කටුසු හදවතගෙ නිසදැස කියවල මගේ ඇස් වලට කඳුළු ආවා.. ඒ ඔස්සෙ කමෙන්ටුවක් නොලියම බැරිවුනා.
ඒ පොස්ටුවට මම ලින්ක් එක මෙතනම යොදන්නම්
මහඹබාට මූණු දෙකයි
විකිණෙන විකුණුනු ගැහැනිය එදා ඉඳන්ම හිටියා/ අදටත් ඉන්නවා/ හෙටටත් ඉඳියි/හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
පෝය හඳ පායපු
ලස්සනෝම දවසක
පන්සලේ බෝ මලුවෙදි
යාන්තමට හිනා වෙලා
මගෙ හිත ගත්තම,,,,
කාටත් හොරා දවසක්
මගේ අතේ ලේන්සුවක්
ගුලිකොරපු දවස
හැංගි හොරා අපි කාටත්
අපි අපේ කියැව්ව පෝය දවස
අම්ම අප්ප නාටක කියද්දි
මගුල් බෙර මාල හත නැතුවම
කාටත් හොරෙන්ම අපි කූඩු වුණු හැටි
අමතක කරන්නේ කොහොමෙයි?
අපි වෙනුවෙන්ම උදේ ඉඳන්
හවස් වෙනකම්ම ..රෑ මැදියමෙත්
කාසි පනම් හොයන්ට
වෙන හෙය්යම්මාරුව
මම නොදන්නවය මයෙ දෙය්යෝ?
කරගැට පුපරපු අතවලින්
කකුල් කෙටි ටික කෙඳිරි නොගාම
රෑ තිස්සේ අත ගාන හැටි මං දුටුවා
දව්ස් ගණන් පය්න්ඩයක් වත්
එවාගන්න බැරුව මං හූල්ලපු හීල්ලිල්ල
කාට කොහොම කියන්නද මන්ද...
පොඩියෙකා බඩගින්න මොරගහන කොට
අම්මෙක් හැටියට මං උහුලන්නෙ
කොහොමෙයි මයෙ දෙය්යො ???
"ඉස්කෝළෙට කොපි පොතක් ගේන්න
එහෙම නැතුං ඉස්කෝලෙ එන්න එපා"
කිව්වම " ඉස්කෝලෙ නෝනා කියැව්වම
මට හොරෙන් ඉකි ගහන
ලොකු එකීට " අප්ප එනකං ඉඳින්"
කියන්නේ කොහොමෙයි????
නමෝ විත්තියෙන් උඹට දුන්නු
ආලවන්ත කොම එහෙමමයි මයෙ දෙය්යෝ
"මින් මනත නොකියා කළින් එන්න එපා"
කියාගන්න බැරුවයි මං හැංගුනෙ
වෙනදා වගේම අදත් පෝය හඳ පායලා
පව් සෝදන්න බැරිවුනත් අපි පන්සල් ගෙහුං එමුද
ඩුං ඩුං ගගා අර බෙර කැටි මොර දෙන කොට
හිත අස්සේ කීරි ගැහෙන
අඳෝනාව වාං දමයි මයෙ දෙය්යෝ
අපි පෙරහැර නොබලම එමු
කවිය ලස්සනයි..
ReplyDeleteහ්ම්ම්ම්ම් ස්තුතියි
Delete@ C.J.
සෙනේ පෙන්නා දෙසිත් එක් වෙයි පතාගෙන ආ ලෙස භවේ
ReplyDeleteදැනේ දෙන්නාටම එයින් පසු කාසි නොමැතිව පසු තැවේ
පිනේ නැතිදා පවම ඵලදෙයි වරද වරදක්මයි ලොවේ
අනේ මන්දා ගැටළුවට ඇති එකම පිළියම එය නොවේ..........
ජයවේවා!!!
හරිම ලස්සනයි කවිය=ස්තූතියි+ නැවත එන්න
ReplyDelete"මින් මනත නොකියා කළින් එන්න එපා"
ReplyDeleteකියාගන්න බැරුවයි මං හැංගුනෙ
වෙනදා වගේම අදත් පෝය හඳ පායලා
පව් සෝදන්න බැරිවුනත් අපි පන්සල් ගෙහුං එමුද
ඩුං ඩුං ගගා අර බෙර කැටි මොර දෙන කොට
හිත අස්සේ කීරි ගැහෙන
අඳෝනාව වාං දමයි මයෙ දෙය්යෝ
අපි පෙරහැර නොබලම එමු//
මගේ කවිය බල්ලට දාමුකෝ...ඒත් මේක...අර උඩින් දාලාතියන පදටික මාරයි. ඇත්තටම මේක මාරයි.අර මම ලිවුව කසඩ කවියට වඩා 100ගුනයක් හොඳයි.
ස්තූතියි කටුසු නොලියාම බැරු වුණා දැක්කම ඔයාගෙ නිසදැස. දැක්කෙත් නැහැ මූනු පොත අස්සේ."ටිපිකල් වුමන්" කෙනෙක් වෙන්න එපා කිව්ව දවසක් ඔයා මට මතකද? හරි හරි මූනුපොතේ චැට් එකේ තමා.
ReplyDeleteමම මේක කටුසු බ්ලොග් එකේ දැක්කා. මාර ප්රශ්නයක් හලෝ. මොනවා ලියන්නද මන්දා. හිතට බරක් දැණෙන සිතුවිල්ලක්.
ReplyDeleteඇවිත් ගියා කියලා ලිව්වම ඇති. ආයම එන්න ස්තූතියි හොඳෙ :)
Deleteආදරය කිය්න දේ හරියට එලියට එන්නෙ බැඳීම් වල තියෙන කොන්දේසි ඉවත් උනාම. මේ ගෑනි ගෙ ආදරය ඉමහත්..ඒත් සමාජ භාවිතය ඇතුලේ බැඳීමක කොන්දේසි කඩලා.. මට නම් මේ ගෑනිගෙ හෝදන්න පවක් නැහැ.
ReplyDeleteකටුසුගේ පෝස්ටුව දැකල ඇතිවුණු සිතුවිළි කොච්චි. සමාජය දිහා අළුත් ඇහැකින් බලන්න පුළුවනි නම් කොච්චර හොඳද?අනුන්ගෙ දුක දකින්න පුළුවනි නම් කොච්චර හොඳද?
ReplyDeleteI enjoyed reading thiis
ReplyDelete