Mar 22, 2016

පාන් කමුද? පත්තු කරමුද? සීනිගම මිරිස් අඹරමුද?

අපි බලමුද පාන් කියන්නෙ මොනවද කියලා?"Bread is a staple food prepared from a dough of flour and water, usually by baking. Throughout recorded history it has been popular around the world and is one of the oldest artificial foods, having been of importance since the dawn of agriculture.



ඉතිහාසය පුරාවට ඉපැරණිම කෘත්‍රීම  ආහාර වලින් එකක් වන පාන් කෘෂිකරමයේ  මූලාරම්භයේ සිට තිබුණු බවනෙ ඔය කියන්නේ.
කෙසේ වෙතත් අවසන් බෝජනය ( ක්‍රිස්තුස් වහන්සේ ගේ ) පාන්  බව අපි කවුරුත් දන්නවනේ එක මේසේ එකට එක පාන් ගෙඩිය කඩන් කාපු අය තමා පාවා දුන්නෙ, ඒ හින්දා යාලුවෝ එකට ඉන්න අය එක්ක පාන් කන්නෙ පරිස්සමට . ඔය මතක් වුණු වෙලාවෙ ඉඳන් අපි පාන් නොකාවත් ඉමුද?

දන්නවනේ අර බිසවක් " පාන් නැතිනම් කේක් කාපල්ලා" කියලා වෙච්ච දෙයක්. හොඳ වෙලාවට ලංකාවෙ  බිරින්දෑ වරු කවුරුත්  එහෙම කිව්වෙ නැහැනේ අනිච්චං දුක්කේ.නැතිනම් ලංකාවෙත් විප්ලවයක් ඇතිවෙනවා  අනිවාර්යයි

අපේ ලංකාවට පාන් ගෙනාවෙ පෘතුග්‍රීසි කාරයෝ නෙ? අපි ඉතින් කිව්වා " සුදුපාට ගල් කාලා ලේ බොනවා " කියලා. එදායින් පස්සෙ  පරදෙස්ක්කාරයන්ට ආවඩන අපි පාන් ජීවිතයට  නැතිවම බැරි දෙයක් වෙලා නෙ?

පාන් ගෙඩියක් දරුවන්ට කන්න දෙන්න හොරකම් කල මිනිහෙක් ගේ අනුවේදනීය චිත්‍රපටිය අපි කවුරුත් බලල තියෙනවනේ?ඔන්න නොදන්න අයට ට්‍රෙලර් එකෙ ලින්ක් එකක් දානවා. ලස්සන ෆිල්ම් එකක් බලන්නකෝ
https://www.youtube.com/watch?v=IuEFm84s4oI

මෙන්න මං මූනුපොතට අද උදේ පෝස්ට් කළ එක


දෙන්නම් බැටේ.
හීන් සතුටක් හිතේ පතුලේ හෙමින් එබිකම්........ කරනවා
පාන් පැලටත් දුකේ බැරුවළු මටත් ගතු නම්....... කියනවා
"පාන්" හතරක් මිලේ වැඩිවළු ඔන්න අවුරුදු..... එබෙනවා
වාන් දමතත් අපේ කැක්කුම ඉන්න "කතිරය"... තියෙනවා

ගොය්යො ගෙටවෙනු අපිද හෙටදින අතට වෙරවිරි ගන්නවා
කය්ය ගැහුවට රූප පෙට්ටියෙ දන්න අය මෙය........ දන්නවා
කොක්කු නැටුවට තිත්ත පැටවුන් දිනක වරමක් ......ගන්නවා 
දෙයියො බුදුවරු යදිනු කුමටද කතිර යුද්ධය .........තියෙනවා
තිත්තයෝද අපි වාරයක් එනකම් බලන් ඉන්න? මගේ නංගි මේක බලලා අහනවා රුපියල් 4ටද ඔච්චර කෑගහන්නේ කියලා. කෑ ගැහුවාය මම ?
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන " ආදරෙයි මං ආදරෙයි" බලන එයාට නම් මොකෝ නේ?

හ්ම්ම්ම්ම්ම්ම් සීනිග පැත්තෙ මිරිස් අඹරලා පුළුවනිද මන්දා පාන් මිල අඩු කරන්න?
අපේ ආච්චි නම් ඒ දවස් වල කියන්නේ " ඔය කිරිසප්පයොන්ට  පාන් රොඩු දීල වැඩක් නැහැ. බතකුයි  ම්බෝලයකුයි හදන්න කියලා

දැන් නම් අපි 21+ තමා ඒ හින්දා පාන් කෑවට කමක් නැතිද මන්දා.

මේ පැත්තේ නම් හාල් කිලෝ එකක් රුපියල් 60න් ඉහලට + පොල් ගෙඩියක් රුපියල් 45/ 50/55 ම්.ම්.ම්.ම් අවුරුදු ලං වෙන කොට නම් වැඩිවෙයි.ඒත් තාමත් පාන් ක්නවට වඩා ලාබයි.

ලේසියට අපි අපේ කෑම වලට පාන් පිටි එකතු කරාට  දන්න අය දන්නවා ආප්ප/ රොටී/ පිට්ටු/ තොසේ ඔය කොයි දේත්  හාල් පිටි වලින් හදන්න පුළුවන් කියලා. වැඩේ තියෙන්නෙ ආපි කන්නෙ ඒ වගේ දෙවල් කඩෙන්නේ? 

