Nov 17, 2015

සසර ගමනද දිගු .............නිසා

ඔන්න හිතුණා මම මූණු පොතට ලිව් කවි පන්තියක් නිකං විහිලුවට වගේ පෝස්ට් කරන්න..

විහිළුවට වගේ හොඳද?

මෙලෝ රහක් නැති කවි ඔහේ පෝස්ට් කරන එක තමයි මගෙ විනෝදාංශය වෙලා තිබ්බෙ. අනිත්ව ගැන කියන්නෙ නැහැ දැන්ම . හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ?
ප්‍රශ්නේ මොකද්ද දන්නවද.. ඔහේ හිතට එන ඒවා ලිය ලිය හිටිය මට කවි හදන හැටි ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒකට ඉතින් මට කීප දෙනෙක්ම ගෲප්ස් කීපයකුත් උදව් වුණා.

මම දැන් ඉතින් කවි ලියන්න දන්නවා කියල හිතන් ඉන්නව . හැබැය්  ඒ කවි මෙලෝ රහක් නැහැ විතරක් නෙවි ලිවීමේ ප්‍රීතියත් මට නැහැ..
ඉස්සර මම කවි ලිව්වේ අන්තර් ජාලයෙන් ලැබෙන අහම්බෙන් හම්බවෙන රූප වලට.

ඔන්න මම ළඟදිත් එහෙම එකක්/ කීපයක් එව්වා.

ඇති නේ ඇඩ්වර්ටය්සින්ග් පාර.. දැනටම්ම ඔයාලා "හෑක ..හැක " ගානවා ඇති.

සිංදු ඇනෝ මට කිව්ව කවි ටික බ්ලොග් එකට එකතු කරන්න  කියලා. ඒ ටික එක තැනක එකතු වෙනව නේ? කියලා.
මනෝජ් නිතර කියනවා කවිත් පෝස්ට් කරන්න කියලා.. 

ම්.ම්.ම්.ම් මම දන්නවා ඉතින් අපේ බ්ලොග් අයට වැඩිය කවි දිරවන්නේ නැහැ කියලා.

දන්නවනේ ඉතිං ආදරය ගැන අපි හැමෝම කියනවා. අහනවා . හිතනවා. හ්ම්ම්ම්ම්ම් අඬනව ඒ එක එක්කෙනාගෙ අත්දැකීම් මත.


බ්ලොග් වල නම් ඉතින් දකින්නම අඩුයි. ඉන්න අය ආදරය හඳුනන්නේ නැතිද? නැතිනම් හුඟාක් වයසට ගිහින්ද මන්දා.



අහම්බෙන් නෙත ගැටුණු ඡායාරූපයක් දැක ලියූවෙමි.රූමත් ලියක් හිමි නමක් දෙස ඇසිපිය නොහෙළා බලා සිටින රුවකි එය 








සසර ගමනද දිගු .............නිසා
හමුව වෙන්වෙමි නැත ..තොසා
දකිමි ගතලූ වත............. කසා
වඳිමි හිමියනි දණ ............ගසා

භවේ කළ පෙර පව .......වගේ
හිතේ කෙළෙසුන් ඇත ..මගේ
දුකේ කඳුළැලි ඇස..... නැගේ
කෙසේ සමුදෙමි හිමි...... අගේ

"එපා වෙන්නට තව....... පමා
දුකේ කෙළවර මෙය .....තමා"
බසේ හිත නැත දෙමි .....සමා
ගියේ ඇයි ඔබ මා......... දමා

මෙතේ බුදු ළඟ දණ..... නමා
කෙසේ අයදිමි මම....... සමා
හිතේ වෙනකෙකු නැහැ තමා
පෙමේ දුක නොමැතිය ... නිමා

කවේ ලියැවෙන දුක.... ඉබේ
කෙසේ පවසමි මම ...... සබේ
සදා සඟවමි හද.......... ගැබේ
රුවේ නිවනද මට ......... තිබේ

47 comments:

  1. මෙලෝ රහක් නැත්තෙමත් නෑ.

