වැරදි කරල කෝටු පාර
දෙන්නට අම්මා එනකොට
දුවන් ඇවිත් ළඟට වෙලා
නොයාම ඉන්නම්
රෑ තිස්සෙ පාඩම් කර
කම්මැලි වී දුවන් ඇවිත්
පිල් පඩියෙ වාඩිවෙලා
කවිත් අහන්නම්
හතර වරං දෙවි පිහිටෙන්
ලෝකෙ හොඳම ළමය වෙන්න
උත්සහ කර බැරි උනාම
නොකියම ඉන්නම්
පාන තියා බුදු සාදුට
මහ හය්යෙන් ගාථා කියා
වැරදුණාම හොරෙන් බලා
ඇස් වහගන්නම්,,,
හිමිදිරියේ බදුළු ඔයේ
තරඟෙට දිය බුං ගහන්න
සීතලයට ගැහෙනා වග
නොකියම ඉන්නම්
පාර පුරා පේර පඳුර
තනි අකුරෙන් ලියනා හැටි
කියලා දෙන විට ආයත්
බලාන් ඉන්නම්.
සුළැඟිල්ලේ එල්ලීගෙන
කළුවරේම පන්සල් යමු
වටින් පිටින් එන සද්දෙට භය
නොපෙනවා ඉන්නම්.
එදා වගේ වැට අද්දර
මා එන තුරු නෙතු යොමාන
එක දවසක් ඉන්නවාද
මුළු ලෝකෙම මගේ කියලා
හඬක් නගන්නම්
කවමදාවත් මට නොපෙනුන අහසේ තරු රටා අප්පච්චි පෙන්නන කොට
" මේ දෝණියේ මගේ ඇඟිල්ල කෙළින් බලන්න" කිව්වම බලලා "ආ දැක්ක අප්පච්චි කිව්වේ මම බොරුවට. ඒ ඇයිද මන්දා..... නමුත් දැන් මට ඒ ගැන දුකයි
~~අප්පච්චිගෙ මතක අතරේ මොහොතක්~~
පාමුල වැතිර රස කවි පද... ගයන්නම්
ගායන කරන ගී ළඟ හිඳ.... අහන්නම්
ආදර කතා හුරතල් වී ......කියන්නම්
මාළඟ ඉන්න පෙර සේ මා හිඳින්නම්
....
සීපද කියමු රෑ සඳවති .........අසාවී
ගී නෙක ගයමු ඒ දෙවඟනො නටාවී
මාවතෙ යනෙන විට සමනලු රඟාවී
මා ළඟ ඉන්න හිත සතුටින් පිරේවී
.....
මල් නෙක පිපී කඩුපුල් මල් බලාවී
සල්මල් නෙලා පන්සල් ගොස් පුදාවී
අත්වැල් පටල මාවතේ අපි දුවාවී
ගස් අතු දිගේ පොඩි පැටවුන් සොයාවී
.......
දිය බුං ගසා තරඟයකට පීන....... යමූ
කුඩමසු සොයා බෝතලයට දමා ගමූ
තුරු අග නැගී පැටවුන් හට කෑම දෙමූ
පළතුරු නෙලා ගස් යට ඉඳ රසට කමූ
බඩ පණුවෝ ගෝරණාඩු දාන්නෙ එළියෙ ඇහෙන හෙණ පිපිරිල්ලට තරඟයක් දෙන්නද මන්දා..... අනිත් අයටත් බඩගිනිද මන්දා.. මේ සීතලෙ රෑ කුස්සියට යන්නත් කම්මැලියි චුට්ටක් බයයි හ්ම්ම් සීතලත් තමා...
මට මතක් වුනේම අප්පච්චිවමයි
අද මගේ උපන්දිනය... අප්පච්චි නැතිව මට මොන සාදද? ලස්සනම ලාස්සන ගවුම්/ අඳුම් කේක් තෑගි මට හොරෙන් ගෙනල්ලා හංගං ඉඳලා දෙන හැටි මට මතකයි... සතුටුම සතුටු දවසක් කරන්න එදාට මම ආස කෑම බීම සෙල්ලම් ගමන් මොනවද නොකළේ....
