Nov 24, 2015

අල්ලස!අල්ලස!!අල්ලස!!!!

මම ගේ දොරකඩ ඉඳන් පහල බලං හිටියේ දුරින් ඇදෙන වාහන වලට කන්දී ගෙන...
වෙනදාට නම් මාමාල මේ වෙන කොට එනවා. කළින් ආවොත් මුතියන්ගනෙත් ගිහින් එන්න තිබ්බා...මේ කන්ද උඩ මාළිගාව ඉතිං ඔටුණු නොපලන් කුමාරයා ආවොත් සද්දෙන් පිරිණවා. හ්ම්ම්ම්ම්ම්ම්ම් සද්දෙ මිසක් හිත නම් පිරෙන්නෑ.......පණ්ඩිත කටේ නරිවාදං නැතිනම් චුට්ටක් සළකළා බලන්න තිබ්බා..... මගේ සිතුවිලි ඔහේ පාවුණා..

"අනේ තාම ආවේ නැහැනෙ ආවෙ නැහැනෙ මල් දුන්නෙන් වඩින  ඉලංදාරියා"

පරණ සින්දුවක් කියාගෙන මං ළඟට ආව නංගි  මගේ ඉන දෙපැත්තෙන් අත දාලා මගෙ බඩ හරහා අත් දෙක බැඳගෙන මාව දෙපැත්තට පද්දන්න හැදුවා..

"මැට්ටියෙ, දෙන්නම වැටෙයී"

මම හිනා හඬත් එක්කම කිව්වා ..

"අවසර නැත මට ඔබෙ අත ගන්නට ....." ඒ මල්ලි සාලෙට. මම පරන සින්දු  වලට ආස නිසා එයාලා ඒවා කොහෙන් හරි හොයාගෙන ගයනවා උපහාසෙට

"මේ ඕන්නැති විහිළු එපා හරිද?අම්මට කියනවා" නංගි විහිළුවටත් වගේ තොඳොල් වුණා. 

"කේලමී, අම්ම ඕවා ගණන් ගන්නෙ නැහැ හලෝ" මල්ලි කිව්වෙ උළුවස්සට හේත්තු වෙන ගමන්,,

අපි බලන්  හිටියේ මාමලා එනකං..... 
තේණුකය්ය,ශාණුකය්යා. ශානික්කි අපේ ළමා කාළයෙත් යාළුවෝ... එකතු වුණු හැම වෙලේම සෙල්ලම් කළා. අපි සෙල්ලම් සෙල්ලම් සෙල්ලම්ම කළා... හ්ම්ම් මෙයාලවගේ ගෙඉබ්බෝ නෙවි. කම්ප්යුටර් එකයි  ටී වී එකයි ෆෝන් එකයි තමා මුළු ලෝකෙම.. මොකද ඉතින් මම වෙනස් නොවුනේ? එහෙම නැතිනම් යුගයක පෙරළිය අවරුදු හය අතකට වෙනස් වෙන්න පුළුවන්ද?

ඒ දවස් වල අපි කොච්චර නම් සෙල්ලම් කළාද?


ඇස් රතු වෙලා ඇඟිලි හිරි වැටෙනකම්  කෝටුව අරන් අම්මා එනකම් වතුරේ නැටුවා.සාරි ගප්පි අල්ලන්න ජෑම් බෝතල් හිස් ටින් අරන් වතුරෙ බැහැගෙන හිටියා. ඉදිං චොල්ලි. හොරා පොලිස්. සෙල්ලම් බත් ඉව්වා. පේර ගස් අඹ ගස් ගානේ බඩ ගාලා අමු ගැටත් කඩන් කෑවා. ගලක අඹ ගැට හොරෙන් ලුණු අරන් ඇවිල්ලා කෑවා... මෙයාලට " ඕක හරි අසාධාරනයි කියල කියන්නෙ නැතුං ටී වී වත් බලන්න බැහැනේ.. ම්.ම්.ම්.ම්.ම් මන්දා මුඛරි කම විතරයි තියෙන්නෙ,


ගහකට පොළු කෑල්ලක් ගහලා ගෙඩියක් වත් කඩන්නේ කොහෙද? ඉදිච්ච අඹ හෝදලා කපලා පිඟානටත් දාල දෙන්න ඕනිනේ මේ දෙන්නට?. අඹ ගැටයක් ඇඳුමෙ පිහිදලා ගලක හරි  ගහක හරි ගහලා කන කොට කොච්චර රහද?




