Jun 5, 2015

~~විපල්වධාරිණියක්~~

****
(බ්ලොග් ලියන යාලුවෙක් මට තාත්තා ගැන සින්දුවක්  ලියලා දෙන්න කිව්ව .
මම " හා" කිව්වට මගෙ අප්පච්චි නැති වෙලා දැන් අවුරුදු 05ක් ඉවරයි. (‍යාළුවා අප්පච්චි ගැන  ඒ වෙන කොට දැනං හිටියෙ නැහැ.) ඒ දෙබස මාව අතීතෙට ගෙනිච්චා.





"රන්දූ....... රන්දූ"


 අප්පච්චිගෙ හඬට මම ගේ දිහා බැලුවා.... අප්පච්චි පේර ගස් පැත්ත බලලා.... කොස් ගහ තියෙන පැත්ත බැලුවා... එයාට මා පේන්නේ නැති වග දන්නවා...
අප්පච්චි එන්න පටන් ගත්තේ.. මං ඉන්න දිහාවට... කොස් ගහ උඩටම නගින්න එපා කියලා අප්පච්චි කීව කතාව මට මතක් වුනා...

 ඉක්මනට ගහෙන් බැහැල මැද තියෙන අත්තක වාඩිඋනා..

අතේ තිබුණු දිය සායම් පෙට්ටියයි.. පුන්චි වතුර බෝතලෙයි ශොපින් බෑග් එකට ( සිලි සිලි මල්ලට දාල )ටී ශර්ට් එක උස්සල පිට පැත්තෙන් ගහ ගත්තා..


මම හෙමින් ගහෙන් බහින්න පටන් ගත්තා... මම ගහේ ඉන්න කොට අප්පච්චි කෑගහන්නේ නැහැ. මම වැටෙයි කියලා බයේ...


මම ගහෙන් බහින ගමන්ම කීව්වා


"අප්පච්චි මම එන්න ගියේ"


එතකොටම මට දැනුනා බෑ
ග් එක කලිසමෙන් එළියට වෙටෙන්න යනව කියලා

මම ටක් ගාලා පිට පැත්තට අත දාලා... බෑග් එක ඇතුලට එබුවා

"කෝ මොනවද පස්ස පත්තේ"


"නෑ අප්පච්චි මේ..... නාන්න යන්නද මාව හෙව්වේ.. රෙදි ලෑස්තියි අප්පච්චි" 


මම හැදුවේ අප්පච්චිට බෑග් එක අමතක කරවන්න. හරි ගියේ නැහැ වැඩේ.


"කෝ පෙන්නන්න හංගපු එක"
"වොටර් කලර්ස් එක ඇයි ගහ උඩට?"


"අර අප්පච්චි කොහෝ කූඩුවක් තියෙනවා කොස් ගහේ"


"ඉතින්"


"ඉතින් අප්පච්චි ... මම එකට තව බිත්තර 
දාලා ....."


"මොකද කළේ" 


"ඒවා පාට කලා"


"මොකක්?"


"ඇ
යි අප්ප්ච්චි කීවේ.. කොහා කාක් බිත්තරත් රකිනවා.. කියලා.. "


"ඉතින්"


"ඉතින් ගෙදර තියෙන කුකුල් බිත්තර දෙකක් ගිහින් එකේ තිබ්බ පාට කරලා"


"ඇයි පාට කළේ ? "


"දුඹුරු පාට විතරයි නාස්ති කළේ අප්පච්චි... ඒකෙන් මම දුඹුරු පාට පුල්ලි පාට කළා.. වටු බිත්තර හැදෙන්න"


"කවුද ඔයාට එහෙම කියලා දුන්නේ?"


"අප්පච්චිම තමයි".. "ඇයි අප්පච්චි කීවේ කුරුළු බිත්තර වල මොනවා බලන්නද එකම හැඩේ පාට විතරයි වෙනස්" කියලා..


