Oct 25, 2015

~‍යුද්ධය විකුණ ගෙනම කමුද?~

අපි ජීවත්වෙන්නෙ නම් විශ්වගම්මානයක් තොරතුරු යුගයක් ගැන කතාවෙන තවත් පෘථිවියට සමාන ග්‍රහලෝක හොයා ගන්න කාලෙක නෙ?
ඉතිං අපි හුඟක් ශිෂ්ඨ වෙලා නෙ?
ඒ නිසා අපි නඩු හබ කියා ගන්නෙ නැහැ.
සණ්ඩු සරුවල් වෙන්නෙ නැහැ
හොරකම් කරන්නෙ නැහැ
පගා ගන්නෙ නැහැ
ගෘහස්ථ හින්සනය ගැන දන්නෙවත් නැහැ
බාලාපචාර කරන්නේම නැහැ
ළමයි මහමග දාලා යන්නෙම නැහැ
කොටින්ම කියනවා නම් මිහිතලය සුරපුරක්
ඔය ලයිස්තුව කියන්න ගියොත් ම තව කොච්චර කාළයක් මේකම ලියන්න වෙයිද දන්නෙ නැහැ
ඔය මොන ප්‍රශ්නෙටත් කතා කරන පෙළපාලි යන දේශපාලකයොන්ට බනින ( හිටපු ඉන්න ) අය ඕනතරම් නෙ?මමත් ඉතිං කුරුටු ගාන්න ආව.
වැරදුනා, මගේ කී බොර්ඩ් එකට කොටන්න ආවා
අම්ම කියන්නෙ එහෙම " ඕක කොට කොට හිටියොත්  හරි උදේ ඉඳන් රෑ වෙනකම්"
අපේ රට අවුරුදු 30ක යුද්ධයකින් පස්සෙ යන්තම් නිදහසේ හුස්ම ගන්නවා.
ඕං කවුරුත් මට පාට ගාන්න හදනව නෙවි. යුද්ධෙ දිනුවනෙ? ඉන් පස්සේ වුණු දෙවල් ඒ කාළෙදි වුණු දේවල අපි කවුරුත් දන්නවා නෙ? අලුතෙන් කියන්න දෙයක් නැහැනෙ?
යුද්ධෙත් එක්ක ඊට පස්සෙ ඇතිවුණු ප්‍රශ්න මොනවද? හමුදාවෙ/ සිවිල් වැසියන්ගෙ හා යුද්ධෙට සම්බන්ධ අනිත් පාර්ශව වල ගැහැණු අයට හා ළමයින්ට  මොනවද වුනේ?
වෙන්නේ?
එයාලට යුද්ධය ඉවරද?
ඔය කෑගහන හැමෝටම කරන්න පුළුවන් දෙයක් ඒ අය වෙනුවෙන් තියෙනවද?
උඩුයටිකුරු වුණු එයාලගෙ ජීවිත වලට මොකද වෙන්නේ? කවුද දන්නේ?
ඒ ඇස් වල බලාපොරොත්තු තියෙනවද තව ජීවත් වෙන්න?
කන්න බොන්න අඳින්න  තිබ්බත් අම්මා තාත්තා ලඟ නැති එයාලගෙ අහිංසක හිත්වල සතුට තියෙනවද?
දුවේ පුතේ කියලා ආදරෙන් ඔළුව අතගාන අම්ම අප්පච්චි නැතිව තනිවුණාම මොනවා හිතෙයිද? කවදා එයාලා සාමාන්‍ය ජීවිතයක් ගත කරයිද?

යුද්ධය නිසා තනිවුණු මේ දරුවාගේ ඡායාරූපය මට ලබා දුන්නේ Doctor @Hemachandra Kularathna. නමුත් ඒ දරුවාගේ ජීවිතය හිතට කිට්ටුවෙන් යන දෙයක් මට ලිවීමට නොහැකි වීම ගැන කණගාටුයි smile emoticon


ඔයාල දන්නවනේ ඉතින් මගේ වැඩේ කවි ලියන එක කියලා. කවියක් ලිව්ව හැබැයි ඒ පුන්චි හිතට ලංවෙන්නවත් මට බැරි වුණ බව පෙනෙයි ඔයාලට මේක කියෙව්වම


