Mar 2, 2016

සිල්වය්යගේ දුව ඇක්සිඩන්ට් වෙලාලූ



Praසන්ணாයියාගේ මුහුණත් තහඩුව අහම්බෙන් එකතු  වෙලා පෝස්ටුවට කමෙන්ටි 100 පැන්නුවෙ මගෙ පළවෙනි සැරේට. 
එතකොටම හිතාගත්තැකිනෙ මගෙ"නිර්මාණ කෞශල්‍ය" ? ඒ හන්දා අර පැස්බරා අර වැලි අස්සෙ මූන හන්ගනව වගේ මාත් ටිකක් හැන්ගිලා හිටියා.මොකද පස්සෙනෙ මතක් වුනේ මූන හන්ග ගත්තට පශ්චත් භාගය එළියෙ කියලා

අද මං කියන්න යන්නෙ අගනුවර කන්තෝරුවක සිද්ධ වුනා කියන අබැද්දියක් ගැන.හැබැයි ඉතින්නේක ඔබ තමුන්නාසෙලා දන්න පොරසිද්ධ කතාවක්. (මට රකාරාංශය ටයිප් කරන්න බැහැ හොඳේ.)

ම්.ම්.ම්. මේක විහිළු කතාවක්.ඉතිං  දැන්මම " හැක හැක' ගාන්නෙ නැතුන් ඉන්න ඕනි,

සකළ සිරින් පිරි සිරි ලංකාවේ කොළඹ පළාතේ අති .................සොබනා
පතල අයෙක් විය ගැහැනු සොඬෙක් ලෙස කන්තෝරුවෙ  හැම දෙන දන්නා
කොමළ කරන්නට හරි හපනෙකි මොහු දකින දකින සමඟින් ..........අඟනා
අනඟ  කතාවට යන එන මග තොට  විටකදි අඟනෝ  පෙමෙ        බැඳුනා

දුටුවිට අඟනක් විමසයි වතගොත දැවටේ නිතරම බඹර.......... වගේ
කුල ගොත කුමටද දඟලයි මෙහෙයට දකිනා අයහට නොමැත අගේ
පොපියන සිතුවිලි පවසයි ඇය හට පිළිකුළ පමණක් හිතට නැගේ
කුමටද මෙසසර නතුනම් හදවත මිනිසත් බව කුමකටද ...... සගේ



අනුනගෙ වැරදිම කීමෙ
දිය යට ගිනි ගෙන දීමෙ
දුකකදි මග හැර යෑමෙ
තුට ලැබුවා

දුටු තැන් හොඳ හිත පෑම
නැති තැන වැරදිම කීම
වැඩකදි මගහැර යෑම
නැත සොබනා

දිනක්දි හදිසියේ ඕම
පණිවිඩ ලැබුණිය මේම
" දියණිය අනතුරුවීම"
තැති ගැණුනා

කළබල වුණි මේ උගතා
දොර ඇරගෙන මේ සමතා
පැන්නා හනිකට මහතා
දුක හිතිලා

දොර නොව ජනෙලය ඇරලා
හනිකට ඉවතට පැනලා
ජරමරයකි දැන් වීලා
හරි පුදුමේ

කළබල බොරුවට වීම
හදිසියෙ වැඩක යෙදීම
විසිවෙනි මහළෙහි වීම
අමතක වී

ඉතිං විසිවෙනි තට්ටුවේ ඉඳං පහලට වැටෙන මේ උපාසක මහත්තයට මෙන්න මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා.

කීවට මොකද හරි අරුමේ සිදුවන්නේ
නෑමට දිවිය අද කරුමෙකි පලදෙන්නේ
ඇත්තට මිතුර මෙහි අරුතම පවසන්නේ
සත්තට දුවක මට නැති බව සිහිවෙන්නේ

අපොයි දෙය්යනේ මට දුවක් නැහැනෙ

දියණියක මට නොමැත කිමද මට සිදුවුනේ
දරුවෙකිය කෝ කෙළෙස නෑ නොවෙද දෙවියනේ
ටික දුරකි මේ විලස බිමට ඔහු පැමිණුනේ
"කසාදයවත් තවම වී නොමැත මහතුනේ"

අනේ ඉතින් තවම කසාදවත් නොබැඳපු මේ සිල්වය්යා තව ටිකක් පහලට වැටෙන කොට මෙන්න මෙහම හිතනවා.
අය්යෝ අය්යෝ මගේ නමත් "සිල්වා" නෙමෙයි නෙ?

