Jul 10, 2015

ලෝකේ ඉන්න විශ්වාසම පිරිමියා



"අද මොනවද අපි කරන්නෙ?" මම ඇහුවේ පේර ගෙඩියක් හපන ගමන්"
කොටු පනිමුද?"ෂානිකා අක්කි ඇහුවේ එයා දුවන සෙල්ලම් වලට කැමති නැති නිසා..(අපි තරම හය්යේන් දුවන්න එයාට බැහැ.අපි තරම් වේගයෙන් දුවන්නත් බැහැ.)
"අය්යෝ ෂානික්කි, ඒක මහ කම්මලි වැඩිනේ?" මම ඉක්මනින් කීවේ අනිත් අය හා කියයි කියල බයේ.
අපි සාරි ගප්පි අල්ලමු" මම කීවේ ෂානුකය්යා දිහා බලාගෙන... එයා ඉතින් මම කියන එකක් බැහැ කියන්නෙ නැහැනෙ..
තේනුකය්ය කීව.. එයා තමය් අපේ ලොක්ක. හරි පණ්ඩිතය.
මම හෙමින් අඹ ගහ දිහ බලනකොටම තේනුකය්ය කීවා.
" ඔන්න ගස් නගින්න නම් බැහැ." මේ වැහි කාළේ ගස් නගින්න එපා..ගස් තෙතයි කියල අම්මා එනකොටත් කිව්ව".
"මේ සීතලේ? තාම පින්නවත් වේළිලා නැහැනෙ?" 
ශානික්කිගෙ බෝල මූන ගේ පැත්තට හරෙව්වා.. 'අපි එහෙනම් සෙල්ලම් බත් උයමු' කියයි කියල මට හිතුනෙ.
ගෙදර ගිහින් සෙල්ලම් බත් උයමු' කියල එයා කියන කළින්
"අනේ අපි හොරා පොලිස් වලින් පටන් ගමු...

 ගස් වේළුනාම ගස් නගිමු... 

දවල් වෙලා සාරි ගප්පි අල්ලමු..

හවසට සෙල්ලම් කඩයක් දාමු.." 
මම කියව ගෙන ගියේ... 'වෙන යෝජනා එන්න කළින්.

"හාං මම ස්ථානාධිපති" ෂානික්කි කෑ ගැහුවෙ,,,එතකොට එක තැන වාඩිවෙලා  කෝල්ස් ගන්න හැකිනේ.
හොඳයි එහෙනම් හැමෝම එන්න උච්චි උච්චි තෝල් තෝල් කරන්න . ඒ විදිහට අපි පිල් බෙදුනා.
"නීති අංක එක: පොලිසිය හොරු ඇල්ලුවොත්.. පිටට තුනක් හරි කකුලට තුනක් හරි ගහල පොලිසියටම ඇදගෙන එන්න ඕනි.

."නීති අංක දෙක අල්ලගත්තම බිම පෙරෙලෙන්න තහනම්"(ඒ මට දාපු නීතිය )"

නීති අංක තුන.. පොලිස් රාළහමිව හොරු එකතු වෙලා අල්ලගතොත් එයාවා බිම පෙරල ගන්න ඕනි" (ඒ වෙලාවේ තේනුකය්යා පොලිස්කාරයෙක්) අපිට වඩා ශක්තිය තියෙනව එයාට. අපිට එයාව පෙල්ලගන්නත් බැහැ. හුඟක් වෙලාවට අල්ලගන්නත් බැහැ.


නීති අංක 4 ...වැටුනොත් අඬන්න තහනම්... තල්ලු කළා කියල බොරු කියන්නත් තහනම් ( කවීශ්ට ඒ නම් )

එයා බදුළු කෝච්චීයක් වෙන්නයි යන්නේ.. නීති කියලා ඉවර වෙනකොට රෑවෙය් මම හිතන්නේ" මම් හිතුවෙ නොරිස්සුමෙන්.. 

