වාහනය එන සද්දේ මට ඇහුනා. මම හෙමින් ඒ ඇස්දෙක දිහා බැලුවා..
"ඌ ඉක්මනටම ආවනේ?" කියල මගෙන් ඇහුවා.
යසිත් එනකම් අපි නිහඬව හිටියා..
"ඔන්න හරි වැඩේ.. "
එයගෙ කැරට් 22කේ හිනාව මට දාලා.. ඉස්සරවෙලා වාඩි උනු තැනින්ම වාඩි උනා.
දෙන්න අතින් පයින් කතාව.
මම හිනාවෙවී බැලුව එයාල දිහා.
"ඇණ සංස්ථාවක් බං උඹ නම්..." යසිරු කිව්වා
" පස්සේ බැරියැ. ගෙදර යන්නේ නැත්ද?" මා දිහා බලන ගමන් යාලුවගෙන් ඇහුවේ..
අපි කියන ඒවා අහන් හිටිය වගේ අම්මයි කපු ඇන්ටියි සාලෙට ආවා.
"එහෙනම් කෑම ටිකක් කමු.. එන්න ලොකු දූ ඔයත්' අම්ම කිව්ව..
අපි පස් දෙනා කෑම කාමරයට යන කොට තමා මට මතක් උනේ
"ආ කෑම මේසෙන් තිබ්බෙ කවුද කියලා".. වෙනදට මමනේ කරන්නේ.."
මට සද්දයක් වත් ඇහුනේ නැති හැටි.ඒත් ඉතින් මම නැගිටල යන්නද? නැහැනේ..
මේසෙ පිළිවලට හදලා..
නංගියි මල්ලියි හිනාවීගෙන ඉන්නවා.
හැබැයි බලං හිටියෙ අර දෙන්න දිහා..
නංගි පුරුදු විදිහට පන්සිය පන්ස් ජාතකයම එයගෙ ඇස් වලින් කියන්න හැදුව මට..
මම ලාවට හිනා වෙන ගමන් මල්ලි දිහා බැලුවා. ඒ ඇස් රතු වෙලා..
මට හිනාව පනින්න ගියා
" අපේ අක්කි දිහා බැලුවොත් නෙලනවා මං තොට වගේ බලන් හිටියෙ...."
කොහොම කොහොම හරි මම වාඩි වුනේ යසිරු ළඟ..
ම්.ම්.ම්.ම්.ම් පුන්චි චකිතයක් මගෙ හිතේ මෝදු උනත් බය නැහැ වගේ හිටිය ඉතින් මාත්..
අම්ම නැගිටල හිටියෙ.. එයා යසිත්ට බත් බෙදන්න පටන් ගත්තා
...
යසිරු අනිත් හැන්ද අරන් ෆ්‍රයිඩ් රයිස් ටිකක් හැන්දට අරන් බෙදන්නද ඇහුවා..
සත්තයි කියන්නෙ මගේ කටත් ඇරුනා
ඇහි බැමුත් උඩ ගියා.
උත්තරයක් දෙන්න මට අමතක වුනාද මන්ද..
නංගි මල්ලියි දිහා නම් මට බලන්නත් බැරි උනා.
.
එයා මගේ පිඟානට බත් හැඳි දෙකහමාරක් බෙදුවා..ඇතිද ඇහුවෙත් නැහැ..
සලාදෙ නම් හැඩ කරල තියෙන්නේ නංගි ... මට හිතුනා
ඉවසීමෙන් ජීවිත කාළෙම අනුන්ට බත් බෙදලා තියෙනව වගෙ අද හම්බ වෙලා බත් බෙදන හැටි ... මට හිතුනා
හොඳ වෙලාවට එයාගෙ අම්මලා ආවෙ
නැත්තෙ මට හිතුනෙ එහෙම
..
මම පිරිමියෙක්ගෙ ඉස්සර වෙලාම බලන්නෙ ඇස් දෙක දිහා..