"කෙළෙසක පවසමිද මට වූ වැරදීම
මගෙ නමද එය නොවේ කෝ අනේ සැනසීම
සිහි එළඹ සිටිය යුතුය තෙරුවණද නැමදීම
දෙය්යනේ නොමැත මට මෙයින් නම් ගැලවීම

අනේ අපොයි වැටුනා නේද මේ ඇත්ත බිමටම. අහන්න දෙයක් තියේය. කපෝති තමා අලියට පෑගුනාම -- ගියාද අහනවනේ?


නිසසල දේහය බිමට හොත් හැටි දැක සුසුමක් හිතයට පහල     වුණා
සුදනකු වන්නේ නැතිනම් දිවියෙද් මිනිසත් බව හිමි නොමැති මෙනා
යන එන අයවළු පවසති වගතුග විඅසති නොදන්න නොයෙක දනා
මියගිය පසුවද කලදේ පැවසෙයි දෙතොලග නිතරම නැගෙන සිනා

ප: ලි: හිනාගියේ නැතිනම් ඉතින් සොරි.කොම් තමා හොඳේ






66 comments:

  1. සකල සිරින් පිරි සිරි ලංකාවේ හංසමාලි සොඳ නම් ලබනා
    පතල මහා කරුණාවෙන් ලොව වෙත දුකම අකුරු කොට පද බඳනා
    නමින් ප්රියන්තිය වතද සිතද ඇගේ අගේ අගේ දන මන බඳිනා
    හැබැයි මොකක් හරි වැඩකට එන්නට කියුවොත්නම් ඈ මග හරිනා.. :)

    ReplyDelete
    Replies
    1. දුන්නා නේද කනේ පාරක් අය්යෙ?
      සකළ සිරින් පිරි සිරි ලංකාවේ බදුළු පුරේ ඌවේ............... සිටිනා
      සුපිරි කෙනෙක් ඇත අත හිත දෙන්නට කමියා යයි නම් පට බැඳුනා
      මිතුරු දනන් හට සුව සෙත සලසයි ඉඳහිට "සෙට් වෙන " හැටි ඇසෙනා
      මසුරු කෙනෙක් නොවෙ දිළිඳු දරුන් වෙත පොත පත තෑගිද ඔහු බෙදනා

      Delete
    2. සකළ සිරින් පිරි සිරි ලංකාවේ බදුළු පුරේ ඌවේ............... සිටිනා
      සුපිරි කෙනෙක් ඇත අත හිත දෙන්නට කමියා යයි නම් පට බැඳුනා
      මිතුරු දනන් හට සුව සෙත සලසයි ඉඳහිට "සෙට් වෙන " හැටි ඇසෙනා
      මසුරු කෙනෙක් නොවෙ දිළිඳු සිසුන් වෙත පොත පත තෑගිද ඔහු බෙදනා

      Delete
    3. //දිළිඳු දරුන්// ළමයි කවුරුවත් දිළිඳු නෑ.. අපි උදව් කරන්නේ ඉගෙන ගන්න දක්ෂ ඒත් දෙමව්පියන්ගේ ආර්ථික අපහසුතා නිසා අපහසුවෙන් අධ්‍යාපන වියදම් දරා ගන්න දරුවන්ට.. :) ඊළඟ පාර(වත්) ඔයත් එකතු වෙන්න..

