"මාර්තු මාසෙත් ආවා.... මේ පාර අවුරුද්දට මොකද කරන්නේ?"නංගි පටන් ගත්තා...
"මේ පාර අපි මාමලා ගෙදර යමුද?" මල්ලි කැමතියී එහේදි ලැබෙන නිදහසට.. මෙහේ ඉතින් අපි 'එපා තාප්ප' වලින් වට වෙලානෙ ඉන්නෙ.. මගෙ හිත හෙමින් කිව්වා..
" අප්පෝ බැහැ... නැතිනම් අපි කොළොඹ යමු" ගෙවල් ගානේ යන්න අපිටත් ගෙයක් තියෙනව නේ? කියන්න මට හිතුනත් කටවහගත්තේ ඒවට උත්තර ලැබුණම මට කටවහගන්න බැරි නිසා... ඔන්න එයාලම කියාපුදෙන්..
අම්මත් නැහැ සද්දයක්.... මම හෙමින් අම්ම දිහා බැලුවා... එයා ජනේලයෙන් එහා බලන් ඉන්නවා. අප්පච්චි මතක් වෙන්න ඇති....ඒ කාළේ අවුරුදු .... හ්ම්ම්ම්ම්ම් මගේ හිත කෙඳිරුවා..
"මේ සැරේ දොදොල් හදමුද? දොදොල් කාපු කාළයක් මතක නැහැ" නංගී කිව්වේ
එයානම් කියයි හදන්න වෙන්න මටනේ! මට හිතුනා..
"අපෝ දොදොල් වලට මහන්සි වෙන්න ඕනිනේ හරියට" මම කිව්වා...
"අය්යෝ අවුරුද්දට එක පාරනේ? මේ සැරේ හදමුකෝ ප්ලීඊඊඊඊස්" එයාගෙ 64 එකක් දැම්මා...
"තමුසේ ඉතින් පොල් ගෙඩියක් වත් ගාලා දෙයි ද නැහැනේ" මල්ලි කට දැම්මේ
"මේ ඔයා එන්න එපා මගෙ ඒවට කට දාන්න,, ඔන්න" නංගි උස් හඬින් කියද්දී මම ඇමරිකාව වගේ මැදට පැන්නා... "හරි හරි වෙන මොනවද? "
"කොකිස්"
"කැවුම්"
"සිල්ලර"
"කේක්"
මොන්ටිසෝරි එකකින් දන්න කෑම ජාති කියන්න කීවා වගේ කියන් යන්න පටන් ගත්තා...
හ්ම්ම්ම්ම් සති කීයක එෆ්. බී යන්න බැරි වෙයිද දන්නෙ නැහැ... මහජනතාව ඉල්ලිම් ඉදිරිපත් කරයි.. ජනාධිපතිනය ඒවා දෙන්න පොරොන්දු වෙයි... වැඩකරන ජනතාවට දෙය්යන්ගෙම පිහිටයි... මම හිතුවා..
" මේ, මේ පාර මම මට ඕනි එක ගන්නේ හොඳද? මට දැන'සික්ස්ටීන් ප්ලස්' හරිද නංගි පටන් ගත්තේ..
"ආ ආ ඒ කවදා ඉඳලද?පොල් ගෙඩියක් ගාලා දෙන්න බැහැ.. ඒවට විතරක් සික්ස්ටීන් ප්ලස්"... මල්ලි විරුධත්වය ප්‍රකාශ කළේ නනගිට නියවන ගමන්
"මේක හරි අසාධාරණ ලෝකයක් අප්පා. අපි ගෙදර ඉන්න කොටත් වැඩ කරන්න ඕනි.. මැරි කරලත් වැඩ කරන්න ඕනි"
"සොරි ඩොට් කොම් තමා.. ඒකට අපි වගේ පිරිමි වෙලා ඉපදෙන්න තිබුණනේ! අනික ඉතින් ඔයා මොනවද කරනව වැඩ? නේද අක්කි!!? මල්ලි හිනාවීගෙන මම දිහා බලන්නේ මාත් සහයෝගයට ගන්න... මම අහුවෙයි ඕවට..