එලවළු ටිකක් වත්තේ හදා ගත්ත නම්  මැල්ලුමක්  එක්ක බත් ටිකක් උයන්න පුළුවනි. ඉඩ නැහැ නම් කියයි. වෙලා නැහැ නම් කියයි. මම මේ කතා කරන්නෙ අපිවගේ දුප්පත් ජනතාවට.

"සිංහලයා මෝඩයා බත් ගිලින්න යෝදයා " "ගමරාළ දිව්‍ය ලෝකෙ ගිය හැටි" වගේ උපහාස කතා  ප්‍රචාරය කරල තියෙන්නෙ එදා ගමරාලට තිබ්බ අභිමානය සැළැකිල්ල අඩු කරන්න කියලා අපි දන්නවනේ? නිදහසෙන් මෙච්චර කාළෙකට පස්සෙත් අපි තාමත් පාන් කන්නෙ ඇයි? 

"මොකෝ මේ පාන් කාපු එකා වගේ" කියලා කියන්නෙත් ඕකයි . මොහොතට බඩ පිරුණට පැයෙන් දිරවල ඉවරයිනෙ?

ඉතින් අපි "පෙරදිග ධාන්යාගාරයට උරුමකම් කියනව නේ/ අද ඉඳන් බත්ම කමුද? මය්යොක්කා බතලත් තවම තීයෙනවනේ?





Mar 17, 2016

තියෙනවද ඔය රෙද්ද

අද මන් බ්ලොග් පොඉස්ටුවක් කියෙව්වා. දන්නවනෙ කවියක් නිසදැසක් දැක්කොත් මම කමෙන්ට් ඒකක් දානවා. ඒක  පෙම් කවියක් නම් විරහ කවඉයක් නම් ලියල මිසක් පිළිතුරක් යන්නේ නැහැ. දේශපාලනය නම් අරහං. ඒවයේ කමෙන්ට් කරන්න ගිහින් මොල ගෙඩියෙ තරම ප්‍රදර්ශනය කරන්න වෙන නිසා කට පියාගෙන ඉන්නවා. එහෙම අයට විතරද මන්දා ඇතුලෙ හිස් වුනු වුනත් ඔලු ගෙඩිය රැකගන වෙන්නෙ.මෙන්න මාතලන්ගේ පෝස්ටුවට ලින්ක් එක. ඒ තරම් අගේට මට ලියන්න බැරි වුනත් නොලියා නොහැකි වුණු නිසා ලිව්වා. 

***** ගලවලා ගනින් බන් ඔය රෙද්ද




ඉතින් මාතලන් කතා කළේ " ගලවලා ගනින් බං ඔය රෙද්ද " කියලනෙ? ඒකෙන්ම මං පටන් ගත්තා. හොඳයි අපි ඇස් වහගෙන අලියට ඇහ තියලා තියෙනවනේ? කොච්චර කිරිමේල් වැඩක් ද ඒක? ඇස් වහගෙන සර්ව සාදාරණ දෙයක් කරන්න පුලුවනිද? අනේ ඉතින් මේ ඇත්තිට අපි දොස් කියන එක හොඳය.

ඉතිං මම කෝකටත් කියලා මූන වහගෙන නැති නීතියෙ දෙවඟනක් හොයා ගත්තා.
***ඕන් ආයුබෝවන්ඩ දැන් නම් රෙදි ගලවනවා එහෙම නොවෙයි.


තියෙනවද ඔය රෙද්ද?
නැතිවෙලා ගොඩක් කල්
සර්ව සාදාරණ ලොවක්
දකින  එක හීනයක්...

හැම තුලාවක් වගෙම
පැත්තක් බර වැඩියි නෙව
පිහිටන්නෙත් ඇදේටම.
ඇයි බොලා    දන්නැද්ද
මේ "නැති 2500" නෙව ?

ඔන්නොහෙ කවුරු හරි 
මොනවහරි කරයි නෙව
ඇස් පියන් කට පියන්
හදිසියට පොල් පැලයක් වත්
දෙන්න ඉන්නෙ ඔච්චරමනේ?

අනේ අම්මො එහෙම පුළුවනෑ
ඒ උත්ත්මයන්ට නෙව
අපි හත් මුරු පරම්පරාවෙම අය
දෑත් ශක්තිමත් කළේ

පාට පක්ෂ උන්නෑහේලා 
මාරු කරගත්තෙන් අපිට මොකෝ?
අපි යන්නය ආණ්ඩු කරන්න?
මගුල් තුලා පයිරු පාසානම්
ඒ උත්ත්මයලා  අතරෙම වෙච්චි කොටා
අනිච්චං දුක්කේ පින්පාට බඩ ගෙඩිය

ඉතින් මම මාතෘකාවෙන් පිට පැන්නද මන්දා කියන්නෙ ගියෙ නීතියේ දෙවඟන ගැන. කිව්වෙ වෙන කව්දෝ පින්වන්තයෝ ගැන. ටී එම්. ජයරත්න   ගායනා කළ සින්දුවක් මතක් වුනා. පාර හදන තැන ගිනි යම් අව්වේ දෙවියො වැඩ ඉන්නේ?"
මෙන්න ඒ සින්දුවට ලින්ක් එක

ඒ කාලෙනම් පාණ්ඩුකම්බල සයිලාසනය උණු වුනා කියනවනෙ?මං හිතන්නෙ ඒක දැන් ඒ. සී. කරල වෙන්න ඕනි. දන්න කෙනෙක් සී සී ටී වී වත් හයි කරගන්න පයින්ඩයක් ඇරියනම් සොල්ල වේලෙ ඉල්ලෙ මන් හිතන්නෙ


මුදලට බලයට යටවන නීතිය ගැන නොදන්නා කෙනෙක් වෙත්ද?නොදුටු නියායෙන් ඉවසා කොතරම් කළක් අපි ඉඳිවිද?