      Delete
    4. කළ වැඩේ අගයනව අය්යෙ :) කවියට ගැලපෙන වචනයකුයි හෙව්වෙ :)
      වැඩි වැඩියෙන් මෙවන් සත්කාර කිරීමේ හැකියාව ඔයාලට ලැබේවා

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. සකල සිරින් පිරි සිරි ලංකාවේ හංසමාලි සොඳ නම් ලබනා
      පතල මහා කරුණාවෙන් ලොව වෙත දුකම අකුරු කොට පද බඳනා
      නමින් ප්රියන්තිය වතද සිතද ඇගේ අගේ අගේ දන මන බඳිනා
      කොමල කරන්නට කමියන් එනවිට ඇය හෙමිහෙමිහිට මඟහරිනා

      Delete
    7. සිරින් සකල වුව ලංකාවනේ මේ කොහෙන් ගියත් බේරෙනු බැරුවා..
      ඉයන් ඇවිත් කණ හරහට පාරක් කවි පදයක අමුණා නෙළුවා.. :)

      Delete
    8. @Iyan
      පවුල් ටෙම්පල් නොවී තාම සින්ගල් ( ඒකනෙ මගමහැරෙන්නෙ )

      Delete
    9. @Kalanayya
      ඒක නම් ඇදිරාජ්‍ය වාදී කුමන්ත්‍රනයක් වගෙ අය්යෙ

      Delete
    10. මල කෝලං පයිං යනවා...

      Delete
    11. පයිං තමයි ඉතින් යන්න වෙන්නේ
      "අපිට කොයින්ද මාළු අපි යනවය මූදු?"
      @C J

      Delete
  2. හැබෑට දුවේ මට වල්මදාවිය මතක් උනා නේ කාලෙකින්.. කෝ ඒ යකා..්‍

    ප්‍රසන්න කියන්නේ මගේ අයියා.. එක්කුසේපන් නිව්න්.. එයාට මොකුත් කියල තිබ්බ ගමන් මට ඒක දැනෙනවා අර කළු කමියා පැන්න නේ මැද්දට.. හැක්

    ReplyDelete
    Replies
    1. මදාවිය ගැන හොයන්න එපා. උගේ දෙක නැති වෙලාලු.

      එක්කුසේ උපන් නිව්න්... ඔහු එහෙම වෙන්නැති. උඹනෙ කියන්නෙ. හැක්..

      Delete
    2. අර කැළෙදි කාටද භාර දීලද?+
      මම නම් හොයන්නෙ නැතොooooooooo

      Delete
  3. මන්දා මාමේ, මේ පැත්තේ ඒවි මයෙ හිතේ, ම්.ම්.ම්. ඒ කියන්නෙ ප්‍රසන්නය්යා වෙනුවට ( ප්‍රසන්න මාමා ) කියල අමතන්න වෙයි නේ. ඉක්මනින්ම ආවට ස්තුතියි හොඳේ.
    @dheshakaya

    ReplyDelete
  4. This is wonderful and pls keep it up your talent.....

    ReplyDelete
    Replies
    1. Thanks a lot for encouraging me . I will :)

      Delete
  5. This is wonderful and pls keep it up your talent.....

    ReplyDelete
  6. මොනවා වුණත් පට්ට කවි ටික.. අපි ඉතින් කවි ඇහෙන්නේ බලන්නේ...... මොනවා මග ඇරියත් 26 වැඩේනං මගහරිනවා බොරු හොදේ............ ප්‍රසාවත් කුදලං යං...

    ReplyDelete
    Replies
    1. කවුද ප්‍රසා?
      හා කුදලමු ඔන්න ඔහේ වෙන දෙයක් වෙන්නෙ නැතෑ
      ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්.ම්
      26? අනේ ඉතිං අපි වගේ දරු පවුල් කාරයොන්ට යෑම් ඊම ටිකක් අමාරු නෙව?

      Delete
    2. @kuruttayya
      කවි ඇහෙන් බලා " පට්ට" කිව්වට ස්තූතියි හොඳෙ

      Delete
  7. meka kiyawanna ba.........
    Mokuth penne naaaaaa.........

    ReplyDelete
    Replies
    1. :O
      eekata uththare nam dhanne nethooo .... m.m.m.m.m anith ewa penawada/ anith blogs?

      Delete
    2. මැරිලනම් අතක් උස්සන්න කිව්ව වගේ

      Delete
    3. කට වරද්ද ගන්නෙ නැතුං අපි ඉමු. කමෙන්ට් එක දැක්කම " උස්සයි"
      @Iyan

      Delete
  8. එතකොට කල්‍යාන මිත්‍රයා මලාද ? පව් දෙයියනේ

    ReplyDelete
    Replies
    1. ඒ කිව්ව එක නම් මට තේරුනෙ නැහැ අනේ . එයාමනෙ සුමිත් කලනසිරි? කමියා? කල්‍යාණ මිත්‍ර?

