Nov 28, 2015

රෑ හොරෙන් කාමරයට ආවෙ කවුද?

මොර සූරන වැස්සක් .. සීතලයි... රැහැයි හඬවත් .... කනකොක් හඬවත් ඇහෙන්නෙ නැහැ... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් මොර සූරන?

මොර සූරන වැස්සක් ඒකෙ තේරුම මොකද්ද මන්දා....

ගස් වැල් හඬන සද්දේ.... දුරින් ඇහෙන ගඟ ගලන සද්දේ...තිගස්සවන හෙණ ගෙඩි පුපුරණ සද්දේ අස්සෙන් ........ සැරෙන් සැරේ  වටපිටාවට අණසක් පතුරුවණ විදුලි කෙටීම්........ බිය මුසු ආස්වාදයක් මගේ හිතට ආවා..

වැස්ස කවදත් සුමිහිරි සිතුවිලි මගේ හිතට අරන් එනවා..... ඒත් මේ පාළු අඳුරු රාත්‍රිය නම් එහෙම නැහැ..... 
භයක්..... පාළුවක්........ හුදකලාවක්...... මගේ හිතට අරන් ආවේ...

අප්පච්චි හිටිය නම් අපි 4 දෙනාම  නැහැ 5ස් දෙනාම එකම කාමරේ... සමහර විට එකම ඇඳක ගුලිවෙලා රස කතා අහනව..  නැතිනම් සින්දු කියනවා... අපි පුළුවන් තරම් අම්මටයි අප්පච්චිටයි ලං වුනේ සීතලටම නෙවි ...එළියෙන් කඩා හැලෙන වැස්සත් එක්ක හොරෙන් අපේ හිත් වලට රිංගන භය හංගගන්න  

මට මතක් වුනේ අප්පච්චි එක්ක  මුතියන්ගනේ ගිය හැටි... ශ්‍රී පාදය වඳින්න ගිය හැටි... කතන්තර කවි සින්දු ගාථා කිව්ව හැටි ..අද කාලෙ අප්පච්චිලට වඩා මගේ අප්පච්චි කොච්ර හොඳද?

අපේ අම්මට තරහ ගියාම හුඟක් බනිනවා . ඒ විතරක් නෙවි පිච්ච කෝටු පාර වදිනවා. මං අප්පච්චි ඉන්න වෙලවක නම් දුවන්නේ අප්පච්චි ළඟට.. එයා කවදාවත් අම්මට ඉඩ දෙන්නෙ නැහැ මට " හොඳවයින් පාරවල් දෙකක්" දෙන්න.ඒ වුණාට මම අප්පච්චි කියන දේවල් නම් ඇහුවා.. ( මට මතක් වෙච්ච වෙලාවට විතරක් )

අම්ම මගේ දඟකාරකම් අප්පච්චිට කිව්වම එයාට හිනා යනවා. මම ළඟ පාතක ඉන්නව නම් අම්මට හුඟක් තරහ ගිහින් නම් එයා අමාරුවෙන් හිනාව නව්ත්ත ගන්නවා මම දැකල තියෙනවා



රන් සමනළු රෑන් එක්ක
සිරිපාදෙ වදින්න යමි
අතර මගදි කකුල් රිදිලා
උරේ නගින්නම්
වැරදි කරල කෝටු පාර
දෙන්නට අම්මා එනකොට
දුවන් ඇවිත් ළඟට වෙලා
නොයාම ඉන්නම්

රෑ තිස්සෙ පාඩම් කර
කම්මැලි  වී දුවන් ඇවිත්
පිල් පඩියෙ වාඩිවෙලා
කවිත් අහන්නම්

හතර වරං දෙවි පිහිටෙන්
ලෝකෙ හොඳම ළමය වෙන්න
උත්සහ කර බැරි උනාම 
නොකියම ඉන්නම්

පාන තියා බුදු සාදුට
මහ හය්යෙන් ගාථා කියා
වැරදුණාම හොරෙන් බලා
ඇස් වහගන්නම්,,,

හිමිදිරියේ බදුළු ඔයේ
තරඟෙට දිය බුං ගහන්න
සීතලයට ගැහෙනා වග
නොකියම ඉන්නම්

පාර  පුරා පේර පඳුර
තනි අකුරෙන් ලියනා හැටි
කියලා දෙන විට ආයත්
බලාන් ඉන්නම්.

සුළැඟිල්ලේ එල්ලීගෙන
කළුවරේම පන්සල් යමු
වටින් පිටින් එන සද්දෙට භය
නොපෙනවා ඉන්නම්.

