Jun 12, 2015

අපි නොදන්න ඩයබිටීස්


එක්සිත්:හලෝ කොහෙද මේ උදෙන්ම?


චරිත්:මම මේ යූරීන් එකක් චෙක් කරගෙන එන ගමං මචං බ්ලඩ් ෂුග(ර්) මචං


ඒ හඬේ මහ උජාරුවක් තිබ්බද මන්දා. බ්ලඩ් ෂුගර් (ව්‍යවාහාරික වචනය ) හරි හයි බ්ලඩ් ප්‍රෙෂ (ර්) තියෙනවා කියන්නෙ නිකං සල්ලිකාරයොන්ට හැදෙන ලෙඩක් වගේ මෙයා හිතන් ඉන්නෙ. මට හිතුනෙ එහෙම



කතා කරන ගමන්ම සිගරට් එකක් පත්තු කරගත්ත එක්සිත්, චරිත් දිහාවටත් සිගරට් පැකට් එක දික් කළා.

මටත් ඉතින්ං කටකලියාව අරං යන්නත් බැරි වුණා.



මම: ඔය ලෙඩේ තියෙන අයට සිගරට් බොන්න හොඳ නැහැනේ? 

මා දිහා නොරිස්සුමෙන් බැලුවා එයා . "වෙන මොනවද හොඳ නැත්තේ දොස්තර නෝනේ? " කියලා ඇහුවා.


මම:  නුසුදුසු දේවල් කන්න හොඳ නැහැ.

        ව්‍යායාම නොකර ඉන්න හොඳ නැහැ.
        බ්ලඩ් ප්‍රෙෂර් කන්ට්‍රොල් නොකර ඉන්න හොඳ නැහැ.
        සුදුසු බරක් පවත්වගෙන යන්න ඕනි.
        දුම්කොළ බාවිතය හොඳ නැහැ

චරිත්:ඕක ඉතින් කවුරුත් කියන බනේනෙ? යමුද තේ එකක් බොන්න?


(අපි තුන්දෙනාම ළඟ තියෙන කඩේකට ගිය තේ බොන්න.)


චරිත්: අපිට ශෝර්ට් ඊට්ස් ගේන්න. කොකා කෝලා එකයි නන්ගි මොනවද බොන්නේ. 

මම:මට වතුර බෝතලයක් 


චරිත්: නංගි කාල මරණං අකාළ මරණං කියල දෙකක් තියෙනව නෙ? කාලම මැරෙමු. ඔන්න ඔහෙ කන්න ළමයෝ ( සුහද ආරධනාවක් චරිත්ගෙන්) 


මම: එක සැරේ මැරෙනව නම් කමක් නැහැ අය්යේ. විඳවන්න වෙනව නේ? අපිට විතරක් නෙවි අපි ළඟ ඉන්න අයටත් 

අන්ධභාවය
වකුගඩු නරක්වීම
පාද කපා ඉවත්කිරීමට වීම
හෘදයාබාද
අංශබාගය 
ලිංගික ශක්තිය හීනවීම වගේ ලෙඩ හැදෙන්න පුළුවනි

චරිත්: අම්මෝ ඔයා මාව බය කරනවද?


මම: අනේ නැහැ අය්යේ.දියවැඩියා වර්ග දෙක තියෙනවා අය්යා දන්නවද?


පළමු වර්ගය ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට් ඩයබිටිස්  කියල කියන්නේ.ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් දින පතා ගන්නම වෙනවා ඒ අයට .ලේ වල සීනි මට්ටම අධිකව වැඩිවෙලා "අධි ග්ලූකෝසියාව" හරි සීනි මට්ටම  හොඳටම "අඩුවෙලා අවග්ලුකොසියාව"  හරි ලේ වල එකතුවෙන කීටෝන්  කියන විෂ අම්ල එකතු වෙලා කිටෝ ඇසිඩෝසියාව  ඇතිවෙන්න පුලුවන් .සිහිමුර්ජා වෙන්න පුළුවන් මේ සංකූලතා තුනෙන්ම.


