Dec 4, 2015

බ්ලොග් සිහින මිය යන

දන්න අය දන්නව නෙ මම ගැන. මූණු පොතේ රිංග ගෙන

කවියක්.....

" කමුද උණු උණු බිත්තර ආප්පයක්.. ලුණු මිරිසුත් තියෙනවා සැරම සැර?

"බොමුද සීතල වතුර වීදුරුවක්? "

වගේ පෝස්ට් එකක් දාල  3951 ෆලොවර්ස් ල එක සාමදානයෙන් හිටියා..

පිරිමියාගෙ හදවතට කෙටිම මාර්ගය එයාගෙ බඩ කියනවනේ? ඉතින් වැඩි හරියක් කන්න බොන්නම තමා දුන්නේ.හදවත් කීයක් අස්සට රිංගුවද කියලා අහන්න එපා. කියන්නෙම නම් නැහැ

කමෙන්ට් ලයික් නම් ඉතින් 100 ක් වත් පන්නනවා ( හැම තිස්සෙම නොවුණත් )











 මතකනෙ? දුන්හිඳ අද්දර පෙම් කවි පෝස්ට් කරල කළණය්ය (කලන  මිතු  ) තමා මාව අමාරුවෙ දැම්මේ
මූණු පොතේ කවි මඩුව දුංහිඳ අද්දර

එයාගේ කමෙන්ට් වලත් තිබ්බෙ බ්ලොග් ලෝකයට එන්න අත දෙන්න කියලා.. ඉබ්බ දියට දැම්මම ඇන්නෑවේ කිව්ව වගේ මමත් ඉවක් බවක් නැතුං පැන්න බ්ලොග් ලියන්න

 කළණය්ය/ මනෝජ් ( මනාගේ පින්තාරුව ) සින්දු  ඇනෝ/ සජ්ජාගේ පඩංගුව

වගේ අය හුඟක් උදව් කළ මේක " අටව ගන්න". උපදෙස් කමෙන්ට් මගේ අඩුපාඩු අඩු කරගන්න පුළුවන් වුනා..

මං ඉතින් පේජර්ස් පහක් මූනු පොතේ පවත්තන් යනවාදැන් ඒ වැඩ ටිකක් අඩාල වෙලා


කවිමුතු



ආසයි බයයි


ඔන්න ඕවගේ ඒව තමා මම ඒවගෙ පෝස්ට් කරන්නෙ
ඕවගේ සීනිබෝල දීලා බ්ලොග් කාරයන් රවටන්න බැහැ 


(ඉතිං ඔයාල මට කිව්වෙ මූණුපොතේ නිකං නාස්තිවෙන්න එපා කියලනේ?)


ඉතිං මගේ ප්‍රධානම ප්‍රශ්නෙ මොකද්ද දන්නවද? ගැලපෙන බ්ලොග් එකක් පෝස්ට් එකක් බ්ලොග් ලෝකෙට අරං එන්නේ කොහොමද කියලා.

අද 12/04/2015....... වෙලාව 5.05 පී. එම් (:පී) නොවෙයි
කළණය්යගෙ බ්ලොග් පෝස්ටුව්කට මගෙ කමෙන්ට් එක මෙන්න

"කළණය්යා විසින්  මරන්නට යන ගොනෙකු දක්කා ගෙන යන්නාක් බ්ලොග් ලෝකයට ඇදන් ආ මටත් ප්‍රශ්නා හැට කෝටියකි ( ඔවන් ) ... මේ තරම් සිත් නොගන්න සුළු වුවද එය පෝස්ට් කිරීමට කොන්දක් නැතිව සිටියෙමි.:



කිරි ගහට මෝල් ගහෙන් ගහන්නා සේ කතා කිරීමට රුසියෙකි අපේ කළනය්යා..  (‍ය්)
= එබැවින් එයද පෝස්ට් කරන්නට ඉඨා ගත්තෙමි"

ඉබි පිහාටුවක් ගන්නවටවත් වඩා ආමාරු වැඩක් බ්ලොග් කමෙන්ටුවක් ලබා ගැනීම....


නමුත් මනාගේ පින්තාරුව කියන හැටියට නම් මේ ලැබෙන කමෙන්ට්සුත් ඉහටත් උඩින්.. මුලදි එයාට කමෙන්ට් ලැබුනෙම නැතිළු.. එයා බොරු කියනවද මන්දා..

