. මැරුණම හරි මරලා හරි පුළුං පුරවලා අලංකාරෙට තියෙනවා. මානව හිමිකම් වගෙ සත්ව හිමිකම් සංගම තියෙනව නම්?ණැතිනම් එයාලට කතා කරන්න පුළුවනි නම්?මනසි උසස් යයි කියන මිනිසට එහෙම අයිතියක් දුන්නෙ කවුද මන්ද

114 comments:

  1. හත්තිලව්වයි............ මේක සින්ඩි වල පෙන්නන විදිහ තමා සිරා...

    අනුන්ගේ කෙහෙම්මල් අස්සේ අත දාන්න ගිහිං කියලා මාතෘකාව වැටෙනවා.... වෙන රූපයක් නැති නිසා මුලින් ම තියෙන ප්‍රසා අයියාගේ රූපය වැටෙනවා... පට්ටයි....

    ඉතින් අපි කතාව කියවන්න ගද්දිම හිතෙනවා මේක ප්‍රසා අයියා ගැන කතාවක් කියලා.... ටික දුරක් යද්දි හිතෙනවා චර්ච් ඒකක් ඒල්ල ගන්න ගිය හරමානිස් ප්‍රසා අයියද කියලා.... තව ටිකක් යද්දි හිතෙනවා ගවුම හදපු කේස් ඒකක්වත් ප්‍රසා අයියාට වෙලාද කියලා.... තව යද්දි... ඉතින් කියන්න ඔ්නේ නැහැනේ... පට්ටයි අෑ......

    ReplyDelete
    Replies
    1. අනේ කුරුට්ටයෙ දන්නෙ නැති කම මිසක් ප්‍රසාවනම් ඈඳා ගන්න හිතුවෙ නම් නැහැ හොඳේ . මේ පැත්තෙ ආවනෙ කොහොම කොහොම හරි ඒත් ඇති

      Delete
    2. මට නං හිතුනා ප්‍රසන්නයා අලිම අලුකුත්තේරුවෙක් කියලා.. ඒකනේ ප්‍රසා අක්කත් හැමදාම කඩේට වෙලා ඉන්නේ..

      Delete
    3. අපි ගියොත් චර්ච් එකක් ගවුම අස්සෙ ගහල තමයි එන්නෙ. හැක්...

      විදා, උඹල වගේ උං එන හින්ද තමයි එහෙම ඉන්නෙ. :D

      Delete
    4. ප්‍රසන්නව සුරතල් සතෙක් ලෙස ගැනීම හෙලා දකිමු !!!!!

      - ගල් බලකාය -

      Delete
    5. ඒකනෙ බං. ඒ මදිවට හා පැටියෙක්

      Delete
    6. ඔන්න නරි පැටියෙක් වගේ ගත්තනං තව..........

      Delete
    7. මගේ බිලොග් රෝලෙත් මේ පොස්ට් එක වැටුනේ ප්‍රසාගේ ඹූනත් එක්ක.මමනම් හිතුවෙම ප්‍රසා අලුගුත්තේරු වැඩක් කරලා ඇති කියලා.

      Delete
    8. @c.j .Vidhanapathirana:චර්ච් එකක් බෙල්ලෙ එල්ලගෙන කුරසයෙක් වෙන්න ගියෙ නැතිනම් ඇති නේද?

      Delete
    9. @පත්තර මල්ලී
      'ගල්' දානයක් ප්‍රධානය කරලා ගල් බලකාය අදහස් වෙනස් කරගන්නම්කෝ

      Delete
    10. @ප්‍රසන්න: ඒකනෙ මම මැරිච්ච හා පැටියෙක් හැටියට තෝරගත්තෙ

      Delete
    11. @මදු මාදව: තමන්ගේ වරිගෙ අයව හොඳට අඳුන ගන්න පුළුවන්නෙ නේද මදු මාදවය්යේ :)

      Delete
    12. @මනෝමන්දිර: මූණ මාරුවීමේ අලුගුත්තේරු වැඩේ නම් නොදත් කමට මගේ අතින් වුණු එකක්.එකක් ඉගෙන ගත්තා ඒකෙන්. ප්‍රසන්නය්යා කොතරම් බ්ලොග් ලෝකයේ ජනප්‍රියයිද කියන එක