එදා වගේ වැට අද්දර
මා එන තුරු නෙතු යොමාන
එක දවසක් ඉන්නවාද
මුළු ලෝකෙම මගේ කියලා
හඬක් නගන්නම්

කවමදාවත් මට නොපෙනුන  අහසේ තරු රටා අප්පච්චි පෙන්නන කොට
" මේ දෝණියේ මගේ ඇඟිල්ල කෙළින් බලන්න" කිව්වම බලලා  "ආ දැක්ක අප්පච්චි කිව්වේ මම බොරුවට. ඒ ඇයිද මන්දා..... නමුත් දැන් මට ඒ ගැන දුකයි


~~අප්පච්චිගෙ මතක අතරේ මොහොතක්~~

පාමුල වැතිර රස කවි පද... ගයන්නම්
ගායන කරන ගී ළඟ හිඳ.... අහන්නම්
ආදර කතා හුරතල් වී ......කියන්නම්
මාළඟ ඉන්න පෙර සේ මා හිඳින්නම්
....
සීපද කියමු රෑ සඳවති .........අසාවී
ගී නෙක ගයමු ඒ දෙවඟනො නටාවී
මාවතෙ යනෙන විට සමනලු රඟාවී
මා ළඟ ඉන්න හිත සතුටින් පිරේවී
.....
මල් නෙක පිපී කඩුපුල් මල් බලාවී
සල්මල් නෙලා පන්සල් ගොස් පුදාවී
අත්වැල් පටල මාවතේ අපි දුවාවී
ගස් අතු දිගේ පොඩි පැටවුන් සොයාවී
.......

දිය බුං ගසා තරඟයකට පීන....... යමූ
කුඩමසු සොයා බෝතලයට දමා ගමූ
තුරු අග නැගී පැටවුන් හට කෑම දෙමූ
පළතුරු නෙලා ගස් යට ඉඳ රසට කමූ

බඩ පණුවෝ ගෝරණාඩු දාන්නෙ එළියෙ ඇහෙන හෙණ පිපිරිල්ලට තරඟයක් දෙන්නද මන්දා..... අනිත් අයටත් බඩගිනිද මන්දා.. මේ සීතලෙ රෑ කුස්සියට යන්නත් කම්මැලියි චුට්ටක් බයයි හ්ම්ම් සීතලත් තමා...

මට මතක් වුනේම අප්පච්චිවමයි



අද මගේ උපන්දිනය... අප්පච්චි නැතිව මට මොන සාදද? ලස්සනම ලාස්සන ගවුම්/ අඳුම් කේක් තෑගි මට හොරෙන් ගෙනල්ලා හංගං ඉඳලා දෙන හැටි මට මතකයි... සතුටුම සතුටු දවසක් කරන්න එදාට මම ආස කෑම බීම සෙල්ලම් ගමන් මොනවද නොකළේ....




උපන්දින උත්සවය
සමරන්නට ඕනි යයි
අවිහිංසක හිනාවක්
මල්ලිගේ මුව පුරා


ලස්සනම ලස්සන
ගේ පුරා සුවඳ විහිදුවන
කේක් එකක් වෙනදාට
අරන් ආවේ තාත්තා…

හංගලා අල්මාරියේ
මට හොරා ගෙනැවිල්ලා
දෝත පුරා මල් ගවුම්
තෑගි ගෙන ආවේ තාත්තා.. 

නමුණුකුල වගේ නොසැලිලා
මද පවනක් වගේ සුවයදී
සුදු නෙළුමක සුවඳ දෙන්න
දියෙන් කිරි වෙන් කරන
හංසියක් වෙන්න
උපන් දිනේ මට කීවේ තාත්තා

සුබ පැතුම් පත් එපා
පාටි මොනවත් එපා
තෑගි කොහොමත් එපා
හීනෙන්වත් තාත්තේ
අනේ ඇවිදින් යන්න

ආදරෙන් මගේ හිස
අතගා මගේ කඳුළු
පිස යන්න "මගේ
දෝණියේ" පවසන්න

මටත් නොදැනිම කඳුළු බිඳු කීපයක් ගලාගෙන ඇවිත් මගේ දෙතොල් ලුණු රහ කරද්හ්ඩි මම හෙමින් නැගිටලා මගේ කාමරේට ගියා.... අප්පච්චිට වෙච්ච පොරොන්ඳුව මට ඉශ්ට කරන්න බැරි වුණා කිව්වොත් මම වැරදිම නැහැ මම හිතන්නේ. එකම එක සැරයක් මට එයාගෙන සමාව ගන්න ඇත්නම්??????