උපන්දින උත්සවය
සමරන්නට ඕනි යයි
අවිහිංසක හිනාවක්
මල්ලිගේ මුව පුරා
ලස්සනම ලස්සන
ගේ පුරා සුවඳ විහිදුවන
කේක් එකක් වෙනදාට
අරන් ආවේ තාත්තා…
හංගලා අල්මාරියේ
මට හොරා ගෙනැවිල්ලා
දෝත පුරා මල් ගවුම්
තෑගි ගෙන ආවේ තාත්තා..
නමුණුකුල වගේ නොසැලිලා
මද පවනක් වගේ සුවයදී
සුදු නෙළුමක සුවඳ දෙන්න
දියෙන් කිරි වෙන් කරන
හංසියක් වෙන්න
උපන් දිනේ මට කීවේ තාත්තා
සුබ පැතුම් පත් එපා
පාටි මොනවත් එපා
තෑගි කොහොමත් එපා
හීනෙන්වත් තාත්තේ
අනේ ඇවිදින් යන්න
ආදරෙන් මගේ හිස
අතගා මගේ කඳුළු
පිස යන්න "මගේ
දෝණියේ" පවසන්න
මටත් නොදැනිම කඳුළු බිඳු කීපයක් ගලාගෙන ඇවිත් මගේ දෙතොල් ලුණු රහ කරද්හ්ඩි මම හෙමින් නැගිටලා මගේ කාමරේට ගියා.... අප්පච්චිට වෙච්ච පොරොන්ඳුව මට ඉශ්ට කරන්න බැරි වුණා කිව්වොත් මම වැරදිම නැහැ මම හිතන්නේ. එකම එක සැරයක් මට එයාගෙන සමාව ගන්න ඇත්නම්??????
ඉස්සර මම මූණු පොතේ කුරුටු ගෑ වචන පේළියක් මට මතක් වුනේ....
තාත්තේ සමාවෙන්න
තාත්තේ මම පොරොන්දු වුනා
අඬන්නේම නැහැ කවදාවත්ම
නංගියි මල්ලියි බලන්
ඉන්නවා අම්මත් එක්ක..
සත්තයි මම එයාලව
ආදරෙන් බලනවමයි
අම්මටත් මං හයියක්මයි
උත්සහ නම් ගන්නවාමයි…
එත්....
මට දැනෙන මේ දුක
දරන්නට බැහැමයි
පෙනෙන්නට නැති උනත්
හොරෙන් මං අඬන වග
තාත්තේ, දන්නවද?
"හැම තිස්සෙම තමන්ගේ
උපරිම උත්සහය දරන්න"
කීව වගේ උපරිමයම තමයි
හොරෙන් හොරෙන් මං ඇඬුවත්
අඬනවා විනා වෙන වැරදි නම්
කරන්නේ නැහැමයි
සමාවක් දෙන්නට
.......
හිතට එන හිතුවිලි ඔක්කොම කවි ගී කරන්න ඇත්නම් ඒවා ලියලා කා එක්ක හරි බෙදා ගන්න පුළුවන් නම්?මගේ කකුල් රිදෙනව නම් පන්සල් යනකොට එයා මාව වෙලාවකට ඔළුවෙ තියන් යනවා... වෙලාවකට උරේ තියන් යනවා.... "මගේ රැජිණී උඩයි උඩයි" කියලා...
"ඔයාගේ චූටි කකුල්
රිදෙනවද මයේ දුවේ,
වඩාගෙන යන්නද මං
තව ටිකක් දුර ම්..?"
"එපා දැන් මං ලොකු දුවනේ
මම එන්නේ පයින්
බුදුසාදු දකීවිද
මං ආවේ පයින් අද?"
"මගේ දෝනි අපි ළඟින්
ඉන්නකෝ මගේ දුවෙ
කළුවරේ ඇද වැටෙයි
වඩා ගෙනමයි යන්නේ"
"අර බලන්නකො හඳ මාමා
අපිත් එක්කම එනවා
පන්සලේ මල් අසුනේ
මලුත් තියෙනවද එයා?"
"පන්සලේ මල් ගොඩයි
තාත්තේ අපි ටිකක් ගමු
ගෙදර සාදුට දෙන්න
නෙළුම් මල් ලස්සනයි"
"ගෙදර යන කොට දූට
මල් අරන් දෙන්නම් කෝ?
සෙල්ලම කරන්නයි ම්?
සාදුටත් දෙන්නයි නේ?"