      Delete
    13. මමත් මේ මෙච්චර වෙලා හිත හිත හිටියේ ප්‍රසන්නයා මේච්චර මෝඩ අලුකුත්තේරුවෙක්ද කියලා... හයියෝ ඌට වෙලා තියන දෙයක්......
      :D :D

      Delete
    14. හයියෝ මටත් වෙච්ච දෙයක් අර ගලේ පහරපු පූසා වගේ මෙයාගෙ මූන අයින් කරන්නත් බැහැ තියා ගන්නත් බැහැ වගේ දෙයක් . වැටුණු කමෙන්ට් ගාණම මැදැයි අවුරුද්දකට " නිකං ඉන්න මට අහල ගියත් ඇතිනේ? " :D :D :D :D

      Delete
  2. හයියූ ප්‍රසා..... හෙහ් හෙහ්..
    බොගෙ කවි ටික නං ඉස්තරං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කාගෙ කියෙව්වෙ වත් නැහැ නේද බ්ලොග් එක?හු හූ හු හූ හු හූ

      Delete
    2. මොකා..? කියෙව්වෙවත් නෑ නේද කොමෙන්ට් එක? කවි බොගෙ.පොටෝව ප්‍රසාගෙ.නිමිත්ත මධූගෙ හා පැටියා.ගස්ලබ්බ තේරුම් ගත්තෙ එහෙම.පේන විදිහට වැරදියි වගේ.අන්න ඒකෙ මගෙ කොමෙන්ටුවක් තියෙනවා.පෝස්ට් නොකියවා කොමෙන්ට් නොකරමි.

      Delete
    3. අම්මෝ කෙන්ති ගන්න එපා. මට දැණුනු දෙ පිළිතුරු කළේ . ස්තූතියි හොඳේ :)

      Delete
    4. @මනෝමන්දිර: මූණ මාරුවීමේ අලුගුත්තේරු වැඩේ නම් නොදත් කමට මගේ අතින් වුණු එකක්.එකක් ඉගෙන ගත්තා ඒකෙන්. ප්‍රසන්නය්යා කොතරම් බ්ලොග් ලෝකයේ ජන්ප්‍රියයිද කියන එක

      Delete
  3. මාතෘකාවයි පොටෝ කෑල්ලයි දැක්කම හිතුවේ වලියක් කියලා -_-

    කයිටික ලස්සනයි ඈ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රංගන සහෝදරයා :)

      Delete
  4. මේවගේ කථා ගෑනු ළමයි කියන එක හොඳද මම අහන්නේ :)

    ReplyDelete
    Replies
    1. තොරතුරු යුගයේ ජීවත්වෙන අපි චුට්ටක් විතර පවතින ක්‍රමය වෙනස් කළොත් මොකද වෙන්නේ? :) ස්තූතියි ඇවිත් යන්න

      Delete
  5. කවි ටික ලස්සනයි. අන්තිම ෆොටෝ එක නොතිබ්බනම් එකක් එක්කෝ.

    ReplyDelete
    Replies
    1. මාත් හිතුව තමා දිනේශ් ඒක .ස්තූතියි + ඇවිත් යන්න :)

      Delete
  6. මධූගේ හා පැට්ට මියදුන එකත් හරි.. මධූ කවි ලිව්ව එකත් හරි..දැන් මේකට ප්‍රන්නගේ පින්තූරේ ගෑවුනේ කොහොමද කියන එක තමයි පුරස්නේ හංසමාලි.. අනේ මන්ද .. මෙව්වා හිතුවාම මොලේ කොලොප්පන් වෙනවා අප්පා..

    ReplyDelete
    Replies
    1. මදූ ගේ පැට්ට හ පැට්ටා. කවි ටික එයාගෙ ලීවෙ එයාගෙමත් වන එයාගෙ නොවනත් වන හා පැට්ටෙක් ගැන. ප්‍රසා රිංගලා ඒක අස්සට හ්ම්ම්ම්ම්ම්

      Delete
    2. මගේ නම් කොහොමත් මොලේ ටිකක් වෙන්න කොල්ප්පන් තමා :D

      Delete
    3. ප්‍රසා හා පැටියෙක් කියලා තමා තේරුම්ගන්න තියෙන්නෙ නේ?

      Delete
    4. අම්මබලං, උඹල ඕව ගැන වැඩිය හිතල මොළේ කොලොප්පං කරගන්න එපා.