ඉස්සර මම මූණු පොතේ කුරුටු ගෑ වචන පේළියක් මට මතක් වුනේ....




තාත්තේ සමාවෙන්න
තාත්තේ මම පොරොන්දු වුනා
අඬන්නේම නැහැ කවදාවත්ම
නංගියි මල්ලියි බලන්
ඉන්නවා අම්මත් එක්ක..

සත්තයි මම එයාලව
ආදරෙන් බලනවමයි
අම්මටත් මං හයියක්මයි
උත්සහ නම් ගන්නවාමයි…

එත්....
මට දැනෙන මේ දුක
දරන්නට බැහැමයි
පෙනෙන්නට නැති උනත්
හොරෙන් මං අඬන වග
තාත්තේ, දන්නවද?

"හැම තිස්සෙම තමන්ගේ
උපරිම උත්සහය දරන්න"
කීව වගේ උපරිමයම තමයි
හොරෙන් හොරෙන් මං ඇඬුවත්

අඬනවා විනා වෙන වැරදි නම්
කරන්නේ නැහැමයි
සමාවක් දෙන්නට

.......
හිතට එන හිතුවිලි ඔක්කොම කවි ගී කරන්න ඇත්නම් ඒවා ලියලා කා එක්ක හරි බෙදා ගන්න පුළුවන් නම්?මගේ කකුල් රිදෙනව නම් පන්සල් යනකොට එයා මාව වෙලාවකට ඔළුවෙ තියන් යනවා... වෙලාවකට උරේ තියන් යනවා.... "මගේ රැජිණී උඩයි උඩයි" කියලා...


"ඔයාගේ චූටි කකුල්

රිදෙනවද මයේ දුවේ,

වඩාගෙන යන්නද මං

තව ටිකක් දුර ම්..?"

"එපා දැන් මං ලොකු දුවනේ
මම එන්නේ පයින්
බුදුසාදු දකීවිද
මං ආවේ පයින් අද?"

"මගේ දෝනි අපි ළඟින්
ඉන්නකෝ මගේ දුවෙ
කළුවරේ ඇද වැටෙයි
වඩා ගෙනමයි යන්නේ"

"අර බලන්නකො හඳ මාමා
අපිත් එක්කම එනවා
පන්සලේ මල් අසුනේ
මලුත් තියෙනවද එයා?"

"පන්සලේ මල් ගොඩයි
තාත්තේ අපි ටිකක් ගමු
ගෙදර සාදුට දෙන්න
නෙළුම් මල් ලස්සනයි"

"ගෙදර යන කොට දූට
මල් අරන් දෙන්නම් කෝ?
සෙල්ලම කරන්නයි ම්?
සාදුටත් දෙන්නයි නේ?"

"දෝනි එන්න අපි
ගනන් කරමු අපි
"දුර අහසේ පියාඹන
වවුල්ලු... එකායි"
"එකායි දෙකායි පහායි
තාත්තේ මහ ගොඩයි"



මට කවමදාවත් ලබා ගන්න බැරි දෙයක් තියෙනවා.. ඒ පියෙකු විමේ වාසනාව.. 

