May 28, 2015

~~~~~ පෙමක මහිමය ~~~~~~~

            ~~~~~ පෙමක  මහිමය ~~~~~~~
1.
නෙත නෙතින් බැඳී~ හිත කියන කතා ~මුළු අහස පුරා~ අපි ලියමු හොඳේ
මුදු හඬින් කියා~ ඔබෙ අනගි සෙනේ~ එය මුහුන් කළා~ අර කෙවිලි නදේ
මතු මතුත් ඔයා~මගෙ මගෙම නිසා~ හද උදම් වෙලා නෙක කවිද... හැදේ
තුරු මුදුන් බලා~ ඔය රුවම සොයා~ මම හිඳිමි බලා~ නිති හදෙහි.... රැඳේ

2.
හඳ  මෝදු වෙවී ~අපෙ ළඟම ඉඳී~තනි නොතනි මෙනී~යළි වසඟ... වෙමූ
කිරි ගරුඬ නදී ~ සුදු දෙපය සිඹී~පිය නගමු එතී~කිම දෙමුද ...............සමූ
අපෙ ගතෙහි වෙලී~මුදු පවන් රැලී~හිත පිනයි බොහෝ~මද සිනහ.... දෙමූ
මී දුමෙහි එතී ~එන සිහින පොදී~නෙත කඳුළු පිරේ ~දිවි ජයම.......... ගමූ

3.
හඳ දියෙන් නනා~ තරු කැටද උලා~එමි ක්ෂිතිජ ඉමෙන් ~ගමි හාදු..... මුදූ
ඔබෙ නමින් සදා~ මගෙ දිවිය පුරා~ ඉමි තුටෙන් රැඳෙන් ~ පෙම විඳිමු සුදූ
මගෙ සිහින් සරා~ රජ වෙන්න ඔයා~ගෙන කිරුළු හදෙහි ~ මුළු සිතින් පිදූ
අපි අපෙම වෙලා ~ මතු මතුද ඉමූ~ ලොව වනයි  අගය ~ තිර පෙමක් හැදූ



5 comments:

  1. mahansi wela liwwe :D kethayi nam kiyanna epaa

    ReplyDelete
  2. හඳ දියෙන් නනා~ තරු කැටද උලා~එමි ක්ෂිතිජ ඉමෙන් ~ගමි හාදු..... මුදූ

    ReplyDelete