      Delete
    5. @කොන්ක්‍රිට් ප්‍රසා ඒක තම මටත් ටිකක් ඒ වගේදෝ කියල හිතෙනව වගෙ

      Delete
    6. මලේ මධූගේ හා පැට්ට .. කවි ලීවේ හා පැට්ට ගැන.. පින්තූරේ ප්‍රසිද්ද උනේ ප්‍රසන්නගේ.. වාසනාව තමා.. දැන් නම් මොලේ ඉතුරු ටිකත් කොලොප්පන් උනා හංසමාලි..

      Delete
    7. @අම්බලන්ගොඩ කතා: ඒ "අල්ලපනල්ලෙ" මගේ පෝස්ටුවටත් කමෙන්ට් ටිකක් වැටුනෙ නැතෑ

      Delete
    8. දැං ඔච්චර ප්‍රසිද්ධ උන එකේ කොන්ක්‍රිට් කාරයගේ බ්ලොග් එකටවත් ගිහිල්ල බලන්න.. අපි නං එහෙමයි..

      CHAPRASANNA.BLOGSPOT.COM

      Delete
    9. honda adhasak sthuthi :) oyaage ekath hewwa link eka thaaha wenne nethun commment karanawada plse

      Delete
  7. එහෙම ගුටිකන්න වෙන්නෙ නෑ. මේක ඉතාම නිදහස් සමාජ මාධ්‍යයක්.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට එහෙම කිව්වෙ . ආයම ලියන්නම් එහෙනම් ස්තූතියි ආයමත් එන්න

      Delete
    2. ප්‍රසා හා පැටියෙක් කියලා තමා තේරුම්ගන්න තියෙන්නෙ නේ?

      Delete
    3. මැඩම්, යූ මේඩ් අ සීරියස් මිස්ටේක් බයි දැට් කන්ක්ලූෂන්.

      Delete
    4. @මධුමාදව :වෙල් වී ලිව ඇන්ඩ් ලර්න් ඈස් දි එඩ්‍යුකේශන් ඉස් අ වූම්බ් ටු ටූම්බ් ප්‍රෝසස්= තැන්ක්‍යූ එනිවේ

      Delete
    5. @මධුමාදව: well we live & learn kiwwe honnde

      Delete
    6. ඔය අකුරු ටික සිංහලෙන් ගහල බලන්නකො.

      Delete
    7. m`ikakghs p`shka;sghs fudka.,a

      Delete
    8. @ C.J Vidanapathrana
      :O :O :O :O :O :O

      Delete
  8. මගේ කමෙන්ට් එක පොස්ට් එකේම තියෙනවනේ...

    ReplyDelete
    Replies
    1. ඉතිං මම මුකුත් කීවද කළනය්යේ :)xd

      Delete
  9. ප්‍රසන්නයට කෙලවිලා ඇති කියලා හිතාගෙන දුවගෙන ආවා බලන්න... හයියෝ... ඌට කෙලවිලා නෑනෙ...

    ReplyDelete
    Replies
    1. උඹට ආයෙ පෙට්ටිය අස්සට දාල ඇණ ගහගන්න ඕන වෙලාද?

      Delete
    2. ආන්න හොඳ යාළුවෝ

      Delete
    3. ශ්‍රී නාත් එතකොට ඩ්‍රැක්‍යුලා ඝනයේ සත්වයෙක්ද? හඳුනාගැනීම සතුටක් හැබැයි ගෙවල් පැත්තෙනම් එන්න එපා හොඳේ

      Delete
    4. //හැබැයි ගෙවල් පැත්තෙනම් එන්න එපා හොඳේ//

      මොන නිංගිරාවක්ද මේ .. වහ ටිකක් බීල මැරියංකො කැමෝ .. :D :D

      Delete
    5. @paththara malli :"උඹට ආයෙ පෙට්ටිය අස්සට දාල ඇණ ගහගන්න ඕන වෙලාද?" කියලා අහලා තිබ්බනේ= එයාට කළිනුත් එහෙම කරලා නෙ? ඩ්‍රැක්‍යුලා කෙනෙක් වත් නම් වැරදිලාවත් ගෙවල් පැත්තෙ ආවොත් බයටම පන යයි මම හිතන්නේ. ඒකයි එහෙම කිව්වෙ

      Delete
    6. හපෝයි.... ආවා විතරයි... බලහං පත්තරයෝ මට කියලා තියෙන කතාව... දැන් මුං හිතයි මං ගෙවල් ගානෙ රිංගනවා කියලා...

