Jul 31, 2015

අද නම් හෙළුවෙන්ම වැණුවා

මදූ මාධව සරණිය නිතර ජනප්‍රිය කවි ලියන නිසා මටත් හිතුනා විරිදුවක් ලියන්න
අසභ්‍යත් නොවන නොවෙනත් නොවෙන..

කවුදෝ මට මතකයි බ්ලොග් ලියන අය කමෙන්ට්ස් බලපොරොත්තු වෙනවද නැතිනම් හිතට එන දේවල් ලියනවද කියල පෝස්ට් එකක් දාල තිබ්බා
අනිත් අයට නම් මම දන්නෙ නැහැ. මම නම් හුඟක් ඒක ගැන හිතනව
ඒ කමෙන්ට්ස් මගේ ඊළඟ පෝස්ට් එකට බලපානවා

'කළණය්යා  නම් ඉතින් ' මයි කාර් මයි පැට්‍රොල්' කියනවා. ඒ ඉතින් එයා බ්ලොග් ලෝකේ කිරුළු පලන්දලානෙ ඉන්නෙ.

එෆ් බී එකේ නම් "බොමුද සීතල වතුර වීදුරුවක්?" වගේ එකක් ඇහුවත් ලයික් 150 ක් වත් ලැබෙනවා
එකී නොකී අය කමෙන්ට්සුත් කරනවා, මූණු පොතේ නම් ෆලෝවර්ස්ලා 3500 පන්නලා. 
බ්ලොග් එකට නම් හා හා පුරා 13ක්ම ඉන්නවා මාත් ඇතුළුව හොඳේ




ඉස්සර කාලේ දවසක
හිටියලු එක ගුරුවරයෙක්
සිංහල ගති අගේ කරන
(දරුවන්ගේ නැණ පාදන )//


ඔන්න ඉතින් එක දවසක්
අමුඩය ගැන  කතාවකදි
දැක ඇති අය උස්සන්නට
 (කීවලු පොඩි ළමුන්ගේ අත්)//


පන්තියෙ එක ළමයෙක් වත්
දැක නැහැ නොව 'අමුඩය' වත්
අනේ දෙය්යනේ හැබෑට
(අපේ  රටට වෙච්ච දෙයක්)//


"සද්දෙ  එපා ලමයින් දැන්
පෙන්වන්නම් අමුඩය මම"
මැදට ඇවිත් සරම කොනෙන්
(ඉස්සුව නොවැ ගුරු උතුමා) //


ගෑණු ළමුන් හිකි හිකියේ
පිරිමි ළමෝ හරි සද්දේ
ඒ සද්දෙට මුල්ගුරුතුම
(පන්තියෙ  දොර ලඟ ඔරවයි ) //


"මොකද ළමයි සද්දෙ මෙතන?
ගුරුවරයෙක් ඉන්නවනේ?"
"නෑනෙ මැඩම් මේ අපෙ සර්
(අද නම් හෙළුවෙන්ම වැණුවා" )//


"අද පාඩම ඒක මැඩම්
සින්හලයෙන් වර්ණනාව
ඒකයි මේ කියන්නේ දැන්
*( විශුවල් ඒඩ්ස් පෙන්නුවෙ මම" )


"කෝ බලන්න කෝ බලන්න"
විදුල්පති සැරෙන් කිව්ව
සරම කොනෙන් උස්සාගෙන
(අමුඩය යලි පෙන්නූවේ )//


ඔෆිස් එකට එන්න කියා
හනිකට පැවසුවා මැඩම්
අනේ ඉතින් හනික ගියා
(හිනා සද්දෙ වැඩිව ගියා )//


ඔෆිස් එකට ගිය සර්ට
"ගෙදරින් පණිවිඩයක් විත්
වයිෆ් එන්න කියල එවල"
 (හනි හනිකට ගෙදර ගියා ) //


*හාෆ් ඩෙයක් අරන් ඔහේ
එන වග මම දන්නව නෙව
අමුඩෙ වැලේ වනල ඔහේ
(ඉස්කෝලෙද? ගියෙ කොහේද?)//


* half a day ekak honde :D


12 comments:

  1. කොහොමද මේක එෆ්.බී. එකෙදී එහෙම හෙළුවෙන්ම වැනුවනම්.. පාර හොයන් ගෙදරත් එන්න අහයි කට්ටිය නේද?
    හැක් හැක්.. කවුද කිව්වේ.. මේ දවස් වල කිරුලේ මුතු ලෙහිල සර සර ගාල වැටෙනව හමතැනම.. හැක්.
    මෙන්න මේ ගටට මගේ මගේ ෆුල්ම රෙශ්පට් එක සිස්ටර්.. උඹට දිගු ගමනකට ආසිරි බොක්කෙන්ම.