නීතියෙ අසාදාරණයෙන් පීඩා විදින්නෙ කවුරුද? වත්තක කෙසෙල් කැනක් සොරා ගත් අයකු? බඩ ගින්නට පුංචි හොරකමක් කරපු අය? මායිම් වැටට සන්ඩු වී කොස් ගසක් කපපු අය?
සියල්ලටම වඩා ලොවෙහි කොතැක හෝ යම් කෙනෙකුට අසාදාරණයක් වීම ගැන හදවතට දැනෙනවා නම් එය ලොව තත්වයෙන් උසස්ම සහ අලංකාරම  විප්ලවය වන බව පවසා ඇති බව අපි දනිමු

අසාදාරණය නීතියක් වෙන කළ  විරෝදය  යුතුකමක් නොවී තිබේවිද?



අනික ඉතින් මට හිතෙන්නෙ අර දෙවඟනගෙ වහන්න ඕනි තැන නෙවි වහගෙන ඉන්නෙ. ඇස් වහන්නෙ නති නිසා කොය්යම්ම දෙයක් දැක්කත් කට වහලා තියෙන නිසා ම්.ම්.ම්.ම්.ම් කට පියානම ඉන්නව වගේ.

ඇත්තටම අර කඩුව මොකටද? දන්න කෙනෙක් කියනවද? "යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද? "
අනේ ඉතින් ඒ ඇත්ති යුද්ධෙට යන්නය?
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කිව්වලු

Mar 14, 2016

ලා රෝස පැහැති දුහුල් නයිටිය

ඉර පායලා. මිදුලෙ මල් වලින් හොරකම්  සුවඳ හොරකම් කරගත්තු හීන් හුළඟක් කාමරේ ජනේලෙ අස්සෙන් රිංගලා ඇවිත් මං ළඟ තනි රැක්කා.
ලා රෝස පැහැති දුහුල් නයිටිය ඇඳ  පිට දිගට විදාහල තෙත   කොණ්ඩය විටින්  විට අතගාමින්  සිහින් හඬින් ඇසෙන " දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා " මුමුනමින් මූනු පොතේ "ෆ්ලවර් ශොප්" ප්ලේ කරමින්  සිටියෙමි.


මේක මම බ්ලොග් එකේ පෝස්ට් කළොත් මනොජ් නම් " නදකිං ඕකත් සෙල්ලමක්ද? " අසනු නොඅනුමානය.
හදිසියේම ඇසුණු ගොරහැඩි පිරිමි උගුර පෑදීමකිමකින් කළබල වූ මම ජනේලය දෙස බැලිමි. එය අසල " මුත්තුය" මුත්තු කීවේ මුත්තු ජූනියර්  ටය

නමින් ඔහු සීලන්ය. නමුත් අප්පා වගෙම වෙන්න  ඕනි කියලා අපේ ගෙදරදී කෑ ගසා අඬපු දවසෙ ඉඳන් එයා " මුත්තු" වුනා. මුත්තූ, පුතාට එන්න කියන්න.කිව්වොත් ආමන්ත්‍රණය තාත්තාට එනම් "අප්පාටය"
"මුත්තූ, අප්පට මේක දෙන්න" කිව්වොත් පණිවිඩය අපි කියන්නෙ පොඩි මුත්තුටය.


  පුන්චි කාලෙ අපි එකට සෙල්ලම් කල සන්ඩු කළා ගස් නැග්ග පීනුවා මාලු ඇල්ලුවා ගුටිත් කෑවා. නමුත් මගේ නිදහසට බාදා වුනාට පුන්චි නොරිස්සුමක් මගේ හිතට ආවෙ

පුටුපත්තෙ වනල තිබ්බ හවුස්කෝට් එක ඉක්මනින් ඇදඟෙන කොන්ඩෙ එක දුකුණු උරෙන්  ඉස්සරහට වැටෙන්න  හදාගෙන  ඉක්මනට බොත්තම් දාගත්තා අනිත් පැත්ත හැරිලා.
මම ජනේලේ පැත්තට  හැරිලා "ඇයි මුත්තු?" කියලා ඇහුවේ පුන්චි නොරිස්සුමකුත් හිතේ තියාගෙන . ජනේලෙට පිටුපාලා වත්ත දිහා බලන් ඉන්න තරම් සංවර කමක් මුත්තුට තිබ්බත්  රෑ ඇඳුම පිටින් මාව දැකපු එක ගැන නම් මට ඇතිවුනෙ සියුම් ලැජ්ජවක්. නොරිස්සුමක්.

