Apr 7, 2015

~~~ගෘහස්ත හිංසනයමද මේ?~~~(දේවාලයක කපු මහතෙකුගෙ යාතිකාවක තාලයට ගායනා කළ හැකි ලෙස ලියන්නට උත්සහ කර ඇත )

1.නෑඹිලි කොරොස් ඉගිලෙද්දී හදවත මගෙ කීරි...... ගැහේ
රෑමැද හඬන නෙතු ඉදිමී උදයෙද නිති කඳුළු ...........පිහේ
වෑහෙන සුසුම දිවි කළඹා ඉකියක රහසේම ..........නැහේ
කාහට කියමි දුක් ගින්දර පෙරදින පිටුපෑව............ රැහේ

2.සිද්ද පත්තිනි ~දේවි ඇසුනෙද~ අනේ මගෙ මේ........ කන්නලව්වද
රිද්ද ගත් හිත~හඬා වැටුනට~ සොයා බලනට කෙනෙක් ....නැතුවද
සද්ද නැතුවට~ ඉකි ගසා මම~දැවේ මසිතම ඉතින්............. ඇහුනද
 නැද්ද සක්දෙවි~ තව මෙමා වැනි~ දුකේ මිරිකෙන කතක් නොසිටිද?


3.වැද්ද ගත්තේ~ මුළු හදින්මය~ තව අයෙකු හට ඉඩ නම්~නැතේ
සද්ද මැද්දේ~ ඉවස ඉන්නේ~ හදේ සෙනෙහේ~ කොනකම ඇතේ
නැද්ද සුහදේ ~ළතෙත් බව හෙම~කෝ දීගේ ~මපැතුව සෙතේ
රිද්ද ගන්නා~ මගේ නෙතුයුග ~රසද ලුනු වැඩි කරදෙයි බතේ

4.අම්මා අප්පා~ කියන බසකට~ හිතද නොනැමුනෙ~ පෙම .......නිසාමය
රැව්වා බැන්නා ~මදිද හිමියනි~ තැලුවෙ නොසරුප්~ බස්......... කියාමය
කිව්වා හිතුවා ~යළිදු හිතුවෙමි~  දරණු කෙළෙසද~ මේ.......... අයාමය
හෙව්වා බැලුවා~ නමුදු සිදුවුනෙ~ දුකට යළි යළි ~~මා............ හෙලීමය

7 comments:

  1. හත් ඉලව්වේ කියවන්න වෙලාවක් තියලා පොස්ට් දාපං. මෙහෙම දවසට තුන ගානේ දාන්න එපා. කියවන්න වෙලාවක් දීලා, සංවාදයක් ගොඩනැගෙනවානම් එකටත් ඉඩ දීලා පොස්ට් දාන්න. මෙහෙම දැම්මම හොඳ දේවල් මග ඇරෙන්න පුළුවන්, අපි ලියන දේ කවුරුවත් කියවන්නේ නැත්තම් වැඩක් නෑනේ .

    ලේඛකයෙකුගේ යුතුකමක් හා වගකීමක් තමයි තමන්ගේ හැකියාව තුලින් සමාජය දැනුවත් කිරීම.එතකොට අපි බිහිකරන නිර්මාණ අනෙක් අයට රසවිඳින්න, ගුණදොස් කියන්න වෙලාවක් දෙන්න ඕන. ඒ නිසා අඩුගානේ දවස් දෙකක්වත් එක නිර්මාණයක් බ්ලොග් එකේ තියෙන්න අරින්න . කමෙන්ට් වලට අනිවාර්යයෙන් පිළිතුරු දෙන්න. පුළුවන් තරම් අනික් බ්ලොග්වලට ගිහින් කියවන්න, අදහස් දක්වන්න. බ්ලොග් වල දිගු ගමනක් යන්න සුභ පැතුම්.

    මේ ටික කිව්වා කියලා තරහා වෙන්න එපා. මට හිතුනා මේ ටික කිව්වොත් හොඳයි කියලා

    ReplyDelete
    Replies
    1. දවස් දෙකක්වත් තියෙන්නේ අරින්න කියලා කිව්වේ , බ්ලොග් කියවද්දී සාමාන්‍යයෙන් පරණ පොස්ට් හොයාගෙන ගිහින් කියවන සිරිතක් කියවන අය ළඟ නෑ. තියෙන බ්ලොග් ගොඩේ හැටියට එහෙම කරන්නත් බෑ. ඒකයි.

      Delete
    2. උඩ උපදෙස් හොඳට හිතට ගන්න.

      Delete
    3. හා ඔයා නිසා තමා අද මම මෙහෙමවත් එකක් කරන් යන්නේ .. ස්තූතියි කියන්න එපා කිව්ව නිසා කියන්නෙම නැහැ හොඳේ
      Kalana mithu

      Delete
  2. අදහස් උපදෙස් හිතට ගත්තා+ බොහොම ස්තූතියි. ඉවසන් ඉන්නම් පෝස්ට් නොකර අනිත් පෝස්ට් බලන්නෙ කොහොමද? අනිත් අයගේ
    iwaan pawuluusha

    ReplyDelete
    Replies
    1. බ්ලොග් රෝලක් add කරගන්න ඔයාගේ බ්ලොගට

      බ්ලොග් එකේ home page එකේ දැමුණු පැත්තේ උඩ කෙලවරේ තියෙනවා Design හරි Dashboard හරි කියලා එකක්. එතන ක්ලික් කරන්න
      ඊට පස්සේ එන page එකේ වම්පැත්තේ තියෙන ලිස්ට් එකෙන් Layout කියන එක ක්ලික් කරන්න , එතැනිනි ගිහින් add a gadget කියන එකට යන්න එතන එන මෙනු එකෙන් blog list කියන එකේ දකුණු පැත්තේ තියෙන + ලකුණ ක්ලික් කරලා එන බොක්ස් එකෙන් ඔයා කැමති add කරගන්න , එතකොට ඕන වෙලාවක කියෙව්වා හැකි.

      Delete
  3. අදහස් උපදෙස් හිතට ගත්තා+ බොහොම ස්තූතියි. ඉවසන් ඉන්නම් පෝස්ට් නොකර අනිත් පෝස්ට් බලන්නෙ කොහොමද? අනිත් අයගේ
    iwaan pawuluusha

    ReplyDelete