Jan 7, 2016

~~කොහාගේ කූඩුවෙ කාක් පැටියෙක්~~

මේ පොස්ට් එකෙ  පලවෙනි දෙවෙනි කොටස් බලලම මේ පොස්ට් එක කියෙව්ව නම් තේරෙයි අළුතෙන් එන අයට  ලින්ක් දෙකම මෙතන තියෙනවා . මේ තුන් වෙනි කොටස හොඳේ
ලින්ක් දෙක
1. මහ රෑ කාමරයට ආ අමුත්තා 1
2. මහ රෑ කාමරයට ආ අමුත්තා 2



ලොකු දූ. ඊයේ මම අප්පච්චි හීනෙන් දැක්කා.. මුතියන්ගනේට ගිහින් එමුද? අම්මා ඇහුවා..
"හා අම්මා කීයටද යන්නේ? ... "
"දැන් ලෑස්තිවෙන්න.."
අම්මි මමත් එන්නම්? ඇහුවෙ නංගි
ඔයා මහත් වෙන්නෙ නැතුව ඉන්න. ඔයාට අද ක්ලාස් නෙ? මල්ලි කිව්වා.
"ඔයා ඉන්නකෝ කට වහගෙන.. තවම 'ඕ ලෙවල්' වත් නැතුව" නංගි උත්තර දුන්නෙ. දැන් දෙන්නටම පන්සල් කතාව මතක නැහැ. 
මම ඉතින් උනන්දුවෙන් ලෑස්ති උනා..සීතලම සීතල වතුරෙන් ඇඟ හෝදගත්තා.....උණු වතුර උණු කර කර පරක්කු වෙන්න බැහැ හිතුන නිසා..

පිච්ච ,වතුසුද්ද , රෝස මල් ටිකක් කඩාගෙන... ඉක්මනින් ලැහැස්ති උනා මම.. ( කවදත් පන්සල් යන්න ආසයි... ගාථා නොකීවත් බොධියට වැඳගෙන උඩ තියෙන  බෝ අතු දිහා ඔහේ බලන් ඉන්න මම කවදත් ආසයි.... පැදකුණු කරලා බෝධියට පැන් වත් කරන්න ආසයී...හැමදාම මට වටේ යන කොට කියන ගථා ටික අමතක වෙනවා..වරද්ද වරද්ද ගාථා කියලා පැන් කලේ බොධියට වත් කරන්න පුන්චි කාලෙ වගේම මම තාම ආසයි..පයින් ගිහින් බස් එකේ ගිහින් අපි මුතියන්ගනේට ගියා..වන්දනා නඩයක් ඇරෙන්න කවුරුත් නැහැ..මගෙම පන්සල... නැට්ට එක්ක රතු නෙළුම් මල් දෙකක් මම ගත්තා සල්ලි වල්ට.. පොඩි කාලේ ඉඳන් පුරුද්දක්..අපි වැඩි කතාවක් නැතිව පන්සලට ගියා.. පුරුද්දට මම අලි බඳින පැත්ත බැලුවා... එකෙක්වත් නැහැ අද... පෙරෙහැර කාළෙ නෙවිනෙ? මට හිතුනා.. 
පෝය දවසට සෙනෙග පිරිලා... මම හෙමින් මවා ගත්තා... මිනිස්සු තැන තැන හිටගෙන කතා කරනවා.. සමහරු වාඩි වෙලා ඉන්නවා.. සිල් අරගෙන..මල් අරගෙන තව කට්ටියක්...හැබැහින් දකිනවට වඩා .. මවා ගන්න එක වටිනවා කවදත් මට...එතකොට ඒක මගේම චිත්‍රයනේ?
මහ බොළඳ අදසක් උනත් මගෙ නමින් සුදු නෙළුම් මල් දෙකක් මගේ සොහොන ළඟ තියෙනවා කියල විශ්වාශයෙන් මැරෙන්න ඇත්නම් කියලා මට හුඟක් වෙලාවට හිතෙනවා..
නැට්ට පිටින් සුදු නෙළුමක් සොහෙනේ තියල සුසුමක් නොහෙලා යන්න කෙනෙක් ඇත්නම්.. කොච්චර එකක්ද?... මම මැරෙන දවසක එච්චර දෙයක් කරන්න තරම් කෙනෙක් මා ළඟ මා එක්ක ඉඳීවිද?
චෛත්‍ය පැදකුණුකරලා මල් පූජ කරලා මල් ආසනේ උඩින් ලියල තියෙන කවියයි ගාතාවයි අපි හඬ නගා කියෙව්වා.....
 