      Delete
    7. මේ ළමය කැමා ගැන තියෙන පරණ කතා දන්නැති හින්ද හොඳයි.

      Delete
    8. @Yasantha Srinatha : :D ම්.ම්.ම්.ම්. ඉතින් එහෙම නෙවිද? යාලුවෝ ඉතින් දන්නවනේ වගතුග?

      Delete
    9. @Prasanna :දැන් ඉතින් " කැමා" කවුද කියලා අහන්නැතුං ඉන්නම්. යසන්ත නේ?

      Delete
    10. කැමාගෙ වැඩ ගැන ඩැනගන්න පුළුවන් වෙයි පරණ පෝස්ට් කියෙවුවා නම්... යසන්ත නෙවෙයි යෂ්‍යන්ත... කියවන්න ගිහින් දිව උලුක් උනා කියන්න නම් එපා...

      Delete
    11. @ යෂ්‍යන්ත: හා එහෙම නොකිය ඉන්නම් :) + බලන්නම්

      Delete
  10. මාත් හිතුවේ ප්‍රසා ගෙන දාපු පෝස්ට් එකක් කියලා බැලින්නම් වෙන එකක්.
    කවි පන්තිය ලස්සනයි)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් වැඩිම කමෙන්ට්ස් ගාන වෙයිද මන්දා+ඇත්තටම ස්තූතියි හොඳේ

      Delete
  11. ඔය උඩං ඉන්න උං සෙට් එකටම ප්‍රශ්නෙ මගේ මූන ඕකට ආවෙ කොහොමද කියලනෙ. ඒකට හේතුව තමයි හංසමාලි නෝන තහනං වචනය වන 'කොන්ක්‍රීට්' යන වදන භාවිතා කිරීම. හැක්...
    නැතුව ඔය ‍රෙදි වලටවත්, චර්ච් වලටවත් මගේ සම්බන්ධයක් නැති බව සිතුව මනාය.

    මොනව උනත් මදාවියගෙ එකේ කොමෙන්ට් එකක් විදියට දාල තිබ්බ මේ පද පෙළ අගනේය.

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයා කොන්ක්‍රීට් ප්‍රසන්න ද? හ්ම්ම් :) ස්තූතියි හොඳේ . මූන පාවිච්චි කළේ දැනගෙන හෙම නෙවි. කට්ටඉය කමෙන්ට් කරනකම් ඒක මම දැන ගෙන හිටියෙත් නැහැ= මූනටත් ස්තුතියි හොඳේ අහම්බෙන් ආවත්

      Delete
  12. මාත් මේ මොකද කියලා බලන්න ආවේ ප්‍රසා අයියවත් පෙන්නන නිසා මරු එනතුවක්නේ

    ReplyDelete
    Replies
    1. සබරේ හොදේ...

      Delete
    2. බොගෙත් මූන නැති උනාද ඒ පාර. හැක්...

      Delete
    3. තව සුට්ටෙන් සබරෙගෙත් මූන නැති කරනවා අර තුසාරයාගේ ආදරණීය බිරින්දෑ... හැක් හක්

      Delete
    4. හෑ........සෙරෙප්පුව ගත්තද අතට?

      Delete
    5. @Anonymousහොඳම ටික ඒ මූණ විතරක්මද මන්දා

      Delete
    6. @Prasanna සබරෙගේ මූනත් හොයමුද මගෙ වගෙ මැටි පෝස්ටුවක? ඔන්න මං නං වැරදීමකින් හරි ගත්තෙ එකම එක මූනයි හොඳේ

      Delete
    7. @C.J Vidanapathiranaඒ කතාව නම් මට තේරුණෙත් නැත්ද මන්දා."තුසාරයාගෙ බිරින්දැ එච්චරම සැරද නැතිනම් එයාටම් මට වගේ ලැපටෙනවද?

      Delete
    8. @මධුමාදව අම්මෝ මටද? ඔන්න මන්නං නෑ මොකටවත්

      Delete
    9. @විදානේ
      අනේද කියන්නේ තව පොඩ්ඩෙන් අක්කා සබරෙව මරනවා.