"දෝනි එන්න අපි
ගනන් කරමු අපි
"දුර අහසේ පියාඹන
වවුල්ලු... එකායි"
"එකායි දෙකායි පහායි
තාත්තේ මහ ගොඩයි"
මට කවමදාවත් ලබා ගන්න බැරි දෙයක් තියෙනවා.. ඒ පියෙකු විමේ වාසනාව..
අප්පච්චිගෙ හිත ඇතුලට කිමිදෙන්න මට පුළුවන් වුනා නම්.. මුවින් නොකී දෑසින් කිව් දේවල් මට තේරුණා නම්..... පලවෙනි වතාවට මම "තා තා" කිව්ව දවසේ අප්පච්චිට ඇඬුනලු.. හැබැයි මම එහෙම කියලා තියෙන්නේ ගෙදර ඉන්න පූසෙක් දිහා බලාගෙන...
එල ද බ්‍රා
ReplyDeleteමමයි පොඩි මෙන්ඩයි මේ කතාවට ආදේශ කරලා බැලුවා..
:) ස්තූතියි එලද බ්‍රා... ම්.ම්.ම්.ම්.ම්.ම් ++++
Deleteනියමයි හංසමාලි ...වෙන කියන්න දෙයක් හිතට එන්නේ නැ ..
ReplyDeleteජයවේවා !!!
සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි
සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ..
මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
පියාණනේ.. පියාණනේ..
පියාණනේ.. පියාණනේ..
ආශිර්වාද ඇසේ ලොවෙන් නින්දා වරුසාවන් අතරේ
මට දැනුදු දැනේ.. ඔබේ අගේ දිවා රැයේ
නින්දා අභියස මහමෙර වන් පියාණනේ..
මල් මාලා ගෙලට ඇතී අවමන් වරුසාවන් අතරින්
මට දැනුදු ඇසේ.. ඔබේ අගේ දිවා රැයේ
අවමන් අභියස නොසැලී හුන් ඔබේ සෙනේ..
සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි
සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ..
මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
පියාණනේ.. පියාණනේ..
පියාණනේ.. පියාණනේ..
ගායනය: ගුණදාස කපුගේ
කියන්න හිතට දෙයක් එන්නෙ නැති තරමටම කම්මැලි නෙ? හ්ම්ම්ම්ම් ආයමත් එන්න හොඳේ ...
Deleteඔයා සින්දු කමෙන්ට් කරන කොට ලින්ක් එහෙකුත් දානවද ප්ලීස්? = ඔය සින්දුවත් මම නම් අහල නැහැ මම හිතන්නේ
Delete@Sindu Ano
දුවෙක් තාත්තෙකු ගැන කියන මා අසා ඇති හොඳම ගිය........
Deleteමිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
පීනා සිප් සයුර එතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද
නොසෙල් වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන
සිනාසෙමී
මිදුලේ වැලි මාලිගාවේ....
එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මග
හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන්
පියාණනේ
මිදුලේ වැලි මාලිගාවේ...
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී
මියැසිය- රෝහණ වීරසිංහ
ගායනය- පේෂලා මෙන්ඩිස්
ලස්සන සින්දුව මැලේ රාළ .. හැබැයි ඒ සින්දුව කියන්න අද අප්පච්චි මගේ ළඟ නැහැ.නමුත් මම ආස සින්දුවක්
Deleteඅන්දර යායේ වැව් තාවුල්ලේ.. සක්මන් කරනා අප්පච්චි...
ReplyDeleteදොලේ දියයි මට.. කෙතේ නිලයි..
ගහ වැලේ මලයි මට.. අප්පච්චි...
ඇත්තම කියුවොත් මට මගේ ලොකු දුව ගැන පුංචි බයක් වගේ එකක් දැනුනා.. එයා ස්වාධින කෙනෙක් වෙන්න කලින් මං මැරුණොත්? හ්ම්ම්..
ඉපදිච්ච දවසේ ඉඳලම මං කෙල්ලව වඩාගෙන මමම හදා ගත්ත කවියක් කියනවා..
"අප්පච්චිගේ මිදුලේ..
මලක් පිපිලා..
හරිම ලස්සනයි..
සුවඳයි..
හරි හොඳයි..