අප්පච්චිගෙ හිත ඇතුලට කිමිදෙන්න මට පුළුවන් වුනා නම්.. මුවින් නොකී දෑසින් කිව් දේවල් මට තේරුණා නම්..... පලවෙනි වතාවට මම "තා තා" කිව්ව දවසේ අප්පච්චිට ඇඬුනලු.. හැබැයි මම එහෙම කියලා තියෙන්නේ ගෙදර ඉන්න පූසෙක් දිහා බලාගෙන...


~~~~~පිය සෙනෙහස ~~~
හිරු සඳු ඔබය ඝනදුර පිරි මගේ   ලොවේ
මොළකැටි මුවද සිපගමි පුත සෙනේ  මැවේ
දැක ගනු පිණිස පියඹමි සොය සොයා භවේ
තිලොවම මගෙය ඔබ ළඟ මගෙ අමද  සුවේ

කිරි කැටි සිනහ පිනවයි හද ලොවම නැවේ
මුදු රස බසද සනසයි හිත සතුට  දෙවේ
දුව දුව වැටෙන නැගිටින යුරු සිතෙහි මැවේ
කවිකම මොටද වැණුමට බැරි මගෙම  කවේ

"තා තා" කියා පළමුව ඇමතුව  දවසේ
නෙත් බොඳ වුණා මපුතුණි කාටත්   රහසේ
මා රජ වුණා කිරුළද පළඳා   නිවසේ
ඇත්තයි සිතේ අනගිම වදනයි සුබසේ

නවතනු පිණිස නුඹගේ එක කඳුළු බීඳක්
මවනෙමි සිහින මතු බුදු වෙන පුතා   රජෙක්
තරයෙම වැළඳ ගමි පුතුනේ එයද    සැපක්
තබනෙමි තිලොව පාමුල මට නොමැත  සැකක්

කියන්න හැදුවේ එකක් .. කිව්වේ තව එකක්. "ටිපිකල් වුමන්" එහෙම කියලා කමෙන්ට් කරනවා එහෙම නොවෙයි ඕන් :)

........
ඒ හින්දා මම මේක " මහ රෑ කාමරයට ආව අමුත්තා ( 1 කොටස ) කියලා නම් කරන්නම් හොඳේ.. කවි ටිකක් වැඩි වුනාද මන්දා :)















54 comments:

  1. එල ද බ්‍රා
    මමයි පොඩි මෙන්ඩයි මේ කතාවට ආදේශ කරලා බැලුවා..

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි එලද බ්‍රා... ම්.ම්.ම්.ම්.ම්.ම් ++++

      Delete
  2. නියමයි හංසමාලි ...වෙන කියන්න දෙයක් හිතට එන්නේ නැ ..
    ජයවේවා !!!

    සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි
    සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ..
    මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
    දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
    පියාණනේ.. පියාණනේ..
    පියාණනේ.. පියාණනේ..

    ආශිර්වාද ඇසේ ලොවෙන් නින්දා වරුසාවන් අතරේ
    මට දැනුදු දැනේ.. ඔබේ අගේ දිවා ‍රැයේ
    නින්දා අභියස මහමෙර වන් පියාණනේ..
    මල් මාලා ගෙලට ඇතී අවමන් වරුසාවන් අතරින්

    මට දැනුදු ඇසේ.. ඔබේ අගේ දිවා ‍රැයේ
    අවමන් අභියස නොසැලී හුන් ඔබේ සෙනේ..
    සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි
    සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ..
    මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
    දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
    පියාණනේ.. පියාණනේ..
    පියාණනේ.. පියාණනේ..


    ගායනය: ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. කියන්න හිතට දෙයක් එන්නෙ නැති තරමටම කම්මැලි නෙ? හ්ම්ම්ම්ම් ආයමත් එන්න හොඳේ ...

      Delete
    2. ඔයා සින්දු කමෙන්ට් කරන කොට ලින්ක් එහෙකුත් දානවද ප්ලීස්? = ඔය සින්දුවත් මම නම් අහල නැහැ මම හිතන්නේ
      @Sindu Ano

