Feb 3, 2017

අඩෝ මේ @#$ ගේ පුතා !!

අඩෝ මේ @#$ ගේ පුතා !!  $% වැඩ කරන්න එපා හරිද? මං තෝව #$%# හරිද? 18 + කතා ටිකක් ඇහුනා. හරි ස්ද්දෙන්. මං මගේ ලස්සන හීන ලෝකෙන් දඩ බඩාස්    ගා එලියට පැන්නා,
හරි හරි මං හැදිච්ච @#$ ගෙ පුතෙක් වගෙ කියන්නම්කෝ.
සද්දෙ ඇති දිහාවට මං ඉගිල්ලුනෙ මටත් නොදැනීම. හරි හරි කළනය්යා අහඉ දැන් මං ඉගිලෙන්න පටන් ගත්තෙ කවද්ද කියලා. හතර ගාතෙන් ගියා කිවොත් " ගල් බලකාය " පෙරට එයි. කෝකටත් මන් දිව්ව කියන්නම්කෝ.
යන ගමන් පස්ස හැරිලා බැලුවෙ ගෙදර ඇත්ති එලියට ආවොත් ගිහිල්ල හමාරයි කියලා.
හරි හරි දන්නෝ දනිති නෙ ගෙදර ඇත්තියන්ගේ හැටි සොබාව..කංකරච්චලෙ අඳෝනාවා නැතිනම් බර බරේ පටන් ගත්තම චුට්ටක් වෙන්න සර් රෙන්ඩර් වෙන්න ඕනැනේ.
කෝකටත් මං පය ඉක්මන් කොරලා එතනට ගියා. මෙන්න බොලෙ  බුවා ල දෙන්නෙක් සංස්කෘතෙන්ම වැඩ. වට වෙල එක 25 ක් විතර අනිමිසලෝචනේ
මයෙ අප්පෝ ඇත්තමයි . නොමිලේම ටෙලෙවිසොන් ඩ්‍රාමා එකක්.
චුට්ටක් ඇහුන් කන් දුන්නා . මොකද්ද දන්නවද වෙලා තියෙන්නෙ.
 " මෙහා ගෙදර එකා වැට පැනලා"
ආයත් අහනවා තේරෙන්නැද්ද මන්දා. වැට පැන්නම  නැත්නං කඩුල්ල පැන්නම කොරටුව තමා.

ඒකා වැට පැනලත් ඉවරනං ආය මොන මගුලට හගිස්සනවද මන්දා.
මං වට පිට බැලුවා ඊලඟට මොනවා කරන්නද? කියලා. ගෙදර ගියොත් ආය එනව සුම්මා.

අම්මට &^ මෙන්න බොලේ එලකිරි කෑල්ලක්. මට උන් හිටි තැන් අමතක වුණා.
ගමන!!!!! මට ඉතින් විස්ල් පාරක් දෙන්න නොහිතුනාම නෙවි.
කෝකටත් ෆොලො කරල බලනවා.
යන්නේ නම් ස්ටෑන්ඩ් එක පැත්තට. නැවතුනා. හෙමින් කිට්ටු කරලා බලන්නෝන.

" ක්‍රාස්!!!! තව ඩින්ගෙන්  වාහනයකට අඩයක් තමා."
" මොකද @#$ ගේ පුතෝ පාර බලන් යන්න බැරිද? වාහනේ හිටපු එකා බිරුවෙ "
අරකිට පෙනෙන්න නෝන්ඩි වෙන්නත් බැහැනෙ මං කට වහන් ස්ටෑන්ඩ් එක දිහාවට ගියා.
දැම්මෙ නැත්ද මේකි ප්‍රේමාන්විත බැලමක්. මං ෆුල් හොල්මන්. ම්ං සත්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් පපුව ඉදිරියට දමා ගමනත් චුට්ටක් වෙනස් කරගෙන ගියේ අර මොකද්ද අභිමානෙන්.
නොදකින් නොදෝමකින්. ඒකි හිනාවෙල තියෙන්නෙ මගේ පිටිපස්සෙන් ආපු එකාට නේ. අර යන්නෙ ඇඟේ වැදි වැදි.
කොහොමත් ඉතින් අනුන්ගෙ එවා මොකටද? මූදේ ඉන්නෙ එක මාලුවය?කොහොමත් $% වැඩ කරන්න බැහැනෙ?
බැරිම නෙවි ඉතිං
කවුරු කොහොම කෙසේ කිව්වත් මගෙ  ලඟ ඔය  $% වැඩ නැහනෙ?අම්මපා
ආය මගෙ " රෝඩ් මාස්ටර් ' වැඩේ පටන් ගත්තා.. ඔව් ඔව් ඇවිදින්න පටන් ගත්තා.
පය දාච්ච බල්ලා වගෙ පාර පුරා ඔහේ ඇවිදින්න එපා කියලා මට ගෙදර ඇත්ති කියනවා. ඒකෙ ආතල් එක දන්නෙ අපි නෙව?

ඔන්න ගෙයකින් මට සින්දුවක් ඇහුණා
සින්දු ඇනෝ විස්තරේ කියය මං හිතන්නේ. ම්.ම්.ම්.ම්. මෙන්න  ඒ සින්දුව.