මම ඉතින් බ්ලොග් සහ සින්ඩි වල ඇවිද තොරතුරු හොයාගත්තා

ඉතා වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරන  පෝස්ට් (කවුරුත් කමෙන්ට් නොකළ )

කවි

කෙටි කතා ( අගනා)

දේශාපාලන (මට නම් අරහං ප්‍රධානම දේ මේ කාට කා ගැන කියනවද කියලවත් මට තේරෙන්නෙ නැහැ         මිනිසා දේශපාලනික සත්වයෙකි.. හ්ම්ම්ම්  මම ඉතින් මිනිසෙක්ය නැහැනෙ)නොදන්න දේශපාලනෙ කරන්න මම නිළියෙකුත් නෙවිනෙ?

අසැබි සහ ජනප්‍රිය (එකක් ලිව්ව . ඔයාලට මතක නම් " අද නම් හෙළුවෙන්ම වැනුවා") =හිතපු තරම් ලොකු වෙනසක් කරගන්න බැරි වුණා +මධු මාදවී  වගේ ලියන්න මට බැහැනෙ.

ආත්ම කතන

එදිනෙදා සිදුවීම්

මම හොයා ගත්තු දේ තමයි බ්ලොග් වල ස්ත්‍රීන් අඩුයි. හිටියත් පාඩුවේ ලියනවා. වැඩිය අනුන්ගේ ඒවට කමෙන්ට් කරන්නෙත් නැහැ.. වෙනසක් කරන අය ඉන්නවා

කවුරුත් දන්න " බස්සී " එක්කෙනෙක්. මම එයාගෙ හැම පෝස්ට් එකක් වගේම කියනවා. කමෙන්ට් නම් ඉතා අඩුවෙන්.. ඒකෙ ලියන දේවල් මට වැඩිය තේරෙන්නෙත් නැහැ. ( බුද්ධියට ගෝචර වෙන්නෙ නැහැ = බුද්ධිමත්  බ්වේ අඩුවක් මගේ )

අනිත් කාරණේ කියන්න ගිහින් මා එක්ක කට්ටිය අමනාප වෙයිද මන්දා.... හැමෝම 40+ ද මන්දා. ඉතිං මම කොහොමද එයාලට ගැලපෙන ඒවා ලියන්නෙ? බ්ලොග් ලියන්නෝ වයසින් වැඩි අය නම්? කෝ අපේ අළුත් පරම්පරාව/ පොතින් දුරස් වී සෙල්ලමෙන් ඈත්වී පරිඝනකය බදා ගත්තු නව යුගයේ නව යෞවනයා? 

මූණු පොතේ හොයාගන්න බැරි මනුස්ස කම අළුත් කෙනෙක්ට අත දෙන පුරුද්ද.. කියන්න තියෙන දේ කෙළින්ම කමෙන්ට් කරන එක බ්ලොග් කාරයන්ගෙ මම දැක්ක අගේ කරන ගති ගුණ..
අනික බ්ලොග් වල මොන කුනුහරුප ලිව්වත් කමෙන්ට් කලත් කවමදාකවත් කැත විහිළු කරල මෙසේජ් කරන්නෙ නැහැ.වැදගත් ශීලාචාර තමා කතා බහ (‍y) 







35 comments:

  1. අපිව ආයෙ මතක් උන එක ළොකු දෙයක්...

    ReplyDelete
  2. අමතක වුනා කියලා හිතුවෙ ඇයි?

    ReplyDelete
  3. මම නම් ඔය 40+ කොටසට අයත් වන්නේ නැහැ. මොකද මම 50+ නිසා.

    ReplyDelete
    Replies
    1. මමත් නිතරම මේක බලනවා ඒත් මම නම් ඔය 50 + කොටසටවත් අයත් වන්නේ නැහැ. මොකද මම 60+ නිසා.

      Delete
    2. hmm adhas kale තරුණ අය ඕනි නෙවි වැඩිහිටි බුද්ධිමත් උගත් අයට ගැලපෙන්න තරම් මොලේ නැහැ කිව්වෙ kiyana eka

      Delete
    3. බුද්ධිමතුන් සහ උගතුන්ගේ ලෝකය එතරම් දැනීමක් නැහැ. පෝස්ට් එකක් කියවීමෙන් සතුටක්, දැනීමක් සහ මනස ප්‍රබෝධයක් නොදැන්නේනම් මම එම අඩවි වලට යන්නේ නැහැ. මෙම අඩවියට සෑම වයස් වල අයම පැමිණීමෙන් ඔබ ඔය 'නොහැකියාවක්' ගැන කියන දේ අදාල නොවන බව හිතනවා.