ආදරෙයි..//'
දැන් ලොකු ළමයෙක් වෙන්නත් ලඟයි.. වඩා ගත්තහම කකුල් බිම ගැවෙනවා.. ඒත් අදටත් ගෙදර ඉන්නකොට දවසකට සැරයක් හරි වඩාගෙන ඔය කවිය කියන්න ඕනි.. නිකම් නෙවෙයි.. අම්මටයි මල්ලිටයි පේන්න.. අප්පච්චිලා දුවලටයි දුවල අප්පච්චිලාටයි දැනෙනවා වැඩියි..
හොඳ තාත්ත කෙනෙක් නේ මේ. බොහොම සන්තෝසයි.
Deleteකළනය්යද? හ්ම්ම් ඇත්ත තමා ...
Deleteඅපි ලියන අය/ නැතිනම් ලියන්න උත්සහ කරන අය... කලා කාරයෙක් කියන්නෙ කවුද කියලා චුට්ටක් හිතුවොත් මට හිතෙන්නේ ජීවිතේ මිනිස්සු ලෝකෙ දිහා " ඔබේ ඇසින් හා ඔබ නුදුටු ඇසින්" දකින අය කියලා.
ReplyDeleteඅය්යගේ කමෙන්ට් එක මගේ කඳුළු අලුත් කලා.. අප්පච්චි සිහිවෙන සැරෙන් සැරෙට ලියවුණු දේවල් කීපයක මම ගොනු කළේ..
"එයා ස්වාධින කෙනෙක් වෙන්න කලින් මං මැරුණොත්? හ්ම්ම්.. "
දුවලා එහෙම වෙන්නෙ නැහැ ඉතින්.... රස්සාවක් කරයි. විවාහ වෙයි...අප්පච්චි නැති වීම තරමට මාව අසරණ කළ දෙයක් තවත් නැහැ අය්යේ.හිතේ තිබුණු හයිය කොහෙන් ගියාද නැහැ....
අයිතිකාරයා ළඟ ඉන්න කොට බුරනවනෙ ටිකක් හයියෙන් බල්ලෝ?ඒ වගේ දුවලත් හරි ලොක්කියෝ අප්පච්චි ළඟ ඉන්න කොට
එකම පරිසරයක නිසා අය්යගෙ කමෙන්ට් එක ටිකක් වැඩියෙන් හිතට දැණුනා....
ලස්සන අදහස් ගොන්නක් . ඒත් අප්පච්චිලා දුවලාට දක්වන ආදරය රටේ සියලුම දුවලාට දැනෙනවා නම් කොච්චර හොඳද කියලා හිතුනා පැත්තකින් හිතුනා. ගැටලු ඇති වෙන්නේ දුවලා කුඩා කාලයේ සිටීදි නම් නොවෙයි නමුත් ඔවුන් විවාහ උනාමයි.
ReplyDeleteහ්ම්ම් වෙන්න ඇති. තවම මට ඒ ගැන පුද්ගලික අත්දැකීමක් නැති නිසා කියන්න අමාරුයි.. විවාහයෙන් පස්සෙ නම් ඉතින් දේපල බෙදන්න ගියාම තමා ගැටළු ඇතිවෙන්නේ නේද?
Deleteඹබේ නෙතට විතරක් නෙවෙයි මගේ නෙතටත් කඳුලු බිඳුවක් නැගුනා...
ReplyDeleteසංවේදී සටහනක්...
දිගටම ලියමු..
ජ ය වේ වා !!!
ස්තූතියි+ ආයමත් මේ පැත්තෙ එන්න හොඳේ :)
ReplyDeleteහරිම අගෙයි...... සුන්දර සටහනක් ඒක්ක ඒකතු වුණ ලස්සනම ලස්සන පද වැල් ගොඩක්..... කිසිම වැඩියක් නෑ..... සුන්දරයි....
ReplyDeleteස්තුතියි. තාම මුල හින්දා පොඩ්ඩක් වැඩියෙන් හිතනවා.. ම්.ම්.ම්.ම්. ස්තූතියි ආයම පාරක් හොඳේ
Delete@kurutu
හරිම සංවේදී කථාවක්. විශේෂයෙන්ම දෙරටක දික්කසාදයක් නිසා කාලයක් මගේ දුවව නොදැක ඉන්න සිදුවීම. ටිකක් වෙනස් පිය සෙනෙහසක් ගැන මගේ ලිපිය සහ ගීතයත් බලන්න.