      Delete
    2. he he wenna Athi mage hithe ..... yaaluwo ne danne hAti
      @Iwan

      Delete
    3. කාටවත් ඇහෙන්න කියන්න එපා.. උඹට කියන්න මුල් ටික කියාගෙන යද්දි මටත් හිතුනේ මේකි මේ මං ගැන වත්ද කියන්නේ කියල.. වෙලාවට පස්සේ බැඳලා නෑ ළමයි නෑ කියපු එකෙන් ජාමේ බේරුණා.. (වෙන කාටවත් එහෙම කියන්න එපා.. උඹට විතරයි කියුවේ)

      Delete
    4. කළණය්යේ, හාලිඇලෙන් මෙහාට එන්න බැරිවෙයිද මන්දා ඕවා ලියලා මේකෙ

      Delete
    5. කොළඹින් බදුල්ල බස් එකට නගින කොට අපි හොඳ ළමයි.. :)

      Delete
    6. @Kalanyya
      "දන්නෝ දනිති" නෙවි නෙ?

      Delete
    7. /කොළඹින් බදුල්ල බස් එකට නගින කොට අපි හොඳ ළමයි.. :)//

      බදුල්ලෙන් බහිනකොට කලිසමේ ලමයි.. හික් හික්

      Delete
  9. කවි කථාව නම් මරු.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ස්තුතියි
      @ Iyan

      Delete
  10. කවුද ඉතිං සිල්වා නොවුණු පොර? අපේ මදාවියද? ඌට ඉන්න දුවල තුං දෙනා උගෙ නෙවෙයිද එතකොට?

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒවා මෙහෙම එළියට දාන්න බැහැ ඩ්‍රැකී. සුදු වෑන් එයිද මන්දා...

      Delete
    2. ඩැකියා.. පහුගිය දවස් වල මෑන් යටියන්තොට යන්න හැදුවේ ඔය ගැන හිතලා හිතලා වෙන්න අැති...(අයියෝ අර දෙකත් කාලා ඒන්න තිබ්බේ)

      Delete
    3. කාලා බීලම යටියන්තොට යන්න කියල කිව්වද මන්දා
      @C. J

      Delete
  11. සරමක් කමිසයක් ඇඳලා... බුලත්තිටක් හක්කෙ පුරෝගෙන නෙළුං යායෙ උස්සවේ වෙලාවෙ හෝල්ලෙකේ පිටිපස්සෙ ඉඳං මේ කවි ටික කියල කමියට මඩ ගහලා බලන්ටෝනෑ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඌව පැත්තෙන් හූවකුත් ආව නම් අංග සම්පුර්ණයි මයෙ හිතේ.
      @Gaslabba

      Delete
  12. චැහ්. කමිය මේ වගේ එකෙක්ද බාං?

    මරුවට ලියවිලා තියෙයි හන්සමාලියො. ගස් ලබ්බඑක්ක සෙට් වෙලා බලමු මඩක් ගහන්න.

    ReplyDelete
    Replies
    1. @Kasun ( ahasen enna)
      මඩක් නම් ගහන්න බැරියැ? ප්‍රති ප්‍රහාර එනකොට දුවන්න පාර මදිවෙයි. දන්නවනෙ කළන්නයියාගෙ හැටි?

      Delete
  13. උස තැනක ඉන්නවනං අනිවාර්යෙන් කමිය වෙන්න ඇති. වෙනී අයියනං වෙන්න බෑ.
    නියම කවි ටික.

    ReplyDelete
  14. ස්තුතියි ප්‍රසන්න මාමෙ

    ReplyDelete
  15. කවි ටික ලස්සනයි හංසමාලි..