      Delete
    3. දුවෙක් තාත්තෙකු ගැන කියන මා අසා ඇති හොඳම ගිය........

      මිදුලේ වැලි මාලිගාවේ
      සක්විති පදවිය ලබන්න
      ගල් වැට ළඟ වාඩි වෙලා
      හඳ පායන හැටි බලන්න
      සතර දිසා ජයගෙන මම හනික එමී
      ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

      පීනා සිප් සයුර එතෙර
      සියල් සතර දැන පිරිසිඳ
      ලොවේ අනෙක අවමන් මැද
      නොසෙල් වෙමී
      මිනිස් මහිම දෝතින් ගෙන
      සිනාසෙමී

      මිදුලේ වැලි මාලිගාවේ....

      එපා ඔටුනු මගෙ සිරසට
      එපා සිහසුනක් හිඳිනට
      සිනා සිසී මා එන මග
      හිඳිනු මැනේ
      දුවේ කියා මා අමතන්
      පියාණනේ

      මිදුලේ වැලි මාලිගාවේ...



      ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී
      මියැසිය- රෝහණ වීරසිංහ
      ගායනය- පේෂලා මෙන්ඩිස්

      Delete
    4. ලස්සන සින්දුව මැලේ රාළ .. හැබැයි ඒ සින්දුව කියන්න අද අප්පච්චි මගේ ළඟ නැහැ.නමුත් මම ආස සින්දුවක්

      Delete
  3. අන්දර යායේ වැව් තාවුල්ලේ.. සක්මන් කරනා අප්පච්චි...
    දොලේ දියයි මට.. කෙතේ නිලයි..
    ගහ වැලේ මලයි මට.. අප්පච්චි...

    ඇත්තම කියුවොත් මට මගේ ලොකු දුව ගැන පුංචි බයක් වගේ එකක් දැනුනා.. එයා ස්වාධින කෙනෙක් වෙන්න කලින් මං මැරුණොත්? හ්ම්ම්..

    ඉපදිච්ච දවසේ ඉඳලම මං කෙල්ලව වඩාගෙන මමම හදා ගත්ත කවියක් කියනවා..

    "අප්පච්චිගේ මිදුලේ..
    මලක් පිපිලා..
    හරිම ලස්සනයි..
    සුවඳයි..
    හරි හොඳයි..
    ආදරෙයි..//'

    දැන් ලොකු ළමයෙක් වෙන්නත් ලඟයි.. වඩා ගත්තහම කකුල් බිම ගැවෙනවා.. ඒත් අදටත් ගෙදර ඉන්නකොට දවසකට සැරයක් හරි වඩාගෙන ඔය කවිය කියන්න ඕනි.. නිකම් නෙවෙයි.. අම්මටයි මල්ලිටයි පේන්න.. අප්පච්චිලා දුවලටයි දුවල අප්පච්චිලාටයි දැනෙනවා වැඩියි..

    ReplyDelete
    Replies
    1. හොඳ තාත්ත කෙනෙක් නේ මේ. බොහොම සන්තෝසයි.

      Delete
    2. කළනය්යද? හ්ම්ම් ඇත්ත තමා ...

      Delete
  4. අපි ලියන අය/ නැතිනම් ලියන්න උත්සහ කරන අය... කලා කාරයෙක් කියන්නෙ කවුද කියලා චුට්ටක් හිතුවොත් මට හිතෙන්නේ ජීවිතේ මිනිස්සු ලෝකෙ දිහා " ඔබේ ඇසින් හා ඔබ නුදුටු ඇසින්" දකින අය කියලා.
    අය්යගේ කමෙන්ට් එක මගේ කඳුළු අලුත් කලා.. අප්පච්චි සිහිවෙන සැරෙන් සැරෙට ලියවුණු දේවල් කීපයක මම ගොනු කළේ..
    "එයා ස්වාධින කෙනෙක් වෙන්න කලින් මං මැරුණොත්? හ්ම්ම්.. "
    දුවලා එහෙම වෙන්නෙ නැහැ ඉතින්.... රස්සාවක් කරයි. විවාහ වෙයි...අප්පච්චි නැති වීම තරමට මාව අසරණ කළ දෙයක් තවත් නැහැ අය්යේ.හිතේ තිබුණු හයිය කොහෙන් ගියාද නැහැ....
    අයිතිකාරයා ළඟ ඉන්න කොට බුරනවනෙ ටිකක් හයියෙන් බල්ලෝ?ඒ වගේ දුවලත් හරි ලොක්කියෝ අප්පච්චි ළඟ ඉන්න කොට
    එකම පරිසරයක නිසා අය්යගෙ කමෙන්ට් එක ටිකක් වැඩියෙන් හිතට දැණුනා....

    ReplyDelete