අප්පච්චිගේ ඇස් දිලිසෙන්න පටන් ගත්තා.. එයා හෙමින් වෙන පැත්තකට හැරුණ.. 
ඒ කියන්නේ එයාගෙ තරහ ඉවරයි
මම ළඟට ගිහින් එයාගේ ඇඟිල්ලක් අල්ලගත්තා..
අපි ගේ පැත්තට එන්න පටන් ගත්තා..
අප්පච්චි එහෙමම නැවතුනා... මගේ උරහිසින් අල්ලගෙන මගෙ ලඟ බිම වාඩිවුනා.. එයා එහෙම වාඩිවෙන්නෙ මගේ ඇස් බලන්න.. බොරු කියනවද කියල දැන්ගන්න


"ඔයාට මම කියලා තියෙනවනේ දුවගෙ පන තියෙනකම් ගස් නගින්න එපා කියලා?"


"ඔව් අප්ප්ච්චි"


"එහෙනම් නැග්ගේ?"


"අප්පච්චි කීවේ ' ම
ගේ දුවගෙ පන තියෙනකම් ගස් නගින්න එපා' කියලා"


"ඉතින්?"


"ඉතින්... මට දුවෙකුත් නැහැ.. හිටියත් මට කළින් මැරෙන්න දෙන්නෙත් නැහැ..ඒ කියන්නේ මට ගස් නගින්න පුළුවන් තව ගොඩක් කල්"


අප්පච්චි ඔළුවෙත් අත ගහගෙන නැගිටලා අනිත් පැත්ත හැරිල හිනාවුණා.හයියෙන්..විහිළුව මට නොතේරුනත් මමත් චුට්ටක් හිනාවුනා.
අපි ගෙදර යනකොට... මාමලා මිදුලේ .. 


"අපේ ගෙදරත් ඉන්නවනේ දැන් පරිනාමවාදයේ මවක්" අප්පච්චි කීවේ මාම දිහා බලල.. ඉන් පස්සේ අප්පච්චි විස්තරේ කීවා.. හැමෝටම හිනා..


තේනුක අය්යට ඉරිසියාවෙ..


"හා! කියන්න බලන්න පරිනමවාදයේ පියා කවුද කියලා"


"ආතර් වි දියෙස්"


ඔක්කොටම හිනා..


"වස්කෝද ගාමා"


"නැහැ නැහැ නැහැ.. ගැලීලියෝ ගැලීලි"


"ඔයා දන්න එකක්" තේනුක අය්ය ආඩම්බරෙයෙන් කීවේ..


"අනේ මේ.. අපේ අප්පච්චිට වඩා ඔයා දන්නවද?අප්පච්චිනේ කීවේ?


"මොනාද සුද්දි මම කීවේ?"


"සමාජයට හැබෑ වෙනසක් කරන්න හදපු අය ඔක්කොම විප්ලවකා
රයෝ කියලා?"


"කා එක්කද කවද්ද කීවේ"


"දවසක් මාමාත් එක්ක"


"විප්ලවකාරයයි පරිනාමවාදකාරයයි කියන්නේ දෙන්න
ම එක්කෙනෙක්ද? දෙන්නෙක්ද අප්පච්චි?"


"දෙන්නෙක් තමා දූ" අප්පච්චි කීවේ


"මෙයාට උගන්නන නම් අයියට ආපහු ඉස්කොලේ ගිහින් එන්න වෙනවා' මාමා කීව්වා..


"ආ ඒක නම් අපේ ටිචරුත් කීවා"
මම කීවේ


"මොනවද ටීචර් කීවේ?"


ටීචර් ස්ත්‍රී ලිංග පදයි.. පුරුෂ
ලිංග පදයි 20 බොර්ඩ් එකේ දාලා, අපිට ලියාගන්න කිව්වා"..


"ඉතින්"


"ඉතින් මම ලිව්වා.. ඉවර අය තමන් දන්න තව 05ක් ලියන්න කීවා"


"ඔයා මොනවදා ලීවේ?"


මම ඇඟිළි ගැන  
ගැන ලියපු ඒවා කීවේ


*" මහබඹා>> මහඹබී
* කුමර ඹබසර>> කුමර ඹබසරී
*ස්වාමියා>> සුවාමිනී


මට ඊට වඩා කියාගන්න හම්බවුනේ නැහැ.. ඔක්කොම හිනාවෙනවා... 