සෙල්ලම පටන් ගන්නයි මට ඕනි. දැනටමත් මගෙ ඇස් හතර වටේ.
"මේ, ගස් උඩ බේ ගෙවෙල් අශ්ශෑ බේ.වත්තේ අශ්ශෙ විතරයි..ලොකු මාතියා මට තමයි *පනින්නේ... මුත්තු නීති ටිකක් කියන් ගියා * මුත්තුට (බ ) යන්න බැරි උනාට ඒ දෙකට මැදි සද්දයක් කියන්න පුළුවන්"

"හරි හරී ස්ථානාධිපති ගනන් කරන්න..අපි හොරු දුවමු... සගයනි! පැනගමු!!මම දුවන්න පටන් ගත්තා... "ටිල් ටිල්... ඩිශුම් ඩිශූම් ඩෝං" ඔක්කොම ආයුධ එකට වැඩ

මම දිව්වේ කන්ද මුදුනට( ගේ පැත්තට ) අලිගැට පේර ගහට මුවාවෙලා හති ඇරල හෙමින් හෙමින් පහලට ආවා

අපි පාරේ යන වාහන බලන ගලක් තියෙනවා"අපේ බැලුම් ගල" පඳුරු වලට මුවාවෙවී බැලුම්ගල ලඟට ගිහින්.. අත් කකුල් 4ම පාවිච්චි කරලා ගල මුදුනට නැගල. ගල් පතුර දිගෙ හෙමින් හෙමින් පහලට ආව.
 බිම දිගාවෙලා පහළ බැලුවාපහළ ශානුක පොලිස් රාළහාමි... මට පිටුපස්ස හරවලා..ගල දිගෙ සද්ද නැතිව දුවන් ගමන් මම පැන්නා එයාගේ ඇඟට
එයා අයින් වුනේ මාව නොදැකම...ගල් පතුරක් මගේ විළුඹේ දික් අතට ඇනුනා...ආආආඅ... මම එහෙමම ඉඳ ගත්තා...ඇදලා දැම්මා මම ගල් පතුර... 
ශනිකාක්කි අඬනවා" අනේ ඔයා මැරෙයියි...." 
"මේ කලන්තෙ දාන්න ඔට්ටු නැහැ හරිද? "මම කලබලේම කීවා.
මුත්තු දුවන්න පටන් ගත්තා ' ලොකු නෝනා.... ලොකු නෝනා" කිය කිය
පිච්ච්කෝටුව තමා මට මතක් උනේ.
"මුත්තූඋ මෙහෙ එන්න්නෝඔ" මම කෑ ගැහුවා.මුත්තු ආපහු දුවගෙනම ආවා.අම්මගෙ අල්මාරියේ උඩ ඇති යතුරු කැරැල්ල... එකෙන් අල්මාරිය ඇරලා බෙහෙත් පෙට්ටිය ඇති උඩ තට්ටුවෙ අරන් එන්න.
" අනේ චූටි බේබි මට කාමාරේට නම් යන්න බැහැ (එයා මට චූටි බේබි කියන්නෙ නැහැ.. මම ගහනවා එයාට එහෙම කීවම කලබලේට මට ඒකත් මතක් උනා..
"මට නම් ගෙදර යන්න බැහැ.තාත්තා එනකම්....අම්ම ගහයි" මම කීවා.
"මාමා එන්නේ හවස හලෝ.. මෙතන ඉන්න බැහැනේ? "තෙනුකය්ය කිවා.
අපි මුත්තුලා ගෙදර යමු" "අනේ චූටි බේබි, එහේ බෙහෙත් නැහැනේ?,පේර කොළ විතරයි..තුවාලෙ ලේ ගොඩක් එන නිසා ඒක වැඩක් නැහැ
"...ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්.ම් මේක හරියට රිදෙනවා අනේ,, මට කියවුනා මගෙ බඩත් මොනාද වෙනවා." ශානිකාක්කි ආය අඬන්න පටන් ගත්තා.
"ඔයා ගිහින් වතුර බාල්දියකුයි... පිහියකුයි... රතුළුණු ගෙඩි දෙකකුයි.. කෝපි කුඩුයි ගේන්න අනේඊ යන්න මට රිදෙනවා"මුත්තූ දිව්වා ගේ පැත්තට.
යි හලෝ ළුනු ගෙඩි"
"ශානිකාක්කිට කලන්තෙ දැම්මම නහයට අල්ලන්න"
ලොකුමුත්තු( මුත්තු ගෙ තාත්තා ) දුවගෙන ආව මා ළඟට.
 ඊට පස්සෙන් අම්මා.
"අනේ මුත්තු අන්ක්ල්...... " කියවුණා මට. මට සිහිය එනකොට හිටියෙ ස්පිරිතාලේ ඇඳක් උඩ.