  5. ලස්සන අදහස් ගොන්නක් . ඒත් අප්පච්චිලා දුවලාට දක්වන ආදරය රටේ සියලුම දුවලාට දැනෙනවා නම් කොච්චර හොඳද කියලා හිතුනා පැත්තකින් හිතුනා. ගැටලු ඇති වෙන්නේ දුවලා කුඩා කාලයේ සිටීදි නම් නොවෙයි නමුත් ඔවුන් විවාහ උනාමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් වෙන්න ඇති. තවම මට ඒ ගැන පුද්ගලික අත්දැකීමක් නැති නිසා කියන්න අමාරුයි.. විවාහයෙන් පස්සෙ නම් ඉතින් දේපල බෙදන්න ගියාම තමා ගැටළු ඇතිවෙන්නේ නේද?

      Delete
  6. ඹබේ නෙතට විතරක් නෙවෙයි මගේ නෙතටත් කඳුලු බිඳුවක් නැගුනා...
    සංවේදී සටහනක්...
    දිගටම ලියමු..


    ජ ය වේ වා !!!

    ReplyDelete
  7. ස්තූතියි+ ආයමත් මේ පැත්තෙ එන්න හොඳේ :)

    ReplyDelete
  8. හරිම අගෙයි...... සුන්දර සටහනක් ඒක්ක ඒකතු වුණ ලස්සනම ලස්සන පද වැල් ගොඩක්..... කිසිම වැඩියක් නෑ..... සුන්දරයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. තාම මුල හින්දා පොඩ්ඩක් වැඩියෙන් හිතනවා.. ම්.ම්.ම්.ම්. ස්තූතියි ආයම පාරක් හොඳේ
      @kurutu

      Delete
  9. හරිම සංවේදී කථාවක්. විශේෂයෙන්ම දෙරටක දික්කසාදයක් නිසා කාලයක් මගේ දුවව නොදැක ඉන්න සිදුවීම. ටිකක් වෙනස් පිය සෙනෙහසක් ගැන මගේ ලිපිය සහ ගීතයත් බලන්න.

    ReplyDelete
    Replies
    1. http://lankanian.blogspot.com/2015/09/blog-post_21.html

      Delete
    2. තමන්ගෙම අත්දැකීමක් ලියන්න ගියාම හුඟක් දැනෙන්න ලියන්න පුළුවන් නේ? එහෙම ලියපු දෙයක් සංවේදීව දකින්නෙ ඒ වගේම අත්දැකීමක් තියෙන අය නෙ?ස්තූති. ආඅයම එන්න හොඳේ

      Delete
  10. ටිකාක් විතර දිග වැඩි වගේ පෙනුනෙ, ඒත් ළමා කල සිදුවීම් සහ මතකයන් පෙලක් කවියෙනුත් සැරසිලි කරලා ලියනකොට කෙටියෙන් ලියන්නත් අමාරු ඇතිනෙ. කියවනකොට ළමා කලට ඉබේම මතකය ඇදිලා යනව. හොඳයි, එක දිගට කියවන් යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අදනෙ මේ පැත්තේ ආවෙ.. සතුටින් පිළිගන්නවා.. මම ලියන කවි මූනු පොතේ හරි බ්ලොග් එකෙ හරි විතරයි තියෙන්නෙ. ඉතින් මට හිතුන බ්ලොග් එකෙ ඒවා ගොනුකරගන්න ..... ස්තූතියි හොඳේ.. ඊළඟ සැරේ මෙච්චර නොලියා ඉන්නම්

      Delete
  11. ස්තූතියි බොහෝම :)
    @kalanayya

    ReplyDelete
  12. ලස්සන නිර්මාණ ටිකක්. හරිම සංවේදීයි.
    දිගටම ලියමු.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්... බ්ලොග් ක්‍රව්ඩ් එකට ගැලපෙන්න ලියන්න බැහැ මට

      Delete
  13. අම්මෝ..
    මම සංවේදී වැඩි වුණාද මන්දා...

    ReplyDelete
    Replies
    1. අප්පච්චි ගැන සංවේදී නැතුව කියවන්න හිතන්න පුළුවන් කෙනෙක් ඉඳීවිද හුස්ම ගන්න? ස්තූතියි ආයම එන්න .
      @Chathuranga.

      Delete
  14. මේ තරම් සංවේදී විදියට පිය සෙනෙහස මම විඳලා නැති උනත් ඔයාගෙ ලිපිය මගෙ ඇස් දෙකට කඳුලු ගෙනාවා. මොහොතකට ඔයා වෙලා මම ඔයාගෙ අප්පච්චි එක්ක නැලවුනා.

    ReplyDelete