නාරං හිඹුටු මාදං සියඹලා අතූ
කෑදං පොකුරු මේ දැන් පවසලා ගතූ
වී දැං හවස් ගුටි දැං පිට පුරා  හිතූ
රෑ දැං දුවමු එයි දැං රතු වෙලා නෙතූ

ගඟ දිය බොර වුනේ අපි දිය කෙළි නිසා නොවෙයි
හිරු බැස දුර ගියේ   මින් රැළ හැඟ වුනා  නොවෙයි
ගිරවුන් ඉගිළුනේ හඳ නැග ආ නිසා   නොවෙයි
පිට අපෙ රත්වුනේ ගුටි කෑ හෙම නිසා  නොවෙයි

අතු අගිස්සෙ එල්ලුනාට
එහි චුට්ටක් පැද්දුනාට
අපි සතුටින් උන්නු දාට
පිට චුට්ටක් රිද්දුනාට

මී මැසි සේනා පසු පස දුවලා
කෑ හැටි මී වද පසු පස හඹලා
මී විත් ඇද දා හිටියද හඬලා
සී වෙයි පෙර දා හිටි හැටි පිනලා

බත් කූරෝ පස්සේ දුවලා
සුදු නූලක් පස්සේ බැඳලා
උන් පස්සේ හනික දුවලා
ගස් අස්සේ නිතර වැටිලා

කළාමැදිරි රෑන රෑන
උන් පස්සේ අපි හඹාන
බොතලේට උන් දමාන
අපි හැදුවා නේ රඹාන?


ලේන් කූඩු කුරුළු කූඩු හොරෙන් බලල එන්නෙත් අපි
ගිරා ජෝඩු  මයින ජෝඩු අල්ල ගන්න හිතුවෙත් අපි
පූස් පැටවු බලු පැටවුන් හොරෙන් ගෙනත් හැදුවෙත් අපි
චොකලට් කන්දට නැගලා කන්න හීන දැක්කෙත් අපි

බෙන් ටෙනිසන් සරදියල්ද - පිස්සු පූසා රොබින් හුඩ්ද
වේලුසුමන සුපර්මෑන්ද - සොරෝ දුටු ගැමුණු ඔබද
හොරා පොලිස් ඉඳින් චොල්ලි- එල්ලේ නැහැ  ක්‍රිකට් අදද
ඉර අවරේ හැංගෙන තුරු - සෙල්ලම ලෙල්ලම වෙන තුරු

කියා දෙන්න කවුරුන් හරි
සතුට කවුද හොරා ගත්තේ?
පොඩි හිටියා වැඩි හිටියෙක්
ගේ ඇතුලෙම දැන් ඉන්නේ?

රූප පෙට්ටියෙ ඇස්දෙක
පරිඝනකය ඇත තනිවට?
හිනා වෙන්න මතකත් නැහැ
මම වැඩිහිටියෙක්!!!



නංගියි මල්ලිගෙයි සද්දයක් නැති බවත් මා දිහා බලන් ඉන්නව බවත් මට තේරිලා එයාලා දිහා බැලුවා.

දෙන්නගෙම හිනාව කනෙන් කන්ට..
"ආහාඅ  අක්කි තනියෙන් හිනාවෙනවා නෙ? " මල්ලි ඔළොක්කුවට කිව්වේ

" අක්කණ්ඩිය තනිවම සිනාවෙන්න් කිමද මලයන්ඩි? "නංගි අහලා එයාම උත්තර දුන්නා.. " ඇයගේ සිත තම මස්සිනා සිහිවී  සිනහා වැස්සක් වැටී ඇති බවයි නොවෙද ඉන් හැඟී යන්නේ?

"ආච්චිගෙ තට්ටෙ" මම හිනාවෙලා කිව්වේ.


"ෂුවර් එකටම නැහැ" මල්ලි කිව්වා
" මොනවද? " නංගි ඇහුවා
" ආච්චිගෙ තට්ටේ නෙවි අක්කිට මතක් වෙලා හිනා ගියේ. අංක එක ආච්චිට තට්ටයක් නැහැ. අංක දෙක තට්ටේ..... " කියලා ඉවර කරන්න  වුණේ මල්ලිට

"අන්න මාමලා එනවා...... " අම්මේ මෙන්න මාමලා එනවා" නංගි කෑ ගැහුවා.....
වෑන් එක මිදුලෙ නවත්තන කොට. අපි ඔක්කොම  මිදුලට ගියා.. කවුරු කාට කතා කරනවද  නැතුන් අපි හැමෝම හැමෝ එක්කම කථා කළේ..