ReplyDeletehttp://lankanian.blogspot.com/2015/09/blog-post_21.html
Deleteතමන්ගෙම අත්දැකීමක් ලියන්න ගියාම හුඟක් දැනෙන්න ලියන්න පුළුවන් නේ? එහෙම ලියපු දෙයක් සංවේදීව දකින්නෙ ඒ වගේම අත්දැකීමක් තියෙන අය නෙ?ස්තූති. ආඅයම එන්න හොඳේ
Deleteටිකාක් විතර දිග වැඩි වගේ පෙනුනෙ, ඒත් ළමා කල සිදුවීම් සහ මතකයන් පෙලක් කවියෙනුත් සැරසිලි කරලා ලියනකොට කෙටියෙන් ලියන්නත් අමාරු ඇතිනෙ. කියවනකොට ළමා කලට ඉබේම මතකය ඇදිලා යනව. හොඳයි, එක දිගට කියවන් යන්න පුළුවන්.
ReplyDeleteඅදනෙ මේ පැත්තේ ආවෙ.. සතුටින් පිළිගන්නවා.. මම ලියන කවි මූනු පොතේ හරි බ්ලොග් එකෙ හරි විතරයි තියෙන්නෙ. ඉතින් මට හිතුන බ්ලොග් එකෙ ඒවා ගොනුකරගන්න ..... ස්තූතියි හොඳේ.. ඊළඟ සැරේ මෙච්චර නොලියා ඉන්නම්
Deletehttp://nelumyaya.com/?p=4699
ReplyDeleteස්තූතියි බොහෝම :)
ReplyDelete@kalanayya
ලස්සන නිර්මාණ ටිකක්. හරිම සංවේදීයි.
ReplyDeleteදිගටම ලියමු.
ජය වේවා!!!
ස්තූතියි මනෝජ්... බ්ලොග් ක්‍රව්ඩ් එකට ගැලපෙන්න ලියන්න බැහැ මට
Deleteඅම්මෝ..
ReplyDeleteමම සංවේදී වැඩි වුණාද මන්දා...
අප්පච්චි ගැන සංවේදී නැතුව කියවන්න හිතන්න පුළුවන් කෙනෙක් ඉඳීවිද හුස්ම ගන්න? ස්තූතියි ආයම එන්න .
Delete@Chathuranga.
මේ තරම් සංවේදී විදියට පිය සෙනෙහස මම විඳලා නැති උනත් ඔයාගෙ ලිපිය මගෙ ඇස් දෙකට කඳුලු ගෙනාවා. මොහොතකට ඔයා වෙලා මම ඔයාගෙ අප්පච්චි එක්ක නැලවුනා.
ReplyDeleteසතුටුයි එහෙනම් ඉතිං ... :) අදනේ ඔයා ආවේ.. ආයමත් එන්න හොඳේ. අප්පච්හ්cඉ අම්ම ඉන්නවා නම් අපේ ආදරේ එයාලට පෙන්නමු
ReplyDeleteමම මීට කලින් ඇවිත් නැහැ නේද? නෙලුම්යාය හරහා තමා ආවේ.
ReplyDeleteමටත් ඉන්නේ දුවලා දෙන්නෙක් නේ. දුවලා තාත්තලා ගැන හිතන විදිහ ඒ දෙන්නාගෙන් මම බොහොම හොඳින් අත්විඳලා තියනවා. මේ ලිපියත් එහිම දිගුවක් ලෙස අගය කරනවා.
අයෙත් එන්න පාර මතකතියාගන්න ඔන්න මගේ බ්ලොග් රෝලටත් දාගන්නවා.
බොහොම ස්තුතියි දිරිගැන්වීමට .... ම්.ම්.ම්.ම්.ම්. ඔව් ආයමත් එන්න. ඒ වගේම සටහනුකුත් තියල යන්න. දූලගෙ මුළු ලෝකෙම අප්පච්චිලා තමා :)
Deleteමම ඔයාගේ අඩවියේ ලින්ක් එක මගේ බ්ලොග් රෝල්ට දැම්ම. නමුත් අප්ඩේට් වෙලා නැහැ. මොකද ඒ?