  15. සතුටුයි එහෙනම් ඉතිං ... :) අදනේ ඔයා ආවේ.. ආයමත් එන්න හොඳේ. අප්පච්හ්cඉ අම්ම ඉන්නවා නම් අපේ ආදරේ එයාලට පෙන්නමු

    ReplyDelete
  16. මම මීට කලින් ඇවිත් නැහැ නේද? නෙලුම්යාය හරහා තමා ආවේ.

    මටත් ඉන්නේ දුවලා දෙන්නෙක් නේ. දුවලා තාත්තලා ගැන හිතන විදිහ ඒ දෙන්නාගෙන් මම බොහොම හොඳින් අත්විඳලා තියනවා. මේ ලිපියත් එහිම දිගුවක් ලෙස අගය කරනවා.

    අයෙත් එන්න පාර මතකතියාගන්න ඔන්න මගේ බ්ලොග් රෝලටත් දාගන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිරිගැන්වීමට .... ම්.ම්.ම්.ම්.ම්. ඔව් ආයමත් එන්න. ඒ වගේම සටහනුකුත් තියල යන්න. දූලගෙ මුළු ලෝකෙම අප්පච්චිලා තමා :)

      Delete
    2. මම ඔයාගේ අඩවියේ ලින්ක් එක මගේ බ්ලොග් රෝල්ට දැම්ම. නමුත් අප්ඩේට් වෙලා නැහැ. මොකද ඒ?

      Delete
    3. ඒ ගැන දැනුම නම් මගේ අඩුම අඩුයි= මම නම් මුකුත්ම කළේ නැහැ

      Delete
  17. හංසමාලි.... වචන නෑ නගෝ... අතිවිශිෂ්ඨයි.... මට මගෙ කෙලි පොඩිත්ත මතක් වෙනව...

    ReplyDelete
    Replies
    1. ඇයි ඉන්නෙ දූ ළඟ නෙවිද? මම හිතුවෙ එයා ළඟ කියලා. තරු රටා ( මට තාමත් අහසෙ නොපෙනෙන ) මල් වලට එන පුංචි සත්තු පිණිබිඳු ගැන කතන්තර කවි සින්දු ...... ම්.ම්.ම්.ම්.ම් දූ ළඟ හිටිය නම් තමා අගේ එහෙම නේ?

      Delete
  18. විදුලි ගගහ හයියෙන් ගොරවල වහිනකොට විතරක් මගේ අස්සේ වදින හොර ගෙඩියෙක් මතක් උනා මේක කියවල... වැස්ස ඉවර උනාම ආයේ තමුන්ගේ වැඩ අපි උන්නද මලාද නැහැ ... දැන් ඒ හොර ගෙඩියා ලොකු නිසා ගොරවනවට බය නැතුව ඇති.. බය උනත් දැන් මම ලංකාවේ නැහැනේ... දෛවය බොහොම කුරිරුයි ... ලස්සන පොස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. බය නම් නැත්තෙමත් නැහැ ඉතිං ...... එකම ගෙදරවත් ඉන්නවනං කියලා හිතෙනවා ඇති.. :) ආයමත් එන්න හොඳේ

      Delete
  19. සුන්දර ලෙස ලියා තිබෙනවා. දෙවන කොටසත් බලමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ලියලා පෝස්ට් කරන්න කළින්ම හිතන්නේ,, මේක හරි මදිද දන්නේ නැහැ කියලනේ? ධිරිගැන්වීමට ස්තූතියි හොඳේ :)

      Delete
  20. බොහොම උවමනාවෙන් දිගට දිගේ ලියලා තියෙන නිසා තාත්තා ගැන ලොකු හැඟීමක් තියෙන බව හොඳට පේනවා.

    දුවෙක් ගැන පියෙක්ගේ හිතේ ඇතිවන හැඟීම දුවෙකුට හරියටම දැනෙන්නේ සමහර විට ඒ පියා නැති කාලෙක වෙන්න පුළුවන්. පුත්තුන්ට කොහොමත් එහෙමයි.

    හංසි, සිංහබාහු වේදිකා නාට්‍යයේ එනවා මෙහෙම ගීතයක්.

    පුතු සෙනේ මස් නහර හැම සිඳ
    ඇට සොයා ගොස් ඇට තුලට වැද
    ඇට මිඳුළු මත
    රඳා සිට දුක් දෙයි නිබන්දා..

    පුතු සෙනේ පිතු හද තුලම මිස
    නැත පුතුන් හද තුල රඳන්නේ
    ඇට සොයා ගොස් ඇට තුලට වැද
    සදා කල් නැත දුක් දෙවන්නේ..."

    ReplyDelete