කොහොමද සුද්දියේ. ඉතින් රේණු කොහොමද? හාආ පුංචි කුමාරි ..... ( නංගිව අවුස්සන්න කියන්නෙ )  හරි වැඩේ නේ වුනේ. (ශානුකය්ය කිව්වේ)  හරිවැඩක් නම් කමක් නැහැ ඉතින් .... වැරදි නම් නේ ප්‍රශ්නෙ... ( මමත් පැන්න මැදින් ) එන්න අක්කෙ ගේ ඇතුලට .මොනව හරි බොමුද? ඇයි පරක්කු? ආ පුතා උස ගිහිල්ලනේ. ඔව් ඔව් ඉලංදාරියෙක් (මාමා අපේ මල්ලිට කිව්වේ.. ) තේණුකය්යා විහිළුවට එයාගෙ පිටට පාරක් දුන්නා හිනා වෙන ගමන් මම දිහා බලල ඇහැක් ගැහුව. මට ඉස්සර වගේ දිව දික් කරල දුවන්න හිතුනත් මම හෙමින් අහක බලා ගත්තා .. ( ඉස්සර වගේ බැහැනෙ? මමත් ඉතින් දැන් වැඩිහිටියෙක් නේ? )

අපි සාලෙ වාඩි වුණාම "මගදි අපිට ටැෆික් සාර්ජන්ට් කෙනෙක්ට අහු වුණානෙ? මිනිහ අපෙ ලයිසන් එකත්  අරන් පොලිසියෙන් ඒක ගන්න කියලා..... ලියන්නයි ගියේ...." මාමා පටන් ගත්තා.
"ඉතිං මාමෙ ලයිසන් එක ගත්තාද? "
නැහැ "ඌට ගාණක් අත මිට මෙලෙව්ව නම් හරි"  කියලා මම පුතාට කිවා.
"ගතමන්ට් එකක් දෙන්න කියලා මම අය්යට රහසින් කිව්වා." ඒ කිව්වෙ ශාණුකය්යා
"ගතමන්ට් එකක්?"
"ඔව් හලෝ සම්තින්ග් එකක්"
"සම්තින්ග් එකක්?"
"අල්ලසක් මැට්ටි අල්ලසක්..." මල්ලි කිව්වෙ නැංගිට.. " ඉතින්  අය්යෙ මොකද වුණෙ? " මල්ලි ආයමත්  ඇහුවා....

තෙණුකය්යා ඉතින් හරි ජයග්‍රහණයක් කළා වගේ..
වැඩේ මම "ශේප් කරගත්තා" කිව්වා 
අල්ලසට වචන නම් කීයක්ද  සිංහල භාශාවේ......





අය වැයෙනුත් අල්ලස් කොමිෂන් එක ගැන කියලා තිබ්බනේ?
දුම් පරීක්ශාවාටත් ගාන වැඩි කරලා,,,,, වාහනයක් තියාගන්නවත් නේ ... 
ඉස්සර වගේ ඇඟ බැදු.. පොල් ගස් වලටත් බදු දැන්මනම් සොරි.කොම් තමා නේ....
ඒ ගැන සින්දුවක් නම් තිබ්බා කියලා ෂුවර් .. හැබැයි "මට මතක නැහැ "
සිංදු ඇනෝ අපිට ඒක හොයලා දෙයිනේ?
එතකං මම කවියක් ලියන්නම් 

"අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා"
දල්ලට නැගී ගොස් සුර සැප විඳින යකා
මල්ලට යදී දෙවි ලොව ගැන සිහින  මකා
බල්ලට ගියේ දිවි කුමටද මළද  නොකා

සේවය කෙරේ කැපවුණු මිනිසකුගෙ අගේ
රාවය නැගේ තුන්ලොව දෙවියෙකුගෙ  වගේ
මාවත පෙනේ මේ ලොව සුරලොවක මගේ (මාර්ගය )
නාමය දිලේ පරසතු මල් සුවඳ   නැගේ

අල්ලස ගත්තෙ අඹු දරුවන් රකින්නද?
නින්දෙදි පැතුවෙ පරසතු මල්  නෙලන්නද?
සෙල්ලමෙ විත්ති යටි හිතෙ වත්  නසන්නද?
සන්තොස වික්කෙ සුර සැප හෙම විඳින්නද?

බුදු ගුණ සිහිව හිතෙ සාමය ඇති වේවා
අනුනගෙ දෙයෙහි ඇති ලෝභය නැති වේවා
නුහුගුණ අතැර පිනෙ මාවත හමු වේවා
ඔබටද සොයුර මතු කාලය සුබ  වේවා

අපි ඉතින් බුද්ධාගමේ නෙ?  ඔන්න ඔහේ මතු කාළය සුබ වෙන්න කියලා පැතුවා...
අසභ්‍ය වචන භාවිතය නුසුදුසු කියලා හිතුන නිසා

26 comments:

  1. පිදුම - මේ සති දෙක රවීට..