      @ප්‍රසා
      සබරෙගෙ මුන පොඩ්ඩක් අවුල් ූනා ප්‍රසා අයියා

      @ප්‍රියන්ති
      ලැපටෙනවද කින්නේ කීලා වැඩක් නෑ

      අක්කේ මේ ෆේක් සබරේ හොදේ.... ඇත්ත සබරේ නෙවී

      Delete
    10. @sabare :)
      මම ඉතින් ෆේක් සබරේ දන්නෙත් නැහැ. ඇත්ත සබරෙ දන්නෙත් නැහැ . හබැයි සතුටින් පිළිගන්නවා :)

      Delete
    11. මම කිව්වේ අපේ තුෂාර අයියගේ හාමිනාට.... නැත්නම් ආයේ දවසක කන්න තමා වෙන්නේ....

      Delete
    12. හපෝයි!! කෝ ඉතින් මේකෙ තුෂාරය්යෙක්? අන්වර්ත නාම නම් කීයක්ද?

      Delete
  13. පොස්ට් එකක පළමුව ඇති පින්තුරය තමයි පොස්ට් එකේ පින්තුරය වෙන්නේ, මේ පොස්ට් එකේ පින්තුර නෑ, නමුත් පළවැනි කොමෙන්ට් එක ප්‍රසන්න දැමූ නිසා පොස්ට් පින්තුරය ප්‍රසන්නගේ!!

    ReplyDelete
    Replies
    1. @ Lankika Sithuwili හ්ම්ම් මං හිතුවා මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද කොහෙද කියලා

      Delete
  14. මම දැනගෙන හිටියා මේ ප්‍රසා කවද හරි කාවි කියලා.. මොකද ඔය හාදයගේ වැඩේම අනුන්ගේ රෙද්දවල් අස්සේ අතදාන එකමයි.. හංසමාලි මෙතන මිනිස්සු රවට්ටන්න එපා ඔයාට මේ හාදයා කරපු කරදරේ මට කියාන්න. මං බලාගන්නං මොකද ඔය කොන්ක්‍රිට්කාරයා මගේ මලයා.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. උඹ තමයි අනික් වැඩේ කරන්නෙ බාසගෙ ෆොටෝ එක ලොකුවට දාගෙන. හැක්..

      Delete
    2. මගුලක් කතා කරනවා. මෙන්න යකෝ ඒකෙක් කණ්ණාඩිය ඉස්සරහ පාපොච්චාරණයක...

      Delete
    3. @දේශකයා:
      කොන්ක්‍රීට් ප්‍රසා ට මගෙ "හද පිරි තුතිය" තමා කියන්න තියෙන්නෙ දේශකය්යේ. අහම්බෙන් මූණ් දන් දීලා මගෙ බ්ලොග් එකට කැන්වසින් පාරක් දැම්මට " හැක හැක "

      Delete
    4. @කොන්ක්‍රීට් ප්‍රසන්න
      "අනික් වැඩේ" + "බාසගෙ ෆොටෝ" යන දෙකම ගැන මම දන්නෙ නැති නිසා දන්නව වගේ කට වහගෙනම ඉන්නම්

      Delete
    5. @මධුමාදව
      දෑකැත්තක් කියයි පොරවක් ඇදය කියාද?

      Delete
    6. ඔය දේශයකා කියන එකාගෙ බ්ලොගට ගියාම වැඩේ තේරෙයි.

      Delete
  15. අබරං සිල්ගත්ත සීන් එක වරගේ...



    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. @C.J Vidanapathirana: ඔව් ඒ සීන් එක නම් ඒ වගේ තමා. මම මේ කල්පනා කරන්නේ " කොන්ක්‍රීට් ප්‍රසන්නය්යගෙ" මුහුණ මේ පොස්ටුවට ආපු එක කොයි වගේ එකක්ද කියලා

      Delete
  16. ප්‍රසන්න අයියට පුතෙක් ඉන්නව කියල දනගත්තෙ මේ පෝස්ට් එකෙන්.… හුකෑස් :D

    ReplyDelete
    Replies
    1. අැයි හා පැටියෙක් ඉන්නව කියල දැනගත්තෙ නැද්ද?

      Delete
    2. @පත්තරමල්ලි + ප්‍රසන්න අය්යා:පුතෙක් ඉන්නව විතරක් නෙවි . එයා අනුන්ගෙ කෙහෙම්මල් අස්සෙ අත දාන්නත් යනවද කෙහෙද? කතාව සැර වැඩි වුනා නම් සොරි ප්‍රසන්න අය්යෙ

      Delete
    3. @ප්‍රසන්න අය්යා :හා පැටිය ගැන දුකින් කියෙවා අය්යෙ. ගස් අස්සෙ මැරිලා හිටිය පුංචි හා පැටියා මැවිලා පෙණුනා

      Delete
  17. මෙන්න මඩ ප්‍රහාරයක්,,,හික් හික්ස්,,
    පට්ට කථාව, ගවුම හදපු එක මැවිලා පේනවා..