ඈත අහසෙ පිපී දිලෙන
රන් තරුවේ මේ අහන්න
මෑත මගේ ලොවට එබී
එක මොහොතක් ලඟින් ඉන්න
....
සීත දැනේ බඩගින්දර
මට විතරක් දෝ කියන්න
පාන් නැතත් අප්පච්චි
මං බලන්න ඇවිත් යන්න

ඈත අහසෙ පිපී දිලෙන
රන් තරුවේ මේ අහන්න
මෑත මගේ ලොවට එබී
එක මොහොතක් ලඟින් ඉන්න
...
අම්මත් නැති අප්පත් නැති
අසරණයා කියා කියා
ටොපි චොකලට් ගොඩක් දීලා
හොඳ මාමලා යන්න ගියා
..ඈත අහසෙ පිපී දිලෙන
රන් තරුවේ මේ අහන්න
මෑත මගේ ලොවට එබී
එක මොහොතක් ලඟින් ඉන්න
රෑට රෑට හරි සද්දේ
දුවන්නමයි මට හිතෙන්නෙ
යන්න බයයි ඒ මැද්දේ
අලි කොටි රැල බලන් ඉන්නෙ

මැටි පෙම් කවිම ලියලා කාලේ නාසිති කරනවා කියල යාළුවෝ මට දොස් කියනවා. ඔය ෆොටෝ මට එවන්නෙත් ඒකයි. අනුන්ගෙ දුකක් කරදරයක් තමන්ගෙ වගෙ දකින පුළුව්න් වෙන්නත් මනුස්ස හිතක් තියෙන්නා ඕනිනෙ?
ඉතියෝපියාවෙ බඩගින්නෙන් දුක්විඳින දරුවෙක් ෆොටෝ එකක් මේ අපි චුට්ටක් මෙයා ගැන හිතමුද? ඒ ලංකාවෙ නොවුනත් මේ අරුම පුදුම් විශ්ව ගම්මානයම නෙ?
නා නා ප්‍රකාර සංවිදාන වලටයි රටවලටයි ආධාර දෙනවා කියල කරන්න පුළුවන් මොනවද?
අපිට මොනවද කරන්න පුළුවන්?

~~~ ඉතියෝපියාවේ අසරණ දරුවන් ගේ සිතිවිලි විය හැකි දේ වලින් ටිකක් ~~~

නෙත් අග කඳුළු නැත වතුරද නැති....... හන්දා
බත් පත වියලි දුහුවිල්ලද නිති............ බැන්දා
සත් හට විපත මිහිපිට දුගතිය ........... කැන්දා
තෙත් හදවතක මුදු බව අහිමිද.......... මන්දා..

හිස් අහසකට වැඳ වැඳ දෝතම යොදලා
වස් වැදි රටට අනුහස යාදිනි .......කියලා
කුස් පිරවුමට ටික ටික ආහර .... පතලා
මස් නැති කටුගොඩට මිය යාමද යැදලා

..ගිනිගත් පොළෝ තල ගිනිගෙන ... දැවෙන්නේ
සුවහස් දහස් යම පලුවොද............... හිඳින්නේ
නිවහන් මහල් මම මොකටද............ පතන්නේ
බියතුන් තමයි හැම දෙසකම ....... පෙනෙන්නේ

..කන්නට බොන්න නැහැ කිසි දෙය......... සොයන්නේ
ඉන්නට තැනක් මම කුමටද.................... බලන්නේ
දුන්නට අහර නැහැ කුසතුල ................රැඳෙන්නේ
බැන්නට කමක් නැහැ මරණය .......... පතන්නේ


මෙයාලට ජීවත් වෙන්න අයිතියක් තිබ්බට ජීවත්වෙන්න ඕනිද මෙයාලට?
ප්‍රශ්නය ඔයාලට ඉදිරිපත් කරන්නම්

22 comments:

  1. මේ ලෝකය අමුතු තැනක්.............. මිනිස්සු මිනිස්සුම බෙදිලා වෙඩි තියා ගන්නවා.... මරා ගන්නවා.... ඒත් මිනිස්සුන්ට මිනිස්සු නැති වෙනවා මිසක් ලැබෙන දෙයක් නැහැ...... මේක මහ අමුතු තැනක්.... අාත්මාර්ථකාමීව අපි ළග බලාගෙන ජීවත් වෙනවා...... දුර බලපු දවසට අපි ලැජ්ජා වෙනවා....

    ReplyDelete
    Replies
    1. ඉතින් අවසානෙ මොකක් වෙය්ද?

      Delete
  2. අදයි මුලින්ම ආවේ.
    සංවේදි කවි පෙලක්...
    යුද්ධයෙන් මිනිස්සුන්ට අහිමි වෙන් දේවල් බොහෝමයි....