      Delete
  4. කොහොම හරි කමක් නැහැ උපදෙසක් ලැබෙනවා නම්

    ReplyDelete
  5. එක මඟ යන සොහොයුරන් වෙමු අපි ජීවිතේ
    කැටිවුණු අඳුරේ දෙපයින් යන්නෝ
    සසලවු සුළඟේ රැය දිව යන යාමයේ
    උහුලනු බෑ පාළුයි
    කෝ.... ඕ.... ළඳුන්
    කෝ.... ඕ.... ළඳුන්

    ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක්
    දන්නෙමි එය
    ගෙනයමි ඔහු මම කෙටි දුරක්
    ආපසු එන ගමනේ
    සෙබළුන් මොර දිදී විමසයි මගෙ ජාතිය
    රළු බසින් රළු බසින්

    පියපත් විදහා යමි මම දැන් නිදහසේ
    මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
    පියපත් නැති කවුරුද ඉන්නේ මාවතේ
    කඳුළක් ගෙන දෝතට දෙන්නෙමි හදවතේ

    අළුයම සිහිලැල් පිනි කඳුළින් නෙත් තෙමා
    හිම සුණු අතරේ ඒ මාවත දිස්වේ
    පැහැබර කළ මැන ඒ ලොව දෙතොළින්
    ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්

    ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර
    පද රචනය - කපිල කුමාර කාලිංග
    තනුව හා සංගීතය - සේන වීරසේකර

    ReplyDelete
    Replies
    1. පියපත් විදහා යමි මම දැන් නිදහසේ
      මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
      පියපත් නැති කවුරුද ඉන්නේ මාවතේ
      කඳුළක් ගෙන දෝතට දෙන්නෙමි හදවතේ
      Harima lassanay Ano

      Delete
  6. //කෝ අපේ අළුත් පරම්පරාව/ පොතින් දුරස් වී සෙල්ලමෙන් ඈත්වී පරිඝනකය බදා ගත්තු නව යුගයේ නව යෞවනයා?// 

    කෝ යකෝ මේ කමියා .. සිං ගාල වර.. කෝල් එකක් :D

    ReplyDelete
    Replies
    1. මං අහන්නෙ කෝ තරුණ අය බ්ලොග් ලියන්නෙ නැතිද කියලා. කමියා ටීන් ඒජ් ද?

      Delete
    2. මං අහන්නෙ කෝ තරුණ අය
      මේ..මම ආවා

      Delete
    3. ඇයි උඹ විතරක්.. මෙණ්ඩෝ.. බොලා නාකියි මට වඩා.. ඇටකෝට්ට නිසා පොඩි උනාට ඉලක්කං වලිං බොලා නාකියි නෙව.

      Delete
    4. එලද බ්‍රා ආව නම් හරි තමා :) තරුණ පරපුරම හිටියා වගේ තමා නේ?

      Delete
    5. තරුණ අය ඕනි නෙවි වැඩිහිටි බුද්ධිමත් උගත් අයට ගැලපෙන්න තරම් මොලේ නැහැ කිව්වෙ

      Delete
  7. අපි නිකං නාකියි වගේද පේන්නෙ? හත් ඉලව්වේ.....!!! ගල්බලකාය රැස්කොරන්න වෙන කිරිමේල් කතාවක් බොලා කිව්වෙ ඕං..
    ගෑණු පිරිමි මල් පළතුරු වයස වැඩක් නෑ බං...
    ලියහං... හිට්ස්,කොමෙන්ට්ස් වලට නෙමේ.. උඹටම ලියා ගනිං.ගස්ලබ්බ නම් එහෙමයි කොරන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් කියවන්නේ නැති ඒවා අම්මිගෙන් බැණුම් අහ අහ මොකට ලියනවද?.. ලියන්නෙ පාඨකයන්ට නම්?
      වරදක් කිව්වෙ නැහැ.. මම හොයා ගත්තු දේවල් කිව්වෙ :)

      Delete
  8. ලියන දේ තමුන් රසවින්දිනවානම් ඒ මදැයි. දැන් කාලේ හැදෙන සින්දු වගේ බ්ලොග් ලියන උදවිය නැති එක ගැනනම් දෙවියන්ට පින් දෙන්න ඕන. සිංහල ලේඛන කලාව ඉදිරියට ගෙනියන්න සයිබරයට බැහැපු හැමෝටම මාගේ හර්දයාංගම උත්තමාචාරය.

