Jun 4, 2015

~~~~මා ඉකි ගසන හඬ~~~

 ලාංකීය වීදී දරුවන් දිහා

මවකගේ සැබෑ හීනය තම දරුවා මෙලොව එළිය දකිනු දැකීමයි. තම දරුවා සමාජයට  හිතකාමී අයෙකු වනවා දකින්නට අකැමති අම්මෙකු ලොව ඇත්ද?



එනමුත් තම් අලුත උපන් දරුවා මරා දැමීම හෝ පාරට විසී කර දැමීම අද ලංකාවේ සුලබ දෙයක් .අධික දරිද්‍රතාවය, මව හෝ පියා මිය යාම විරැකියාව මෙයට මුල් වෙන ප්‍රධානම හේතු වලින් කීපයක් බව අපි කවුරුත් දන්නා කාරණයක්



විධිමත්ව ආයතන ගතවුනේ නැතිනම් හෝ මිය ගියේ නැතිනම් මේ දරුවන් "වීදි දරුවන්" ලෙස සමාජයට එක් වෙනවා.





මව්පිය සෙනෙහස රැකවරණය අහිමි මොවුන් ජීවිකාව ලෙස හිඟමන තෝරා ගන්නවා. ගන්න සිද්ධ වෙනවා.ඊට අමතරව සුළු රැකියාවන් කරන අයත් ඉන්නවා .සමහරු මත්ද්‍රව්‍ය හා නොයෙකුත් සමාජ විරෝදී ක්‍රියා වලට භාජනය වෙනවා මේ අලුත් සින්දුවක්. "ලේ එක්ක තරහයි" බලමු.



දරුවෙකුට මව් සෙනෙහස අහිමි දරුවෙකුට අම්ම ගැන හිතෙන දේ මම කවි වලින් ලියන්න උත්සහ කළා .


   සීතල තිරව විත් රිංගා කවුළු .............දොරින්
බීරිම සමග වැහි හිරිකඩ  හෙමින් ....සැරෙන්
මා ළඟ වෙලී වද දෙනවා බොහොම වෙරෙන්
කෑ මොර ගසා සඳ කළුවර  එබෙයි හොරෙන්

කීකරු නොමැති හිත රහසෙම...... ......වැලපෙනවා
මා වැදු මවද මොහොතින් සිහියට................. එනවා
කෝ කොයි කොහෙද හිත පතුලෙන් වද...... වෙනවා
ඈතක ඉඳන් උල ලේනිය නද..................... දෙනවා

බිව් කිරි වලට ණය ගෙවනට ඕනි....... කියා
කිව් බස මතක් වේ මව් ගුන අගය...... නියා
සිව්පද කෙළක් මගෙ රුහිරෙන් මවට... ලියා
සිත්තම අඳින්නද  අහසෙහි කඳුලෙ....... වියා

පා යුග නැමැද නිති විවරණ ..........ලැබ ගන්න
ආසය මටත් මේ කරුමෙන් .........ගැලවෙන්න
ආලය පිරුණු ඔය දෙනෙතේ ........කිමිදෙන්න
මා බුදු බව්නි එක මොහොතක් ........හමුවන්න

රෑ නිදිවරා ලිව්වත් මම නෙක.............. පේලී
නෑ කිසි කළෙක හද ළඟ  නම් මගෙ.... සෝලි
බෑ ඉවසන්න කඳුළැලි නොම යයි........ වේලී
කාහට කියන්නද මේ දුක් කඳු............. පේලී

මා ඉකි ගසන හඬ සුළඟේ......  රැඳෙන්නෙපා
කවුරුත් නොමැති දරුවෙකු යයි කියන්නෙපා
නෑයෙකු නොමැති බව මේ හැටි හිතෙන්නෙපා
මා මල දිනෙක මගෙ සොහොනෙ ලියන්නෙපා
                 

6 comments:

  1. හපෝයි. :'(
    කොහෙද මේ හිතුවිලි හංගලා තියා ගත්තේ මෙච්චර කල්?

    ReplyDelete
  2. :D ලිව්වෙ ෆේස් බූක් නෙ? ඔයාලගෙ බ්ලොග්ස් බලල තමා ඉතින් + ස්තූතියි හොඳේ

    ReplyDelete
  3. නියම පෝස්ට් එකක්. ඔන්න සිත්තරාවි වැඩ අල්ලලා :).
    හොඳ මාතෘකාවක්. මේ සම්බන්ධව වැඩිය නිර්මාණ බිහි වෙනවා මම නම් දැකලා නැහැ. කවි ටික නියමයි. දිගටම මේ වගේ හොඳ නිර්මාණ කරන්න හැකි වේවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධිරි ගැන්වීමට මම ඉතින් මූණු පොතේ නෙ සැරි සැරුවේ. ඔයාලගෙ පෝස්ට් බල බල උදව් අරගෙන තමා ඉතින් මේව කරන්නෙ

      Delete
  4. හොඳ ටච් එකක් දැන්නම් තියෙනවා. නිහඬ කවිකාරී කිව්වනම් වඩාත් හොඳයි වගේ.
    (ඔය තිත් පේලි ඕනි නෑ සත්තලනෙ. මම දවසකුත් කීවෙ, ඒකෙන් මේක යාන්ත්‍රික වෙනවා. එලයින් කොරන්න දඟලන්න එපා. බ්ලොගර් හදපු උන් හිතුවයැ අපි මේකෙ සී පද ලියයි කියලා)

    ReplyDelete
    Replies
    1. ඔයාලගෙ උපදෙස් අතහිත නිසා තමා ඉතින් අඩු පාඩු හදා ගන්නෙ. අනේ ඉතින් මම කෙටි කතත් ලියනව නෙ? කවිකාරී කියන්න තරම් තවම සුදුසුකමුත් නැහැ :) හැබැයි ස්තූතියි හොඳේ මධූ

      Delete