  21. අම්ම කෙනෙක්ගෙ දුක තේරෙන්න කවද හරි අම්මෙක් වෙන්න ඕනි. එහෙමත් නැතිනම් තාත්තා කෙනෙකුගේ ආදරය නැතිවෙන්න තාත්තා අපි ළඟ නැතිවෙන්නම ඕනි... ම්.ම්.ම්.ම්.ම් මම නම් දන්නේ නැහැ මධූ .... මට නම් ජීවිතෙන් භාගයක් නැතිවුණා වගේ අප්පච්චිගෙ වියෝව.. ඒ මගේ කවිමද දන්නෙත් නැහැ .. ඒ කවි සිතුවිලිත් එක හේතුවක් වෙන්න ඕනි
    "සොහොයුරා නම් ඔඅල මොල ගති ඇති
    ඇයි සුදු දුවණිය ඔබවත් නොසිටියෙ?"
    සිංහ බාහු එකෙ එහෙමත් කියනවනෙ? දුවලට දැනෙනවා .. අප්පච්චිලගේ හිත් .. මීට වඩා දැනුනනම් හොඳයි

    ReplyDelete
  22. සංවේදී සටහනක්, දෙමවුපියෝ කියන්නේ කවදාවත් හිතෙන අත් අරින්න් පුළුවන් ය නෙවේ.

    මගේ දුවේ නුඹ අවදියෙන් නම්
    මේ රැයේ මිඉරිම වෙලාවයි සිංදුව අහල තියෙනවද?

    ReplyDelete
  23. දැන් ආයම ඇහුවා හ්ම්ම්ම් ඔව් දුක්බර සතුටු හිතෙන සංවේදී ඕනිම වෙලාවක එයාල අපි ළඟ ඉන්නව නේ?
    https://www.youtube.com/watch?v=MNeNfzGC6dw

    ReplyDelete
  24. අපිලත් අප්පච්චිලා නොවැ.ඒ හින්දා දූලා අප්පච්චිලා ගැන ලියන ඒවා බලන්න ඒන්නම වෙනවනේ.මට මගේ මුලු ලෝකේම මගේ එකම දූ විතරයි.

    ReplyDelete
    Replies
    1. මට ඉතින් මගෙ අප්පච්චි තමා ලෝකෙන්ම හොඳම අප්පච්චි. අනිත් අතට එක්කෙනෙක්ට ඉන්නෙ එකම අප්පච්චි නේ නේද? සතුටුයි හොඳ අප්පච්චි කෙනෙක් මේ පැත්තේ ගොඩ වුණු එකට

      Delete
  25. හිතේ දුක පුරෝගෙන කියෙව්වා...
    කියවලා සෑහෙන වෙලාවකට පස්සේ මුඩ් එක හරි යනකල් ඔෆිස් එකෙන් එළියටත් ගිහින් ඉඳල එහෙම ඇවිත් තමයි මේ අකුරු ටික අමුණ ගත්තේ...

    දුවලට විතරක් නෙමෙයි පුතාලටත් තාත්තලව හොඳට දැනෙනවා...
    අදට අපේ තාත්ත නැතිවෙලා හරියටම අවුරුදු 11 යි මාස 8 ක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. පුතාලට දොස් කීවේ නැහැ. මායි නංගියි මල්ලියි අම්මයි හුඟක්ම අසරණ වුණා අප්පච්චි නැති වුනාම.. මම පව්ලේ වැඩිමලා වීමත් මට වඩා නංගි අවුරුදු 7කුත් මල්ලි මට වඩා අවුරුදු 9හමාරක් බාල නිසා.. මට හිතෙන්නෙ අම්මටයි මටයි තමා ඒක වැඩියෙන්ම දැනුණේ..
      ඒක තමා "අනේ අපරාදේ තව ටිකක් කියන්න තිබ්බ: හිතන්න තිබ්බ: කිට්ටුවෙන්න තිබ්බා මුකුත්ම නැතිනම් ළඟ වාඩිවෙලා තිබ්බ කියලා දුක හිතෙනව නේ?
      ලොකු පුතාගෙ කමෙන්ට් එක මගේ හිතටත් දුක ආයමත් අරන් ආවා

      Delete
  26. මාත් ගොඩක් සංවේදී වුණා මේ පෝස්ට්1 කියවල. ඇත්තටම හංසමාලි දෙමාපියන්ගෙ අගේ කියන්න වචන මදි නේද??
    මට ගොඩක් බය හිතෙන්නෙ මං ළඟින් ඉන්න අය මාව දාල යන දවසක් එනව කියන යථාර්ථෙ සිහි වෙන කොට.ඒ වෙලාවට මං හරිම බොලඳ විදියට හිත යටින් අඬනව ඒ හැමෝටම කලින් මාව මැරෙන්න කියල.ඔයාගෙ නිර්මාණය කියවනකොට මට ඒ වගේ සිතුවිලි ගොඩක් ඇවිත් ඇස් බර වුණා. සාර්ථක නිර්මාණයක්.

    ජය වේවා!!

    ReplyDelete
  27. මට ඒ ගැන භය හිතෙන්න දෙයක් නැහැ ඉසුරි :) මගේ අම්මයි තාත්තයි දෙන්නම මගේ ලඟ නැහැ..
    හිත යටින් අඬන එක ඉතින් පුරුද්දක් වෙලා
    මෙහෙම ලියන එකත් හිතට සහනයක්
    ස්තූතියි.... ආයමත් එන්න හොඳේ :)

    ReplyDelete