අතේ ඇඟිළිත් දිහාත් බලනව
"හ්ම්ම් හීන් දිග ඇඟිළි:" මගෙ හිත මට කිව්වා.
හැමෝම කෑම කද්දි මොන මොනව හරි කිව්වා (මම හැරෙන්න)
ඒ හැමෝම කතා කරන සැරේට මම ඒ දිහාවට ඔලුව හරවලා එයාලගෙ පිඟානෙන් ඉහලට ඇස් දෙක ගත්තේ නැහැ.කාගෙවත් මූන නම් බලන්න බැහැ හිතුනද මන්දා බැලුවෙ නම් නැහැ..
යසිරුගේ දිග ඇඟිලි දික් කරලා පපඩම් කෑලි තුනක් ගන්නවා මම බලන් හිටියා.. ඒව ගෙනාවෙ මගේ පිඟානට..
පුංචි ලැජ්ජාවක් මගේ හිතට ආවෙ..
තැන්ක් යූ නම් කිව්වේ නැහැ.
මතක ඇති කාලෙක මට කවුරුත් බෙදලා දීලා නැහැ.. ආය දවසක් ආවොත් උයයිද දන්නෙත් නැහැ කියලය් මට හිතුනෙ..
"ටිකක් ගානට නම් වැඩි තමා".. කියල මට හිතුනා..
අපි කාල ඉවර වුනාම මල්ලි නගිටල ගිහින් අයිස් ක්‍රීම් එක ගෙනාවා.. වචනයක් කියන්නෙ නැතිව..
9 වෙනි ලෝක මහ පුදුමය කියන්නෙ.. මෙන්න නංගි අපි හැමෝටම අයිස්ක්‍රීම් බෙදුවා..
මෙයාලා හිතයිද දන්නේ නැහැ මම පවුඩර් බබෙක් කියලා ...
'කෑම ටික නම් බොහෝම රහයි.. පුංචි මැණිකෙද ඉව්වේ' කපු ඇන්ටි අහපි
'නැහැ' මම කිව්වා ( අද දවසම තනි වචනෙ පිළිතුරු සෙල්ලම නේ මම )
ඒ උනාට අනිත් හැම දවසෙම උයන්නෙ මම කියන්න ඕනි උනා මට.
කවුරුත් ඒ ගැන කතා කළේ නැහැ..
නංගි බෙදුව අයිස්ක්‍රීම් අරන් ආවෙ මල්ලි.දෙකක්ම ගත්තු යසිරු මා ළඟින් එකක් තිබ්බ..
පණ්ඩිතයා කියලා මගේ හිත කිව්වත් පුන්චි සතුටක් මගෙ හිත පුරා .. ඇත්තමයි
ඒ ඉතින් මම ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් කන්න ආසම නිසාම නෙවේ.
.............
මංගල සීනූ (අවසන් කොටස )
අපි කවුරුත් ටික වෙලාවක් සාලයට ආවා....
"අම්ම මම අනිද්ද කොළඹ යනවා....හෙට......ඇවිත් යන්න ද?"
අම්මෝ මෙයා ඉන්නෙ 25 වෙනි ශත වර්ශයෙද?
ශුවර් එකටම මගෙ මුහුණ නම් රතු වෙන්න ඇති....
අම්ම බිම බලාගෙන චුට්ටක් වෙලා කල්පනා කළා.. ( සොරි .කොම් තමා... අම්ම එහෙම බිම බලගන්නෙ තීරණය අපෙ කැමැත්තට විරුද්ධව ගන්න )
"හවස කෝල් එකක් දෙන්නම් පුතා.... නමුත් ආය දවසක් එනව නම් අම්මල එක්ක එන්න වෙනවා. තේරෙනව නෙ?" අම්ම කිව්ව
"තේරෙනව.. මම අම්මලට කියන්නම්... " කිව්වා....
"අපි එහෙනම් ගිහින් එන්නම්.... " සමු අරන් එළියට යන කොට අපි කවුරුත් එළියට ආව.