චරිත්: මට නම් ඇත්තේ දෙවෙනි වර්ගය වෙන්න ඕනි


මම:ලංකාවේ දියවැඩියා රොගීන් ගෙන් 95% කම දෙවෙනි වර්ගයේ අයළු 

චරිත් :   අම්මෝ ඇති යන්තම් 

මම : ඒ මොකෝ ඒ ?


චරිත් : ඔයා "ළු" කිව්වා . මම හිතුවේ ඔක්කොම දන්නවා කියලා 


මම: නැහැ ඉතින් සංඛ්‍යා ලේකන දැන් වෙනස් වෙන්න පුළුවනි නේ ?

දෙවෙනි වර්ගයේ අය අග්න්‍යාසයට පුළුවනි නැවත ඉන්සියුලින් හදන්නත් ඒව හරි විදිහට ක්‍රියාත්මක කරන්නත්

චරිත් : එහෙම වෙන්නේ කොහොමද ?



මම: දෙවෙනි වර්ගයේ දියවැඩියාව තියෙන අයගේ ඉන්සියුලින් නිෂ්පාදනය වෙනවා එත් ඒවා හරි විධියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ එකට තරබාරුවත් හේතුවක් .ඉන්සියුලින් තිබිලත් නිසි විධිහට ක්‍රියාත්මක් වෙන්නේ නැති එකට " ඉන්සියුලින් ප්‍රතිරෝධය " කියලා කියනවා .පෙති බිව්වට විතරක්ම  මදි . බර අඩු කරගන්නත් ඕනි .
දන්නවද බල්ලොන්ටත් ඔය ලෙඩේ හැදෙනවා. කොහොමද දන්නවද බල්ලෝ මහත වැඩිද කියල බලන ලේසිම ක්‍රමය?
උන්ගේ ඉල ඇට ලඟ පොඩ්ඩක් අත ගෑවම තෙල් තට්ටුව මහතට අහුවෙනවා නම් එයා මහත වැඩියි 
..
චරිත් : බල්ලොන්ගේ විතරද අල්ලලා කියන්න පුළුවනි ?

(වහෙන් ඔරෝ කිව්වද මන්දා )


මම : ම් ම්  ම් ම්  ම් ම්  ම් ම්  බල්ලොන්ගේ වගේම කොල්ලොන්ගේත් බඩ හරියේ මස් ටික අඟල් 2කට වඩා වැඩි නම් එයා මහත වැඩිලු .


චරිත්: ඒ කිව්වේ මට තේරුනේ නැහැ 

එකසිත් : ඇයි  ඉතින් තේ  කෑවේ නැත්තේ   ?


මම: පපුවට පහලින් මාපට ඇඟිල්ල තියලා ඉතුරු ඇගිලි හතරින් බඩ  මිරිකන්න වගේ අල්ලනකොට අඟල් 2කට වඩා වැඩි මස් ප්‍රමාණයක් අහුවෙනවා නම් මහත  වැඩියි කියලා කියන්නේ .


එක්සිත් : ඩොක්ට කෙනෙක් වෙන එකත් ආතල් වැඩේ නේද බන් ඇයි ඉතිං හැම එකීගෙම 


මම: ඔන්න පටන් ගත්තා.එයාලා උසට හරියන බර තියෙනවද කියල බලන චාර්ට් එකක් ළඟ තියන් ඉන්නේ .


එක්සිත්: අපි දන්නවා හලෝ ඒක . දන්නේ නැති දෙයක් කියනවකෝ 




ඔයාගේ බර කිලොග්‍රම්  වලින් මැනලා  ඒක  ඔයාගේ උස මිඉටර් ගානෙන් බෙදලා ඒ එන උත්තරේ ආපහු උසෙන් බෙදුවම එනවා BMI  එක . ඔයාගේ බර 75 ක නම් උස 1. 7 m  නම් 75 / 1.7 = 40 යි  40/17 = 22. 9
BMI 
ඉතින් බර අඩු  = <18.5
සාමාන්‍ය බර  = 18.5–24.9 
බර වැඩි = 25–29.9 

අධික ස්ථූල  = BMI of 30 or greater

කාටද ඕව ගණන් කරන්න පුලුවනි?


calculate BMI type කරල  google සර්ච් කරන්නකෝ ගාන හදලම දෙනවා

ඉතින් බොඩි මාස් ඉන්ඩෙක්ස් (BMI ) එක වැඩිනම් ඩයබිටීස් දෙවෙනි වර්ගය හැදෙන්න ඇති ඉඩ කඩ වැඩි

චරිත්:ඉතින් අපිට ගැලපෙන බර හොයාගන්න ක්‍රමයක් තියෙනවද?