Deleteඒ ගැන දැනුම නම් මගේ අඩුම අඩුයි= මම නම් මුකුත්ම කළේ නැහැ
Deleteහංසමාලි.... වචන නෑ නගෝ... අතිවිශිෂ්ඨයි.... මට මගෙ කෙලි පොඩිත්ත මතක් වෙනව...
ReplyDeleteඇයි ඉන්නෙ දූ ළඟ නෙවිද? මම හිතුවෙ එයා ළඟ කියලා. තරු රටා ( මට තාමත් අහසෙ නොපෙනෙන ) මල් වලට එන පුංචි සත්තු පිණිබිඳු ගැන කතන්තර කවි සින්දු ...... ම්.ම්.ම්.ම්.ම් දූ ළඟ හිටිය නම් තමා අගේ එහෙම නේ?
Deleteවිදුලි ගගහ හයියෙන් ගොරවල වහිනකොට විතරක් මගේ අස්සේ වදින හොර ගෙඩියෙක් මතක් උනා මේක කියවල... වැස්ස ඉවර උනාම ආයේ තමුන්ගේ වැඩ අපි උන්නද මලාද නැහැ ... දැන් ඒ හොර ගෙඩියා ලොකු නිසා ගොරවනවට බය නැතුව ඇති.. බය උනත් දැන් මම ලංකාවේ නැහැනේ... දෛවය බොහොම කුරිරුයි ... ලස්සන පොස්ට් එකක්...
ReplyDeleteබය නම් නැත්තෙමත් නැහැ ඉතිං ...... එකම ගෙදරවත් ඉන්නවනං කියලා හිතෙනවා ඇති.. :) ආයමත් එන්න හොඳේ
Deleteසුන්දර ලෙස ලියා තිබෙනවා. දෙවන කොටසත් බලමු.
ReplyDeleteස්තූතියි.. ලියලා පෝස්ට් කරන්න කළින්ම හිතන්නේ,, මේක හරි මදිද දන්නේ නැහැ කියලනේ? ධිරිගැන්වීමට ස්තූතියි හොඳේ :)
Deleteබොහොම උවමනාවෙන් දිගට දිගේ ලියලා තියෙන නිසා තාත්තා ගැන ලොකු හැඟීමක් තියෙන බව හොඳට පේනවා.
ReplyDeleteදුවෙක් ගැන පියෙක්ගේ හිතේ ඇතිවන හැඟීම දුවෙකුට හරියටම දැනෙන්නේ සමහර විට ඒ පියා නැති කාලෙක වෙන්න පුළුවන්. පුත්තුන්ට කොහොමත් එහෙමයි.
හංසි, සිංහබාහු වේදිකා නාට්‍යයේ එනවා මෙහෙම ගීතයක්.
පුතු සෙනේ මස් නහර හැම සිඳ
ඇට සොයා ගොස් ඇට තුලට වැද
ඇට මිඳුළු මත
රඳා සිට දුක් දෙයි නිබන්දා..
පුතු සෙනේ පිතු හද තුලම මිස
නැත පුතුන් හද තුල රඳන්නේ
ඇට සොයා ගොස් ඇට තුලට වැද
සදා කල් නැත දුක් දෙවන්නේ..."
අම්ම කෙනෙක්ගෙ දුක තේරෙන්න කවද හරි අම්මෙක් වෙන්න ඕනි. එහෙමත් නැතිනම් තාත්තා කෙනෙකුගේ ආදරය නැතිවෙන්න තාත්තා අපි ළඟ නැතිවෙන්නම ඕනි... ම්.ම්.ම්.ම්.ම් මම නම් දන්නේ නැහැ මධූ .... මට නම් ජීවිතෙන් භාගයක් නැතිවුණා වගේ අප්පච්චිගෙ වියෝව.. ඒ මගේ කවිමද දන්නෙත් නැහැ .. ඒ කවි සිතුවිලිත් එක හේතුවක් වෙන්න ඕනි
ReplyDelete"සොහොයුරා නම් ඔඅල මොල ගති ඇති
ඇයි සුදු දුවණිය ඔබවත් නොසිටියෙ?"
සිංහ බාහු එකෙ එහෙමත් කියනවනෙ? දුවලට දැනෙනවා .. අප්පච්චිලගේ හිත් .. මීට වඩා දැනුනනම් හොඳයි
සංවේදී සටහනක්, දෙමවුපියෝ කියන්නේ කවදාවත් හිතෙන අත් අරින්න් පුළුවන් ය නෙවේ.
