විහිළුවට වගේ හොඳද?
මෙලෝ රහක් නැති කවි ඔහේ පෝස්ට් කරන එක තමයි මගෙ විනෝදාංශය වෙලා තිබ්බෙ. අනිත්ව ගැන කියන්නෙ නැහැ දැන්ම . හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ?
ප්රශ්නේ මොකද්ද දන්නවද.. ඔහේ හිතට එන ඒවා ලිය ලිය හිටිය මට කවි හදන හැටි ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒකට ඉතින් මට කීප දෙනෙක්ම ගෲප්ස් කීපයකුත් උදව් වුණා.
මම දැන් ඉතින් කවි ලියන්න දන්නවා කියල හිතන් ඉන්නව . හැබැය් ඒ කවි මෙලෝ රහක් නැහැ විතරක් නෙවි ලිවීමේ ප්රීතියත් මට නැහැ..
ඉස්සර මම කවි ලිව්වේ අන්තර් ජාලයෙන් ලැබෙන අහම්බෙන් හම්බවෙන රූප වලට.
ඔන්න මම ළඟදිත් එහෙම එකක්/ කීපයක් එව්වා.
ඇති නේ ඇඩ්වර්ටය්සින්ග් පාර.. දැනටම්ම ඔයාලා "හෑක ..හැක " ගානවා ඇති.
සිංදු ඇනෝ මට කිව්ව කවි ටික බ්ලොග් එකට එකතු කරන්න කියලා. ඒ ටික එක තැනක එකතු වෙනව නේ? කියලා.
මනෝජ් නිතර කියනවා කවිත් පෝස්ට් කරන්න කියලා..
ම්.ම්.ම්.ම් මම දන්නවා ඉතින් අපේ බ්ලොග් අයට වැඩිය කවි දිරවන්නේ නැහැ කියලා.
දන්නවනේ ඉතිං ආදරය ගැන අපි හැමෝම කියනවා. අහනවා . හිතනවා. හ්ම්ම්ම්ම්ම් අඬනව ඒ එක එක්කෙනාගෙ අත්දැකීම් මත.
බ්ලොග් වල නම් ඉතින් දකින්නම අඩුයි. ඉන්න අය ආදරය හඳුනන්නේ නැතිද? නැතිනම් හුඟාක් වයසට ගිහින්ද මන්දා.
අහම්බෙන් නෙත ගැටුණු ඡායාරූපයක් දැක ලියූවෙමි.රූමත් ලියක් හිමි නමක් දෙස ඇසිපිය නොහෙළා බලා සිටින රුවකි එය
සසර ගමනද දිගු .............නිසා
හමුව වෙන්වෙමි නැත ..තොසා
දකිමි ගතලූ වත............. කසා
වඳිමි හිමියනි දණ ............ගසා
භවේ කළ පෙර පව .......වගේ
හිතේ කෙළෙසුන් ඇත ..මගේ
දුකේ කඳුළැලි ඇස..... නැගේ
කෙසේ සමුදෙමි හිමි...... අගේ
"එපා වෙන්නට තව....... පමා
දුකේ කෙළවර මෙය .....තමා"
බසේ හිත නැත දෙමි .....සමා
ගියේ ඇයි ඔබ මා......... දමා
මෙතේ බුදු ළඟ දණ..... නමා
කෙසේ අයදිමි මම....... සමා
හිතේ වෙනකෙකු නැහැ තමා
පෙමේ දුක නොමැතිය ... නිමා
කවේ ලියැවෙන දුක.... ඉබේ
කෙසේ පවසමි මම ...... සබේ
සදා සඟවමි හද.......... ගැබේ
රුවේ නිවනද මට ......... තිබේ
beautiful.
ReplyDeletethanks :)
Deleteමෙලෝ රහක් නැත්තෙමත් නෑ.
ReplyDeleteකවි අගෙයි පින්තුරයත් ඉතාම අගෙයි
ayyyyyyyyyyyyyyyoooooooooooooooooo :'(
Delete:D :D :D
ලස්සන නිර්මානයක්..
