Oct 22, 2016

ලුණුත් නැති 2016 අවුරුද්ද කෑවද?හිටං

ලියන්න නම් ටිකක් කල් ගියා තමයි ඉතින්. කිව හැකි නොකිව හැකි හැල හැප්පීම් ගොඩක් නිසා ලියන්නම බැරි වුණා. ඇති ඉතින් චූර්ණිකාව නෙ? ඔන්න ඉතින් මං  කෙටියෙන්ම කෙළින්ම කියන්නං කො වෙච්ච දේවල්.....

එදා සිංහල අවුරුදු දවස.ඒ කාලෙ ඉඳන්ම මාමලා අපේ ගෙදර තමා අවුරුදු  වැඩ අල්ලන්නේ. ඒ කියන්නෙ නැකතට අනුභවය වැඩ ඇල්ලීම ගනුදෙනු හා නේක දේ හොඳෙ

අවුරුදු කෑම මේසේ ඇරල අපි ලෑස්ති වුනෙ වලඳන්න. කවුරුත් වාඩි වෙලා මේසෙට. අම්ම, නංගි, මල්ලි. මාමා, නැන්ද ලොක්කය්යා ( ලොකු මස්සිනා) ශානුකය්යා එයාගෙ වයිෆුයි ( පොඩි මස්සිනා) ශානික්කි ( මේ සැරේ අවුරුදු පහුවෙලා එනවා කියල ආවේ නැහැ .. එයා ඉතින් මගෙ බොක්කේ ෆිට් එක ) හරි!!! හරි!!! හැදියාවක්  ඇති ගෑල්ලමයි එහෙම කතා කියන්න හොඳ නැහැනෙ? 

ඉතිං නැකැතට රතිඤ්ඤා පුපුරණ කොට අපි කවුරුත් පෝලිමට හිටිය මාමගෙ අතින් බත් කටක් කන්න. ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්.ම් රසේ ඉවසුම් නැහැ. කිරිබතට ලුණු වැඩියි. හැම් බේකන් ෆ්‍රයිඩ් රයිස් කන කරිජ්ජ පාගන තමුන්නැහැල දන්නෙ නැති වුනාට අලුත් අවුරුදු කිරිබතට අපෙ ගම් පොජ්ජවල ලොකු වටිනාකම දෙනවා. කරිබත හරියට තිබුනෙ නැතිනම් අවුරුද්දම  හරි නැහැ කියල තමා කියන්නෙ . මම නෙමෙ ම්.ම්. ම් ම් තතු දත්තෝ කියමුකෝ 

හැමෝම මෙසෙ වාඩිවුනා කෑමට. වෙනද උන්නදුවෙන් කිරිබත්  බෙදුනෙ නැහැ  පිඟන් වලට... ලුණු මිරිස් බෙදාගෙන කවුරුත් කන්න පටන් ගත්තා..
මම කුස්සියට යන්න හැදුවෙ කෙතලෙ උතුරුනවද බලන්න.

"ලොකු දූ, මේ කිරිබතට කටට ගන්න බැහැ ලුණු වැඩියි." අම්ම පටන් ගත්තා. කිරිබත නිසා කෙසේ  වෙතත් මගේ ඇවුරුද්ද නම් ඉවරයි කියලා මට හිතුනෙ...

"අපරාදෙ කියන්න බැහැ ලුණු මිරිසට නම් ලුණු මදිම මදි" ශානුකය්යා කියන ගමන් " හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙන ගනින් දුවේ.. මැද්දට පැන වැඩිහිටියන් සමඟ කතා කැතැයි දුවේ"අනේ එයාගෙ අලුත බැඳපු  මනමාලිට කියලා හදවා ගන්නනේ තිබ්බේ මට හිතුනා
ඒ බොනික්කි කොළොම් පුරෙන් ඇහිඳං ආවේ . හරි!!! හරි!!!! ලස්සනයි තමා . ඉවුම් පිහුම් බැහැ. " නෙතින්නෙත යාවෙල තමා." එයාලගෙ අම්මට සම්බන්ධෙ මෙයාලගෙ ආරන්චි වෙලා නිතර  ඇනුම් බැනුම් කියලා ගෙදර නම් යන්න බැහැ කියලා ඇඬුවම... ඉතින් තේනුකය්යා ගිහින් දෙමව්පියෝ හම්බවෙලා බේරුම් කරගත්තු දෙපැත්තෙම අය විරුද්ධ වුණු විවාහ මගුලක් ඒක හොඳේ.