මම:ඔව්.උස සෙන්ටිමීටර් වලින් අරගෙන ඒකෙන් 100 ක් අඩු කරන්න ලැබෙන උත්තරය  0.9 න් වැඩි කරන්න


උදාහරනයක් කියන්නම් මගේ උස සෙන්ටිමීටර 170 නම් 100ක් අඩු කළාම 70 යි  උත්තරය ( 70 )  0.9 න් වැඩි කලාම 63යි  


ඒ කියන්නෙ මගෙ උසට ගැලපෙන බර කිලෝග්‍රෑම 63 යි

එක්සිත්:රෝග ලක්ෂන මොනවද?


මම:

  1. සිරුරේ ඇති වෙන වෙහෙස
  2. ඈලි මෑලි දුබල ගතිය
  3. අධික පිපාසය
  4. අධික බඩ ගින්න
  5. නිතර නිතර මුත්‍ර පිටවීම
  6. ඇස් පෙනුම අඩුවීම හෝ බොඳවී යාම
  7. අතේ පයේ හිරි ගතිය හෝ දැවිල්ල
  8. තුවාල සුවවීමට කල්යාම
  9. ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගය අවට ඇතිවන දිලීර අසාදන
  10. පිරිමින්ගේ මුත්‍රා පිට කරන ප්‍රදේශය පෙර සම පුපුරා වනවීම
  11. ලිංගික ශක්තිය දුර්වල වීම

***මේවගෙන් කීපයක් තියෙන්නත් පුළුවනි නැතිවෙන්නත් පුළුවනි

එකසිත්: අප්පෝ මාත් චෙක් කරගත්තොත් හොඳයි. ෆාමර්සි එකෙන් බැරිද?


මම: ඩොක්ටර් කෙනෙක් කන්සල්ට කරන එක තමා හොඳ



එකසිත්: ඩොක්ටර් මොනවද චෙක් කරන්නේ?
මම: 1. ඒ වෙලාවෙම (RBS ) (Random Blood Sugar )අහඹු රුධිර සීනි පරීක්ෂාව කරයි

2.පැය 12ක් නිරාහාරව ඉඳල ග්ලූකෝස් මට්ටම බලයි දියවැඩියාව නැත්නම් 126 /dl ට වඩා අඩු විය යුතුයිනිරාහාර රුධිර සීනි පරීක්ෂාව ( FBS ) ( Fasting Blood Sugar ) 
3.මුඛ ග්ලූකෝස් දැරීමේ හැකියාව(Oral Glucose Tolerance Test)පළමු නිරාහර රුධිර පරීකෂණයක් කරල.. ඊට පස්සේ ග්ලූකෝස් ග්‍රෑම් 75ක් වත්‍ර මි.ලි.300 ක් දිය කරල බොන්න දීල පැය භාගෙකට වරක් රුධිරයේ ග්ලූකෝස් මට්ටම මනිනව.
4. (HBAIC) තුන්මස් පරීක්ෂාව. මේකෙන් බලන්නේ දිය වැඩියාවා හොඳින් පාලනය වෙමින් තියෙනවද බලන එක

චරිත් :ග්ලූකොමීටර් එකක් කියන්නෙ මොකද්ද?


