May 16, 2015

~~~හැරගියද මා ළඟමය~~~

ලංකාවේ සියදිවි හානි කරගන්නන්ගෙන් 80% පිරිමි බව සොයා ගැනේ
1.
යාවුණු දෙනෙත රස ගඟුළක පා...... කරලා
හාවුණු දෙහද මිය යන තුරු  නිති ....බැඳිලා
පාවුණු ලොවේ පෙමෙ සුව නිබඳව... ලබලා
ජීවන ගමන කිම ගියෙ ඔබ මා ........හැරලා?
2.
තිස්සෙම ළඟම හිඳ සෙනෙහස මට........ දුන්නා
රස්නෙද සිසිල ලඟ වෙනසක් නැත...... උන්නා
ප්‍රශ්නෙට බියෙද හැර ගියෙ සැක මතු.... වෙන්නා
කෂ්ඨක දිවියෙ මම  තනිවිය විඳ.............වන්නා
3.
සෙනෙහස සතුට විඳ අපි සැනසෙමුය........ කියා
සසරෙම මගෙම වෙන බව රතු ලෙයින් ......ලියා
හදවතෙ මිහිර ගොනු කොට සුරලොවෙහි....  තියා
සුදු මා ඇතැර තනියම ලොව හැරම ........... ගියා
4.
පායන ඉරේ ඉරු කිරණේ........... දැවටෙන්න
ගෑවෙන මද නලේ සිසිලේ........ පැමිණෙන්න
මෝරන හඳේ සොමි කැල්මේ ..... හමුවෙන්න
ගායන කරන කිචි බිචියේ..............රඟදෙන්න

12 comments:

  1. අපොයි. ගැහැණු හරි පිරිමි හරි කවුරු උනත් තමන්ගෙ ජීවිතේ නැති කරගන්නවා කියන්නෙ පට්ටම ගොන් වැඩක්. ඒ වගේම බුදු දහමට අනුව ඒක ලොකු පාප කර්මයක්ලු. කවි ටික නම් ලස්සනයි. ඇයි ඔය කවි අංක කරලා තියෙන්නෙ :D. එහෙම කරන්න ඕනෙ නෑ නේද?
    අනේ මේ බැක්ග්‍රවුන්ඩ් එකේ කළු පාට අයින් කරන්නකො. මටනම් හෙන අමාරුයි ඇහැට. ඊට වඩා හොඳ නැද්ද සුදුපාටට හුරු බැක්ග්‍රවුන්ඩ් එකක කළු අකුරු තිබ්බනම් :).
    දිගටම ලියන් යං. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහෝම උපදෙස් ටිකට හැදුව ඔන්න උදව් ඇතිව :) කට වරද්දගත්ත මනා ඔයා. මම හුඟක් ලියනවා සාමාන්‍යයෙන්

      Delete
  2. මේ උයන්තෙරේ මේ තුරු සෙවණේ ඔබේ කතා මට තවම ඇසේ
    මේ නදී තෙරේ මේ අඩිපාරේ ඔබේ සිනා මට තවම පෙනේ....

    මේ වගේ අදහසක් තමා මුලින්ම ආවෙ. අදහසයි පද පෙළයි ලස්සනයි. ඉලක්කනුයි තිත් පෙලයි අවුල්.

    ReplyDelete
    Replies
    1. පුරුද්ද :ඪ් අයින් කරන්නම් කො ඒවත් . ස්තුතියි බොහෝම කමෙන්ට්ස් නැහැ කියල දුකේ හිටියෙ :ඪ් දක්කෙත් නැහැ මේවා

      Delete
  3. ජීවන මගේ පිය වත වූ.......... මුදු සුමුදූ
    යාවනු නොහේ යා දෙක... රත් වූ නමුදූ
    පාවෙන අහස් කුස ගිළිහුණු පෙති කුමුදූ
    නාමෙන් ආදරේ.. කවි බොඳ විය පබැඳූ

    ReplyDelete
    Replies
    1. ලස්සනයි අය්යෙ කවිය . ඔයා වැඩිය ලියන්නේ නැත්තේ ඇයි?

      Delete
  4. අපූරුයි.. ලස්සනයි.. නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධිරි ගැන්වීමට

      Delete
  5. ලස්සන පද ගැලපිල්ලක් නිහඩ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හුඟක්ම ඔයාගෙ නිර්මාණ තරම් අගේ නැහැ

      Delete
  6. දුක්බර හදින් ලියවුනු ගී අහන්න
    යම් දින ඒවි මරුවත් පරදවමින්න
    ආලය ලොවේ කිසි දිනකදි නොමැරෙන්න
    දෙවියන් වරම් දී ඇති බව දැන ගන්න

    ReplyDelete
    Replies
    1. එහෙමනම් කොච්චර අගේයිද?

      Delete