අප්පච්චි...ආච්චි...සීයා ,, මුත්තු අන්කල්.. මගෙ ඇඳ වටේට.... මම මගේ කනෙන් කනට හිනාව දැම්මා..අප්පච්චි මගෙ අත එයාගෙ අත් දෙකෙන්ම අල්ලගත්තා....තාත්තගෙ අත් දෙක ගැස්සෙනවා.. කඳුළු බේරෙනවා දැක්කම මටත් හුඟක් දුක හිතුනා..ආච්චිත් අඬනවා.
"අනේ නැහැ දඟ මල්ල... කවුද එහෙම කීවේ? නර්ස් නැන්දි ඇහුවා"


හොඳයි අපිට සෙල්ලම ඉවර කරන්නත් බැරිඋනා" මම කීවේ  (හැමෝටම හිනා..)
 "සතියක් දෙකක් ඇඳේ බැඳලවත් තියාගන්න වෙයි" මගේ ඇඬුම අළුත් උනා.."මැහුම් කපන්නත් ඕනිනේ?"ඇඬුම අස්සෙන් මට ඇහුනා.
"රන්දූ ඇයි මගෙ මැණික?"
ආදරෙන් හෙමින් ඇහුවෙ. මට ඇහැරුණේ සැරින් සැරේ.. එත්.. තාත්තා නම් නිදා ගත්තෙම නැහැ කියල මට හිතුනෙ..
අප්පච්චි මගෙම මගෙ... මුළු ලෝකෙම හොඳම අප්පච්චි මගෙ අප්පච්චි තමයි.. මගෙ හිත කිව්වා.
මම" හා අප්පච්චි" කීවා
"මයෙ පුතේ, මේ ලෝකේ දරුවෙකුට ලොකුම  රැකවරණය අම්මයි අප්පච්චියි තමයි.. ඕනි දෙයක් ඉස්සර වෙලාම කියන්න ඔනි එයාල නෙද?" අප්ප්ච්චි කීවා.. ඕනිම දේකට අම්මා තාත්තා තමන්ගෙ අය පිහිට වෙනව නේ"
"ම්.ම්.ම්.ම්.ම්.ම්.ම් පිච්ච කෝටු පාර නැතිනම්.අප්පච්චිත් බනින්නේ නැතිනම්..කකුල කපන්නෙත් නැතිනම්,,අප්පච්චි කියන එකක් කරන්න පුළුවනිනෙ?"
"මොනවටද මගෙ පුතා දැන් හා කිව්වේ?" අප්පච්චි ආදරෙන් ඇහුව.

ඊළඟ සැරේ.... කකුළ කැපුනම...තුවාළෙට උඩින් තදින් පටියකින් බැඳළා ඉක්මන්ට ඉස්පිරිතාලේ එන්න කීවා නර්ස් නැන්දි...ම්.ම්.ම්.ම්.ම්. ගුටි දෙන්නේ නැති... අඬන්නේ නැති..... ලේ දැකළා කලන්තේ දාන්නේ නැති....ලොකු කෙනෙක්ට කියන්න ඕනි එන්න කළින්".... මම කීවා

"එහෙම කෙනෙක් ඉන්නවද දූ ඔයාට? තාත්තාගෙ හිනාවෙන ඇස් දිහා බලාගෙන මම මෙහෙම කීවා.