මමයි නන්ගියි මිදුලෙ මැද නතර වුනා. කපු ඇන්ටියි අම්මයි ගේ ඇතුළට ගියා..
කාර් එකේ ජනෙලින් අත දාලා පාර්සල් එකක් ගත්තා එයා...
******හ්ම්ම්ම් "එයා" හොඳේ.
හිනාවෙලා පාර්සල් එක මට දික් කළා. "ආ ගන්න" මම අඩි දෙකක් පස්සට ගිහින් ඇහුවා
"මොනවද?"
එයාට හිනා "ඔයා ආස දෙයක්.. චොකලට්.. ඉතින් ගන්න"
කී දෙනෙක්ට ඔහොම දෙනවද මන්දා,,, මගේ මූනත් නරක් වෙන්න ඇති..
හිත කියෙව්ව වගේ එයා ලාවට හිනා වෙල කිව්ව..
"මෙහෙම ගිහිපු මෙහෙම දෙන පළවෙනි සැරේ ඉතින් ගන්න"
එයා මං ළඟට ආවෙ නැති නිසා මට එතනට යන්න වුනා.. අඩි 7ක් 8ක්..
චොක්ලට් නම් ඉතින් එපා කියන්නෙ මොකෝ නෙ?
මට චොකලට් පෙට්ටිය දුන්නට එයා අත ඇරියෙ නැහැ ඒක.. මම මූන බැලුවා..
"මම 6.00ට විතර කෝල් එකක් දෙන්නද? ම්?" හෙමින් කෙඳිරුවා එයා.
නංගිට වත් ඇහෙන්න නැතිව ඇති.
මම උත්තරයක් දුන්නෙ නැහැ.කටුස්සි වගෙ මූනෙ පාට වෙනස් නොකර ඉන්න මම එයාගෙ සපත්තු දිහා බලන් හිටියා..
ලැජ්ජ වෙන්නද කේන්ති ගන්නද? මන්දා පුංචි සතුටක් නම් හිතේ ඇතිවුනා.
" ඔන්න 6.00 ට .,,, යන්නම්. "
එයාල ගියා.. මම වාහනේ ඈතට යනව චුට්ටක් බලං හිටියා,,හැරිල බලන කොට නංගි මිදුලෙ නැහැ...
මම හෙමින් හෙමින් වත්ත පහළට ගියා....පාර දිගේ නෙවෙයි..
මල්ලි වාඩිවෙලා ගලක් උඩ ( අපේ බැලුම් ගල.. පුංචි කාලෙ අපි සෙල්ලම් කරන කොට ඒකට කිව්වේ එහෙම .. යුද්ද කරන කොට )
"මල්ලී," මම කිව්වා
"මොකද කාර් එක ළඟට ගියේ? "( ඇස් රතු වෙලා එයාගෙ අඬලදත් කොහෙද )
"මේ චොකලට් එක ගන්න"
" චොකලට්? ලැජ්ජ නැත්ද? ආපු පළවෙනි දවසෙම එහෙම ගන්න.. කඩෙන් ගෙනත් දෙනවනේ කිව්වනම්.. ඌ මහ පල් බූරුවෙක්..එහෙම දෙනවද චොකලට්?"
මට මොනවද කියන්න ඕනි කියල හිතගන්න බැරිවුනා..මම සාරියෙ පොට දාලා එයා ළඟින් වාඩිවෙලා සපත්තු දෙක ගැලෙව්වා ...ඈතින් පේන පාර දිහා මම බලන් හිටියා ටික වෙලාවක්..
"ඔයා කැමතියි නේ ඌට?" මල්ලි ඇහුවෙ ඔරවගෙන
" ම්.ම්.ම්.ම්.ම්.ම් කැපිලා පේන හාදයා... යස ඉලන්දාරියා ඔක්කොටම වඩා මට බතුත් බෙදලා දුන්නනේ' මම විහිළුවට වගෙ කිව්වා.