"කොස් කඩන්න කියලා පණිවිඩ එවල තිබ්බ " කිව්ව මුත්තු   කුස්සිය පැත්තට ගියේ මා දිහා නොබලාම. මම ටක් ගාල මගේ කාමරේට ගිහින් ඇඳුම් මාරු කරගත්තා. පරණැ 'ත්‍රී ක්වාටර්' එකය් පරන අත් දිග කමීසෙය් ඇඳ ගත්තා.ඒක මගේ යුනිෆොර්ම් එක. වත්තෙ වැඩ කරන කොට එහෙම තමා අඳින්නේ

ගෙදර අම්මා නැති සෑම වෙලාවකම ඉස්සරහ සහ කුස්සිය පැත්තෙ දොර වහල තියන්නත් කවුරු ආවත් ඒවා අම්ම නැතිනම් අරින්න තහනම් නීතිය මට මොහොතකට මතක් වුණා.
මල්ලි ක්ලාස් ගිහින් එන්නෙ හවස
නංගි නම් තුන වෙන කොට එයි

අම්මා ගියෙ කිරි අම්මා දානෙ ගෙදරක. මාමල ගෙදරත් යනවා කියලා ගියේ. රෑ වෙය් මගේ හිතේ. ඒත් ඉතින් කොස් කඩන්න??? මම කුස්සියෙ පැත්තෙ දොර ඇරගෙන එළියට ගියා. මුත්තු ඇඳුම් මාරු කරගෙන. බිත්තියෙ ඇනයක එල්ලලා. මේස් දෙක වැලේ වනල

මාව දැක්ක හැටියෙම " තාත්තට සනීප නැහැ බේබි. " කිව්වා. අපි දෙන්නම හිනාවුනේ එකට. ඒ පුන්චි කාලෙ සිද්දියක් මතක් වෙලා . එදා ඉඳන් එයා මට බේබි කියනවට මම විරුද්ද  වුණා. අප්පච්චිට කියල මුත්තුට කියල (ලොකු මුත්තුට ) බැරිම තැන දවසක් මම ගැහුවා අත් දෙක මිටි මොලවලා. මුත්තු මට වඩා අවුරුදු 4ක් වැඩී. "අනේ එපා බේබි" කියලා මගේ අත්දෙකින් අල්ලගත්තේ මට තවත් ගහන්න බැරිවෙන්න. එයා අත් අල්ලගත්තම මගේ; මට තවත් කේන්ති ගිහින්මම උඩ පැනලා එයාට ඔළුවෙන් ගැහුවා. වැදුනෙ කටට. තොල පැලිලා ලේ ගලන කොට තමා ඉවර වුනේ සන්ඩුව. පුරුදු පරිදි අම්මල මැදිහත් වෙලා මට "බේබි" කියන එක තහනම් කළා.

දැන් කට්ටිය කල්පනා කරන්වද මන්දා මම.. ම්.ම්.ම්.ම්.ම්.ම් ඔන්නොහෙ ඕනි එකක් කල්පනා කරන්නැතෑ වෙන වැඩ නැත්තං නේ? ඉතිං ඔන්න කොහොම හරි...

වරකා ගහට මුත්තු නැග්ගේ දිග ලණුවත් අරන්. වරක ගෙඩිය කඩලා ලනුව දිගේ "බෑවා" මම ඒක අල්ලලා ගැටය ලිහල පැත්තකින් තිබ්බා. පැහිච්ච කොස් ගෙඩියකුයි මැල්ලුම් පොලොස් ගෙඩියකුයි බිමට දැම්මා. බැහැලා අනිත් ගහෙන් වැල ගෙඩි දෙකක් කූඩෙන් බෑවා. තේරෙනවනෙ නේද වැල බාන්න ලණුව පාවිච්චි කළොත් ඒක බිමට වැටෙන්නත් ඉඩ තියෙනවා . කොහොමත් අපි වේවැල් කූඩයක් පරන ඒකටම තියන් ඉන්නවා.

"කිරි අම්මා දානේ ටිකක් හම්බුනා කමුද? " කියලා අහන ගමන් මම කුස්සියට ගිහින් නංගිටයි මල්ල්ලිටයි පිඟන් දෙහෙකට බෙදලා අපි දෙන්නට පිඟන් වලට බෙදන් අරන් ගියා. කොස් ගහ ළඟ තියෙන ගල් පොත්තෙ වාඩි වෙලා අපි කිරිබත් කෑව. කැවුම් කිරියා කෙසෙල් මම කවදත් ආස කෑම.

කහට දෙකක් හදං එන්න මං කුස්සියට යන කොට මාත් එක්කම මුත්තුත් ආව. පිඟාන හෝදගෙන  එළියෙන්.
මගේ අතෙන් ඇදලා මාව මේසෙ පැත්තට තල්ලු කරන ගමන් මුත්තු කලබළෙන් වගේ කිව්වා " පාඹු පාඹු ඉක්මනට මෙසේට නැගින්න තංගා" කියලා.එයා තංගා කියන්නෙ එයාගෙ නංගිට. මමත් ඉතින් පුටුවට කකුල   තියලා පැන්න මේසෙට.වට පිට බලනකොට දැක්කෙ ලොකු සරපයෙක්. අඩියට දෙකට කුස්සියට පැන්න  මුත්තු අරන් ඇවිත් තිබ්බෙ මෝල් ගහ. මෝල් ගහේ අනිත් පැත්තේන් උගෙ කොන්ද්ට එකකුයි ඔලුවට එහෙක්යි ගහලා සර්පයාව මැරුව මුත්තු.