"ඔව් අප්ප්ච්චි... මුතුත්ගෙ තාත්තා... ලොකු මුත්තු අන්ක්ල්...එයා තමා ලෝකෙ විශ්වාශම කෙනා" තාත්තා හයියෙන් හිනාවුනා.ඇයි ලොකු මිනිස්සු මම කියන ඒවට හිනාවෙන්නේ?

,,,,,,,
pa li dha manda

හින දැක්ක බ්ලොග් ලෝකෙට එන්න. නමුත් කළණය්යා මෙහෙට්ට මාව ඇදන් ආවේ මරන්න ඇදන් යන හරකෙක් වගේ දැන් ඉතින් කට්ටියම කල්පනා කරන්න එපා එයා ඒක කොහොමද ඒක කලේ කියලා.
මූනු පොතේ මොනවා හරි ලියනව වගේ නෙවි. බ්ලොග් එකක් ලියන එක
නීති හුඟයි. ( ඔක්කොටම වඩා දවසකට එකකට වඩා ලියන්නත් බැහැ )
එක අතකින් ඒක හොඳයි . පිස්සුවෙන් වගේ ලියලා ලියලා දාන්න බැහැනෙ.

මේ සැරෙ මගේ නන්ගි උසස් පෙළ ලියනව ( 2015 ) මල්ලි සාපෙ. කවදත් වගෙ  ඒවා වැඩියෙන් බලපාන්නේ මට.

මං පොඩි කාලෙ වගේ නෙවි. එයාල සෙල්ලම් කරන්නේ නැහැ.රූපවාහිණියයි ..... පරිඝනකයයි එයාලගේ ළමා කාලෙ හොරකම් කරගෙන...

හ්ම්ම්ම්ම් මගෙත්... අම්මා කියනවා වගේ " ඕක කොට කොට ඉඳලා මොකක් හරි එකක් කරගෙන තමා නවතින්නෙ"


මොකක් හරි එකක් වෙන්න කළින් මගේ ළමා කාලයෙන් චුට්ටක් මම ලියලා තියෙනවා. ඔයාලා එක්ක මම ඒක බෙදා ගන්න කැමතියි.



29 comments:

  1. මෙන්න මේ අන්තිම ටික වගේ නිදහසේ ලියන්න. නීති නෑ බයවෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ස්තූත්යි හුඟක්ම මධූ. ලියන්න නම් හුඟාක් ආසයි. මාධ්‍යයක් තමා නොතිබුනෙ

      Delete
  2. කතාව ලස්සනයි සුහදයි ආකර්ෂණීයයි.නමුත් ලියලා තියෙන විදියට කියවන්න අපහසුයි.ඒක මේ ඔබේ ප්‍රශ්නයක් නොවෙයි බ්ලොගේ ආකෘතියෙ ප්‍රශ්නයක්.ආයෙම ලියද්දි මේ දේවල් මගහරවා ගන්න බලන්න.ජය!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති. හදා ගන්න උත්සහ කරන්නම්
      +Helapa kade

      Delete
  3. ආයෙත් ලියන්න පටන් ගත්ත එක හොඳයි. අතිතේ කොච්චර සුන්දරද නේද? කතාව ලස්සනයි :). දිගටම ලියන් යමු හොඳේ.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අප්පෝ ඔයා නම් කියයි . මමනෙ ලියන්න ඕනි,, තාම බ්ලොග් එකත් ලස්සන නැහැ. ස්තූතියි හොඳේ
      @manaage pinthaaruwa