මම:රුධිරයේ ඇති ග්ලුකෝස් මට්ටම  තමන්ටම මැන ගන්න පුළුවන් උපකරණයක්. හරිම ලේසිලු.ඇඟිල්ල චුට්ටක් සිදුරු කරල රුධිර බින්දුවක් ඒකෙ තියෙන පටියට දාල තප්පර කිහිපයකින් තොරතුරු සටහන් වෙනවා කියල තමා කියන්නෙ








මම:ඉතින් දියවැඩියාව ඇති අය පරිස්සම් වෙන්න ඕනි මොනව ගෙන්ද දන්නවද?
හැමදාම කකුල හොඳට සෝදල තෙත මාත්තු කරල විපරම් කරන්න ඕනි පුන්චි හරි තුවාලයක් තියෙනවද කියල

එක්සිත්: ඒ මොකෝ ඒ? මූ නම් බජාර් එකේ හොඳ කකුළක් තමා නංගි


මම:හොඳ කකුළ රැකගත්තෙ නම් ඉතින් මැරෙන්න තමා වෙන්නෙ.පාද සංරක්ෂණය  සහ දන්ත  සංරක්ෂණය  වැදගත් කියලනේ කියන්නේ .

කකුල් වලට රුධිරය සැපයෙන ප්‍රධාන රුධිර නාල වල සිදුවන විනාශය , රුධිර කේශනාලිකා  වන විනාශය පාද වලට සැපයෙන ස්නායු දුර්වලවීම නිසා මුල  සිටම පාද රැකගන්න ඕනි , සුළු කැපීම් සිරිම ගල් තැලුම් ඇඟිලි කරු අතර වනවිම ,කටු පිළිකා කලින්ම හදුනගන්න  පුළුවංනේ එකයි එහෙම කියන්නේ 

චරිත : අය්යො දැන්
 නම් එපා වෙනවානේ ?


මම: එහෙම කියන්නේ ඇයි ? ලෙඩේ හඳුනාගෙන පරිස්සම් වෙලා හිටියම හරිනේ?

තහනම් අහාර ටිකයි නේ තියෙන්නේ? තහනම් අහාර වෙන්නේ ග්ලුකෝස්, සුදු සිනි . රතුසිනි, සුකිරි, මී පැණි , කිතුල් පැණි උක් පැණි උක් දඩු , සිනි බෝල, චුයින්ගම් චොකලට් දොදොල් මසකට්‍ ජුජුප්ස් , අයිස්ක්‍රීම් , කෝඩියල් පැණි බිම , සිරප් වර්ග , කැවුම් , වටලප්පන් , පේස්ට්‍රි   වර්ග කේක් දෝසි පුහුල් දෝසි , ෆැන්ටා 


චරිත්: අම්මෝ ඇති ඇති කන්න හොඳ ඒව ටිකක් කියන්නකො


මම: ඕන තරම් කෑවට කමක් නැති ඒවා ටිකක් කියන්නද?ගෝවා, නෝකෝල්, සලාද ලීකස් තක්කාලි දඹල ගොටුකොළ කන්කුං මුකුණුවැන්න පතෝල වැටකොළු බණ්ඩක්ක පොලොස් කෙසෙල් මුව කොහිල මාළු මිරිස් මිංචි සාරණ තම්පලා නිවිති,

ම්.ම්.ම්.ම්ම්.ම්
කෝපි රණවරා පොල්පලා සීනි නොදැමූ තේ මමයිට වෙජිමයිට බෙලිමල් සිනි නොදමා කෘතීම ලෙස රස කළ ජෙලටින් වර්ග 

එතකොට ජම්බු දිවුල් නෙල්ලි වෙරළු ලොවි දෙළුම් බෙලි පැනිකොමඩු පත්තක්කා

චරිත්:පමන දැන ගත යුතු අහාර නැත්ද මුකුත්?
මම: මෙහෙමයි. අපි ගන්න කැලරි ප්‍රමාණය තමා වදගත්

බත් නම් වරකට කොප්ප 2ක්
පාන් වරකට පෙති 2ක්
විස්කෝතු 1/2 ක්
නූඩ්ල්ස් කෝප්ප 1ක්
ඉඳි ආප්ප 4ක්
රොටී නම් පොඩි 2ක්
තෝසෙ 2ක්

ඔක්කොම එක සැරේ නෙවිනෙ?

මම; නැහැ කොස් දෙල් බතල මය්යොක්කා අර්තාපල් නෙළුම් අල,කෙසෙල් ගෙඩි, පැණි දොඩම්, අලි පේර ( 1/4) ෆැශන් ෆෘට්, කජු පුහුලන් තැඹිලි ඇපල්

චරිත්: ඇති ඇති කෙටියෙන් කියන බැරිද?

