කවද හරි දක්ෂ ලේඛිකාවක් වෙලා පොතක් නැහැ පොත් සීයක් වත් ලියනවා.
ඔව්.. කවි පොත් 25ක් වත්.. ආය මොකටද ටිකක්.
නොදැනිම මගේ ආවෙ මද හිනාවක්.
හ්ම්ම්ම්ම් හීනා දකින එක හොඳයි කියනවනෙ?
ඒත් හීන මත්තෙම දවල් හීන නොදැක දවලට උයන්න ගියොත් හොඳයි කියලයි ආයෙම මට හිතුනෙ
ඊයෙත් කෑවෙ වට්ටක්කා. අද කොස් ගෙඩියක් වත් කඩා ගන්න තිබුණා නම් හොඳයි. ගස් නම් තෙමිලා තමයි. කොස් අල්ලගත්තොත් මට කවියක් වත් ලියන්න බැරි වෙනවා.
හිස් බැල්මෙන් මම චුට්ටක් වෙලා ජනේලෙන් එළිය බලාගෙන හිටියා.
"උයන්දෝ නොඋයන්දෝ කියලා සිතුනාට....... ඒ ගැන කවියක් වත් ලියමුද?
ඔන්න ඔහේ වෙන දෙයක් ගැන ලියනවා.
"හමන මදනල මගත දැවටී කියනවා රස කතාවක්"
පවනයි මලයි ගසුයි වැලුයි ආදරයයි වෙන .... මරණය ..... දරු දුක ... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ලිව්වත් කවුද කියවන්නේ.
ලයික් කමෙන්ට් එකත් දාන්නෙ හරියට අතෙන් යනවා වගේ.
බැනලවත් ලිව්ව නම් ඒකත් එකක්..
මේ එෆ්. බී එක අස්සෙ රින්ගන් මටත් වෙන වැඩ නැහැ වගේ.
චැට් එකක් සෙට් උනත් මැටිම මැටි
ඔන්න කියන කොටම ෆිට් එකක්ද මන්දා මට මතකත් නැහැ
එයා: හායි
මම:හායි
එයා:කොහොමද
මම:හොඳින් + ස්තූති+ ඔයා?
එයා:මමත් හොඳින්
මම:ඔයා කෑවද?
එයා:ඔව් කෑව
(දැන් ඉතින් මොනවද අහයි )
මම:නා කා බී ඉන්නෙ. ඔයා?
( එයා දැන් කල්පනා කරන්නේ මොකද්ද මේ "නා කා බී" කියන්නේ කියලා )
ඒ අතරෙ මට සී. සී චුට්ටක් ප්ලේ කරන්න පුළුවනි )
"අම්මේ මෙන්න මල්ලී කවුද එක්කං ඇවිත්......" නංගිගේ ඝණඨාරෙ සද්දෙන් මගේ හිත මේ ලොකෙට ආවා.
"වයස හොඳයි කාලෙ යසයි මොකද කියන්නේ? " කියලා එයා ඊයෙත් කිව්වෙ මේකද මංදා.
මං මගේ කණ සාලෙ දිහාවට හරවන ගමන් චැට් බොක්ස් එක දිහා බැලුවා
එයා: කෝ මට දෙන්න පොරොන්දු වුණු එක?
මම: ම්.ම්.ම්.ම්.ම්. මොකද්ද?
එයා: අය්යෝ. ඒකවත් මතක නැත්ද?
( මට ඔයාවත් මතක නැහැනෙ කිව්ව නම් හරි. චැට් ඕෆ් කරමුද නැතිනම් ස්ක්‍රොල් කරල ඉල්ලුවෙ මොනවද කියලා බලමුද.. කියලා මම හිතන කොටම .......)
චූටි පුතා ඔයා මොනවද මේ කෙරුවේ? අම්මගෙ නොරිස්සුම් හඬ ඇහුණා. තනි තීරණයක් ගන්න කළින් අපෙන් අහල ඉන්න ඕනි නේද?
ඔන්න ම්ං නම් දන්නේ නැහැ ඔය මොකවත්ම. නංගි ආය දොඩවනවා.
ගන පූර්නය පුරවන්න යනවද නැතිනම් මෙතනම ඉන්නවද? මගේ හිත දෙගිඩියාවකින් පෙළුනා.