    කවි අගෙයි පින්තුරයත් ඉතාම අගෙයි

    ReplyDelete
    Replies
    1. ayyyyyyyyyyyyyyyoooooooooooooooooo :'(
      :D :D :D

      Delete
  2. ලස්සන නිර්මානයක්..

    නාමල් උඩුගමගේ සිංදුවක් තියෙන්නේ ඔය වගේම "මෙහෙණියක වී සසර කතරින් එතරෙ වන්නට පාරමී පුරනා "

    ReplyDelete
  3. ඉතාමත් ලස්සනයි සහ අගනා තේරුමක් සහිතයි. මේ කෑල්ලෙන් මිස්ටරි එකකුත් එකතුකරල.

    කවේ ලියැවෙන දුක.... ඉබේ
    කෙසේ පවසමි මම ...... සබේ

    ReplyDelete
    Replies
    1. හුඟක්ම ස්තූතියි
      . ආයමත් එන්න මේ පැත්තේ
      @Ian

      Delete
  4. රූපයට ගැළපෙන අර්ථවත් පැදි පෙළක්
    ජයවේ ප්‍රියා

    ReplyDelete
    Replies
    1. හුඟක්ම ස්තූතියි. Warna :)

      Delete
    2. ඕ.. ප්‍රියා.. ප්‍රියා.. එක නියම නම.. :)

      Delete
    3. ane yanna onna ee paara thawa ekak
      :D
      meeta ,
      Priya :D

      Delete
  5. පෙරත් සසරේ බැඳුනි දෝ අපි,
    සිතුම් මල් පිබිදෙන ළයේ,
    හෙටත් ඔබ පාමුල දිලෙන පිපි,
    කුසුම් දම් වන්නෙමි බවේ,

    අපූරුවට ලියල තියනව. මගේ සුබපැතුම්!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හොඳේ + ලස්සන කවිය :)

      Delete
  6. කවි පෙළ ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හොඳේ+බ්ලොග් එක :( නෙ?

      Delete
  7. කවි ටික ලස්සනයි හංසමාලි. මං ඔයාගෙ ලස්සන කවි පන්තියක් පහුගිය දවසක් "කතා කරන අකුරු" එකේ දක්කා (මං කමෙන්ට් එකකුත් දැම්මා). ඇත්තටම ඇයි ඒවා බ්ලොග් එකට දාන්නෙ නැත්තෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හුඟක්ම :) බ්ලොග් වල අය වැඩිය කවි වලට කැමති නැහැ වගේ පෙනෙන්නේ. සජ්ජගෙ මම හිතන්නෙ චුට්ටක් එකම ආරක ඒවා තමා ජනප්‍රිය. කතා කරන අකුරු එකේ, ම්.ම්.ම්.ම්. අල්ලස ගැන එකද ඔයා කියන්නේ?

      Delete
    2. "දියණිය මගේ".....ඒ ඔය හංසමාලිම තමයි මම හිතන්නෙ

      බ්ලොග්වල අය වැඩිය කවි වලට කැමතිද අකමැතිද කියන්න තරම් මම බ්ලොග් ලියන අය ගැන සහ කියවන අය ගැන දන්නෑ අවංකවම.
      හැබැයි මමනම් කියවන්න කැමතිම දේ කවි.

      ඔයා "සඳස" FB ගෲප් එකේ ඉන්නවද?. නැතිනම් ඒකට එකතු වෙන්න. ලස්සන කවි වගේම ඊටත් වැඩිය ලස්සන පිළිතුරු කවි තිහ හතලිහ කමෙන්ට් කරනවා. හරිම ලස්සනයි.

