~~~දුක නොකියවෙන දුක් කවක්~~~
1/
පුන් සඳ හොරෙන් තුරු වදුලෙන් එබිකම් කර....... බලනවා
සත්සර හඬයි තව තනියෙන් පෙම ගැන කවි........ ලියනවා
පන්හිඳ ඉතින් මට පෙර මෙන් තනියට මගෙ.......... හිඳිනවා
මන් පෙර වගෙම හිත ඇතුලෙන් හොයමින් ඔබ.......හඬනවා
2/
වැස්සක නිමිති දෝ ඈතින් හෙමි හෙමිහිට ............ අදෙන්නේ
දෙස් දෙන විලස තුරු එකි'නෙක හරි තරහෙනි .......හැපෙන්නේ
තිස්සෙම හඬන බකමූනෙකි මේ මැසිවිලි .............. කියන්නේ
පස්සෙම එන්න බැරි හන්දයි මම තනියම ................ හඬන්නේ
3/
තුන්තිස් පැයේ සිහිවී ඔබ උණු කඳුළැලි............. සැලෙනවා
ලස්සන හීනෙ වියැකී හද රිදෙ තනියම................. විඳිනවා
සන්තොස නැසී සසලයි හද මියැදෙන්නම ......... හිතෙනවා
තත්පර නොවේ සුහදේ මගෙ මුළු දිවියම .........නැසෙනවා
No comments:
Post a Comment