    ReplyDelete
    Replies
    1. ඉතිං මට තේරුණේ නැහැනෙ හ්ම්ම්ම්

      Delete
    2. ආ ආ අයවැය නේ?

      Delete
  2. ඉතින් ඊට පස්සේ ආපු මස්සිනා එක්ක මොකද උනේ ???

    ReplyDelete
    Replies
    1. තව චුට්ටක් පස්සේ ලියන්නම් හොඳේ ආවට ස්තූතියි ආයෙමත් එන්න

      Delete
  3. ඊයේ ඒ විදිහට පොත අස්සට මොණර කොලයක් රිංගවලා බේරිලා ආවා...
    අපි පාරෙදි කරන වැරදි වලට දඬුවම් ක්‍රමයක් නැතුව, පහසුවෙන් දඩ ගෙවන්න පුළුවන් ක්‍රමයක් හැදුවනම් අපිටත් ජරාව නොදී ඉන්න තිබ්බා...
    ලයිෂන් එක ගන්න ආපහු දවසක් වැය කරගෙන කිලෝමීටර 150ක් විතර යන්න පුළුවන් කාටද...
    දැන් තියෙන්නේ දඩ නෙමෙයි දඬුවම් ක්‍රමයක්...

    ReplyDelete
    Replies
    1. හ්ම් කථාව ඇත්ත. කැලෑ නීතියත් මේ වෙලාවට හොඳයි නේ?
      @Loku

      Delete
    2. ලොකු පුතා දන්නේ නෑ කියුවා නේද? ඔය ඉන්නේ බැබලි බැබලි..

      Delete
    3. ඒකනෙ. ඔන්න ඉතින් කමෙන්ටුවකින්ම පටාන් ගත්තා :)

      Delete
  4. ලස්සනයි......... කෝ ඉතිරි කෑල්ල....... මස්සිනාගෙ විස්තර................. මේක මස්සිනා විකුනලා පගාවක් ගැනනෙ කියල තියෙන්නෙ..............

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි වැඩේ ඉතින්.... මස්සිනා ගැන කියාගන්න ටිකක් ඉතුරු කරගත්තා .. ස්තූතියි හොඳේ ගොඩ වැදුනට
      Aryan :)

      Delete
  5. කවි සාගරයයි! මෙයත් පොඩිකාලෙ හොඳ හොඳ සෙල්ලං දාලා තියෙනවානෙ බැලුවම. දැන් ඉන්න ලමයි පව් නේන්නං.
    මස්සිනා සමග රොමෑන්ටික් පැයක්...ලබන සතියේ!
    (ලියලා ඉවරවෙලා Ctrl+A ගහලා සේරම ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ෆොන්ට් සයිස් එක හදන්න)

    ReplyDelete
  6. ස්තුතියි මධු මාදවී,, ලියන්න නම් හිතයි. ඔයා වගේ ලස්සනට ලියන්න බැහැනේ? බලමු ලියන්න නේ ...

    ReplyDelete
  7. හේ හේ.. මස්සිනා ගේ කෑල්ලත් කියවලම ඉන්න ඕනි කොමෙන්ටෙක දාන්න කලින්.. මොකටද කලින් දාල අත පුච්ච ගන්නේ.. :p

    ReplyDelete
    Replies
    1. දන්නවනේ මේ පැත්හ්ටේ මස්සිනාල ගැන නෙඓ අය්යෙ ?

      Delete
    2. මේ පැත්තෙ මස්සිනාලා ගැන කිව්වෙ
      @Kalannayya

      Delete
  8. වටිනාම කෑල්ල නොලිය ඉතුරු කරගෙන වගේ...අද තමයි ඉස්සෙල්ලම මේ පැත්තට ආවේ.. ෆලෝ පාරක් දැම්ම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හොඳේ. :) ආයමත් එන්න :)

      Delete
  9. අප්පා ඉතිං මස්සිනාට මොකෝ වුනේ ?

    රවී අංකල් ගම ඊටින් නිසා ය වය ගැන කතා කරන්න් බැහැ

    ReplyDelete
  10. කතා නොකරමත් බැහැනේ ඉවාන්, රට එයාගෙය?මස්සිනා නම් ඉති000000000000

    ReplyDelete
  11. කයි ටිකනං සුපිරියි හොදේ............

    ReplyDelete
  12. ස්තූතියි හොඳේ ( හැබැයි කය්ය නම් වැඩි වාගෙ නෙ? )

    ReplyDelete
  13. වැඩ ටික්ක වැඩි වුන නිසා පරක්කු වෙලා නොවැ මේ පැත්තට එන්න වුනේ

    ReplyDelete
  14. කමක් නැහැ කොහොම හරි ආවනේ ඉතිං
    It is better to be late than never kiyanawa ne?

    ReplyDelete