      Delete
    3. ඔව් ඒ හංසමාලිම තමා ඉතිං . ස්තූතියි. හොයලා පොස්ට් කරන්නම්
      සඳසෙ ඉන්නවා. කවි ගැන ඉගෙන ගත්තෙ මම ඒකෙන්.. ම්.ම්.ම්. අප්පච්චි ඒක්ක රෑට පිළිකන්නේ හඳ එළියෙ වාඩිවෙලා කඩුපුල් මල් පිපෙනකන් ගාථා .තුන් සූත්‍රය වගේම ජන කවි ගයනවා අපි ඉස්සර. ( අප්පච්චිත් අපි අතර නැහැ දැන්. කඩුපුල් පඳුරත් ඒක හැදිලා තිබ්බ අලිපේර ගහත් නැහැ ) අතීත ලස්සනම ලස්සන මතක විතරයි තියෙන්නේ....
      ඉතින් සඳස ගෲප් එකෙන් තමා මම කවි ලියන්න ඉගෙන ගත්තේ .. ඉස්සර ලිව්වෙ කවි නේ කියන තරමට මම කිසිම නීති රීති ඒ ගැන දැන ගෙන ඉඳල නහැ. ස්තූතියි සඳ වියමන් හොඳේ :)

      Delete
    4. බිලොග් වල තමයි හොඳම කවියෝ ටික වගේම කවි රස විඳින්නොත් ඉන්නේ...

      Delete
    5. @Mano Mandira
      :) හා :) Post කරන්නම් ස්තූතියි හොඳේ

      Delete
  8. ඔබ නම් හැබෑ කවියෙක් ම තමා... සුන්දරයි

    ReplyDelete
    Replies
    1. කවියෙක්?. ස්තිරියාවක් අනේ මම. ස්තූතියි හොඳේ :)

      Delete
  9. ඔය මගුල් තිත් නොතිය කවි ලියන්න බැරිද?? එතකොට තමා මෙලෝ රහක් නැති වෙන්නේ.. හංසමාලිට කවි ලියන්න පුලුවන්. කව්ද අර සින්දු ඇනෝ ද කිව්වේ බෑ කියලා.. හැක් ජය

    ReplyDelete
    Replies
    1. ඒ "මගුල් තිත් " නැතුං ඒවා කවි වගේ නෙවිද මන්දා..... ම්.ම්.ම්.ම්.ම්ම්.ම්.ම්.ම්. ඊළඟ කවි වල තිත් නොතියා ලියන්නම් කෝ ස්තූතියි ආයමත් එන්න හොඳේ :)

      Delete
  10. අසා මග නිවනට හැමූ
    කසා වත ළඟ දණ නැමූ..
    නසා බැමි හිත බිඳ දැමූ..
    කිසා ගෝතමියද තුමූ? :)

    ReplyDelete
    Replies
    1. *
      රඟා නෙක නෙක ඉඟි.. නලූ
      පතා මගෙ අත හිත .. නෙලූ
      සබා මැද වෙනතක.. බැලු
      පමා කිම හිමි මම ....නිලූ
      නි.රෝශා ල.ක්මාලි
      @Kalanayya

      Delete
    2. :D owww wooow thama :D
      @Sanda wiyaman

      Delete
  11. සබා මැද වෙනතක් බැලුවයි කවුද කියුවේ බොරු මෙයා..
    බබා ලා තුන් දෙනා ගැනවත් අසා නැතිවද ඔබ ප්‍රියා? :p

    ReplyDelete
  12. ලස්සන කවි පේලි ටිකක්. නියමයි. දිගටම ලියමු.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනොජ්.ම්.ම්.ම්. ලියයි සමහර විට

      Delete
  13. මේ විහිළුව එපා හරිද

    ReplyDelete
  14. විහිළුව? මොන? ???????

    ReplyDelete
  15. බ්ලොග් අවකාශයේ කවුකාරයයින් අඩුයි. ඒ වුණා කියලා කිවන්න අකමැතියි කියන එක මුසාවක්. මෙහි ඉන්න බොහෝ දෙනෙක් ඕනෑම දෙයක් කියවන්න කැමති අය. හැබැයි වැඩකට නැති වල්පල් නෙවෙයි.

    ReplyDelete
  16. හ්ම්ම්ම්. ස්තූතියි. වල් පල් නොලියා ඉන්න උත්සහ කරන්නම් :) කවි නම් ලියන්න ආසයි

    ReplyDelete
  17. කවිකම හැඩයි
    පැදි පෙළ අගෙයි
    ඉදිරිය සුභයි
    යා යුතුම වෙයි.

    ReplyDelete