මිනිස්සු හරිම කැමතියි නොලැබෙන දෙයට . මන්ද මම කැමතියි හහුගාක්ම.එහෙම කියන එක වැරදිද මන්ද. උපදෙස් දෙස් දුන්නම මගේ හිත මට නතු නම් කොච්චර හොඳ ද ?
දවසක් මට එයා හම්බ උනේ බස් එකේදී අහම්බෙන් . මම එදා මාමාල ගෙදර ගියා . මම හරිම ආසයි කවදත් බස් එකෙ ජංනේලෙන් එලිය බලන් යන්න.
කවද හරි හෙලිකොප්ටර් එහෙකින් යන්න පුළුවන් උනා නම් කොච්චර හොඳ ද?
මගෙ සිතුවිලි දාමය හරි මොකක් හරි බිඳ ගෙන මගේ නෙතු හොරකම් කලේ ලස්සනම ලස්සන ඇස් දෙකක් . හ්ම්ම් ඔව් ඇස් .මගේ හිත නම් තිගැස්සුණ. හ්ම්ම් මූනැත් වෙනස් වෙන්න ඇති .ඔයාලා ඉස්සෙල්ලම කෙනෙක් හම්බ වුනාම බලන්නේ කොහෙද ? මම නම් ඉස්සෙලම ඇස් . ඇස් ඉතින් හදවතේ කැඩපත කියනවා නේ ?
වැට කදුළු බිඳ ගෙන හිත අස්සේ එයා පදින්චි වෙයි කියලා මං වත් හිතුවේ නැහැ .
ඊට සති ගානකට පස්සේ වුනත් එයාව දැක්ක හැටියේම මන් අඳුනගත්ත. චුට්ට චුට්ට කතා කරලා හෙමින් හෙමින් යාළුවෙලා ලස්සනම ලස්සන හීන දකින්න තරම් මම බොළද වුනේ කොහොමද කියල නම් අහන්න එපා.එය එසේ සිදු වුනා.හැමදා ම අපි අහන දකින දේවල් වගේම දවසක් මන් එයා දැක්ක මුතියන්ගනේදී ... හ්ම්ම් පෝය දවසක ....
ලස්සනම ලස්සන ඇස් තියෙන ලස්සන චුටි බබාලා දෙන්නේකුයි... ලස්සනම ලස්සන වයිෆ් කෙනෙකු එක්කයි. වයිෆ් කෙනෙකුයි තමා . තව කී දෙනෙක් හිටියද? ඉන්නවද මන්ද . එතනින්ම නවතුනනත් මගෙ පෙම් කතාව: හොරෙන් හොරෙන් විටින් විටින් මගේ හිතට එයා රින්ගුවේ මටත් හොරෙන්. කඳුළු කාටත් හොරෙන් තනියට ළඟ හිටිය කවදත් වගේම. මට හිතුන ඔයාලත් එක්ක මෙහෙමවත් බෙදා ගෙන චුට්ටක් හිත හෑල්ලු කරගන්න .
රිදවා මහිත නිහඬව ඉන්නා.......... ඔබට
කියලා කිමද හදවත රිදුණා....... පෙමට
යැදලා කුමට හිමි නැත සඳුනේ මෙමට
වැඳලා පතමි අපි හමුවෙමු සසරේ පිනට
හමුවී දිනෙක අතිනත ගන්නට ........පතලා
සිහිනේ ගෙවුණි තුන්යම ඔබ ගැන හිතලා
මතුදා හමුව සැනසෙමි මම ඉකි......නසලා
කියමී කනට මගෙ පෙම තුටු වෙමි ...සැදිලා
උකුළේ මහිස රඳවා කවි........අසන්නට
අහසේ දිලෙන තරු කැට ටික ගනින්නට
මිදුලේ කුමරි මල් සුවඳේ........හිඳින්නට
සුහදේ පැතිමි හිමි නැති පෙම විඳින්නට
රසයේ වෙළෙමු එක හිම කිරමක සිසිලේ
තොලගා බලමු එක බඳුනක තේ "සිසිලේ"
පිහිනා යමුද දිය බුන් ගහමින්...... ගඟුලේ
කිමිදී හිඳිමි මිය යන තුරු නෙත්.... යුගලේ
මං මගෙ නොවන තරමට සෙනෙහස උතුරා
සංතොස වගෙම දුකිනුත් ඔබ ගැන මතුරා
දැං මම කියමි ඔබගෙය මම නිති... දිව් රා
ඉන්නේ කිමද සෙනෙහසකට මග ....අවුරා?