'කොහෙන්ද ඕවා හොයාගත්තේ..? කියලා ටීචර් ඇහුවා..
"ඉතින් මම කීවා.. අප්ප්ච්චිගේ පොත් වලින් කියලා"


"ඉතින්?' අම්ම ඇහුවා


ඉතින් අප්පච්චිට ඇවිත් ටීර්චර්ව හම්බවෙන්න කිව්වා


"ඔයා ලොකු වුනා ම කවුරු කෙනෙක්ද වෙන්නේ කියලා ඇහුවා මගේ ඔළුව අතගාලා"


"ඉතින්' ඒ පාර තේණුකය්යා ඇහුවේ..


"මම කීවා 'විප්ලවධාරිණියක්' වෙන්න කියලා".


මම අප්ප්ච්චි දිහා ආඩම්බරෙන් බැලුවේ
එත්.. අප්පච්චිට හිනා නොවී ඉන්න බැරුව දඟලනවා කියල නම් තේරුණා..


"ඉතින් ටීචර් ඇහුවා ' ඒ අය මොනව්ද කරන්නේ'?කියලා "


"මම කීවා 'ස්මාජය නව මගකට අරන් යන්න දිවි හිමියෙන් වැඩ කරනවා' කියලා.."


"ටීචර්ටත් ඕනි නැති එකක් නැහැ මම හිතන්නේ.. 'ඒකේ තේරුම දන්නවාද' ඇහුවා.."


'අපේ අප්ප්ච්චි නම් දන්නවා'.. අහලා කියන්නම් කිව්ව"


"හැබැයි මම දන්න විප්ලවකාරයෝ නම් ඉන්නවා කියලා මම කිව්වා.."


"වස්කෝද ගාමා

ගැලීලියෝ ගැලීලි
ආතර් වීදියෙස්"


"දැන් ගිහින් වාඩිවෙන්න.. මම ඔයාට කියවන්න හොඳ පොත් ටිකක් ලියල දෙන්නම්.. අප්පච්චිට දෙන්න කීවා.."
"න්න ඒක මම අප්පච්චිගේ මෙසේ උඩින් තිබ්බා.".


"යන්න ගිහින් දැන් මූන හෝදන් එන්න" කීවේ අම්මා.. 
මම දිව්ව කුස්සිය පැත්තට..
නමුත් එයාලගේ හිනා හඬ මට කුස්සිය පැත්තටත් ඇහුනා


****

සින්දුව  ලියන්නම එපා කියලා යාළුවා කිව්ව . ඒත් එ මිහිරි දුක්බර මතක මට ආයම හිතට ආව නිසා ඔයාලත් එක්ක මේක බෙදා ගන්න හිතුනා.




"ඔයාගේ චූටි කකුල්

රිදෙනවද මයේ දුවේ,
වඩාගෙන යන්නද මං
තව ටිකක් දුර ම්..?"
"එපා දැන් මං ලොකු දුවනේ
මම එන්නේ පයින්
බුදුසාදු දකීවිද
මං ආවේ පයින් අද?"
"මගේ දෝනි අපි ළඟින්
ඉන්නකෝ මගේ දුවෙ
කළුවරේ ඇද වැටෙයි
වඩා ගෙනමයි යන්නේ"
"අර බලන්නකො හඳ මාමා
අපිත් එක්කම එනවා
පන්සලේ මල් අසුනේ
මලුත් තියෙනවද එයා?"
"පන්සලේ මල් ගොඩයි
තාත්තේ අපි ටිකක් ගමු
ගෙදර සාදුට දෙන්න
නෙළුම් මල් ලස්සනයි"
"ගෙදර යන කොට දූට
මල් අරන් දෙන්නම් කෝ?
සෙල්ලම කරන්නයි ම්?
සාදුටත් දෙන්නයි නේ?"
"දෝනි එන්න අපි
ගනන් කරමු අපි
වවුලෝ ටික ඔක්කොම
කෑම හොයාගෙන යන්නේ?"
"එකයි තුනයි පහයි
තාත්තේ තාත්තේ
හරි ගොඩයි හරි ගොඩයි
එයාලා බත්ද කන්නේ?"
"ප්‍රෂ්න අහන්නයි
උත්තර හොයන්නයි
සියල්ල දකින්නයි
තාත්තා මට කිය දුන්නේ"
ගඟක දොළක මල් ඉත්තක
අඬන නෙතක හසරැල්ලක
අරුත දැනෙන මුදු හදවත
හොයා දුන්නේ ඔය හදවත
මියැදිලත් පස් වසක්
අවුරුදුම විසි පහක් මට
පිළිතුරු නැති ප්‍රෂ්න ගොඩක්
නොහඬ හඬන පුන්චි දුවක්

..


