Apr 18, 2015

~~~~මංගල සීනු~~~~02

" මං කියන්නද මම ඔයාට කැමති ඇයි කියලා?" එයා ඇහුව.


ංහා" මම කෙඳිරුවා..


"මම පොඩි කාලේ හිටියා මට බැල්ලියක්.. උගේ නම ඩින්කි..


 මම ඌට හරිඅම අදරෙයි.


 හවස එන්නේ ඌ එක්ක සෙල්ලම් කරන්න බලාගෙන.


උදේට මාව ඇහැරවන්නෙත් ඌ....


මම ස්කෝලෙ යන කොට මගෙ පස්සෙන් එනවා.. 


මම බස් එකට නගින කම්ම්ම එතන ඉන්නව


ඌට තිබුනේ හරි අහින්සක ඇස් දෙකක්...


 දුකින් පිරුණු කතා කරන ඇස් දෙකක්..


මම නිතරම ඌ එක්ක කතා කලා.


ඌ ලොරියකට හැප්පිල මැරුණා...


එදා ඉඳල මම කවදාවත් ආය බල්ලෙක් ගත්තෙ නැහැ.


ඌ වන් මාස්ටර් ඩෝග් නූනට මම වන් ඩෝග් මාස්ටර් කෙනෙක්..."


.. කියලා එයා හිනා උනා. ලස්සන් අවංක හිනාවක් කියලයි මට හිතුනෙ.අපි විනාඩියක් විතර කථා කරන්නේ නැතිව හිටිය..



දවසක් මම බදුළු යනකොට ඔයා බස් එකේ ජනේලෙන් එළිය බලාගෙන යනවා මම දැක්කා.අහම්බෙන් ඔයා මං දිහා බැලුවා.ඔයාටත් තිබුණේ ඒ ජාතියෙම අඬන ඇස්..


මං ඉතින් කට වහ ගෙනම හිටියා.. උගේ කට හඬමයි ඔයාට තියෙන්නෙ කිව්වොත්?


"මම ඒ දවස් වල හැම පෝයටම පන්සල් එනවදන්නෙවත් නැහැ නේ?  එයා මගෙන් ඇහුවා..


හ්ම්ම් දන්නෙවත් නැහැ.


"ඒක නෙවෙය් මම හෙට අනිද්ද කොළඹ  යනවා..හෙට මෙහේ එන්නද?"


"ම්?"


අම්මට කියන්නම් මම,, ඔයා හෙමින් හිතල බලල මෙ ගැන තීරණයක් ගන්න


සියුම් ගැස්මක් හිතා පුරා දුව ගියා ..සතුටක්ම නෙවි
නෙවෙත් නෙවෙයි

10 comments:

  1. වාව්................... හිත ගැස්සිලා ගියා අන්තිමට ... නියමයි

    ReplyDelete
    Replies
    1. ඉවර නැහැ අප්පා+ ස්තූතියි කුරුටු ගෑවට අදහස්

      Delete
  2. ඌ වන් මාස්ටර් ඩෝග් නූනට මම වන් ඩෝග් මාස්ටර් කෙනෙක්..." :)

    'දීප්තිමත් අනාගතයක සුභ නිමිති දක්නට ඇත. පළමු ශ්‍රේණියට සමත් වන ලදී'.. ඔය මගේ ලඟ තවමත් තියෙන මගේ හෝඩියේ පන්තියේ රිපෝට් එකේ පන්තිභාර ගුරුතුමිය ලියල තියෙන වැකිය.. ඒකම මෙතන ලියන්න හිතුනා..

    ReplyDelete
  3. ඔයා තම උදව් කළේ+ ස්තූතියි බොහෝම

    ReplyDelete
  4. Replies
    1. තුති මල් මිටක් ඔයාටත් හොඳේ

      Delete
  5. අදමයි මේ පැත්තට ආවෙ... නියමයි..දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහෝම :)
      Mahesh Sharmin

      Delete