ඌව කෝටු දෙහෙකින් තදකරලා අල්ලන් අරන් ගියා වත්තට. 
මම ඉතින් මේසෙන් බැහැල ගිනි පෙට්ටියයි ලාම්පුතෙල් බෝතලයයි ලිප ළඟ තිබ්බ ගෝනියෙන් රෝනියෝ ශීට්ස්සුයි අරන් එළියට අරන් ගියේ සර්පයා පුච්චන්න. බෝතලෙයි ගිනි පෙට්ටියයි කට වහගෙනම  මම මුත්තුට දුන්නා. ලාම්පුතෙල් දාලා ගිනිකූරක්  පත්තු කරලා සර්පයාගෙ ඇඟට දාලා කඩදාසි දැම්ම උඩින් . ඔව්ව් ඉතින් සරපයෙක්  දැක්කොත් මරනවා ඉතින්. වත්තෙ උනත් ගෙදර වුනත්. 'විසඝෝර සර්පයා අත නෑර මෝඩයා " කියනවා. විස බලන්නෙ නැහැ අහු වුන තැන මරනවා. 

"කවුරු හරි එනකම්  මං ඉන්නම්" මුත්තු කිව්වා. මම එපා කිව්වෙත් නැහැ. ඒ ගැන වැඩිය හිතුවෙත්  නැහැ 

ශෙඩ් එකෙන් උදළුත් අරන් අපි  බටු පාත්තිය දිහාවට ගියෙ ඔව්ව් කතා බහක් නැතිව. ටික වෙලාවකින් "කියන්න කාරණාවක් තියෙනව" කියලා මං දිහා බලල මුත්තු කීවා.එයා සරස්වතී එකේ ඉගෙන ගත්තෙ හොඳට සිංහල ලියන්න කතා කරන්නත් පුලුවනි.
" මම කසාද බඳින්න යන්නෙ. පාර්වතීව ඔයත් දන්න කෙනෙක්"
"ආආ හොඳයිනෙ? මොන?"
" ඔයාගේ ඉන්ග්ලිශ් ක්ලාස් එකේ"
" නෑ"
"ඔව් "
" එයා ඩයරබා එකේනෙ? (ඩයරබා  කියන තේ වත්තේ)
"කොහොමද හම්බූනේ" 
" ඉන්ග්ලිශ් ක්ලාස් ඇවිත් තමා"
"අපේ?"
"හ්ම්ම්.... හැමදාම මම උදේටයි ඉන්ටර්වල් එකටයි ක්ලාස් එක ළඟට ආවා.ඒ ආවෙ ඔයා බලන්න"
"ඒ මොකෝ?"
"තේනුකය්යා මට සල්ලි දුන්නා. හැමදාම ක්ලාස් එකට ගිහින් බලන්න. උදේට එක බස්සෙකේ යන්න හවසටත්  එකම බස්සෙකෙ එන්න කියලා"
තත්පර කීපයක් අපි කතා නැතිව හිටියා. තේනුක කියන්නෙ මගෙ මස්සිනා. මහ හිතුවක්කාරයා. තරහ ආවත් ඒ කාත් එක්කද කියලා මට හිතා ගන්න බැරි වුණා
ඉතින් මම සීසන් එකක් අරන් "කම්ප්යුටර් ක්ලාස්" එහෙකට ගියා. ඔයා ක්ලාස් එකට යනකම් පස්සෙන් ගිහින් මගේ ක්ලාස් එකට යනවා. එහේ "ලන්ච් ඉන්ටවල්" එකට  ඔයාගේ ක්ලාස් එකට එනවා.
"හැමදාම?"
" ඔව් ඉතින්..."
පාරුට මෙයා දෙන ලියුම් මාත් කියවලා තියෙනවා. අපි එකතු වෙලා උත්තර ලිව්වෙ කියලා මට එතකොටයි මතක් වුනෙ. ඒක මෙයාට කියන්නෝනද කියලා මම හිතනකොටම....
" කවි ලස්සනයි කියලා මුත්තු කිව්වා.
"වෙඩින් එක ලබන මාසෙ 17.රිවර්සයිඩ් එකේ තියෙන්නෙ. කාඩ් එකක්  ගෙනාවා."
"වෙන කාටද කිව්වෙ? "
"තේනුකය්යට විතරයි. ඔයාටත් තනියෙන් එන්න බැහැනෙ?"
"එනව කිව්වද?"
" ඔව්. එනව නේද?"
"හ්ම්ම්ම් එන්නම්"
" අත්සන් කරන්න"
මම හිනාවුනා. අපි දෙන්නම වැඩිය කතා කරන්නේ නැහැ කවදත්. අපිට වචන ඕනි වුනේ නැහැ.
"අවුරුද්දට ගේ පේන්ට් කරනවද? "
"හ්ම්"
"වත්තෙ ඉන්නවා කට්ටියක් එවන්නම්."
"හා"
එයා එවනවනම් අහන්න දෙයක් නැහැ අපිට කරදරයක් නැතුව වැඩේ කරගන්න පුළුවනි.
දැන් දෙමල අය ඉගෙන ගන්නව රට යනවා කුලී වැඩට වතු වලට යනවා . බදුල්ලෙ ටවුන් එකෙත් කඩවලත් ඉන්නව. පිටරට රස්සාවලටත් යනවා.  එයාල එයාලගෙ වතුකම්කරු ලෝකෙන් එළියට ඇවිත්. අළුත් පරම්පරාවේ වහල් මානසිකත්වය නැහැ. ඒක නම් වචනෙ