ReplyDeleteනාමල් උඩුගමගේ සිංදුවක් තියෙන්නේ ඔය වගේම "මෙහෙණියක වී සසර කතරින් එතරෙ වන්නට පාරමී පුරනා "
ahala nehe mama nam eeka :)
Deletesthuuthi honndhe :)
@Mano
අහල නැහැ???? ඌප්ස්..
DeleteAththatama nehe ayye :)
Delete@kal\yaana mithra
මේ තියෙන්නේ ඒ සිංදුව youtube එකේ
Deleteමේ තියෙන්නේ mp3
https://www.youtube.com/watch?v=XD95jVjy1ks
Deleteයුරේකා යුරේකා ... ස්තූතියි... @ මනෝ මන්දිර
නියමයි බන්.........
ReplyDeleteතැන්කූ වේවා බන් :)
Deleteඉතාමත් ලස්සනයි සහ අගනා තේරුමක් සහිතයි. මේ කෑල්ලෙන් මිස්ටරි එකකුත් එකතුකරල.
ReplyDeleteකවේ ලියැවෙන දුක.... ඉබේ
කෙසේ පවසමි මම ...... සබේ
හුඟක්ම ස්තූතියි
Delete. ආයමත් එන්න මේ පැත්තේ
@Ian
රූපයට ගැළපෙන අර්ථවත් පැදි පෙළක්
ReplyDeleteජයවේ ප්රියා
හුඟක්ම ස්තූතියි. Warna :)
Deleteඕ.. ප්රියා.. ප්රියා.. එක නියම නම.. :)
Deleteane yanna onna ee paara thawa ekak
Delete:D
meeta ,
Priya :D
පෙරත් සසරේ බැඳුනි දෝ අපි,
ReplyDeleteසිතුම් මල් පිබිදෙන ළයේ,
හෙටත් ඔබ පාමුල දිලෙන පිපි,
කුසුම් දම් වන්නෙමි බවේ,
අපූරුවට ලියල තියනව. මගේ සුබපැතුම්!!
ස්තූතියි හොඳේ + ලස්සන කවිය :)
Deleteකවි පෙළ ලස්සනයි.
ReplyDeleteස්තූතියි හොඳේ+බ්ලොග් එක :( නෙ?
Deleteකවි ටික ලස්සනයි හංසමාලි. මං ඔයාගෙ ලස්සන කවි පන්තියක් පහුගිය දවසක් "කතා කරන අකුරු" එකේ දක්කා (මං කමෙන්ට් එකකුත් දැම්මා). ඇත්තටම ඇයි ඒවා බ්ලොග් එකට දාන්නෙ නැත්තෙ
ReplyDeleteස්තූතියි හුඟක්ම :) බ්ලොග් වල අය වැඩිය කවි වලට කැමති නැහැ වගේ පෙනෙන්නේ. සජ්ජගෙ මම හිතන්නෙ චුට්ටක් එකම ආරක ඒවා තමා ජනප්රිය. කතා කරන අකුරු එකේ, ම්.ම්.ම්.ම්. අල්ලස ගැන එකද ඔයා කියන්නේ?
Delete"දියණිය මගේ".....ඒ ඔය හංසමාලිම තමයි මම හිතන්නෙ
Deleteබ්ලොග්වල අය වැඩිය කවි වලට කැමතිද අකමැතිද කියන්න තරම් මම බ්ලොග් ලියන අය ගැන සහ කියවන අය ගැන දන්නෑ අවංකවම.
හැබැයි මමනම් කියවන්න කැමතිම දේ කවි.
ඔයා "සඳස" FB ගෲප් එකේ ඉන්නවද?. නැතිනම් ඒකට එකතු වෙන්න. ලස්සන කවි වගේම ඊටත් වැඩිය ලස්සන පිළිතුරු කවි තිහ හතලිහ කමෙන්ට් කරනවා. හරිම ලස්සනයි.