මම:මෙහෙමයි ඉතින් පැනිරස / පිටි සහිත අහාර හොඳම නැහැ

චරිත්:මත්පැන් එතකොට සිගරට්?

මම:අහන්න දෙයක්ද? හොඳම නැහැ

ඩ්‍රින්ක්ස් ගන්න කොට බයිට්ස් කන්න තවත් හොඳ නැහැ. අනික බිව්වම අනිත අය දන්නෙත් නැහැනෙ සූර් ද නැතිනම් කෝමා එකක්ද කියලා

චරිත්: එතකොට කල්ලල් ලෑ බොල්ලත් ලෑ ඉල්ලත් ලෑ වගේ නේ

මම:
 එහෙම නැහැ ඉතින් කෙඳි සහිත ආහර ටිකක් වැඩිපුර කෑවම හරිනෙ?

කන ප්‍රමාණය ගැන හිතට මදි නම් කෑම වේල් කිහිපයක් 6ක් විතර හැබැයි චුට්ට චුට්ට කෑවනම් හරිනෙ?

ඊට පස්සේ ව්‍යායාම කරල හිටියම හරි

චරිත්: ලෙඩ්ඩුන්ට හොඳය ව්‍යායාම කරන්න?


මම : මොකද නැත්තේ? පලවෙනි එක දියවැඩියාව කියන්නේ රෝගයක් නෙවි .සමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවනි


දිය වැඩියා රෝගීන්ට මේකෙන් වාසි ගොඩක් වෙනවා කියන්නද?
  1. බර පාලනය වෙනවා
  2. සීනි මට්ටම පාලනය වෙනවා
  3.  ල් ඩ්ල් අඩු වෙලා හ් ඩ් ල් වැඩිවෙනවා
  4. රුධිරවාහිනී වල සිරවීම වැලකෙනවා
  5.  මල බද්ධය අඩුවෙනවා
  6. සුව නින්දක් ලැබෙනව
  7. ගත යුතු ඖෂද  ප්‍රමාණය අඩු කරන්න පුලුවන් වෙනවා
  8. හෘද පෙනහළු අස්ථි ශ සන්ධි වඩාත් ශක්තිමහ් වෙනවා
  9. සිතටත් ගතටහ් සනීපයක් දැනෙනව
  10.  කකුල් වලට සැපයෙන රුධිරය වැඩිවෙන නිසා කකුල් වල ඇතිවෙන සංකූලතාවයපහවී යනවා


** දියවැඩියාවෙන් පෙලෙන කෙනෙක් විනාඩි 20 ක් විතර වේගයෙන් ඇවිද්දොත් ,රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඩෙසි ලීටරයට මිලි ග්‍රෑම් 2ක් විතර අඩු වෙනවා කියල තමා කියන්නෙ

තව ගැලපෙන ව්‍යායාමය ඩොක්ටර් කෙනෙක්ගෙනම් අහල තීරණය කරන්න ඕනි 

චරිත්:අපිට කොයින්ද නංගි ජිම් යන්න සල්ලි
මම:

  1.   වේගයෙන් ඇවිදීම
  2.  පිහිනීම
  3.  බයිසිකල් පැදීම
  4.  කබඩි 
  5. නැටීම
  6.  ටෙනිස්
  7. බැඩ්මින්ටන්
  8.  ටේබල් ටෙනිස්
  9.  සින්දුවක් දාගෙන කාමරේ ඇතුලෙ නැටුවත් ඇති කියන්නෙ  සල්ලිම ඕනි නැහැ .වුනත් කමක් නැහැ කියලනේ කියන්නෙ


එක්සිත්: ඒක නෙවි . මම කියවලා තියන්ව දියවැඩියාව තියෙන අය කාර්ඩ් එකක් සාක්කුවේ දාගෙන යන්න ඕනි කියලා

චරිත්: ඒ මොකටද?

