May 29, 2015

ඉරිඟු කරලක් යටවෙච්ච රුපියල් දහයකට?

ඡායාරූපය බිනර සොයුරාගෙනි
"රුපියල්ම දහයක්!!!!ඉරීඟු කරලක්?!!!
!එන්ගල්න්තයෙන්  අරන් ආවා වගෙයි".."


අද තම්බලාද? වතුර පහළ ගඟෙන්ද?
අපට හොඳ ළා කරල් පහක් දෙන්න(වා)"
ඇහෙන නෑහෙන "වා" යන්න
කීවේ මට නෙවේ වෙන්න ඇති.

දෝණි මගේ ස්කොලේ ගිහින් නෑ තව ආවේ
සත් වසක් මගේ හිමි ලෙඩ ඇඳේ කවුද එය විමසූයේ?
කවුද එය දැනගත්තේ ?
වයසක මගේ අම්ම
මේ වගෙම ඉරිඟු කරලට යටවිච්ච
බලාගන්නට කෙනෙක්
මා මිසක වෙන කවුද?
පිරිසිදුයි ඈ බොහොම.

හාල් ඩිංගක් ගන්නවත් අද නැහැනේ ගානක්
එකතු වූයේබඩගින්නේ තමයි අද
පොඩි එකී උදේටත් නැහැ කෑවේ..

ගඟේ වතුර? 
හබෑටම යන්න පැය දෙකක්
වතුර කළයක් අරන් එන්න
ඇතිය එක කලයක්? මේ වැඩේ කරන්නට?

හෝටලෙනුත් ඇහුවාද මන්ද
දවල්ට කන්න කළියෙන්
"වතුර කොහෙන්ද ගත්තේ?අද උයපු ඒවාද?"

21 comments:

  1. ඉතාම වැදගත් කාරණයක් මතුකලේ.
    මීට සමාන කතාවක් මාත් ලීවා. ඒකත් දාන්න ඕනි මේකෙ රස්නෙ ගිහාම.

    ReplyDelete
    Replies
    1. :) හ්ම්ම්ම් මිනිස්සුන්ගෙ දුක / තව කෙනෙක්ගෙ දුක තේරෙන අය අඩුයි නෙ?
      + මධුමාධවී සරණිය

      Delete
  2. මමනම් ගමනක් යද්දී අතරමග තියෙන කඩ(හෝටල් කියල පොදුවේ අපි හඳුන්වන ඒවා) වලින් කන්නේ නැති තරම්...
    නමුත් මේ වගේ මිනිස්සු ගාව නතර කරලා ගන්න තියෙන දෙයක් අරගෙන කාල බීල, එහෙම නැත්නම් අරගෙන පොඩි චැටක් කාරිය එහෙම දාල තමයි එන්නේ...

    ReplyDelete
    Replies
    1. පොළොවෙ පය ගහල ජීවත් වෙන අය අඩුයි නෙ?

      Delete
    2. ලංකාවේ හැටියට පොළවේ පය ගහල ජීවත්වෙන එක සමහර වෙලාවට කේස්...
      මම ගමනක් යද්දී ගොඩක් වෙලාවට ඉතාම පහසු විදිහකට තමයි ඇඳුම් ඇඳගෙන යන්නේ
      ත්‍රි ක්වාටර් කලිසමක් ටී ෂර්ට් එකක් සෙරෙප්පු රබර් දෙක තමයි මගේ ෆේවරිට්
      සාමාන්‍යයෙන් ඒ ඇඳුමට ගොඩක් තැන් වලදී ලැබෙන්නේ ඒ තරම් හොඳ පිළි ගැනීමක් නෙමෙයි
      නමුත් ඒ අඩුව ගොඩක් දුරට වැහිල යනවා මම පැදපු "වාහනයේ වර්ගය" නිසා...
      දැන් ඒක නැති නිසා ඉස්සරහට බලන්න ඕනේ මොන වගේ වෙනසක් දැනෙයිද කියල.... :)

      ඒ වගේ කරුණු නිසා වෙන්නත් පුළුවන් මිනිස්සු මේ පරතරය කියන දේ වචන වලින් හෝ ඇති කරගන්න උත්සාහ කරන්නේ...

      Delete
    3. මෙහෙමයි තියෙන කෙනා නැති කෙනාව පහත් කරල සළකන්න හොඳ නැහැ. ඇති නැති පරතරය එදා ඉඳල තියෙන්න ඇති. දැනුත් තියෙනව. ඉස්සරහටත් තියෙයි. එකම දේ ඒ නිසා ඝට්තන ඇතිවෙන්න හොඳ නැහැනෙ?

      Delete
  3. හොඳ සංකල්පනාවක් හංසමාලී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇලෙක්ස් කවදත් ධිරිදෙන ඔයාට
      +Alex Max

      Delete
  4. වැදගත් දෙයක් ගැන කතා කරලා තියෙන්නෙ. නිර්මාණාත්මකව හොඳ පණිවිඩයක් දීලා තියෙනවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හුඟක්ම :)
      manaage pinthaauwa

      Delete
  5. මෙන්න මං කැමති හංසමාලී.. උඹ පිළිවෙලකට ලියන්නැති එක ගැන වැඩියෙන්ම දුක්වෙන එකා මමයි නගේ.. කවිය කොහොමත් හුරුයි, ප්‍රස්තුතය ඉතාම (අ)මිහිරියි.. ජය!

    ReplyDelete
    Replies
    1. උනන්දු කළාට දන්නෙ නැති දේවල් කියල දුන්නට හුඟක් ස්තුතියි හොඳේ . කියනවට කැමති නැති වග දන්නවා :D
      ඒත් කිව්වා.

      Delete
  6. Replies
    1. ස්තුතියි අය්යෙ :)
      +Priyantha Hewage

      Delete
  7. දුප්පත් මිනිහට තමා හැම ජගතම සද්දෙ දාන්නෙ
    ජය සිත්තරාවි

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත වර්ණ :)
      පුප්ප්ලා බොරුවට න්ති ලොකුකම් පෙන්වනවා
      දුක තේරෙන්නේ නැහැ එයාලට
      +Warna Kulakaya

      Delete
  8. බඩ ඉරිඟු විකුණමි
    පුංචි බඩවල් තුනක් පුරවමි
    බඩට කිසිවක් නොකා ඉන්නෙමි
    ඉරිඟු නොව මමත් තැම්බෙමි

    ReplyDelete
    Replies
    1. මම වචන ගොඩකින් කියන්න හදපු දේ ඔයා ලස්සනට ලියලා :)
      @ mage kawi

      Delete