ලංකාවේ සියදිවි හානි කරගන්නන්ගෙන් 80% පිරිමි බව සොයා ගැනේ
1.
යාවුණු දෙනෙත රස ගඟුළක පා...... කරලා
හාවුණු දෙහද මිය යන තුරු නිති ....බැඳිලා
පාවුණු ලොවේ පෙමෙ සුව නිබඳව... ලබලා
ජීවන ගමන කිම ගියෙ ඔබ මා ........හැරලා?
2.
තිස්සෙම ළඟම හිඳ සෙනෙහස මට........ දුන්නා
රස්නෙද සිසිල ලඟ වෙනසක් නැත...... උන්නා
ප්‍රශ්නෙට බියෙද හැර ගියෙ සැක මතු.... වෙන්නා
කෂ්ඨක දිවියෙ මම තනිවිය විඳ.............වන්නා
3.
සෙනෙහස සතුට විඳ අපි සැනසෙමුය........ කියා
සසරෙම මගෙම වෙන බව රතු ලෙයින් ......ලියා
හදවතෙ මිහිර ගොනු කොට සුරලොවෙහි.... තියා
සුදු මා ඇතැර තනියම ලොව හැරම ........... ගියා
4.
පායන ඉරේ ඉරු කිරණේ........... දැවටෙන්න
ගෑවෙන මද නලේ සිසිලේ........ පැමිණෙන්න
මෝරන හඳේ සොමි කැල්මේ ..... හමුවෙන්න
ගායන කරන කිචි බිචියේ..............රඟදෙන්න
අපොයි. ගැහැණු හරි පිරිමි හරි කවුරු උනත් තමන්ගෙ ජීවිතේ නැති කරගන්නවා කියන්නෙ පට්ටම ගොන් වැඩක්. ඒ වගේම බුදු දහමට අනුව ඒක ලොකු පාප කර්මයක්ලු. කවි ටික නම් ලස්සනයි. ඇයි ඔය කවි අංක කරලා තියෙන්නෙ :D. එහෙම කරන්න ඕනෙ නෑ නේද?
ReplyDeleteඅනේ මේ බැක්ග්‍රවුන්ඩ් එකේ කළු පාට අයින් කරන්නකො. මටනම් හෙන අමාරුයි ඇහැට. ඊට වඩා හොඳ නැද්ද සුදුපාටට හුරු බැක්ග්‍රවුන්ඩ් එකක කළු අකුරු තිබ්බනම් :).
දිගටම ලියන් යං. ජය වේවා!!!
ස්තුතියි බොහෝම උපදෙස් ටිකට හැදුව ඔන්න උදව් ඇතිව :) කට වරද්දගත්ත මනා ඔයා. මම හුඟක් ලියනවා සාමාන්‍යයෙන්
Deleteමේ උයන්තෙරේ මේ තුරු සෙවණේ ඔබේ කතා මට තවම ඇසේ
ReplyDeleteමේ නදී තෙරේ මේ අඩිපාරේ ඔබේ සිනා මට තවම පෙනේ....
මේ වගේ අදහසක් තමා මුලින්ම ආවෙ. අදහසයි පද පෙළයි ලස්සනයි. ඉලක්කනුයි තිත් පෙලයි අවුල්.
පුරුද්ද :ඪ් අයින් කරන්නම් කො ඒවත් . ස්තුතියි බොහෝම කමෙන්ට්ස් නැහැ කියල දුකේ හිටියෙ :ඪ් දක්කෙත් නැහැ මේවා
Deleteජීවන මගේ පිය වත වූ.......... මුදු සුමුදූ
ReplyDeleteයාවනු නොහේ යා දෙක... රත් වූ නමුදූ
පාවෙන අහස් කුස ගිළිහුණු පෙති කුමුදූ
නාමෙන් ආදරේ.. කවි බොඳ විය පබැඳූ
ලස්සනයි අය්යෙ කවිය . ඔයා වැඩිය ලියන්නේ නැත්තේ ඇයි?
Deleteඅපූරුයි.. ලස්සනයි.. නියමයි...
ReplyDeleteස්තුතියි ධිරි ගැන්වීමට
Deleteලස්සන පද ගැලපිල්ලක් නිහඩ
ReplyDeleteස්තුතියි හුඟක්ම ඔයාගෙ නිර්මාණ තරම් අගේ නැහැ
Deleteදුක්බර හදින් ලියවුනු ගී අහන්න
ReplyDeleteයම් දින ඒවි මරුවත් පරදවමින්න
ආලය ලොවේ කිසි දිනකදි නොමැරෙන්න
දෙවියන් වරම් දී ඇති බව දැන ගන්න
එහෙමනම් කොච්චර අගේයිද?
Delete