"දූගෙ කෑම එහෙම වරදින්නෙ නැහැනෙ ලේසියෙන්" මාමා කිව්වා.
"එයාට දැන් හරි වැඩනෙ. කොයි වෙලාවෙත් අර මගුලෙ එල්ලිලා. කොට කට ඉන්නවා. ඇස් දෙකටත් මොකක් හරි කරගන තම නවතින්නෙ. වෙලාවකට මම ඕක අල්ලලා විසීකරනවා ගඟට" අම්මා කිව්වෙ  හැමදාම කියන ටික තමා ඉතිං. 

"ඇස් වලට නම් කන්ණාඩි වත් ගන්න පුලුවනිනේ? ඔතනින් නැවතුනොත් ඇති" කිව්වෙ තේනුකය්යා. එයා ඉතින් නිසි බලධාරියෙක් වෙන්න දඟලනවා නේ හැමදාම

එයත් එක්ක" කං කං බූරු" කරන්න ( දීග යන්න මම කැමතිම නැති එක හේතුවක් ඕක. ඉර හඳ යට ඔක්කොම දන්නවා කියලා හිතං ඉන්නෙ .. උපන් හැටි )
මම මේසෙන් නැගිට්ටෙ තේ හදන්න යන්නමත් නෙවි. හැමදේටම කම්ප්‍යුටර් එක ඇදල ගන්නවා. මම ඉතින් ඉබ්බි වගේ ගේ ඇතුලෙමනේ? ගෙදර වැඩ ඉවර වෙලා තමම එෆ්. බී එන්නෙ.

කුස්සියට ගිහින් ටිකකින් ශානුකය්යත් ආව කුස්සියට."රේණුච්චියෝ යන්  ඉස්සරහට,, අඬනවද හොරෙන් හොරෙන්? " කියලා ඇහුවා.
" නැහැ අය්යෙ මේ තේ හදන්න යන්නෙ" මං හෙමීට කිව්වා.
 පොතක් වගෙ මගේ හිත කියවන එයාට  බොරු කියල නම් වැඩක් නැහැ කියලා මං දන්නවා.
"ඉතිං ලුණු වැඩි නම් තමා . වැරදෙනවනෙ එහෙම? මොකෝ ගෙදර අවුල්ද නංගි ආයම?"කුස්සියෙ ප්ලෙට් එක උඩ වාඩි වෙන ගමන් එයා ඇහුවා

"නැහැ බදුල්ලෙ කොහෙවත් ලුණු නැහැ මේ දවස් වල" මම කිව්ව. " කඩවල තියෙන්නෙ ලුණු කුඩු විතරයි. ඒව කොච්චර දැම්මත් රත් වෙන කොට ලුණු රහ නැතිවෙනවා.. ඉතින් ටිකක් අමාරුයි පදම අල්ලගන්න. මදි මදි කියලා ආයම දානවා රත් වෙන කොට ආයම ලුණු රහ නැහැ" 
" එහෙම වෙන්නෙ කොහොමද ?  එන්නකො අපි යන්න ඉස්සරහට."

අපි ඉස්සරහට යනකොටම එයා කිව්වා" බදුල්ලෙ ලුණු කැට නැහැ කියන්නෙ නංඟි."

