Jun 2, 2015

කවි කොළය

හ්ම්ම්ම් වෙසක් ඇවිත් ගියා. පොසොනුත් ඇවිත්.


බිරිඳ: 'ලොන්ග් වීක් එන්ඩ් එකක් තියෙන නිසා අපි ට්‍රිප් එකක් යමුද? "


සැමියා: මේ සැරේ නම් බැහැ අපි 'සෙට් වෙන්නයි ඉන්නේ'


පුතා:අප්පච්චි පන්සල්?


බිරිඳ:ඇවිත් යමු පුතා. මගදිත් පන්සල් යන්න පුළුවනිනේ


පුතා: මට ලස්සන කූඩුවක් ඕනි


සැමියා: හෙට මතක්  කරන්න . 'ටවුන්' එකෙන් අරන් දෙන්න..


ලොකු පුතා: මම නම් යාලුවොත් එක්ක දන්සල් වඳින්න යන්නේ


ප: ලි:


ලෝකෙන් උතුම් රට සිරිලංකාවළු. ධර්ම ද්වීපයත් කියනව නේ? මේ පොසොන් දවසෙ අපි මොකද කරන්නේ?




                         ක්‍රිස්තු පූර්ව 247 දී 







 සකළ සිරින් පිරි සිරි ලංකාවේ මහ අරුමෙකි සිදුවී................... ඇත්තේ
දඹදිව සිට වැඩි අනුබුදු හිමියන් බුදු දහමය දෙසලා..................... සත්තේ
රජතුම තිස්සද දෙදණ නමාලා බුදු බණ ඉහළිනි පිළි....................ගත්තේ 
මෙත් මග අගේ ලු පස් පව් වළකා බුදු බව පැතීම කළ................ යුත්තේ


දාගැබ වැව හා  ගමද පන්සලද  එක්වී දියුණුව...................... ලැබගන්නේ

කාලය ඇවිදින් හෙළ බස නිසි ගති රැස් කර රට ලොව අග........ වෙන්නේ
ජාතිය දම දැය රැකගනු පිණිසය හෙළ දරුවන් මේ උර.............. දෙන්නේ
ලෝ අට දහමට හුරුවන මිනිසකු නැහැ නොව අනුනට.......... ගරහන්නේ



හේතුව ඵලයද එකිනෙක පසුපස එන බව මුනි අණ............ කියැවෙන්නේ

කාලය ඇවිදින් සුදනෙකු වන්නට දුර්ගුණ ඉවතට ....................කරලන්නේ
කෝ ඉසි මානය දුර ලා හනිකට යන තැනකට වැඩ.............. කරගන්නේ 
ජීවිත නිසිමග ගෙන යන මිනිසුන් පමණය නිවනට............... පත්වන්නේ





14 comments:

  1. සිත්තරාවියගෙ කවි කොලයේ ගුණ කියලා නිම නොවනක්..........................වන්නේ
    උඩම තිබෙන සංවාදෙද තිතටම අද කාලෙට නම්...............................ගැළපෙන්නේ
    මෙවැනි නිර්මාණ ඉදිරියටත් තව බිහිවන්නට ඕනෑ....................................වන්නේ
    රස වින්දෙමි ඔබෙ මේ කවි කොලයම, එහෙනම් මම යන්නට......................යන්නේ

    ReplyDelete
    Replies
    1. වාව්! කවි කමෙන්ට් එකක්, ස්තූතියි බොහෝම :)

      Delete
  2. වටී වටී මට එමට වටී..............

    ReplyDelete
    Replies
    1. අගේ අගේ තුති එවමි ඔහේ
      wAw ismaththa

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කවි කොළ හැබෑහින් දැකගත් අවසාන ....................................පරපුරේ
    කවියක් දෙකක් ලියනෙමි බ්ලොග් අඩවි ................................... පුරේ
    කවි කොළ වෙළෙන්දන්ගේ හඬ කණ ........................................පිපිරේ
    ඇවිළුව මතකයට පිං සිත්තර ......................................මිතුරේ

    ReplyDelete
    Replies
    1. පින් අතේ වැඩක් පොහොය දිනයෙ ඔයාගෙ :) ස්තුතියි

      Delete
  5. ලස්සනයි! කවි කොළ ඉස්සර බස්වල විකුණනවා මතකයි. බොහෝවිට සමාජයේ අවධානය යොමුවියයුතු සිද්දීන් තමා කවියට නගලා තිබුනෙ. හංසිගෙ මේ වැඩේ ඒ වගේ දේවලටත් යොමුකරන්න බලන්න. දැන්නම් කමෙන්ට්ස් අවුලක් නැතිව වැටෙනවා වගේ. මල පැනලා හිටියේ.

    ReplyDelete
  6. ඔව් :ඪ් මේකෙම මූනු පොතේ 'පෝස්ට් කළා...
    'ශෙයාර්' කරල 11 දෙනෙක් 'ලයික්' 242 යි 'කමෙන්ට්' 19 යි
    බ්ලොග් වල නම් තාම මට කමෙන්ට් අඩුයි බොහෝම
    ස්තුතියි බොහෝම ධිරි ගැන්වීමට
    මධූ

    ReplyDelete
  7. කවි කොලයක්ම ගහන්න තරං සතුටුයි.. ඒත් හුඟක්ම බිසී.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කවි කොළ මොටද? කළ උදව්වම ඇති නෙ බ්ලොග් එකට මාව ඇදන් ඇවිත්
      kalanayye

      Delete
  8. ලස්සන කවි ටික..

    අදයි මේ පැත්තට ගොඩ වුනේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහෝම . ආපහු එන්න සාදරයෙන් පිළිගන්නවා
      +Dinesh

      Delete