ඔව් ඒ හංසමාලිම තමා ඉතිං . ස්තූතියි. හොයලා පොස්ට් කරන්නම්
Deleteසඳසෙ ඉන්නවා. කවි ගැන ඉගෙන ගත්තෙ මම ඒකෙන්.. ම්.ම්.ම්. අප්පච්චි ඒක්ක රෑට පිළිකන්නේ හඳ එළියෙ වාඩිවෙලා කඩුපුල් මල් පිපෙනකන් ගාථා .තුන් සූත්රය වගේම ජන කවි ගයනවා අපි ඉස්සර. ( අප්පච්චිත් අපි අතර නැහැ දැන්. කඩුපුල් පඳුරත් ඒක හැදිලා තිබ්බ අලිපේර ගහත් නැහැ ) අතීත ලස්සනම ලස්සන මතක විතරයි තියෙන්නේ....
ඉතින් සඳස ගෲප් එකෙන් තමා මම කවි ලියන්න ඉගෙන ගත්තේ .. ඉස්සර ලිව්වෙ කවි නේ කියන තරමට මම කිසිම නීති රීති ඒ ගැන දැන ගෙන ඉඳල නහැ. ස්තූතියි සඳ වියමන් හොඳේ :)
බිලොග් වල තමයි හොඳම කවියෝ ටික වගේම කවි රස විඳින්නොත් ඉන්නේ...
Delete@Mano Mandira
Delete:) හා :) Post කරන්නම් ස්තූතියි හොඳේ
ඔබ නම් හැබෑ කවියෙක් ම තමා... සුන්දරයි
ReplyDeleteකවියෙක්?. ස්තිරියාවක් අනේ මම. ස්තූතියි හොඳේ :)
Deleteඔය මගුල් තිත් නොතිය කවි ලියන්න බැරිද?? එතකොට තමා මෙලෝ රහක් නැති වෙන්නේ.. හංසමාලිට කවි ලියන්න පුලුවන්. කව්ද අර සින්දු ඇනෝ ද කිව්වේ බෑ කියලා.. හැක් ජය
ReplyDeleteඒ "මගුල් තිත් " නැතුං ඒවා කවි වගේ නෙවිද මන්දා..... ම්.ම්.ම්.ම්.ම්ම්.ම්.ම්.ම්. ඊළඟ කවි වල තිත් නොතියා ලියන්නම් කෝ ස්තූතියි ආයමත් එන්න හොඳේ :)
Deleteඅසා මග නිවනට හැමූ
ReplyDeleteකසා වත ළඟ දණ නැමූ..
නසා බැමි හිත බිඳ දැමූ..
කිසා ගෝතමියද තුමූ? :)
Wow
Delete*
Deleteරඟා නෙක නෙක ඉඟි.. නලූ
පතා මගෙ අත හිත .. නෙලූ
සබා මැද වෙනතක.. බැලු
පමා කිම හිමි මම ....නිලූ
නි.රෝශා ල.ක්මාලි
@Kalanayya
:D owww wooow thama :D
Delete@Sanda wiyaman
සබා මැද වෙනතක් බැලුවයි කවුද කියුවේ බොරු මෙයා..
ReplyDeleteබබා ලා තුන් දෙනා ගැනවත් අසා නැතිවද ඔබ ප්රියා? :p
:P
Deleteලස්සන කවි පේලි ටිකක්. නියමයි. දිගටම ලියමු.
ReplyDeleteජය වේවා!!!
ස්තූතියි මනොජ්.ම්.ම්.ම්. ලියයි සමහර විට
Deleteලස්සනයි...
ReplyDeleteස්තූතියි :)
Deleteමේ විහිළුව එපා හරිද
ReplyDeleteවිහිළුව? මොන? ???????
ReplyDeleteබ්ලොග් අවකාශයේ කවුකාරයයින් අඩුයි. ඒ වුණා කියලා කිවන්න අකමැතියි කියන එක මුසාවක්. මෙහි ඉන්න බොහෝ දෙනෙක් ඕනෑම දෙයක් කියවන්න කැමති අය. හැබැයි වැඩකට නැති වල්පල් නෙවෙයි.
ReplyDeleteහ්ම්ම්ම්. ස්තූතියි. වල් පල් නොලියා ඉන්න උත්සහ කරන්නම් :) කවි නම් ලියන්න ආසයි
ReplyDeleteකවිකම හැඩයි
ReplyDeleteපැදි පෙළ අගෙයි
ඉදිරිය සුභයි
යා යුතුම වෙයි.