    කවුද ඇත්තටම යුද්ධයකින් ජයගත්තේ...
    ජය ලබපු,නොලබපු හැමෝම යම් දවසක මරණයට පත්වෙනව.අතීතයට එකතු වෙනවා....
    මහ පොලව වෙනුවෙන් මරාගෙන ඒ මහපොලවෙම පස්බවට පත්වෙලා යනවා......

    ReplyDelete
    Replies
    1. සතුටින් පිළිගන්නවා . ආයමත් එන්න.
      කතාව ඇත්ත . මිනිස්සු මොනවටද යුද්ධ නොකරන්නේ?
      මනසින් උසස්ම කියලයි කියන්නෙ නම් නෙ?

      Delete
  3. ලෝකය විවිධයි , විෂමයි .... මිනිස්සුන්ගේ පුරන් වෙච්ච හිත් වල මනුස්සකම වගා කරන්න ඕන .

    ReplyDelete
    Replies
    1. ඇත්ත. තව කෙනෙක්ගෙ දුකක් අමාරුවක් තේරෙන තරම් හිතක් තිබුනානම් ඇති කියලයි මට නම් හිතෙන්නෙ :)

      Delete
  4. හංසමාලි.. හරිම සංවේදී.... දිගටම ලියන්න.. එනවා බලන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිරි ගැන්වීමට. එන්න සුහද සිතින් පිළිගන්නවා

      Delete
  5. ස්වේදියි වගේම නිර්මාණාත්මකයි. හැකි පමණින් යුතුකම් කලාම ඇති. පොඩි දෙයක්! එක දෙයක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. හැකි විදිහට පුංචි දෙයක් වත් කරල ඒ පුංචි හිත් හදන්න පුළුවනි නම් අගෙයි තමා

      Delete
  6. මෙහෙම ළමයින් දුක් විඳින සමාජයක ම තමයි "ලෝක ළමා දිනය" කියල එකක් සමරන්නෙ.....

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් පටු පරමාර්ත ඉටු කරගන්න කරන වැඩ නේ ? කාටද ඕනින් හරි වැඩක් කරන්න @ Rohan

      Delete
  7. ඉතියෝපියාවේ දරුවන්ගේ කවි පෙළ හරිම සංවේදීයි. අපිට පුලුවන් විදිහට එක දවසකට එක්කෙනෙක්ගෙ ගානෙ මෙහෙ ඉන්න අයගෙත් බඩගින්න නිවමු.

    බියතුන් කියන වචනේ තේරුම නොදනිමි. තුන් බිය කියන එකද?

    ReplyDelete
    Replies
    1. ඔව් තුන්බිය තමා . කවි හදන කොට එහෙම පදමාරු කරල ලියන්න පුළුවනි. :) ස්තූතියි හොඳේ මේ පැත්තේ ගොඩ වැදුනට

      Delete
  8. සම්ප්‍රදායී රටාවෙන් බැහැරව ස්වාධීන චින්තන ශක්තියෙන් යුතුව ලියූ බවයි පේන්නෙ. අගය කළ යුත්තක්.

    ReplyDelete
    Replies
    1. සම්ප්‍රදායත් වෙනස් විය යුතුම නෙ? ස්තූතියි. ආයෙම එන්න . අදහස් බෙදාගන්න :)

      Delete
  9. Kawi pilithurak livimta noheki wima gena kanagatuwa.. hithe godak dewal.. liya ganna be..

    ReplyDelete
    Replies
    1. oyaata liyanna bahA ayye :D ehenam kurullontath piyaabanna bAhA kiyay :)

      Delete
  10. හොඳ නිර්මාණයක්. මේ වගේ හැකියාවක් තියාගෙන ලියන්නෙ නැතුව හිටියෙ ඇයි කියල අහන්න හිතෙනව. දිගටම ලියන්න.
    ජය වේවා!!!

    ReplyDelete
  11. ඔයා ඉතිං ඇහුවොත් එහෙම එකක් තමා . ම්.ම්.ම්.ම්.

    ReplyDelete