මම: මම දිය වැඩියාවෙන් පෙළෙමි මගේ හැසිරීමේ වෙනසක් ඇති උනොත් කරුණාකර සීනි මේස හැඳි 2ක් වතුරේ දිය කර පොවා විනාඩි 10ක් ඇතුලත සිහිය නාවොත් රෝහල් ගත කරන්න  . කියලා ලියල 
නම:.....
ලිපිනය:
දුරකතන අංකය
ඩොක්ටර්ගෙ නම / දුරකතන අංකය

හැබැයි ඉතින් මම ඕක කියෙව්වේ පොතකින්, ලංකාවෙත් එහෙමද දන්නෙ නැහැ

චරිත් :ඉතින් දියවැඩියාව වැඩිවෙලාද දන්නෙත් නැහැනෙ


මම: ඔව් ඒත් ඩොක්ටර්ස් ලා කියන්නෙ වැඩි උනොත් අපි බලාගන්නම් අඩුම ගානෙ සීනි දාපු කිරිතේ එකක් හරි දීල එක්ක එන්න කියලා
























20 comments:

  1. හම්බෝ බයේ බෑ.. මට නම් ඉතින් සීනි නැති නිසා අවුලක් නෑ.. හැක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අප්ප මග පෙන්වීමට

      Delete
  2. බොහොම වටිනවා...බොහොම වටිනවා.
    අනෙ අම්මෝ මටත් බයේ බෑ. බඩ හරියේ මස් ටිකනං අඟල් දෙකට වැඩියි.

    ReplyDelete
    Replies
    1. චෙක් කරගන්න වෙයිද මන්ද ගොඩ වැදුනට ස්තූතියි හොඳේ

      Delete
  3. මං හිතුවේ නිකම්ම නිකන් සම්ප්‍රදායික කතාවක් කියලා..කතානුසාරයෙන් හොද වටිනා කරුණු ටිකක් තියෙනවා..අපේ අම්මටත් තියෙනවා මේ ලෙඩේ.වෙලාවකට සීනි වැඩි වෙනවා.තවත් වෙලාවකට අඩු වෙලාම යනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩ වැදුනට ස්තූතියි හොඳේ ( ඔයා අද නේද මේ පැත්තේ ගොඩ වැදුණෙ ) ආයමත් එන්න හොඳේ

      Delete
  4. මගෙත් BMI එක 24.5යි. තව ටිකක් බර වැඩි උන ගමන් හරි :D.
    නියමයි. ගොඩක් වටිනා ලිපියක්. ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියල පේනවා නිවැරදි තොරතුරු හොයාගන්න. තොරතුරු ගොඩක් දැන ගත්තා.
    දිගටම ඉදිරියටම යමු.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හොඳේ කවදත් ධිරිදෙන ඔයාට .

      Delete
  5. Replies
    1. (Y) thankqqqqqqqqquuuuu wewaa honde :D (Y) (Y)

      Delete
    2. කල්‍යනමිත්‍ර හොඳ එකක් නිසා රිපීට් වුනත් මම මෙතෙන්ටත් දැම්ම. මොකද ලංකාවේ වැඩි දෙනෙක් මිය යන , කකුල් කපා ගන්න තත්වයක්.
      http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17312-2015-06-12-22-08-11

      Delete
    3. බොහෝම ස්තූතියි. උත්සහ කරනව හුඟක්ම සුදුසු හිත් ගන්නා යමක් ඉදිරිපත් කරන්න
      @Ajith Dharma

      Delete
  6. ඉතා හොඳ සුව අධ්‍යාපනික ලිපියක්. මම ලංකාවේ සේවය කල කලයේ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සමග විශදාය පිළිබඳ පොතක් ලිව්වා . වෛද්‍යවරු ජනතාව දැණුවත් කිරීම සඳහා සරල බසින් ලිවිය යුතුයි

    ReplyDelete
    Replies
    1. පොත් පත් සහ අන්තර්ජාලයෙනුයි මම නම් කරුණු හොයාගත්තේ. ම්.ම්.ම්.ම් උසස් පෙළට වානිජ්‍යය විෂය ධාරාව තමා හැදෑරුවේ.
      වෛද්‍ය නීල් ෆනෑන්ඩු බදුළු ප්‍රදේශයේ කෙනෙක් මම දන්නා තරමින් නම්.
      ස්තූතියි වෛද්‍ය තුමනි ඔබගේ ධිරිගැන්වීමට
      +Trans Sylvania