    ReplyDelete
    Replies
    1. ම්.ම්.ම්.ම්.ම්.ම් ඒකත් ඇත්ත.... නීරස නොවැදගත්..... නුසුදුසු අඩුම ගානේ ඕනිවට වඩා නව ආරක රිංගන්න හදන්න බ්ලොග්ස් වලට වඩා..... අන්තර්ගතයෙන් ඉහළ ඒවා පළ වෙනවා නම් හොඳයි තමා.... සුදුසු ඒවා හොයාගන්නයි මගේ මේ වෑයම

      Delete
  9. ලියන්න අක්කන්ඩි ..එල ද බ්‍රා වගේ
    කමෙන්ට් වැටෙයි ඩබල් පුෂ්-අප් වගේ

    ReplyDelete
    Replies
    1. ලියන්නම් මලයණ්ඩි එලද බ්‍රා වගේ
      නෙලැබුනත් කමෙන්ට් කරුමෙ ඒ වගේ

      Delete
  10. දිග කොමෙන්ටුවක් කෙටුව.. ඒක මැකුන... නගෝ.. ඉස්සෙල්ලම ස්තුතියි මගෙ නමත් මේකට ඈඳල තිබ්බට.. හැබයි ඔය කියන ලොකු සහයෛ නං මං දීල නෑ බොට... මෙහෙමයි.. බුකිය කියන්නෙ දැන් දැන් අච්චාරුවක්.. කොල්ලයි බල්ලයි පිස්සු නටන තැනක්.. පෝස්ටු වල කිසිම වගකීමක් නෑ... විශ්වාස කරන්න බෑ... මෙලෝ රහක් නෑ... ගතයුත්තක් නෑ... බහුතරය එහෙමයි.. හැබයි කට්ටිය වැඩි නිසා බලන එවුන් වැඩියි.. ලයික් වැඩියි... කොමෙන්ටු වැඩියි... විශෙෂයෙන් කම්බායවල් වලට තැන වැඩියි.. ඕන ගූ ගොඩක් කෙල්ලෙක් දැම්මොත් ලයික් ගොඩයි.. කොමෙන්ට් කෝටියයි... අනී සුවීට්..උම්මා... සුප්පා... වගේ දිරිමත් කිරීම් එමටයි... එහෙමයි කියල මම කියන්නෙ නෑ උඹ බුකියෙ දාන දේවල් ජරාව කියල.. බ්ලොග් අවකාශය වෙනස්.. වගකීමෙන් ලියන හරවත් දේවල් සහ සැබෑ රසවින්දනාත්මක දෙවල් වැඩියි.. කොටින්ම කිව්වොත් බුකියෙ පෝස්ට් නෙක්ටො නම් බ්ලොග් පෝස්ට් කොල කැඳ වගේ... වයස ගැන කතාවක් මෙතන නෑ... බුකියෙ චියර් එක අත්විඳින ගමන් බ්ලොග් අවකාශයෙත් රැඳෙනව නම් තමයි අපි සතුටු... බුකියෙ ලයික් එක ක්ලික් කරපු ගමන් ලැබෙන ආතල් එක තරම් ඉක්මනට බ්ලොග් මාකට් වෙන්නෙ නෑ...කාලය අවශ්‍යයි.. පරිණත වීම අවශ්‍යයි... පරිණත වීම කියන්නෙ වයසෙන් නෙවෙයි... ඒ දේවල් කාලයත් එක්ක සිදුවෙයි... එතකල් ලියපං...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් කමක් නැහැ ලිව්වනෙ කොහොම හරි.. ස්තූතියි හොඳේ. බුකියෙ සිඟිති ආතල් නේ? ඔය කියන තරම් කම්බායක් නම් ලයික් කමෙන්ට් නැහැ ඒකෙත් ඉතිං....
      හෙමින් හෙමින් කාලය සමග පරිනත වී ( ) වයසත් එක්ක එහෙම පරිනත වෙන්න පුළුවන් නම් ලියන්නම්
      මම අදහස් කලේ මේකයි සජ්ජය්යේ..
      බුකියෙ වගෙ නෙවි බ්ලොග් වල ඉන්නෙ වැඩි හරියක් පිරිමි සහ වැඩිහිටි පරිනත අය= එයාලට අවශ්‍ය දේ ( පාඨකයාට අවශ්‍ය දේවල් ) තෝරගන්න අමාරුයි කියන එක

      Delete
  11. මාත් අර 40+ ගානට වැටෙන්නේ නෑ.. තාම 39 යකෝ.. ගණන් ගන්න එපා නංගි.. 40ථ් වයසක් ද?