පන්සලත් එක්ක අපේ ජීවිත හුඟක් බැඳිල තියෙන්නෙ.... අපි දුකටත් සතුටත් වෙනසකටත් ප්‍රශ්නෙකදිත් ගියේ පන්සල්..පාඩම් කරන්න බැහැ හිතුනම පන්සල් යන්නේ. විභාගෙකට කළින් යන්නෙ පන්සල්. විභාගෙට පස්සෙ යන්නෙ පන්සල්

"ලොකු දූ බෝධියට යමුද?"  "ද? " පාවිච්චි කළාට ඒක හැමතිස්සෙම විධානයක්!
අපි හෙමින් ඇවිදගෙන ගියේ පහන්  වැට ළඟට.. හීන් පොද වැස්සක් එක්ක හුළඟ...
අපි අරන් ගිහිපු කොළ වලින් පහන් සුද්ද කරන්න පටන් ගත්තා.. හැමදාම වගේ....
"මම මේ කොනෙන් පත්තු කරන්නම්.. ඔයා එහා පැත්තෙන් පටන් ගන්න.." අම්මා කිවා.. කවදත් වගේ..
 අප්පච්චියි මායි හැමදාම එහා කොනේ ඉඳන් පහන් පත්තු කරනවා මට මතක් උනා..
පුන්චි සතුටක් එක්ක දුකක් මට අප්පච්චි මතක් උනාම ආවේ..අපි පන්සල් ආපු හැටි එකතු වෙලා පහන් පත්තු කරපු හැටි...
අප්පච්චිගේ සුළඟිල්ලේ එල්ලිලා වැල්ලේ මම උඩ පැන පැන ගිය හැටි,,,
සත් සතිය තියෙන කුටියෙ කලුවරේ .. සීතල නාගයගෙ කට ඇතුලට අත දාන්න අප්පච්චි මාව උස්සන හැටි..යන ගමන් පාර දිගෙ කඩල අයිස්ක්‍රීම් කන හැටි මට මතක් වුනා..
මම පහන් පූජ කරලා... අම්ම ළඟට ගියා... අම්මා පහන් පත්තු කරල ඉවරයි...
මම අම්මගේ ඇස් දෙක දිහා බැලුවා.. ඒ ඇස් රතු වෙලා ඇති වග දැනගෙනම...
වැඩිවෙලා ඇස් දිහා බැලුවොත් අපි අඬයි කියලා හිතුණු නිසා 
මම අම්මා පත්තු කරල තිබ්බ පහන් දිහා බැලුවා...
එතන තිබ්බේ හතරයි... හතරම හතරයි.... අම්මා. අප්පච්චි.  නංගි. මල්ලි........හැමෝම වෙනුවෙන් එක ගානෙ.එතකොට මං? අනේ මං?

මෙච්චර කාළෙකට පස්සෙත් අම්මට තාම මම පිටස්තරයෙක්ද? කුඩම්මා කියලා කවදාවත් නොහිතපු මගේ හිතින් ඈත් නොකරපු මගේම අම්ම කියල මම හිතන් ඉන්න අම්මට මම තාම අනිත් කසාදෙ.. තාත්තගෙ අනිත් කසාදෙ දරුවද?
කවදත් මට " ලොකු දූ" කියලා කතා කරපු අම්මගෙ හිතේ හ්ම්ම්..... කුඩම්මගෙ හිතේ මට ඉඩක් නැතිද?
 පවුලෙ මම පිටස්තරයක්ද තාමත්?
අද වගේම එදත් මම කොහෙකුගේ කූඩුවක කාක් පැටියෙක්ද?
මම හෙමින් හැරිලා මම පත්තු කරපු පහන් දිහා බැලුවා..අප්පච්චියි මායි එතන ඉඳන් පහන් පත්තු කරනවා මට මැවිලා පෙනුනා....

ඒ එක්කම මට මතක් උනේ අප්පච්චි එතන ඉඳන් අම්මා පහන් පත්තු කරන තාලේ බලන් හිටපු හැටි.... අප්පච්චිට ඕනි වුනේ මෙතෙන්ට එන්නද?
අම්මත් එක්ක පහන් පත්තු කරන්නද අප්පච්චිට ඕනි උනේ?ඉස්සරත් අම්මා පත්තු කළේ පහන් හතරද?අනේ හතරමද?


මම අහස දිහා බලලා ඉන්දික දෙය්යොන්ගේ ඉල්ලුවා අනේ දෙය්යනේ හය්යෙන් වස්සන්න.... ගොරොව ගොරොව වස්සන්න මගේ හිතේ ඉකිය කාටවත්ම නෑහෙන්න කියලා.
හෝ ගාලා වැක්කෙරෙන කඳුළු වැල් හංගගන්න කාටවත් නොදැනී හංගගන්න දෙය්යොන්ට පුළුවන් වෙන්න ඇති මං හිතන්නෙ.. එදා ඉඳලා මම පන්සල් යන්නම ආස නැහැ, ආසම නැහැ.

29 comments:

  1. ඉල්ලීමක්.
    කතාවෙ මුල ඉඳං එක,දෙක.... විදිහට ලින්ක් දාලා සම්බන්ධ කරමුද?අලුතෙන් කියවන කෙනාටත් ලේසියි එතකොට.
    හැඟීම්බරව ලියවෙනව.... හ්ම්..
    ජයවේවා..!!