පා මුදු සිනහා ඔබෙ නෙතගේ වෙළෙන්නම්
කාලය හමුවනා මතු දිනයේ ... පතන්නම්
කාහට හිමිවුණා දෝ නොසිතා ....හිඳින්නම්
මා මිය යන දිනේ ළඟ ඉන්නට ... යදින්නම්
කාලය හමුවනා මතු දිනයේ ... පතන්නම්
කාහට හිමිවුණා දෝ නොසිතා ....හිඳින්නම්
මා මිය යන දිනේ ළඟ ඉන්නට ... යදින්නම්
//ඔයාලා ඉස්සෙල්ලම කෙනෙක් හම්බ වුනාම බලන්නේ කොහෙද ?//
ReplyDeleteපිරිමිත් බලන්නෙ හදවත දිහා තමයි. ඒ වුණාට ගෑණු ළමයි හිතන්නෙ වෙන මොනව හරි බලනවා කියලනෙ. හෙහ් හෙහ්
මෙව්ව මෙහෙම වුණාට ටික දිනකට හෝ පැවති ආකර්ෂණය සතුටක් නේද?
ඔන්න ඔයා හරියට කියවලා නැහැ ඉයන්. මම නම් බලන්නේ ඇස් දෙක දිහා. ඉන් පස්සෙ අතේ ඇඟිළි දිහා . හේතුව නම් මමත් දන්නෙ නැහැ. ඒත් ඒක එහෙම තමයි. ඔව් හරිම සුමිහිරි අත්දැකීමක්
Deleteමේ ලස්සන අකුරුකරණය දිගේ ඔන්න මාලි මාත් මේ පැත්තට ගොඩ වැදුනා. ඉතින් මටත් මෙහෙම ලියන්න හිතුනා.
ReplyDeleteසන්සුන් සඳක් මා දෙනෙතේ ඉදිරිපිට
පින් පිරි බැල්මකින් එබිකම් කලෙ හිතට
දැන් දැන් නැතත් මතු භවයකදී එකට
ඉන්නට පතමි සොඳුරියෙ සුසුමන් කුමට.....
ජයවේවා!!!
හරිම ලස්සන කවියක් සොයුර, එන්න නිතර කමෙන්ටුවක් මට නම් දිරියක් .....
Deleteසුන්දර කවක් මේ පිටුවේ අකුරු...... කර
සන්තොස ගෙනත් ආවේ ඔබ මියුරු සර
දුෂ්කර වුවත් සසරේ මේ බැඳුම්.......කර
ඉන්නෙමි පතන් හමුවේ අපි එයය තිර
@duminda
මිහිරි පාළුවක්..
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි බොහෝම
Deleteනොදැනුවත්වම හිතට අමුතුම රිදිමක් ආවා.
ReplyDeleteවෙනත් කතාවක් මතක වෙලා. හාත්පසින්ම වෙනස් කතාවක් මතක් වෙලා
රිදුමක් සුවයක් මේ ගැන නම්...ම්.ම්.ම්.ම්. කමෙන්ටුවට ස්තූතියි,, රිදුම ගැන මටත් රිදුමක් හොඳේ+ ස්තුතියි බොහෝම
Deleteක්‍රෂ් එක.
ReplyDeleteලව් වලට වඩා ක්‍රෂ් පට්ට
කතාව නම් ඇත්ත තමා.
Deleteඇස්...
ReplyDeleteදුරින් ඉදන්,කියන්නෙත් නැතුව,බලන් ඉන්න එකෙත් අමුතුම දෙයක් තියනව...
ඇස්...
ReplyDeleteදුරින් ඉදන්,කියන්නෙත් නැතුව,බලන් ඉන්න එකෙත් අමුතුම දෙයක් තියනව...