    දැන් මොකැයි මේක ලියලා කියන්න හැදුවේ... බොටත් මට වගේ වෙලාවේ ප්‍රශ්නයක්ද?නැත්නම් උඹව මේ අමාරුවේ දැම්මේ මම කියන්නද? හැක හැක..
    අර බස්සිට කියනවා වගේ.. පුළුවන් කාලේ අදහස් තියෙන කාලේ වෙලාව තියෙන කාලේ ලියපන් නගේ.. බුකියේ බැරිනම් ඕනි රෙද්දක.. නැත්නම් තව පහු වෙලා බොලා ටත් රෑ දෙගොඩ හරියේ නිදි මරාගෙන හිතේ පැහැවන දේවල් ලියන්න වෙන්නේ මේ මට වගේ.. 'හේමන්තයේ පිපි නටන වසන්ත කැකුළු' කියලා.. මෝඩකම් කරන්න කලින් දෙපාරක් හිතපන්,, (එහෙම කරන්න අදහසක් තියේනම්..)

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් මොකද්ද මෝඩ කම? ගෙදර වැඩ රාශියක් නොමිලේ කරලා දීල නම වෙනස් කරගන්න නීතිමය අවසරය ලබා ගන්න එකද?හේ හේ ( හැක හැක ) තාම මෝඩයෙක් අල්ලගන්න බැරි වුණා අය්යෙ

      දෙපාරක්? ඔහෙ නැහැ . පනින්න පෙර නේ දෙපාරක් හිතන්න කියන්න ... ඊට වඩා නම් හිතනවා

      වයස ප්‍රශ්නයක් නැහැ ( ) මම අදහස් කළේ පරිනත පිරිමි බහුතරය.. පොදු මාතෘකාත් අඩුයි .. ඉල්ලුමට ගැලපෙන සැපයුම් දෙන්න අමාරුයි කිය න එකයි

      Delete
  12. බ්ලොග් එකක් කියා අටවාගෙන ඕනේ දෙයක් ලියන්න පුළුවන්. කමෙන්ට් සිය ගානක් ගන්න පුළුවන්. හිට්ස් ලක්ෂ ගානක් ගන්න පුළුවන්. නමුත් කවදා හෝ ආපසු හැරී බැලුවාම ලැජ්ජා හිතෙන දෙයක් නොකර සිටීම තමයි වැදගත්.

    ලිවීම කියන කාර්යය සාර්ථකව කරන්නට නම්, කියවීම සහ ඇහුම්කන් දීම යන ක්‍රියාවන් දෙක, කාලයක් තිස්සේ, සාර්ථකව කර තිබෙන්නේ ඕනේ.

    ReplyDelete
  13. ස්තුතියි අප්පච්චි මට කිව්වෙ කවමදාවට්න් තමන්ගේ මුහුණ තමන්ට කණ්නාඩියෙන් බලන්න ඹැරි වෙන කිසිම දෙයක් කරන්න කියන්න එපා කියලා. එදා මට ඒක වැඩිය තේරුණේ නැති වුණාට දැන් තේරෙන්වාඅ.. ආයමත් පාරක් ස්තූතියි

    ReplyDelete
  14. දිගටම හොඳ දේවල් ලියල තවත් බස්සි කෙනෙක් වෙන්න. මගේ නමත් ලියලා නෙ. ස්තුතියි :).
    ජය වේවා!!!

    ReplyDelete
  15. මේ ඉන්නෙ තරුන පරම්පරාව....
    වැඩෙ කියන්නෙ නවකයන්ට ලියන්ඩ දෙවල් නැති එකයි....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා . ලියන්න ගැලපෙන දේවල් හොයන්න තමා අමාරු නේ? ඔයා 18 ප්ලස් නේ?

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. අක්කට හිතෙන දෙයක් ලියන්ට අපි එනවා කියවන්ට..

    (එහෙම කිවුවම කස්ටිය හිතයි නෙහ් මං පොඩි කොල්ලා කියලා)

    ReplyDelete
    Replies
    1. "හැක හැක" සතුටින් පිළිගන්නවා මල්ලි එන්න :) මම ඉතින් ආච්චියෙක් කියල හිතෙයි නෙ එහෙම කිව්වම :)

      Delete