"ඔව් අනිත් ලුණු එන්නෙ නැතිලු. සංස්ථා ලුණු කඩවලට දෙන්නෙ ඒ ගානටමලු ඉතින් කඩවලට පාඩු නිසා ගන්නෙ නැතිළු. පහල කඩේ මුදලාලි මට කිව්වෙ" 
නැන්දා මෙච්චර වෙලා ඕක නොකියා හිටියෙ ඇයිද මන්දා. මට හිතුණා

"එහෙනං හිටං අපෙ ලුණු ටිකටත් විද්දා. අපි හරි දක්ෂ ජාතියක්නෙ අපි? වටේට්ම මුහුද අපිට ලුණු නැහැ. රටින් ගේනවා. වටේටම මුහුද අපි රටින් ටින් මාලු ගේනවා. උඩ පැන්ගෙන ඡන්ඳෙත් දුන්නනෙ? " තේනුකය්යා පටන් ගත්තා. කෑගැහුවෙ මා එක්ක තරහින්. ශානුකය්යා කුස්සියට ආවනෙ මා එක්ක ඒකයි.

" අම්මෝ දේශාපාලනේ නම් එපා වුරුදු මේසෙට " මම කිව්වා. ඕක දිඟින් දිගට ගියොත් හිතුත් නරක් වෙනවා . එහෙමනෙ හැටි

ඉතිං මම මේ දේශාපාලනයක් කතා කලා නෙවි. ඒ දවස් වල ලුණු තිබ්බෙ නැහ බදුල්ලේ. අනිත් අයට කොහොමද දන්නෙ නැහැ. ඔයාලටත් එහෙමද?


12 comments:

  1. මේ ආණ්ඩුව මොනව කරනවද දන්නෙ නැහැ නේද? හරියට බදුල්ලට ලුණු ටිකක් වත් අරින්න බැරි ආණ්ඩුවක්. අර කුමාර වරු තුන් දෙනා හිටියනන් රොකට් එකක් ඇරල හඳෙන් හරි ලුණු ගෙන්නල දෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. රට වටේට මුහුද තිබ්බට බදුළු පුරවරය වටේට නම් තියෙන්නෙ බදුළු ඔය. ඒත් ඉතිං මේ දවස් වල වැස්ස නැතුව ප්‍රෂ්න තමා :) කවුරු හරි කමක් නැහැ ලුණු දෙනව නම් නෙ?

      Delete
  2. ඔන්න පටං ගන්නවනම් බිස්නස් එක හංසමාලි, බදුල්ලටම ලුනු දෙන්න පුළුවන්..එක දවසින් සුපිරි ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් පටං ගත්තනං වැඩේ

    ReplyDelete
    Replies
    1. අපොයි වැව් එහෙම කරන්න එපා. එහෙම කලොත් ප්‍රශ්නෙ විසඳෙනවනෙ. ඔන්නොහෙ යහපාලනයට බැණ බැණ ඉඳිමු. එතකොට හොරු රංචුව ආපහු ආවම කට්ටිය ලුණු නැතුවත් "ජයවේවා" කිය කිය ඉඳියි.

      Delete
    2. ඒකට තමා කට්ටිය ආයෙත් අර අදින්නෙ ඉයන්

      Delete
    3. ඒකනං මසුරං කියමන වැව් ඉස්මත්තය්යේ, ලුණුවත් වවන්න ඕනි

      Delete
    4. මෙහෙමයි ඉතින් මේ සසිරි බර සිසිරි ලක් වස්සීන්, නිකං දෙන්නම් කියන තරමට ( නොදුන්නත් ) මනාපය නම් දෙනවා. පස්සේ ඉතින් දොස් කියනව @Iyan

      Delete
    5. අපි ඉතිං ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කරනව වගේ මනාපය මාරු කර කර ඉන්නවා. ලොව වඳවී යන් ජාතියක් මිය යන භාශාවක් හිමි ඒකනෙ?

      Delete
  3. ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මටනේ? තැන්ක්යූ වේවා හොඳෙ

      Delete
  4. හැබෑටම මේක අලුත් බ්ලොග් එකද්ද ඈ... මෙහෙම එකක් හුඟ ඉස්සර තිබ්බ වගේ යාන්තමට මතකයි..හේ හේ...

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං හුඟක් දවස් එන්න බැරි වුණා තමයි

      Delete