"ගෙදර වැඩ කරන්නේ අක්කිනෙ?" මල්ලි ආයම පටන් ගත්ත...
"ඉතින් එයා මැරි කරන්න ළඟයි නෙ?" නංගිත් අතාරින්නෙ නැහැ.. දෙන්නටම අවුරුද්ද අමතකයි.
" ඇයි තමුසේ මැරි කරන්නේ නැතිද? ඔව් ඉතින් ඇස් දෙකක් තියෙන එකෙක් කැමති කර ගන්න නම් වෙන්නේ නැහැ.. හැටි විතරක්. අනික ඉතින් උයන්නත් බැරිනම්...." මල්ලිට ඉවර කරන්න ලැබුණේ නැහැ..
"ඊ ඊ ඊ බලන්නකෝ අම්මි මේ මල්ලී.. මට කරදර කරනවා.." එයා තොඳොල් වෙවී කීවා.. මම ඇස් විතරක් හරවලා අම්ම දිහා බැලුවා..එයා එයාගෙම ලෝකෙක...
නංගි ආය යුද්ධ ප්‍රකාශ කළා...
"මම උයන්න පුළුවන් කෙනෙක් කසාද බඳිනවා.."
" පුහ් උයයි එහෙනම් මේ න් කියලා" මල්ලි කිව්වා
"මට ඉතින් එල්ලුම් ගස් යන්න තමා වෙන්නෙ තමුසේ බැන්දොත්"
"ඒ මොකෝ?" නංගි ඇහුවා..
"ඇයි ඉතින් කසාද බැඳලා සතියක් යන්න කළින් ඒකා ඔයාගෙ දත් ටික ගලවනව නේ?.. මට වෙනවනෙ ඌව මරන්න ... එතකොට මාත් ගස් ඌත් ඉවරයි"
"මොකද්ද පුතා මේ කතා කරන වචන.. ඌ/ මූ/තමුසෙ මම කියලා තියෙනවා රස්තියාදුකාරයෝ වගේ කතා කරන්න එපා කියලා" අම්මා සිහිනයෙන් අවදි වෙලා කිව්වා...
"මොකද්ද මේ කසාදා බඳින කතාව? " මම හිතුව හරි අම්මා අහගෙන ඉඳලා නැහැ// ඔහේ ඇහුණු දේවල් වලින් ප්‍රෂ්න අහනවා...
" මේ සැරේ අවුරුද්දට ගේ පේන්ට් කරනවද අම්මේ" මම ඇහුවා...
' හ්ම්ම් බළමු' = අම්ම තාම තීරණයක් අරන් නැහැ අම්ම ඒ ගැන හිතනවා..
"ඔන්න පේන්ට් කළාට කමක් නැහැ.. මට නම් බැහැ ගේ අස් කරන්න" නංගි පටන්ගත්තා කන්කෙඳිරිය......
කවියක් දෙකක් ලියලා පෝස්ට් කරන්න ඕනි එෆ් බී එකේ...
"අපි ඩී.වී.ඩී 10 ක් විතර අරන් එමු ෆිල්ම්ස් ටිකක් බලන්න පුළුවනිනෙ අවුරුදු කාලේ?" මල්ලි කිව්වා
අවුරුද්දෙ තේරුම මොකද්ද? ගේ ලස්සන කරලා.. රස කෑම හදලා/ බෙදලා කාලා/ නෑගම් යන එකද? එදා අපිට තිබුණු අවුරුදු කෝ? ඔන්චිලි/ රබන්/ පන්චි/ළින්ද එක්ක ගනු දෙනු ? අපි ගමේද? නගරයෙද? ගමේ අවුරුදු උත්සවයට/ ටී වී එකේ අවුරුදු උත්සවයට සහභාගි වෙන එකද අවුරුදු උත්සවය? අප්පච්චි නැතිව අපි වෙනස් වෙලාද? ගම වෙනස්වෙලාද?

කලබල නැතිව හිමිහිට ලියන්න, පොඩි කලබල ගතියක් දැනුන.
ReplyDeleteඅවුරුදු දවසට නැකත් වෙලාව මතක් කරන්න, කෑම මේසෙ පහණ පත්තු කරන්ඩ තාත්ත නැති අඩුව දැනෙනව තමයි.