    ReplyDelete
    Replies
    1. කවියට ප්‍රවිෂ්ඨ වෙන්නයි ඒක මම ලිව්වෙ ( ඒක නම් වචනය )

      Delete
  18. කතාවත් සුපිරියි, කවි ටිකත් සුපිරියි. අර කුරුසේ කතාව තව එකක් තියනවා මෙන්න මෙහෙම. එක කොල්ලෙක් හිටියා ටිකක් කැපීපෙනීමට ආසා කරන. මිනිහට හොඳට ඉංගිරිසි බැරිවුණත් හැම තැනදීම ඉංගිරිසියෙන් කතා කළා. දවසක් මිනිහා බස් හෝල්ට් එකට යනකොට ලස්සන කෙල්ලෙක් හිටියා බස් හෝල්ට් එකේ. කුරුසයක් සහිත මාලයක් කරේ දාගෙන. අපේ වීරයා ඉංගිරිසියෙන් කතාව පටන්ගත්තා. මිනිහා මෙන්න මෙහෙම කිව්වා.

    You are Christmas no? I know I know, I can see the Church.

    තවත් දවසක් මිනිහා බස් හෝල්ට් එකට යනකොට අර වගේම ලස්සන කෙල්ලෙක් හිටියා. එයාගේ මාලේ පෙන්ඩන්ට් එකට තිබුනේ ගුවන් යානයක්. අපේ වීරයා ඒක දිහා බලනකොට අර කෙල්ල ඇහුවා, ප්ලේන් එක දිහාද බලන්නේ කියලා. අපේ වීරයා කිව්වා නෑ නෑ, ඒක නවත්තලා තියන එයාපෝට් එක දිහා කියල.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ කතා තියෙනව නේ ඉතිං නේද හුඟක් ?

      Delete
  19. ප්‍රසන්නයත් අනුංගෙ මගුල් අස්සෙ රිංගන්න ගිහිං කොරගන්න දේවල්...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඩ්‍රැකී බලන්නකෝ. ඉතනින් නැවතුනා මදැයි නේ

      Delete
  20. කිව්වම මොකද මමත් ආවේ මේ ප්‍රසන්නයා කරලා තියෙන අලුගුත්තේරු වැඩේ මොකක්ද කියල බලන්න අම්මප .

    ReplyDelete
    Replies
    1. එයා ඒවා විතරමද කරන්නෙ ඈ?

      Delete
    2. ඒව එහෙම ප්‍රසිද්ධියෙ කරන්නෑ බොල.

      Delete
    3. @Prasanna: ලංකාවෙ එහෙම තමයි ඕනි අලුගුත්තේරු වැඩක් හැංගිලා රහසෙ කරනකම් හොඳයි. ඒ වගේම තමා ඒවා එළිවුනාමත් ( මිනිස්සු හොයන්නෙ අනුන්ඟෙ දේවල්මනෙ? )

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. man comments walata reply karanne kalaathurakin. namuth madhuge hageembara post eke thibunu hansamaalige comment ekata man reply kale niraayaasayenmai.
    madhuge wagema hansige kavipadhath ethaamath rasawathwa pelagasi thibuna.....

    ReplyDelete
  23. @ senarath fernandosthuthi hungakma thaama blog loketa luth nisaa comment + comment walata reply gAna tikak wAdiyen hithanawa.. prasanna ge muhuna aapu eka nam nodhath kamata wunu deyak :) mama hungak kawi liyanawa post nokaranne blog walata ewaa uchitha nehe kiyaa hithunu nisa :) sthuthi kohomth

    ReplyDelete
  24. මේ පෝස්ට් එක කොමෙන්ට් 100 ඉක්මවා ඇදගෙන යාමට දිරි දුන් සැමට තුති.

    -ප්‍රියන්ති හංසමාලි-

    ReplyDelete
    Replies
    1. @Prasanna ඔය කමෙන්ට් වැටුනෙ ඔයාගෙ මූනට

      Delete
  25. පරක්කු වැඩියි... ප්‍රසාගෙ මූන හැක්...

    ReplyDelete