      Delete
  4. සෙල්ලම් කරන්න කඳු යායක් තිබ්බ අපේ ජීවිත ගැන හිතෙනකොට , පර්රචස් දහයක් පහළවක් ඇතුලේ මුළු ලෝකයම දකින අපේ ළමයි ගැන දුක හිතෙනවා. ඔවුන් එහෙම හිර කලේ අපිමද කියල වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
  5. හොඳ ඉගෙනුමක් දෙන්න . වඩා හොඳ ජීවිතයක් දෙන්න එහෙම කරන්න ඇති නෙ? ස්තූතියි සටහනක් තැබුවට හොඳෙ
    @ thilaka Sitha

    ReplyDelete
  6. අලුත් මුහුණුවර ලස්සනයි

    ReplyDelete
  7. මොකක්දෝ කලබලයක් තියනව

    ReplyDelete
    Replies
    1. නැහැ වැරැද්ද කියල දෙන්න පුළුවනිද පැහැදිලිව?

      Delete
  8. මොකක්දෝ කලබලයක් තියනව

    ReplyDelete
    Replies
    1. නැහැ වැරැද්ද කියල දෙන්න පුළුවනිද පැහැදිලිව?

      Delete
  9. මොකක්ද කලබලයක් තියනව.ඔයා බ්ලොගර් ෆෝපයිලය උඩට එන්න , බ්ලොගර් ෆලෝවරය දාන්න

    ReplyDelete
    Replies
    1. කේන්ති ගිහින්ද මන්දා. හදාගන්නම් අඩුපාඩු + ස්තූතියි හොඳේ

      Delete
  10. Podi kale mathak una. Atama kiwwa wage mokakdo kalabalayakin liyala thiyenne..

    ReplyDelete
    Replies
    1. hmmm therenna udaw gannama una. hadaa gannam sthuthi :)
      Tikka

      Delete
  11. සුන්දරයි අනේ...දිගටම ලියමු හොඳේ ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හුඟක්ම :) කමෙන්ට්ස් වත් නැති උනාම එපා වෙනවා නෙ?

      Delete
  12. සොඳුරු මතකයක්. "නර්ස් නැන්දී " ලත් හිටියද? සාමාන්‍යයෙන් නර්ස් ඇන්ටිලා හරි නේස් නෝනලා හරි නේ ඉන්නේ.
    http://nelumyaya.com/?p=3622

    ReplyDelete
    Replies
    1. හිටිය මම හිතන්නෙ. අපි නම් කිව්වෙ එහෙම :) ස්තුති :)

      Delete
  13. පුංචි කාලේ මතක් උනා...
    අටමා කියන්න වගේ මොකක්දෝ කලබලේකින් ලියලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහෝම . උත්සහ කරන්නම් අඩුපාඩු හදාගන්න .ස්තූතියි හොඳේ ආයම පාරක්
      @jema

      Delete
  14. //කළණය්යා මෙහෙට්ට මාව ඇදන් ආවේ මරන්න ඇදන් යන හරකෙක් වගේ // නාවන්න ගෙනියන බල්ලොත් ඔන්න ඔය වගේ පස්ස ගාත් දෙක ඇද ඇද එන්නේ.. හැක්. මොනව මොනව හරි කියල කමක් නෑ ලියනවනම් පිළිවෙලකට.

    ReplyDelete
    Replies
    1. උත්සහ කරන්නම්කෝ එහෙම කරන්න හිටං
      @Kalana mithu

      Delete
  15. මම එබිලා බැළුවා නිහඩ සිත්තරාවිගේ වියමන් පොත දිහා හොදයි ! ආයෙත් බලන්නම්

    ReplyDelete
    Replies
    1. එන්න ආයෙමත් පිළිගන්නවා ආදරෙන්. ගුණ දොස් කියලම යන්න හොඳේ
      +Lionel Liyanagamage

      Delete
  16. //කොටු පනිමුද?// හිකිස්!
    ඒක නෙමෙයි,ඔයාගේ නංගිව මට පොඩ්ඩක් අදුන්වලා දෙන්න බැරිද? :)

    ReplyDelete