මහ හඬින් පස්සෙන් යකා එනවා වගේ ආපු තෙනුකය්යගේ වෑන් එක මිදුල වටේ රවුමක් ගහලා පාර පැත්තට හරවල නැවැත්තුවා. ඒකේ ලොකු අකුරින් ගහල තිබ්බ "සිංහ  ලේ"  මුත්තුත් දකින්න ඇති මයෙ හිතේ....
"යන්න එපා" මං හෙමින්  කෙඳිරුවා.
"හ්ම්"
මුත්තු හෑන්ඩ් 4න්  එකෙන් කෝල් එකක් ගත්තා.
"ලොකු නෝනා, මම මේ මුත්තු කතා කරන්නේ. කොස් කඩන්න කියලා ආවේ. තේනුක  මහත්තයත් ඇවිල්ලා. " ඉක්මනින් කියවගෙන ගියා. ඉතුරු ඒවට " හා නෝන හා! හා! හා! " කිව්වේ.
"ආ මුත්තු කොහොමද?" කියාගෙන  තේනුකය්යා අපි ඉන්න පැත්තට ආවා . මං කල්පනා කලේ මම එෆ්. බී එකෙන් ලොග් අවුට් වුනාද කියලා 









Mar 5, 2016

මොකද කරන්නෙ " ගල් ගහමුද? "

අපි මිනිස්සු. ඒ අතරෙ පිස්සොත් ඉන්නවා. පිස්සො කියන්නෙ කවුද? අනිත් අය නොදකින නොපෙනන දේවල් දිහා තමන්ගේ දෘශ්ඨිකෝණයෙන් බලන අය. අනිත් අයටත් නොපෙනෙනවාම නොවෙයි. එයාලා කට වහන් ඉන්නවා. කලාකාරයෝ කියන්නෙ කවුද?  " ඔබේ ඇසින් ඔබ නුදුටු ඇසින්" ලෝකය දිහා බලන්න පුළුවන් අය?
කාක්කෙක් කෑම ටිකක් දැක්කම " කාක් කාක්" කියලා කෑ ගහනවා ඒක අහල එතනට  එන කාක්කොත් " කාක් කාක් " කියනවා. හැබැයි සන්ඩු කර කර වැඩියෙන් කන්නත් බලනව

දැන් ඔයාල කල්පනා කරව ඇති රතු කට්ට පැනල වගේ කියලා. හ්ම්ම් ඔව් අද පිස්සු පෙත්ත ගන්න බැරි වුනා තමා.
 මූණු පොතෙයි.. බ්ලොග් වලයි මම පෝස්ට් කිහිපයක දැක්ක.පියාට ඒඩ්ස් කියලා පුතාට පාසලක් නැතිවුණු එක ගැන. දැන් නම් ඒ ප්‍රශ්නෙ හරි මම හිතන්නෙ?
හැමෝම එක එක කොණවලින් බලල තිබ්බ..
මට ඒ කිරි සප්පයට  හිතෙන දේවල් වලින් ඇබිත්තක් කියන්න. අලි රන්චුවෙම ඇතින්නන්ට කිරි එරුනට මිනිස් අම්මලට එහෙම මව් කිරි එරෙන්නෙ නැහැනෙ? ඒ ලමයා තවත් ළමයෙක් විදිහට මානව දයාවෙන් බලන්න ඒ අම්මලගෙන් කිරි බිව් පුතාලටත් බැහැනෙ?

"සකල සිරින් පිරි සිරි ලංකාවේ හංසමාලි සොඳ නම් ලබනා
පතල මහා කරුණාවෙන් ලොව වෙත දුකම අකුරු කොට පද බඳනානමින් ප්රියන්තිය වතද සිතද ඇගේ අගේ අගේ දන මන බඳිනාහැබැයි මොකක් හරි වැඩකට එන්නට කියුවොත්නම් ඈ මග හරිනා.. :)"

ඕන් ඉතිං කලණය්යත් මං ගැන මගේ පොස්ටුවක  කමෙන්ට් එකක් විදිහට ලිව කය්යඒ නිසා මම චුට්ටක් මැදහත් සිතින් මේක ලියන්න උත්සහ කළා.නමුත් ලියවිල ඉවර වෙන කොට ඒකත් දුකමද මන්දා
මම ඒ ප්‍රශ්නෙ ළමයාගෙ ඇහෙන්  බලන්න උත්සහ කළා. බලන්නකෝ හොඳද කියලා. ඔව් ඔව් ඔව් අවිදුර දෘශ්ඨිකතවය තමා. වැඩි දුර පෙණුනොත් අනිත් අතට මොනවා ලියාවිද දන්නෙත් නැහැනෙ.


අඬන්නට කඳුළක්
සුසුමකට මොහොතක්
කියන්නට අකුරක්
හිමි නැත්තෙ ඇයි මට විතරක්?

සුදෝ සුදු ඇඳුමක්
ඇඳන් ඉන්නා එකත් සතුටක්
අලුත් පොත් ගොඩකුත්
කියවන්න බැරි ඇයි මට විතරක්?

පිට්ටනියේ පුරාවට
මටත් ආසයි දුවන් යන්නට
අතින් අත අල්ලගෙන
යන්න කෝ අනෙ යාලුවෙක් මට?

රෑ තිස්සෙ  ඉකි ගසන
අම්මගෙ කෙඳිරිය
දෙය්යොවත් නැහැ  අහන් ඉන්නේ
අපිම විතරද පව්ම කෙරුවේ?

තිබහකට වතුර ඩිංගක් 
බත් කන්න හාල් චුට්ටක්
ලියන්නට මටත් පෑනක්
නැතිද "දානය" මටත් උරුමේ?

ඇහෙන නෑහෙන හඬින් දෙස් දෙන
නැන්දලා අනෙ කියනවද මට
අප්පච්චි මගෙ ලොකුම වීරයා
මාත් මැරුණේ නැත්තේ කොහොමද?