අනික් දේවල් නම් ගෙදර අය වෙනස් කරගත්ත දේවල් තමයි. පරණ විදිහටම අවුරුද්ද විදින්න උත්සාහ නොකරන එකයි දැන් වෙන්නෙ.
මම දැන් දැක්කෙ බ්ලොග් එකක් හදපු විත්තියක්. කමිගේ පෝස්ට් එකේ මගේ කමෙන්ට් එකේ අන්තිම රිප්ලයි එක දැකල. ගොඩක් සතුටුයි බ්ලොග් එකක් හදල වැඩ පටන් ගත්ත එකට. මම පෝස්ට් ටික හෙමිට කියවන්නම්.
ReplyDeleteම්ම් බ්ලොග් එකේ ගැජට්ස් නම් අඩුයි කියල පේනව. ඒවත් ඇඩ් කරගන්න. ඊළඟට ඔයාගෙ බ්ලොග් එක ඔය තියෙන සින්ඩි ටිකකටත් ඇඩ් කරන්න. එතකොට බ්ලොග් ලෝකෙ ගොඩක් දෙනෙක් ඔයා ගැන දැනගනීවි. කමිගෙන් අහගන්න දන්නෙ නැති දේවල් :D. දිගටම හොඳට ලියන්න. හද පිරි සුභ පැතුම් :).
ජය වේවා!!!
මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල බ්ලොග් එකේ වැඩ කරන හැටි ඉගෙන ගන්න.
Deletehttp://helplogger.blogspot.com/
ස්තුතියි + සින්ඩි ටිහිකට ඇඩ් කරන්නෙ කොහොමද?
ReplyDeletehttp://www.blogger.com/profile/04782146811771284415
හා අදහස් අගය කරනව හුඟක්ම
ReplyDelete(කම්මලට )
හා අදහස් අගය කරනව හුඟක්ම
ReplyDelete(කම්මලට )
අම්මෝ ගෑණු ළමයෝ.....උඹට අපි ගැන දුක හිතෙන්නෙම නැද්ද?මේ විදහට එක දවසට මෙච්චර ගොඩක් පෝස්ට් කලහම අපි කියවන්නේ කොහොමැයි?අනික මේ වැඩෙන් වැඩිම අසාධාරනයක් වෙන්නේ ඔයාටමයි.අපේ පෝස්ට් එක තව අය කියවනවා කියලා දන්නකොට අපිට දැනෙන්නේ සතුටක්.උඹලට ඕනෙනම් කියවපල්ලා නැත්තන් නිකන් හිටපල්ලා කියලා ලියපු අයත් හිටියා.ඒත් ඒකට පැවත්මක් නෑ.එහෙම කරන්න ඕනෙනම් අපි බ්ලොග් නොලියා පොතක මේ කවි ලියනවනේ.මෙහෙම කලබලේට දැම්මහම කමෙන්ට් කරන්න තියා කියවන්නවත් වෙලාවක් නැතිවෙනවනේ.අනික මේ කමෙන්ට් වලින් ලැබෙන්නේ නිර්මාණයේ ගුණ දොස් විතරක්ම නෙමෙයි.මේ කමෙන්ට් හරහා ඇතිවන මිත්‍රත්වය,බැඳීමත් ගොඩක් වටිනවා.ඒ නිසා ඒ හැම දේකටම ඉඩ තියාගන පස්ස ගිනිගත්ත කඩියා වගේ කලබල නොවී සතියට 2-3ක් විතර පෝස්ට් කරමු.
ReplyDeleteබ්ලොග් එක පුරාම කරක් ගැහුවා."රහසේම දැන් යන්න ගිහින්".නින්ද සොරාගන"පෝස්ට් දෙකට තමා වැඩියෙන්ම හිතගියේ.මොනවා උනත් අපූරුයි නිර්මාණ ටික.දිගටම ලියමු නවත්තන්නේ නැතුව.කොහොමත් නවත්තන්න හේතුවක් ඇතිවෙන එකකුත් නෑ "ගුරා" හොඳනිසා.ඒකා නවත්තන්න දෙන එකකුත් නෑ.
ජය වේවා......