"ඇත්ත කියන්න අක්කි, ඔයා කළින් ඉඳන් එයාඅව දන්නව නේද? "
"නැහැ මල්ලි, ඇත්තමයි"
"එහෙනම් අම්ම කිව්වේ ඔයා එයාගෙ ෆෝටො එක දැකලා හිනාවුනා කියලා"
" ඒ ඉතින් කාර් එක නම් හොඳයි කියල මට හිතුනා..කවුද දැන් ඩ්‍රයිවර්? කියල හිතුනෙ"
"කාර් එකක් අපි ගමු" මල්ලි කිව්ව.
අපි කතා නැතිව ටික වෙලාවක් හිටියා
" ඔයා මට මගේ අම්ම අක්කි.... මට මතක ඔයා මාව වඩා ගෙන ඉන්නවා.. මිදුලෙ හඳ දිහා බලන් සින්දු කවි කියල දුන්නෙ ඔයා... මට තුවාලයක් වුනාම කවුරු හරි ගැහුවම මම ඇඬුවේ 'අම්මා' කියල නෙවි 'අක්කී' කියලා.....
"අපි ස්කෝලෙ ඇරලා ගෙදර එන කොට ඔයා දුකෙන් ආදරෙන් හිනාවී ගෙන ඉන්නව තවමත්... අපි මහන්සියෙන් එන එක ඔයාට දුකයි .. ඒක අපිට පේනවා....
"
දන්නවනේ අම්මගෙයි, අර ගොනීගෙයි හැටි ( නන්ගි )
මම මුකුත්ම නොකිය චොකලට් පැකට් එක කැඩුවා.. 2000/= එකක්. කෑලි 20ක්.
ඉස්සර වෙලාම සමාන කොටස් 4කට බෙදල මල්ලිගෙ කොටස දුන්නා..
කවදත් වගෙ මගෙ කොටසින් 2ක් මල්ලිට දුන්නා
සාමාන්‍යෙන් එහෙමයි. ඉතුරු 2ක නන්ගිට ( සමානව දෙන්න ඕනිනෙ?)
මගෙ එක කෑවෙ නැතත් මම ආයම මල්ලිට තව දෙකක් දුන්න.. නන්ගිට පේන්නෙ නැහැනෙ?
අන්තීම චොකලට් බෝලේ මම අතෙ ගුලි කරගත්තා.
"මටත් කෑල්ලක් තියෙනවනෙ?( කාර් එකට නගින්න කළින් එයා ඇහුවම මම හිනා වුනා යාන්තමට ..)
"අක්කි තව ටික කාළයක් මෙහෙ ඉන්න අක්කි.. ආඩු ගානෙ මම " AL "කරනකම් වත්.. ඉන් පස්සේ මාත් යනවා කොහේ හරි... මල්ලිගෙ කට හඬේ තිබ්බ බැගෑපත් හඬක්..
"හරි හරි යන්කො දැන් ගෙදර " මම කිව්වා
අපි කන්ද දිගේ හෙමින් හෙමින් ගෙදරට ගියා...
කපු ඇන්ටියි අම්මයි නංගියි සාලේ
හැමෝම මං දිහා බැලුවා... මුකුත් ඇහුවෙ නැහැ... විනිශ්චයකාරි දිහා බලනව වගෙ බැලුව ,,මම මගේ තීන්දුව දුන්නා.
"මම කැමති නැහැ අම්ම.. හෙට එන්න එපා කියන්න..."
දාපු බෝම්බෙ නම් ටිකක් සැර වැඩිද මන්දා .. කවුරුත් කතා කලේ නම් නැහැ..මම කාමරේ දොර වහගෙනම බාත් රූම් එකට ගියා.. ඒකෙත් දොර වහගෙන සින්ක් එක ළඟට ගියා..
.
එයාට තියාගත්තු චොකලට බෝලෙ කුඩු වෙල,, දිය වෙන්නත් ඇවිත් අතේ රස්නෙට.. මම හෙමින් ටැප් එක ඇරලා අත ඒකට අල්ලන් හිටියා... දියවෙලා වැටෙන චොකලට් ටික අතුරුදහ්න් වෙලා ඉතුරු වුනු කොලෙත් ජනෙලෙන් එළියට වීසි කළා..