බල්ල පිදුරු කන්නෙත් නැහැ
මස් මංශ කවලා

අම්මපා මුන්ට කියන්න වෙන සින්දු ඇත්තේම නැතිද? බල්ලෝ ගැන ඇරෙන්න? මොනවා හරි ලියන්නත් එපාය?
උණ පුරුකෙ  දැම්මත් නැහැ ඇදේ ඇරෙන්නෙ කියලා කියනවා නෙ බල්ලගෙ වළිගේ. කවුද හැබෑට ඔය වගේ ඔළ මොට්ටල වැඩක් කරන්න ඇත්තේ.ඇත්තද මන්දා
අම්මෝ දැන්නම් මට බඩගිනියි යකෙක් කැන්න. මේ දවස් වල යක්කුත් නැහැනෙ බෙහෙතකටවත්. යක්ෂ වෙසින් ඉන්න මිනිස්සු මිසක්. කොහොමත් කලට වේලාවට ගෙදර නොගියොත් බඩගින්නෙ තමා
කෝකටත් මම පය ඉක්මන් කරල ගෙදරට සෙන්දු වුණා.
මං ඉවරයි. ගෙදර ඇත්ති දොරකඩ. දුම්මල වරම අතට අරගෙනම.
ඔය එන්නෙ දඩාවතේ ගිහින් කන වෙලාවට හරියට.
මං නගුට පස්සත් බාගේ හංගං කූඩුවට  රිංගුව.
ප: ලි:
හැම නොහොබිනා මිනිස් වැඩ්කදීම බලු වැඩක් හෝ බැල්ලිගේ පුතා කීම ගැන තරයේ විරුද්ධතාවය ප්‍රකාෂ කරමි.
මීට බලු සංගමයේ සභාපති


 

25 comments:

  1. මරු කතාව. අන්තිමේටම කොස් කොල හොයාගෙන කයි කියලයි හිතුණේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේයීය දුමිය්යා කොස් කොළ කන එකා ටිකාඅක් මෙව්ව වෙන වැඩක් නෙ? ස්තූතියි ඇවිත් කොමෙන්ටුවකින් හිත මෙව්ව කළාට.

      Delete
  2. කවදැයි ඔහේ බලු සංගමේ සබහපති උනේ?

    ReplyDelete
    Replies
    1. ඔන්න මන් නරක ගෑනි කියන්න එපා පුටුවට තරඟ කරලා හිටන්

      Delete
  3. කවදද බෝ ඉගිල්ලෙන්න පටං ගත්තේ? හැක් ඉගිල්ලුනාට කමක් නෑ තනි තටුවෙං පියාඹන්න තාම ලයිශන් නෑ කියල දන්නවනේ..

    දඩාවතේ යන බලු සංගමේ සබාපති කම ලැබීම ගැන මගේ හදපිරි මෙව්වා එක!

    ReplyDelete
    Replies
    1. ගෑණු ලමයෙක්ට දඩාවතේ යනව කියන්න හොඳද මං අහන්නෙ

      Delete
    2. ඔයාගේ අත හිත අපි වැනි ආධුණිකයන්ට එවර් රෙඩී කියල දන්නවා කළනය්යේ

      Delete
    3. එතන කොහෙද අය්යෙ ගෑණු ළමයෙක්? තනිකරම බලු සිතුවිලි බල්ලෙක්ගෙ ස්තූතියි හොඳෙ ආයම එන්න

      Delete
  4. @#$ ගේ පුතා !! $% වැඩ

    ගරු සබාපති තුමියනි..
    උක්ත වදන් ලිහිල් බසින් පවසන්නේ නම් මැනවි..

    මං මේ ඉගිලෙන ගමන්..

    මීට බලු කුක්කා

    ReplyDelete
    Replies
    1. කවුරු හරි අහනම් හිටියේ කුක්කෝ
      බැල්ලිගෙ පුතා (@#$ ) හා බලු !! $% වැඩ

      Delete
  5. දැන් ඔය සංගමේ ලේඛම් කව්ද?

    ReplyDelete
    Replies
    1. ලේඛම් තනතුර තාම වේකන්ට් ( අම්බලන්ගොඩ් කතා)

      Delete
    2. හැක හැක කල්‍යාන මිත්‍ර කියය හොඳ වයින් කතාවක් දැක්කම මේක
      @C.J

      Delete
  6. අම්මප සිත්තරාවිටත් හිතෙන ඒවා :P

    ReplyDelete
  7. Replies
    1. බල්ලෙකුගේ සිතුවිලි කොච්චි මිරිස්

      Delete
  8. කලට වේලාවට කූඩුවට රිංග නොගත්තොත් කොයි බල්ලත් බඩගින්නේ තමයි...

    ReplyDelete
  9. ඒකනෙ මං හූනා කිව්ව වගේ කිව්වෙ

    ReplyDelete
  10. බලු වැඩ කරන්න එපා ..
    මට මේක මග ඇරුනේ කොහමද
    බල්ලොන්ට බ්‍රා මහ්න්වානම් මට කියන්න

    ReplyDelete
  11. Mau Dapatkan Uang Dengan Mudah...
    Yuk join bersama Rajabandarq, Situs Bandarq, DominoQQ, Poker Online terbaik di asia dengan 9 game yang paling seru...

    Buruan Daftar Disini >>> Daftar Rajabandarq
    Klik Disini : Situs BandarQ
    Klik Disini : Poker Online

    Baca juga :

    - Blogger : 24berita harian
    - Blogger : Kisahselebindo
    - Blogger : myrenew22
    - Blogger : Panduan Bermain Game Judi Online
    - Blogger : Seputar Dunia
    - Wordpress: Cerita 69

    ReplyDelete