ඊළඟ වචනෙ පෙල ඇහෙන කම් මම ස්ක්‍රීන් එක දිහා බලං හිටියා.
එයා: ඇයි අනේ මම ඔයාගෙ 4ටෝ එකක් ඉල්ලුවෙ
මම: ඉතින් මම දෙනවා කිව්වද?
එයා: ඔව්
මම: ඒක නම් බොරුවක් . ඔයාට චැට් මාරු වෙලා නේ?
එයා: නැහැ ඔයාටමයි එව්වේ
( තව කී දෙනෙක්ට ඕකම ලිව්වද දන්නෙ නැහැ. එක අතකට " " 4ටෝ එකයි , අයිඩෙන්ටි කාර්ඩ් එකේ කොපියකුයි. උප්පැන්න සහතිකයි කේන්දරයයි එවන්නද කියලා ඇහුව නම් හරි )
බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් වගේ මට සාලෙ දෙබසත් ඇහුණා
ඔන්න මගේ කාමරේ නම් ඉඩ නැහැ. නංගිගේ සීනුව හෙල්ලෙනවා.
අප්පෝ කවුදඔයාගේ කාමරේට එන්නේ? මල්ලිගේ මෙච්චර වෙලා සද්දෙ නැතිව තිබ්බ කටහඬ ඇහුණා.
(මගෙ අම්මෝ දෙශසීමා අරගලයකටයි පෙරලෙන්න හදන්නේ )
"අනේ අම්ම එයාට යන්න එන්න තැනක් නැහැ." මල්ලි ආයම කං කෙඳිරි ගානවා ඇහුණා.
"ඔය කොහේවත් යන එවුන් ගේ අස්සෙ දාගෙන දෙන්නා තුන් දෙනා වුනාම ඒවත් කරන්න වෙන්නේ අපිටම තමා.අනික ලොකු අක්කිට මේ ගෙදර තියෙන වැඩ මදිද? එයත් ගිය දවසකට තේරෙයි"
මම පුටුව සද්ද කරගෙනම නැගිලා සාලෙට ගියා.
ඔක්කොම මම දිහා බලන්නේ හරියට මම වැරැද්දක් කරලා වගේ නෙ? මට හිතුනෙ එහෙම....
මල්ලිගෙ පිටිපස්සට වෙලා එයා අසරණ විදිහට මං දිහා බැලුවා. හරිම අහිංසක ඇස් දෙකක් .
හිත හොඳ ගෑණි හැමදාම ..... ලු . මට හිතුනෙ එහෙම.
මල්ලිගෙ පැත්තටවත් අම්මගෙ පැත්තටවත් කතා නොකර මම හැරිලා ආවා ආපහු කාමරේට. ක( ර් ) ටන් එක ඇදලා දොරත් වහගත්තා. කොහොම කතා කරත් මට තමා පාඩු, ඒක හැමදාම එහෙමයි.
තමාගේ මැට්ටම් තම්මැට්ටම්ලු . මල්ලිම ප්‍රශ්නෙ විසඳගත්තෙන්.
මම පුටුවෙ වාඩිවෙලා චැට් බොක්ස් එක දිහා බැලුවා.
එයා: එපා අනේ එහෙම කරන්න
එයා:අපි දැන් හොඳ යාළුවෝනෙ?
එයා:ඉතින් මම කාටවත් පෙන්නන්නේ නැහැ .ඇත්තමයි
එයා:මම හොඳ කෙනෙක් මාව විශ්වාශ කරන්න
එයා: අනේ ඇය් රිප්ල්යි කරන්නේ නැත්තේ
එයා: ඕක අරන් මම මොනව කරන්නද?
මම: මෙතුවක් කල් කාටවත් දුන්නෙත් නැහැ . දෙන්නෙත් නැහැ . ආය ඉල්ලන්නත් එපා ටයිප් කරන් ගියා
ටයිප් කරන් ගිහින් එන්ටෙර් කරල චැට් ඕෆ් කළා
ජනේලෙන් එල්ලිලා මෙන්න මල්ලි මං දිහා එයාගෙ චිත්තාකර්ශනීය හිනාව දාගෙන. එයාගෙ සාක්කුවෙන් අරන් පේර ගෙඩි ටිකක් මගේ මේසෙන් තිබ්බා.