    ReplyDelete
  2. චුට්ටක් කතාව වෙනස් කළා.. " කොහෙක්ගෙ කූඩුවක කාක් පැටියෙක්" කිව්වම ඒ ටික තේරෙයි කියලයි මම හිතුවෙ. ස්තූතියි. = මේක වෙන කතාවකට සම්බන්ද නැහැ

    ReplyDelete
  3. හරිම සංවේදියි.. හංසමාලි ලියන එව්වයේ කොතන හරි මම මමව හොයමින් ඉන්නවා......

    ReplyDelete
  4. ස්තුතියි. කතාව පැහැදිලි නොවුනද මන්දා.. චුට්ටක් වෙනසුත් කළා

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ
    අපිත් කිරට හඬනා දරුවන් අම්මේ
    අනුන් දීපු බත් බඩ නොපිරෙයි අම්මේ
    ඈත ඉඳන් මට අඬගහපන් අම්මේ
    -ජන කවියකි-

    ReplyDelete
    Replies
    1. ලස්සන කවිය.ස්තුතියි

      Delete
  7. ඉන්දික දෙයියෝ කිව්වේ කාටද?

    ReplyDelete
    Replies
    1. මුතියන්ගනය භාර දෙවියො
      වඳින්නෙත් අපි " ඉන්දික දෙවිඳු තෙද පැතිරුණු තැනය" කියලා

      Delete
    2. ඉන්දිකයා මේ දවස්වල සද්ද නැත්තෙ මොකද කියල හිතුවා එහෙනං හේතුව මේකයි.මූට ගිය කලක්.

      Delete
  8. ගොඩක් දුක හිතෙන කතාවක්.
    එතකොට ඔයාගේ වැදූ අම්මා...
    (ඇහැව්වේ වැරදි ප්‍රශ්නයක් ද මන්දා)

    ReplyDelete
    Replies
    1. අම්මා.. මට අවුරුදු පහේදී අප්පච්චිගෙන් දික්කසාද වෙලා.. ඒක දිග කතාවක් හෙමින් ලියන්නම්

      Delete
  9. ජීවීතයම අකුරු කරන සංවේදි ජීවිත කතාවක්

    ReplyDelete
    Replies
    1. දැනෙන්නෙ ජීවිතය වින්ද කෙනෙකුට විතරමයි මම හිතන්නේ. ස්තුතියි ආවට + කමෙන්ට් එකක් දාන්න තරම් කාරුණික වුනාට

      Delete
  10. ආධුනික බ්ලොග්කාරිණියකගේ කිසිසේත්ම ආධුනික නැති කවි පෙළක් . කරුණාකර ගිහින් කියවා රස විඳ උනන්දු කරවන්න.

    ReplyDelete
    Replies
    1. කෝ කවි? මේ පෝස්ටුවෙ නැහැනෙ ඉයන්? කියවන්න උනන්දු කරන්නෙ / කරවන්නේ කාවද කොහොමද?

      Delete
  11. මේක ඇත්ත සිද්ධියක් නම් අම්ම පහන් හතරක් පත්තු කළේ ඇයගේත්, ඔබගේත්, නංගිගේත්, මල්ලිගේත් ජීවිත වලට ඔබේ පියා ගෙනා දීප්තිය ඔහුට පෙන්නන කියන එක මට නම් විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිතර හඬවන පහන් හතර පහක් කරල දුන්නට.රිදුණු රිදෙන හිත ඉඳහිට හරි හදා ගන්න ඒක උදව්වක් වේවි

      Delete
  12. සංවේදී ජීවිත කථාවක්..
    මොනවා කියන්න දැයි හිතාගන්න බෑ..

    ජ ය වේව ා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇවිත් කමෙන්ට් කළාට = සතුටින් පිළිගන්නවා

      Delete
  13. දෙවෙනි කොටස මට මිස් වෙලා වගේ. ඒකත් හෙමීට බලලම ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. උඩ ලින්ක් එක තියෙනව මේ පෝස්ට් එකේම දිනේශ් . ස්තුතියි

      Delete
  14. Hansamaali,
    lipi thunama kiyewwa, kavi saha kathawa harima sanwedei,
    amma paththukala pahan hathara oyai aammai nangai mallai wenna puluwan kiyalai matath hithune,

    ReplyDelete
  15. ane sthuthi Senarath Fernando :) ehema kiwwamath sathutui :) aayamath enna honde

    ReplyDelete
  16. ane sthuthi Senarath Fernando :) ehema kiwwamath sathutui :) aayamath enna honde

    ReplyDelete
  17. //ලොකු දූ බෝධියට යමුද// ඔච්චර ආදරෙන් කථා කරන අම්ම ගැන බොලා මක්කයි ඔහොමේ දොඩන්නේ ? Give more then you get more.

    ReplyDelete