      Delete
  7. අපේ රටේ සාමාන්‍ය ප්‍රජාව තුලට සෞඛ්‍ය අධ්‍යාපනය නිවැරදි ආකාරයෙන් (නිවැරදි කරුණ සහ ප්‍රජාවට පහසුවෙන් ලබා ගත හැකි අයුරින්) ඇතුළු නොවීමම රටේ බොහෝ සෞඛ්‍ය ගැටළු වලට හේතුවක් , ඒ වගේ අවස්ථාවක සිංහල බ්ලෝග ඔස්සේ ඔබ කළ මේ දැනුවත් කිරීම හරිම සාර්ථකයි , ඒ වගෙම හුඟක් වැදගක් , මේ ආශ්‍රිත තවත් ගැටළුවක් පිළිබඳව මම “සොඳුරු සුව අසපුව“ පිටුවේ සඳහනක් කළා පසුගිය දිනෙක ,
    ඔබෙ පිටුව පිළිබඳ දැන ගන්නට ලැබුනේ http://sinhala.lankanewsweb.net/ ඔස්සේ , ඔබටත් මේ ලිපිය බෙදා ගන්නට කටයුතු කළ http://sinhala.lankanewsweb.net/ අඩවියටත් ස්තුතියි

    ReplyDelete
  8. ඔබතුමාගෙ බ්ලොග් පෝස්ට් එක කියෙව්වා. http://www.nursinglk.com/ඒ තරම් දෙයක් ලියන්න තරම් මගේ දැනුම මදි. ධිරිගැන්වීමට නම් බොහොම ස්තූතියි.

    ReplyDelete
  9. විස්තරේ නම් මරේ මරු... කාලීනව ගොඩක් වැදගත්. අද කාලේ ඔය ලෙඩේ නැත්තෙ කාටද. දියවැඩියාව විතරක් නෙවෙයි. හයි/ලෝ බ්ල්ඩ් ප්‍රෙෂර් තව නානා විද ලෙඩ. දැන් අවු 18 අඩු ළමයින් ටත් දිය වැඩියාව තියෙනවලු නෙ. කට පරිස්සම් කරගෙන කම්මැලි කමත් නැති කර ගත්තනම් ඕය කේස් මොකුත් නෑ.... නැත්නම් වෙන්නෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ උදේ ඉඳන් ගිහින් පෝලිමෙ ඉඳන් පොතට බේත් ගන්න... (පොඩි ව්‍යාකරණ වැරද්දක් තියෙනවා කියන්නද? ධිරිමත් කිරීම නෙවෙයි.. දිරිමත් කිරීම!)

    ReplyDelete
  10. බොහොම ස්තූතියි දිරිමත් කිරීමට. මහන්සිවෙලා ලිව්වේ . විශේෂයෙන් ව්‍යාකරණ දොස් ගැන කිව්වට ස්තූතියි :)
    @ Rohan Dananjaya

    ReplyDelete
  11. හොඳ සරල විස්තරයක්. මටත් ඇස්දෙක පේන්නේ නැති ගතියක් වගේ එනවා සමහර වෙලාවට. (ඒ නම් කොම්පීතරේ දිහා බලාගෙන ඉඳලමද කොහෙද.)
    බඩේ තෙල් තට්ටුව අඟල් 2 ට වඩා වැඩියි වගේ. හැබැයි චෙක් කලාම සීනි වැඩි නැහැ. මේ ලඟදි අර පොඩි මැසිමකින් චෙක් කලා. 80 යි තිබ්බේ, ආපහු කෑම කාල පැයකින් බැලුවම තිබ්බේ 116 යි.
    ඒවට හරි යන්නත් එක්ක කොලේස්ට්‍රෝල් සහ අක්මාව සම්බන්ධ ගැටළු අඩුවකින් තොරව තියෙනවා. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. චිරාත් කාලයක් වැජඹෙන්න කෙසේ වෙතත් නහින දෙහින කාලේ හයි හත්තිය ඇතිව ඉන්න පුළුවන් වෙන්න පරිස්සම් වෙමු නේ? ස්තූතියි ගොඩ වැදුනට ආයෙම එන්න ලොකු පුතේ

      Delete