" මගේ එකෙක් නම් දන්නවා මං
කරන දේ මම හෙමින් ඕකට"
අනේ නැන්දේ  කීයන්නේ ඇයි
මැරෙන්නද අපිටත් කියන්නේ?

බුදුන් වැඩි මේ සිහල දේශයේ
පෑ දයාවට  ඉඩක් නැතිමය
කර වටක් පන පිටින් වළලා
ගල් ගසා මැරුවත් සැපක්නෙ?




අනිත් දෙමව්පියෝ තමන්ගේ ළමයින්ව පාසලෙන් අයින් කරන ගිහින්. අම්මලා ගැන මම මුකුත්ම කියන්නෙ නැහැ දරු දුක දැනෙන්න අම්මා කෙනෙක් වෙන්නම ඕනි කියනව නෙ? නැහැ අම්ම කෙනෙක් වෙන්න ඕනිළු අම්ම දුක දැනෙන්න. 





මේ රූපෙ නම් ඒ අප්පච්චිගෙ නොවෙයි මං හිතන්නෙ. නමුත් මේකත් මම එකතු කළ උණු වෙන හදවත් ඇත්තන්ට කතා කරන්න

"Sri Lanka is considered to have a very low prevalence of HIV, the virus that causes Aids.
According to UN figures, in 2014 there were 3,200 adults and 100 children living with HIV, fewer than 0.1% of the population.
But there is also concern about poor awareness of the virus and how it spreads, which leads to stigma and discrimination."
එකේ දත්ත වලට අනුව ලංකාවේ ජනගහනයෙන් 0.1%  වඩා අඩුවෙන් තමා 2014 ඒඩ්ස් තිබිල තියෙන්නෙ.
2014 දි හොඳේ
මොන හොඳක්ද? (වැඩිහිටියො 3200 ළමයි  100)
හැක හැක " දැන් ඉතින් හැමෝම නම් කියනවා එහෙම නොවෙයි ඕන්. කාගෙ කාගෙවත් 


ඔන්න ඉතින් අර ගමේ  අය අර දරුවගේ ගේ ඉස්සරහ දාල තියෙන දැන්වීම. ඒඩ්ස් තියෙන කෙනෙක් කිසිම වෙලාවක ඒ ගැන කාටවත් කියයිද? සැකයක් තිබුණත් රෝහලකටවත් යයිද?එහෙම අයට මොන වගෙ සිතුවිලි පහල වෙයිද? කලකිරීම ? පසුතැවිල්ල? ලැජ්ජාව? වයිරය? එයාල මොනවා කරයිද? දැන් සුළුතරය  බහුතරයක් වෙයිද? මුහුද හත් ගව්වක් නෙ තාම නේ?
ගහ දන්න අපිට කොළ කඩාපාන්න එපා නංගී කියයි කියලා මම ඒඩ්ස් කියන්නෙ මොකද්ද කියල නම් කියන්න යන්නෙ නැහැ. මම හිතන්නෙ අපි කවුරුත් දන්න දෙයක් නිසා. කවුරු හරි කමෙන්ට් කළොත් ඒ ගැනත් මේකෙම ලියන්නම්.

අර උඩින් තියෙන රතු පාට  පටියෙ තේරුම විතරක් දැනට කියන්නම් 
වයිරසය ඇති (HIV positive ) අය සහ එයාලත් සමග ජීවත් වෙන අය සමග එකමුතුව (solidarity ) ජීවත් වීම සටහන් කරන ලංඡනයයි ඒ. 

https://www.youtube.com/watch?v=yA5FcdOOAMI

මිලියන කීයක්? ලෝකයෙම? තව? (link)
මිලියන් 39ක් දැනටමත් මිය ගොස් ඇති අතර අවුරුදු පතා මිලියන 1.5 මිලියනයක් අවුරුදු පතා මෙයට ගොදුරු වෙන බව පැවසේ.දැන්ටමත් මෙයට ගොදුරු වූ අය මිලියන 35ක් පමණ සිටින බවත් පැවසේ. ඔව් ඔව් ලෝකෙම තමා :) 

http://www.theglobalfund.org/en/hivaids/

මිලියන 19 ක් තමාට තිබෙන නොදන්නා අතර එය අනුපාතයක් ලෙසට 2: 1 කි.   (link) 
"However, there is one number that is even more startling. Out of 37 million people estimated to be living with HIV, 19 million do not know their status. In other words, one out of every two people living with HIV does not know that they are HIV-positive – and therefore does not access treatment and care. "


ඉතිං මේක අපේ හිත් වලට දැණුනු එකම එක සිද්ධියක් නොවේ, 2014 දි 3200ක් වාර්ථා ගත අය පමණක් හිටියා නම් ..ම්.ම්.ම්.ම් අද ඒක කොච්චර වැඩිවෙලා ඇතිද?
ඒත් එක්කම සමාජ ගත් වන ප්‍රශ්න වලට මොකද කරන්නේ?
 ඔයාලගේ දරුවෙක්ගෙ පන්තියෙත් ලෙඩ තිබෙනවා යැයි සැක කරන දරුවෙකු හිටියොත් මොකද කරන්නෙ?
***සහජීවනයෙන් ජීවත් වෙන්න අපිට මොනවද කරන්න පුළුවන්????????