කළින් ලිව්ව නිසදැසක් මේත් එක්කම ඔයාල එක්ක බෙදා ගන්නෙ හොඳේ

16 comments:

  1. Replies
    1. හොඳයි සිතිවිලි වැල වචනවලට අමුණලා තිබෙන විදිය.

      Delete
  2. මට කියන්න දෙයක් හිතෙන්නෙ නැහැ. තාත්තා එක්ක ගත කළ කාලයේ තිබුණු ඒ මිහිරි මතකයන් අමතක නොවුණත් නැවත මතක් කරවලා දුකක් ඇති කළා නේද කියලා හිතෙනවා. ඔයාගෙ තාත්තාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
    නිසදැස හරිම සංවේදීව ලියලා. වෙන කියන්න දෙයක් නැහැ.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සින්දුවක් ඉල්ලපු එක විතරනෙ ඔයා කළේ? මම එහෙම හිතන්නෙ නැහැනේ?
      ස්තූතියි :)

      Delete
  3. මට අපේ අති පංඩිත කෙල්ලව මතක් උනා....

    ReplyDelete
    Replies
    1. :) එයත් මේ වගෙද? ස්තූතියි කමෙන්ට් එකට

      Delete
  4. ඉස්සර තාත්ත එක්ක බයිසිකලේ යද්දි හඳ පස්සෙන් එනවද බලපු හැටි මතක් වුනා

    ReplyDelete
    Replies
    1. අම්ම වගෙම තාත්තත් අපේ ජීවිත වලට හුඟක් වටින බව තේරෙන්නේ එයාලා අපි ළඟ නැති දවස් වලට නෙ?
      :)

      Delete
  5. හ්ම්ම්, හිත ටික වෙලාවකට නැවතුනා කියලා දැනුනා..

    ReplyDelete
    Replies
    1. :) ස්තුතියි ... ටිකකට නවතින්න හොඳේ හැමදාම වගේ
      Dinesh

      Delete
  6. අද තාත්තලාගෙ දවසලු නේද?
    අපට නම් ජීවිතේම අම්මලා තාත්තලා දරු මල්ලෝ තමානේ - එක දවසක් මොටද

    මේ බ්ලොග් සටහන් කියවන කොට තේරෙන්නේ දැන් අපේ පුවත්පත් සෑහෙන්න පිටිපස්සේ ඉන්නේ කියලා
    මේ වාගෙ කෙටි කථාවක්වත් කියවන්න ලැබෙන්නේ නෑ මාසෙකටවත් එකම පත්තරේකවත්.
    සමාජය සමහන මිනිස් හැඟීම් වලට වටිනාකමක් දෙන අත්දැකීම් පැත්තක තියෙද්දී මිනිස්සු අසහනයෙන් අසහනයට පත් කරවන ඒවාමයි පුවත් පත් වල ඇත්තේ..

    සිංහල බ්ලොග් අවකාශය මෙහෙම අපූරු සිතුවිලි වලින් පුරවන ඔබ සැමට ජයවේවා!

    ReplyDelete
  7. බ්ලොග් ලිවීමේ අපහසු තාවය තමා කමෙන්ට් එකක් ගන්න තියෙන අමාරුව :) . මූනුපොතේ නම් ඉතා ඉක්මනට හොඳ හෝ නරක කියලා කමෙන්ට් වැටෙනවා. අනික හොඳම හොඳ දෙයක් විතරය් ඉදිරිපත් කරන්න පුළුවනි. හුඟක් ස්තූතියි ධිරි ගැන්වීමට

    ReplyDelete