ReplyDeleteමගේ දුවේ නුඹ අවදියෙන් නම්
මේ රැයේ මිඉරිම වෙලාවයි සිංදුව අහල තියෙනවද?
දැන් ආයම ඇහුවා හ්ම්ම්ම් ඔව් දුක්බර සතුටු හිතෙන සංවේදී ඕනිම වෙලාවක එයාල අපි ළඟ ඉන්නව නේ?
ReplyDeletehttps://www.youtube.com/watch?v=MNeNfzGC6dw
අපිලත් අප්පච්චිලා නොවැ.ඒ හින්දා දූලා අප්පච්චිලා ගැන ලියන ඒවා බලන්න ඒන්නම වෙනවනේ.මට මගේ මුලු ලෝකේම මගේ එකම දූ විතරයි.
ReplyDeleteමට ඉතින් මගෙ අප්පච්චි තමා ලෝකෙන්ම හොඳම අප්පච්චි. අනිත් අතට එක්කෙනෙක්ට ඉන්නෙ එකම අප්පච්චි නේ නේද? සතුටුයි හොඳ අප්පච්චි කෙනෙක් මේ පැත්තේ ගොඩ වුණු එකට
Deleteහිතේ දුක පුරෝගෙන කියෙව්වා...
ReplyDeleteකියවලා සෑහෙන වෙලාවකට පස්සේ මුඩ් එක හරි යනකල් ඔෆිස් එකෙන් එළියටත් ගිහින් ඉඳල එහෙම ඇවිත් තමයි මේ අකුරු ටික අමුණ ගත්තේ...
දුවලට විතරක් නෙමෙයි පුතාලටත් තාත්තලව හොඳට දැනෙනවා...
අදට අපේ තාත්ත නැතිවෙලා හරියටම අවුරුදු 11 යි මාස 8 ක් වෙනවා...
පුතාලට දොස් කීවේ නැහැ. මායි නංගියි මල්ලියි අම්මයි හුඟක්ම අසරණ වුණා අප්පච්චි නැති වුනාම.. මම පව්ලේ වැඩිමලා වීමත් මට වඩා නංගි අවුරුදු 7කුත් මල්ලි මට වඩා අවුරුදු 9හමාරක් බාල නිසා.. මට හිතෙන්නෙ අම්මටයි මටයි තමා ඒක වැඩියෙන්ම දැනුණේ..
Deleteඒක තමා "අනේ අපරාදේ තව ටිකක් කියන්න තිබ්බ: හිතන්න තිබ්බ: කිට්ටුවෙන්න තිබ්බා මුකුත්ම නැතිනම් ළඟ වාඩිවෙලා තිබ්බ කියලා දුක හිතෙනව නේ?
ලොකු පුතාගෙ කමෙන්ට් එක මගේ හිතටත් දුක ආයමත් අරන් ආවා
මාත් ගොඩක් සංවේදී වුණා මේ පෝස්ට්1 කියවල. ඇත්තටම හංසමාලි දෙමාපියන්ගෙ අගේ කියන්න වචන මදි නේද??
ReplyDeleteමට ගොඩක් බය හිතෙන්නෙ මං ළඟින් ඉන්න අය මාව දාල යන දවසක් එනව කියන යථාර්ථෙ සිහි වෙන කොට.ඒ වෙලාවට මං හරිම බොලඳ විදියට හිත යටින් අඬනව ඒ හැමෝටම කලින් මාව මැරෙන්න කියල.ඔයාගෙ නිර්මාණය කියවනකොට මට ඒ වගේ සිතුවිලි ගොඩක් ඇවිත් ඇස් බර වුණා. සාර්ථක නිර්මාණයක්.
ජය වේවා!!
මට ඒ ගැන භය හිතෙන්න දෙයක් නැහැ ඉසුරි :) මගේ අම්මයි තාත්තයි දෙන්නම මගේ ලඟ නැහැ..
ReplyDeleteහිත යටින් අඬන එක ඉතින් පුරුද්දක් වෙලා
මෙහෙම ලියන එකත් හිතට සහනයක්
ස්තූතියි.... ආයමත් එන්න හොඳේ :)
සුපිරියි...
ReplyDeleteස්තුතියි :)
Deleteස්තුතියි :)
Deletelassanai....
ReplyDelete