Apr 7, 2015

~~රජයේ සේවය/ පුද්ගලික සේවය~~~

සේවය කරන්නට නැහැ නිසි කණිසම ........ඇත්තේ
පේවෙන තරමටම කෝ වැඩ  මොනවට ....නැත්තේ
ලෝකය කැරකෙනව ඇයි ඒ වග නොම...... දත්තේ
සේවෙට රජයෙ මුල් තැන හිමි විය ........... යුත්තේ.

..කාලය අටේ සිට හතරට ඉවර වෙලා
සේවය නිසා නිසි වැටුපද උරුම වෙලා
ජීවය ගෙවේ හිත සතුටද  හිමිම වෙලා
කීවට මොකෝ රජෙ සේවය අගම වෙලා.

..තිත්තම ඇත්ත මෙයවේ මගෙ යහළුවනේ
සත්තම කියම සේවය රජෙ හරි අගෙනේ
ගැත්තට යදිමි ඔබගේ නැණ මං  මෙතිනේ
ඇත්තම කියමු රජයේ වැඩ හරි හොඳනේ


 ....නියමිත ලෙසට ගත හැකි නිවාඩුව රජ සේවයේ
සැළකිළි හිමිය මහජන ක්‍රියාවට නිති ලෝකයේ
පිහිටට එන්නෙ රජයයි අමාරුම රුදු  කාලයේ
හොඳ දෙය  දකිමු නවතමු පිණිපාව බොරු තාලයේ.

.පාලන කරන උතුමන් ළඟ දණින්... වැටී
පාලිත දනෝ ඉන්නා හැටි නොවී... ගැටී
"පීඩිත ගැටුම" ගැන නිහඬය කරුමෙ හැටී
කීවම දනුව  රජෙ සේවය හරිම...... වටී..

නිසි ලෙස දැණුම  ලැබ කර තව..............විභාගේ
ඉදිරිය දකිත හැක නැහැ නොව..............අභාගේ
එලෙසට හැකිද 'පොදු නොවු බැළ'හැක.. සභාගේ
අගයමු සැවොම සේවය  අගෙ ..............රජාගේ


3 comments:

  1. අප්‍රමාණ සංතෝශයි. තාත්ත කෙනෙක් දුවකගේ දස්කම් බලල සතුටු වෙනව වගේ. සාදරයෙන් පිළිගන්නව ආදරණීය බ්ලොග් ලෝකයට. සීමා මායිම් අඳුනගෙන සතුටින් ලියන්න ශක්තිය ධෛර්‍යය හා නිර්මාණාත්මක පරිචය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. මගේ හද පිරි ස්තුතිය පුද කරන්නම්. මගේ උපරිමය උත්සහය දරන්නම් කලණ මිතු

      Delete
  2. මගේ හද පිරි ස්තුතිය පුද කරන්නම්. මගේ උපරිමය උත්සහය දරන්නම් කලණ මිතු

    ReplyDelete