    ReplyDelete
    Replies
    1. එහෙම නැහැ ඉතින් අගෙයි නේ අය්යගෙ වැඩ :)
      ස්තූතියි :D ඔව්
      ඕනි වුනා මධූ වගේ එකක් ලියන්න
      ඔයා තමා ඉතින් මට පාර පෙන්නුවේ

      Delete
  2. හිකිස් හිකිස්...අදද කොහෙද මේ පැත්තෙ ආවෙ...ඔය කතාව අහලා තිබුනට විරිදුවෙන් කතා රසය වැඩි උනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සතුටින් පිළිගන්නවා ආයම එන්න හොඳේ සඳ වියමන්

      Delete
  3. බස්සි සහ ඔමා ගණයේ තවත් ලක්වනිතාවකගේ ලක්ෂණ පෙනේ. උඹනං නියමයි කෙල්ලෙ. මෙන්න මෙහෙම සංස්කෘතික සීමා මායිම් කඩලා දාලා ගෑණු පිරිමි කවුරුත් විවෘතව අදහස් දක්වන අවකාශයක් තමා අපි නිර්මාණය කරන්න ඕනි.
    අමනාප නොවේනම් මෙන්න මේවා පොඩ්ඩක් හදන්න. සමහර පේලි තාලෙට කියලා බලන්න.. පොඩි අවුලක් තියේ මාත්‍රා ගණනෙ.
    උදාහරණ-
    //(ඉස්සුව අදරින් ගුරුතුමා ) // - ඉස්සුව නොවැ ගුරු උතුමා
    //පිරිමි ළමෝ හරි සද්දෙ// - පිරිමි ළමෝ හරි සද්දේ
    //ගුරුවරයෙක් ඉන්නවානේ?"// - ගුරුවරයෙක් ඉන්නවනේ?"
    (අද නම් හෙළුවෙන්ම වැණුවා" )// - අද හෙළුවෙන් වැණුවානේ"
    //ඒකයි මේ කියන්නේ දැන්, විශුවල් ඒඩ්ස් පෙන්නුවෙ මම// - ඒකයි මේ කියන්නෙ දැන්, විශුවල් එක පෙන්නුවෙ මම
    //අමුඩය යස රඟට පෑවා// - අමුඩය යලි පෙන්නූවේ
    //වයිෆ් එන්න කියල එවලා// - වයිෆ් එන්න කියල එවල
    මේ ටික මම පෙන්වපු විදිහට හරි වෙන විදිහකට හරි මාත්‍රා බැලන්ස් වෙන්න දැම්මානම්... මේක සුපිරි විරිදුවක්. අපිට පැදි/විරිදු පෙළක් පද බැන්දම එකපාර වැරදි පේන්නෙ නෑ. ප්‍රිවීව් එකක් බලන්න ඕනි ඒ නිසා. අදහසත් පද පෙළත් කිසි අවුලක් නෑ ඇතැම් තැනක මාත්‍රා ගණන හැර.

    හැමදාම වැරදි කියනවා කියලා හිතන්න එපා. ඔබට තියෙන නිර්මාණ හැකියාව අපූරුයි. ඒක ගලක අතුල්ලලා ඔප දමන්නයි මේ දේවල් කියන්නේ. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. :)
      හරිම පැහදිලි අගේ ඇති කමෙන්ට් එකක් :) ඇත්ත මම මාත්‍රා ගනන් කලේ නැහැ. ලිව්වා පෝස්ට් කළා කවි ලියන කොට මත් සටහන බැලුවට මේ මගේ පලවෙනි විරුදුව . ස්තූතියි බොහෝම. ඔහොම උපදෙස් දෙන කොට හැදිල එයි අඩුපාඩු :)

      Delete
  4. සර් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ dual a\c පිට.නියමයි....

    ReplyDelete
    Replies
    1. :D hAmoma liyana kota matath liyannam hithuna
      Katusu hadawatha :)

      Delete
  5. මෙයත් මාර ඒවා තමයි ලියන්නෙ. හොඳා හොඳා :D. මධුගේ අදහසත් එක්ක මාත් ඉන්නව. දිගටම ලියමු.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. oon sthuthi wewaaaa kiwwa :)
      sthuthi honde :)
      Manaage pinthaaruwa

      Delete
  6. මරු කතාව අප්ප ඒක නම්. ;)

    ReplyDelete