හ්ම්ම්ම්ම්ම් කාටත් එහෙමයි මයෙ හිතේ + ස්තූතියි ආයම එන්න
Deleteරිපීට් ටෙලිකාස්ට් එකටත් තැන්කූ වේවා හොඳේ :)
Deleteමම ලස්සන ගෑණු ළමයෙක් දැක්ක ගමන්(ඒ කියන්නෙ මුහුණ) ඊලගට බලන්නේ කකුල් දෙක දිහා( දණහිසෙන් ඉහළ නෙවෙයි බ්ලොව් පහල). ඒ ගෑණු ළමයගෙ කකුල් දෙක ලස්සන නැත්තම් ක්ෂණික හිතෙන් ඉබේම ඒ ගෑණු ලමයව කැපිලා යනවා.
ReplyDeleteමමනම් ඉස්සර යාලුවෙන්න කෙල්ලෙක් දිහා බලන්න නිර්නායක 3ක් තිබ්බා.
Delete01.කොන්ඩේ කොටට කපලා තියෙන්න ඕනේ.
මට ඔය දිග කොන්ඩ විකාරයි.ඒ වුනාට මම යාලුවෙලා හිටිය කෙල්ලන්ගෙන් අඩුම දිග කොන්ඩේ ඒකිගේ පස්ස ගාවට.
02.කන්ණාඩි දාන්න ඕනේ.
යාලුවෙලා හිටිය එකියෙක්වත් අඩුමගානේ අවුකන්ණාඩි දෙකක්වත් දාන එවුන් නෙමෙයි.
03.අඩුමගානේ අඩි 5.8ක්වත් උස වෙන්න ඕනේ.යාලුවෙලා හිටිය එවුන්ගෙන් උසම කෙල්ල අඩි 5.2යි.
ඉතින් බොලාලා හිතන්නේ අපි ලවුකලේ නෑ කියලද....කලා බොල.ඕවා බයිලා. හිත ගියතැන මාලිගාව විතරයි.
රෝමාන්තික රස්තියාදුකාරයෝ, පුද්ගලයා විශමයි විවිධයි භින්න රුචිකයි කියනව නේ? මේ පැත්තෙ ආවට ස්තූතියි හොඳේ+ ආයම රස්තියාදුවක් ගහන්න මේ පැත්තෙ හොඳේ
Deleteකටුසු හදවත,
Deleteඒ නිර්ණායක 03 කියෙව්වම සොරි .කොම් තමා මට නම්.. හොඳ වෙලාවට ඔයා කිව්වෙ ඉතුරු ටිකත්= ජස්ට් කිඩින්ග් . ස්තූතියි ඇවිත් ගියාට.. ආය වර නයිට් ශිෆ්ට් මැද්දේන් වත් ඔන්නොහෙ
ජීවිතේ අහම්බයක් කියන දේ මම ගොඩක් පිළිගන්න දෙයක්.ප්ලෑන් කරලා කරපු කිසිම දෙයක් හරිගිහින්ම නෑ මටනම්. ආදරෙත් එහෙම තමයි.ආදරේදිනම් ඒ අහඹුව හරිම රොමැන්ටික්.
ReplyDeleteලියවිල්ල නියමයි හොඳේ...
අම්මෝ මේ කටුස්සුත් දන්න දේවල්+ ස්තූතියි ආවට සටහන් තිබ්බට+ ආයම එනව නේ?
Deleteජිවිතේ අහම්බයක් නම් තමයි. මගේ ජිවිතේ තනිකර එහෙම දෙයක්. අපිට ඉතින් මේ වගේ ගැහැණු ළමයි හම්බ වෙන්නේ නැහැනේ. මේ අපිත් බැඳලා ඉන්නේ.
ReplyDeleteහොඳ කවි පෙළ.
හැක හැක "ඕපන් ඉන්විටටේෂන් එකක්ද මන්දා" :D :D :D (බැඳලා හිටිය වග දැනන් හිටියෙ නැහැ.) ස්තූතියි හොඳේ :)
ReplyDeleteහා හා
Delete