අද නොවම්බර් 06 වෙනිදා. 2015 සාමාන්‍ය පෙල විභාගයට මාසයක් වගේ ඉතුරුයි..
ඕකෙ ඉතින් කියන්න දෙයක් තියෙනවය? කී ළක්ෂයක් ළමයි ඕක ලියයිද? පවුල් කී ලක්ෂයකට මේක බලපානවද? කී දෙනෙක් ගෙ ජීවිත තීරණය කරන්වද? කී දෙනෙක් ජීවිතේ නැති කරගනීවිද?
ඔයාලගෙත් කවුරු හරි මේ පාර විභාගෙට ලියනවද? මට නම් හරිම හිතට වදයක්..
ඉතිං බ්ලොග් ලියන කියවන අය මා ගැන වැඩිය දන්නෙ නැහැනෙ? චුට්ටක් කියන්නම්කො මං ගැනත්. මම පව්ලේ වැඩිමල් දුව. මට ඉන්නෙ නංගියි මල්ලියි. නංගි මේ පාර උසස් පෙළ ලිව්වෙ පළවෙනි සැරේට. රිසල්ට්ස් හොඳ වෙන එකක් නැහැ. දැන්මම එයා ආපහු ක්ලාස් යනව. ටික ටික පාඩනුත් කරනවා. මම ම්.ම්.ම්.ම්.ම්. උසස් පෙළ කරල ඉන්නෙ . රැකියා විරහිත ගොඩෙ තමා තාම.
මගේ අප්පච්චි "මිය පරලොව ගිහින් දැන්" අවුරුදු 7ක් වෙනවා.අම්මයි අපි තුන් දෙනයි කොහොම කොහොම හරි ජීවත් වෙනවා..
ඉතිං මම ආපහු කථාවට එන්නම්කෝ. (මේක කතාවක් නම්...)මල්ලි මේ පාර ලිව්වට උසස් පෙළ කරන්න තරම් පාස් නොවෙයි කියලයි මට බය.... ඊයේ රෑ දෙකේ විතර ඉඳලා ඇහැරලා .. හිතපු දෙයකුත් නැහැ නොහිතපු දෙයකුත් නැහැ.. මෙයා ( මල්ලී ෆේල් උනොත් මොකද කරන්නේ? එක තරමකට ඒක ආත්මාර්ථකාමී සිතුවිල්ලක්.. පවුලෙ එකම පිරිමි දරුවා ඉගෙන ගත්තේ නැතිනම් ඒක අනිත් අයටත් බලපානවනේ?
එකම පිරිමි දරුව නෙවි.. කවුරු වුනත් ඒක පවුලට වගේම සමාජයටත් ප්‍රශ්නයක්
ලින්ක් එක පහතින් තියෙනවා
The Sunday Times පත්තරයේ පලවුණු ලිපියකින් කොටසක් තමයි මේ
"
Marginal improvement at this year’s O/L exam results |
| Last year’s GCE OL Exam results released early this week showed a marginal improvement in the success rate, compared with the previous year. Of the 164,191 candidates who sat, 60.8% qualified to follow the Advanced Level Exam (AL), while only 4.73% failed in all subjects. In the previous year, 60.57% qualified for the ALs, while 5.31% failed in all six subjects. |
However, there was a 5% decrease in the percentage of students who passed in Mathematics, compared with 2010, viz., a success rate of 55.33% in 2011, against 60.38% in 2010. More students passed Science and English last year compared with the previous year. Last year, 62.4% passed in Science, against 61.72% in the previous year. Last year, 44.57% passed in English, against 42.36% in the previous year."
An analysis of those who sat the exam for the first time shows that 4.73% students failed in all nine subjects. A decrease of 0.94% compared with 2010."
****හ්ම්ම්ම්ම්ම්ම් ඉතිරි අයට මොකද වෙන්නෙ?
දේශපාලනයක් මේකට ඇදගන්නේ නැතුං චුට්ටක් හිතමු මල්ලිට මට නංගිට මොන වගේ අනාගතයකට මුහුණදෙන්න වෙයිද?
මම කළේ කොමර්ස් සබ්ජෙක්ටස්..... නංගි බයෝ රිසල්ට්ස් වලටත් බයේ ඉන්නේ..
ඊයේ රෑ මට නින්ද ගියේ නැහැ. මල්ලි පේපර් එකක් කරන්න ගිහින් ඒක අමාරු වෙලා ගිහින් නිදා ගත්තා..
මම ඉතින් එයා ලඟටෙ ගිහින් පින්සේන්ඩු වුනාම එයා කිව්වේ
" මම නම් රෙසල්ට්ස් එන්න කළින් එල්ලිලා මැරෙනවා" කියලා. නිකං හිතලුවක් වුනා නම් හොඳයි ඒක..
"එක පාසලක් වැහෙන කොට හිර ගෙවල් 100 ක් ඇරෙනවා කියලා මම අහල තියෙනවා"
"පාසල මියගිහින්" කියලා කවුදෝ විද්වතෙක් අධ්‍යාපනයේ දුර්වලතා ගැන කතා කරල තියෙනවලු. හැබයි මම දන්නේ මෙච්චරයි අවුරුදු 13ක් පාසලේ ඉගෙන ගෙන ඉහල අධ්‍යාපනයක් ගන්න බැරිව මම නැවතිලා කියන එකයි. රැකියාවක් හොයාගන්න බැහැ කියන එකයි
ලින්ක් එක පහතින් තියෙනවා
කඩුවක් ස්කෝලෙට අරන් ඇවිත් ගුරවරයෙක් සහ ළමයෙක් ඝාතනය කළ සිද්ධියකුයි මේ
ලින්ක් එක පහතින් තියෙනවා දහදෙනෙක් මිය ගිහින් 7 දෙනෙකුට තුවාල වුණු පාසලක තවත් සිද්ධියක් මේ
මේ කාරණා වලට අධ්‍යාපනික ආර්ථික සමාජීයය හා මානසික හේතු හා පිළියම තියෙනවද? ඒවා ලංකාවට ගැලපෙනවද? දන්නෙ කෙනෙක් මේවා ගැන ඉන්නවද?
ලින්ක් එක පහතින් තියෙනවා
විභාගේ තමයි අපේ විභාගේ (සෝමලතා සුබසිංහගේ ප්‍රසිද්ධ ගීතයක් )
පාසල තුලින් සමාජ ප්‍රවාහයට වමාරණ නිසියාකර ආධ්‍යාපනයක් නොලද්දෝ වන අපිට වෙන්නේ මොනවද?
නිසියාකාර වැඩිදුර අධ්‍යාපනයක් නොලබන වර්ථමාන තරුණ පරපුර අනාගත රට භාර ගන්න ඉන්න අපිට
හෙටක්?