"පගා දෙනව නේ?" මම ඇහුවත් එයා දන්නවා මගේ කේන්තිය ඉවරයි කියලා.. එයාගෙ මඩ ගෑවුණු අත් වලින් එයා මට බූන්දි පර්සල් එහෙකුත් දුන්නා. එයා දන්නවා මම ඒවා කන්න ආස වග හොඳේ.
..
මල්ලිගේ වම් අතේ දැවටිලා හිටිය එයා ජනෙල් කූරු අස්සෙන් පැනලා මගේ ඇඳට වැඩියා.
ඉන්පස්සේ මං දිහා අසරණ විදිහට බලල "ඤාව්" කියලා මගේ කොට්ටෙ ළඟම හාංසි වුණා.
මල්ලියි මායි මූනට මූන දිහා බලල හිනාවුණා
ඔන්න ඔය විදිහට එයා මගේ ඇඳ බෙදාගන්න පටන් ගත්තේ.
කොහේවත් යන එවුන් ගේ අස්සෙ දාගත්තා විතරක් නෙවෙයි... එයා මගේ කාමරේටත් ගත්තා.
ලස්සනයි හංසමාලි... හිතාගත්තෑකි චැට් කරනකොට කොල්ලනගෙන් එන කරදර සහ ඉල්ලුම....
ReplyDeleteඅය්යෝ ඒක බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකක් විදිහට තමා ලිව්වෙ :)
Deleteඋඔව මිස් ශ්‍රි ලංකා එකට යවන්නද දන්නෙ නෑ ෆෝටෝ ඉල්ලුවේ
ReplyDeleteනැහැ අපායට ගහන කැලැන්ඩරේට යම රජ්ජුරුවෝ ළඟින් දාන්න
Delete//එයා: ඕක අරන් මම මොනව කරන්නද?// එහෙනම් මොන ලබ්බටද ඉල්ලුවේ ඕයි කියල ඇහුවනම් ඉවරනේ.. හැක හැක..
ReplyDeleteඅහ.. කියන්න අමතක උනා.. ඕක තමයි කියන්නේ කොහෙවත් යන උන් හිතුමතේ මුණු පොත අස්සේ දාගන්න එපා කියල..
Delete3812 k follwersල ඉන්නෙ හැමෝම හිතුමතේට මූණු පොතේ දාගන්නෙ නැති නිසානෙ කලණය්යේ
Deleteඊළඟ සැරේ නම් මම අහනවමයි ඕං kalanayye :D
Deleteඔය පින්තුරේ යවන්න් එක්කෝ , ඊට පස්සේ ආයේ චැට් තියා ෆේස් බුක් එන එකකුත් නෑ.. හැක හක (joke හොඳේ )
ReplyDeleteඔයාට තමා වැඩේ තේරුණේ. මට පේන්නෙ හැමෝම කියවල තියෙන්නෙ 4ටො එක ගැන විතරයි . ස්තූතියි හොඳෙ ගොඩවැදුනට
ReplyDeleteඅසරණ වුණ සතෙකුට නවාතැන් දීලා ඔයා ලොකු පිනක්‍ෙනෙ කරලා තියෙන්නේ .. එයාට නමක් දැම්මද...? දැන් හොඳින් ඉන්නවාද..
ReplyDeleteහොඳින් ඉන්නවා එයා "මිකී" ස්තූතියි ගොඩ වැදුනට ආයම එන්න හොඳේ :)
Deleteසික්..... මං හිතුවෙ මල්ලි ජීවන සහකාරියක් එක්කන් ඇවිල්ලා කියලා. එතකන් පූසෙක්නේ......... ලස්සනයි...............
ReplyDeleteමල්ලි තාම 11 වසරේ අනේ ස්තූතියි ආවට. ස්තූතියි හොඳේ
Deleteපූස් පැටියව හොඳට බලාගන්න. ඔය එක එක අය ඉල්ලුව පළියට ෆොටෝස් දෙන්න යන්න එපා. දිගටම ලියන්න.
ReplyDeleteජය වේවා!!!
අය්යෝ කළින් කියන්න තිබුණනෙ? දුන්නා Mr. Manoj. ස්තූතීයි ගොඩ වැදුනට ආයම එන්න හොඳෙ?
ReplyDeleteබොහොම අපූරුයි!!!
ReplyDeleteබොහෝම ස්තූතියි :) රවී
Delete