Mar 2, 2016

සිල්වය්යගේ දුව ඇක්සිඩන්ට් වෙලාලූ



Praසන්ணாයියාගේ මුහුණත් තහඩුව අහම්බෙන් එකතු  වෙලා පෝස්ටුවට කමෙන්ටි 100 පැන්නුවෙ මගෙ පළවෙනි සැරේට. 
එතකොටම හිතාගත්තැකිනෙ මගෙ"නිර්මාණ කෞශල්‍ය" ? ඒ හන්දා අර පැස්බරා අර වැලි අස්සෙ මූන හන්ගනව වගේ මාත් ටිකක් හැන්ගිලා හිටියා.මොකද පස්සෙනෙ මතක් වුනේ මූන හන්ග ගත්තට පශ්චත් භාගය එළියෙ කියලා

අද මං කියන්න යන්නෙ අගනුවර කන්තෝරුවක සිද්ධ වුනා කියන අබැද්දියක් ගැන.හැබැයි ඉතින්නේක ඔබ තමුන්නාසෙලා දන්න පොරසිද්ධ කතාවක්. (මට රකාරාංශය ටයිප් කරන්න බැහැ හොඳේ.)

ම්.ම්.ම්. මේක විහිළු කතාවක්.ඉතිං  දැන්මම " හැක හැක' ගාන්නෙ නැතුන් ඉන්න ඕනි,

සකළ සිරින් පිරි සිරි ලංකාවේ කොළඹ පළාතේ අති .................සොබනා
පතල අයෙක් විය ගැහැනු සොඬෙක් ලෙස කන්තෝරුවෙ  හැම දෙන දන්නා
කොමළ කරන්නට හරි හපනෙකි මොහු දකින දකින සමඟින් ..........අඟනා
අනඟ  කතාවට යන එන මග තොට  විටකදි අඟනෝ  පෙමෙ        බැඳුනා

දුටුවිට අඟනක් විමසයි වතගොත දැවටේ නිතරම බඹර.......... වගේ
කුල ගොත කුමටද දඟලයි මෙහෙයට දකිනා අයහට නොමැත අගේ
පොපියන සිතුවිලි පවසයි ඇය හට පිළිකුළ පමණක් හිතට නැගේ
කුමටද මෙසසර නතුනම් හදවත මිනිසත් බව කුමකටද ...... සගේ



අනුනගෙ වැරදිම කීමෙ
දිය යට ගිනි ගෙන දීමෙ
දුකකදි මග හැර යෑමෙ
තුට ලැබුවා

දුටු තැන් හොඳ හිත පෑම
නැති තැන වැරදිම කීම
වැඩකදි මගහැර යෑම
නැත සොබනා

දිනක්දි හදිසියේ ඕම
පණිවිඩ ලැබුණිය මේම
" දියණිය අනතුරුවීම"
තැති ගැණුනා

කළබල වුණි මේ උගතා
දොර ඇරගෙන මේ සමතා
පැන්නා හනිකට මහතා
දුක හිතිලා

දොර නොව ජනෙලය ඇරලා
හනිකට ඉවතට පැනලා
ජරමරයකි දැන් වීලා
හරි පුදුමේ

කළබල බොරුවට වීම
හදිසියෙ වැඩක යෙදීම
විසිවෙනි මහළෙහි වීම
අමතක වී

ඉතිං විසිවෙනි තට්ටුවේ ඉඳං පහලට වැටෙන මේ උපාසක මහත්තයට මෙන්න මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා.

කීවට මොකද හරි අරුමේ සිදුවන්නේ
නෑමට දිවිය අද කරුමෙකි පලදෙන්නේ
ඇත්තට මිතුර මෙහි අරුතම පවසන්නේ
සත්තට දුවක මට නැති බව සිහිවෙන්නේ

අපොයි දෙය්යනේ මට දුවක් නැහැනෙ

දියණියක මට නොමැත කිමද මට සිදුවුනේ
දරුවෙකිය කෝ කෙළෙස නෑ නොවෙද දෙවියනේ
ටික දුරකි මේ විලස බිමට ඔහු පැමිණුනේ
"කසාදයවත් තවම වී නොමැත මහතුනේ"

අනේ ඉතින් තවම කසාදවත් නොබැඳපු මේ සිල්වය්යා තව ටිකක් පහලට වැටෙන කොට මෙන්න මෙහම හිතනවා.
අය්යෝ අය්යෝ මගේ නමත් "සිල්වා" නෙමෙයි නෙ?

"කෙළෙසක පවසමිද මට වූ වැරදීම
මගෙ නමද එය නොවේ කෝ අනේ සැනසීම
සිහි එළඹ සිටිය යුතුය තෙරුවණද නැමදීම
දෙය්යනේ නොමැත මට මෙයින් නම් ගැලවීම

අනේ අපොයි වැටුනා නේද මේ ඇත්ත බිමටම. අහන්න දෙයක් තියේය. කපෝති තමා අලියට පෑගුනාම -- ගියාද අහනවනේ?


නිසසල දේහය බිමට හොත් හැටි දැක සුසුමක් හිතයට පහල     වුණා
සුදනකු වන්නේ නැතිනම් දිවියෙද් මිනිසත් බව හිමි නොමැති මෙනා
යන එන අයවළු පවසති වගතුග විඅසති නොදන්න නොයෙක දනා
මියගිය පසුවද කලදේ පැවසෙයි දෙතොලග නිතරම නැගෙන සිනා

ප: ලි: හිනාගියේ නැතිනම් ඉතින් සොරි.කොම් තමා හොඳේ