    මුණ පුරා රැවුල වවන්
    කහ හෙල්මට් එකක් දමන්
    පලංචි අස්සෙන් ඇදෙමින්
    දුවන පනින අපෙ උතුමන්,

    හංසමාලි ප්රියන්තිගෙන්
    කවි තේරුම් කරවාගෙන
    වැඩි වැඩියෙන් පරෙස්සමට
    වැඩපල කරනවා හොඳයි

    වැඩි වැඩියෙන් පරෙස්සමට
    හැම ජනේල දොරක් ලඟම
    දැන්වීමක් එල්ලාපන්
    ඉන්නා දරු මල්ලො ගණන..

    කෝල් එකක් ආ විගහින්
    කල්කුලේටරේ අරගෙන
    ගණන් හදල බලල කරල
    පැනපන් පනිනවාම නම්

    ප්‍රසන්නයාට මාමා කිවීම ගැන හන්සමාලිට මාගේ බලවත් විරෝදය.. )

    ReplyDelete
    Replies
    1. "දේශක යාMarch 2, 2016 at 12:15 PM
      හැබෑට දුවේ මට වල්මදාවිය මතක් උනා නේ කාලෙකින්.. කෝ ඒ යකා..්‍

      ප්‍රසන්න කියන්නේ මගේ අයියා.. එක්කුසේපන් නිව්න්.. එයාට මොකුත් කියල තිබ්බ ගමන් මට ඒක දැනෙනවා අර කළු කමියා පැන්න නේ මැද්දට.. හැක්"
      එයා ඉතින් මට දුවේ කියල තියනව නෙ? ( දේශකයා ) ඉන් පස්සෙ ප්‍රසන්න එයාගෙ මල්ලි කියලත් තියෙනව . ඉතින් මාම නොකිය කොහොමද?

      Delete
    2. ලස්සන කවි ටික
      @අම්බලන්ගොඩ කතා

      Delete
    3. නෑකම හරි නෙව බැලුවාම... චෝදනාව ඉල්ලා අස්කරගත්තෙමි...

      Delete
    4. *
      අවුලක් නැහැ. ආවට කමෙන්ට් කලාට ස්තුතියි මට ඔයාල හැමෝම අළුත් නෙ? ඉතින් හෙමින් ඉගෙන ගනියි හැමෝම ගැන
      @ambalangoda katha

      Delete
    5. නෙද්දකිංග්. ඔය දේශකය අහුවෙච්චාවෙකො කොයි වෙලාවක හරි. හැක්..

      Delete
    6. නෑකම කිව්වට එහෙම නෙවිනේ? එක කුස උපන් නිවුන් සහෝදරයනෙ. ඔන්නොහෙ අමතක කරල දාමු= මට සාක්කි එහෙම දෙන්න බැරියො
      @prasanna

      Delete
  16. නියමයි. කවි ටික සුපිරි.
    ජය වේවා!!! :)

    ReplyDelete
  17. රකාරාශය ලියන්නේ මෙහෙමයි "්‍ර"...

    - මධාවියනං වෙන්ව බෑ.. මේ දවස් වල මෑන්ගේ ෙඩාන්ගල් ඒක හරියට වැඩකරන් නෑලු...

    අනිවා අර ඉවානයා වෙන්න ඔ්න...

    ජ ය වේ වා !! !! 1!

    ReplyDelete
    Replies
    1. මාධවියා නොවන, අදාල කෙනෙක්ට නේ ?
      ඉවානයා ගේ ඩොන්ගල් එක වැඩද?
      ස්තූතියි හොඳේ
      @C.J

      Delete
  18. අනේ මේ මැදිවියේ කෙනෙක් මරුනහමත් මෙහෙමත් කවි පද වලින් ගහනවද ඈ? මුණ බැලුවහම නම් සිරියාව බේරෙනවා මේ ප්‍රියන්ති මාලි ගේ.

    ReplyDelete
  19. මූනෙන් විතරක් සිරියාව හෙව්වොත් ඉතින් සොරි . කොම් තමා. පරිස්සමින් අය්යෙ

    ReplyDelete
    Replies
    1. දැන් මොනව අහුවෙන්නද නඟේ

      Delete
    2. ඒකත් හරි ඉතිං. ම්.ම්.ම්.ම්.ම්.ම්.ම් මැදිවියේ කෙනෙක් ආයම මැරුණොත් මම මුකුත් නොකියම ඉන්නම් කෝ . :D :D :D

      Delete