එයාට තියාගත්තු චොකලට බෝලෙ කුඩු වෙල,, දිය වෙන්නත් ඇවිත් අතේ රස්නෙට.. මම හෙමින් ටැප් එක ඇරලා අත ඒකට අල්ලන් හිටියා... දියවෙලා වැටෙන චොකලට් ටික අතුරුදහ්න් වෙලා ඉතුරු වුනු කොලෙත් ජනෙලෙන් එළියට වීසි කළා..
දිග හුස්මක් හෙළලා මම කණ්නාඩිය දිහා බලන් හිටියා.
කොහෝදෝ ඉඳලා ගලන් ආපු කඳුළු බිඳු දෙකක් ගලාගෙන ඇවිත් සා
ඒ කඳුළු කා වෙනුවෙන්ද නම් අහන්න එපා.... කවදාවත් කණ්ණාඩිය මගෙන් ඒක අහලා නැහැ.. වෙන කවුරුත් අහලත් නැහැ,උත්තරේ මං දන්නෙත් නැහැ. ඇත්තමයි..
මේ වගේ වෙලාවට වැදගත් වෙන්නේ කණ්නාඩිය වගේ යාලුවෙක් තමයි
ReplyDeleteඇත්ත :) + ස්තූතියි කන්ණාඩියක් වෙන එකට
Deleteඅවස්ථා සම්භන්දයක් නම් හිතා ගන්න බෑ.. ඒත් කතාව ඉවර වෙනකොට මගේ හිතට ආවේ වික්ටර් කියන "අම්මා නැති මට කිරි අම්මා වී.. කළුවර ගෙදරට මිනි පහනක් වී.. දැන ගත් දා සිට පෙරුම් පිරූවේ.. අක්කේ මං මතු සක්විති වෙයි හිතලාදෝ..." කියන සින්දුව.
ReplyDeleteඅහන්න එපා කියුවට මට හිතෙන්නේ අර කඳුළු සහෝදර ප්‍රේමය වෙනුවෙන් කැපකල භද්‍ර යෞවන ප්‍රේමය වෙනුවෙන් කියල..
ඔයාගේ මේ ලියන ස්ටයිල් එක ඔයාටම යුනීක්. මං පට්ට ලයික් ඒකට හොඳද.. දිගටම ලියන්න. ජය ශ්‍රී!
කවදත් අත හිත දෙන කළණ මිතුට තුති
Deleteකතාවේ අවසානය හැඟීම්බරයි... මැදදී පොඩ්ඩක් මංමුලා වෙච්ච ගතියක් දැනිල තමයි ආපහු ට්‍රැක් එකට වැටුනේ.
ReplyDeleteමට හිතෙන්නේ ඒ කඳුළු තමන් වෙනුවෙන් වැටෙන ඒවා...
හොඳ නිර්මාණයක්... ජය වේවා...
ස්තුතියි . මං මුලා වීම නම් ආවේනිකයි මම හිතන්නේ
Deleteloku puthe :D
කුතුහලය තිබුනා.. බොහොම අපූරුයි.මාත් වත්ත පහලට ගිහින් අක්කයි මල්ලියි දිහා බලන් හිටියා වගේ දැනුනා.මගෙ අක්කගෙ වෙඩින් එක ගන්නකොට මට විසිපහත් පැනලා.ඒත් එදා වැඩිපුරම ඇඬුවෙ මං ද මන්ද.හැබැයි මේ මල්ලි නම් බූරුවෙක්.ඌ ආත්මාර්ථකාමී සතෙක්.
ReplyDeleteහ්ම්ම්ම් මන්දා. කවුද ඉතින් ආත්මාර්ථකාමි නැත්තේ? + ස්තූතියි හොඳේ
Deletehttp://www.blogger.com/profile/06927350808515428738