අපි මිනිස්සු. ඒ අතරෙ පිස්සොත් ඉන්නවා. පිස්සො කියන්නෙ කවුද? අනිත් අය නොදකින නොපෙනන දේවල් දිහා තමන්ගේ දෘශ්ඨිකෝණයෙන් බලන අය. අනිත් අයටත් නොපෙනෙනවාම නොවෙයි. එයාලා කට වහන් ඉන්නවා. කලාකාරයෝ කියන්නෙ කවුද? " ඔබේ ඇසින් ඔබ නුදුටු ඇසින්" ලෝකය දිහා බලන්න පුළුවන් අය?
කාක්කෙක් කෑම ටිකක් දැක්කම " කාක් කාක්" කියලා කෑ ගහනවා ඒක අහල එතනට එන කාක්කොත් " කාක් කාක් " කියනවා. හැබැයි සන්ඩු කර කර වැඩියෙන් කන්නත් බලනව
දැන් ඔයාල කල්පනා කරව ඇති රතු කට්ට පැනල වගේ කියලා. හ්ම්ම් ඔව් අද පිස්සු පෙත්ත ගන්න බැරි වුනා තමා.
මූණු පොතෙයි.. බ්ලොග් වලයි මම පෝස්ට් කිහිපයක දැක්ක.පියාට ඒඩ්ස් කියලා පුතාට පාසලක් නැතිවුණු එක ගැන. දැන් නම් ඒ ප්‍රශ්නෙ හරි මම හිතන්නෙ?
හැමෝම එක එක කොණවලින් බලල තිබ්බ..
මට ඒ කිරි සප්පයට හිතෙන දේවල් වලින් ඇබිත්තක් කියන්න. අලි රන්චුවෙම ඇතින්නන්ට කිරි එරුනට මිනිස් අම්මලට එහෙම මව් කිරි එරෙන්නෙ නැහැනෙ? ඒ ලමයා තවත් ළමයෙක් විදිහට මානව දයාවෙන් බලන්න ඒ අම්මලගෙන් කිරි බිව් පුතාලටත් බැහැනෙ?
"සකල සිරින් පිරි සිරි ලංකාවේ හංසමාලි සොඳ නම් ලබනා
පතල මහා කරුණාවෙන් ලොව වෙත දුකම අකුරු කොට පද බඳනානමින් ප්‍රියන්තිය වතද සිතද ඇගේ අගේ අගේ දන මන බඳිනාහැබැයි මොකක් හරි වැඩකට එන්නට කියුවොත්නම් ඈ මග හරිනා.. :)"
ඕන් ඉතිං කලණය්යත් මං ගැන මගේ පොස්ටුවක කමෙන්ට් එකක් විදිහට ලිව කය්යඒ නිසා මම චුට්ටක් මැදහත් සිතින් මේක ලියන්න උත්සහ කළා.නමුත් ලියවිල ඉවර වෙන කොට ඒකත් දුකමද මන්දා
මම ඒ ප්‍රශ්නෙ ළමයාගෙ ඇහෙන් බලන්න උත්සහ කළා. බලන්නකෝ හොඳද කියලා. ඔව් ඔව් ඔව් අවිදුර දෘශ්ඨිකතවය තමා. වැඩි දුර පෙණුනොත් අනිත් අතට මොනවා ලියාවිද දන්නෙත් නැහැනෙ.
මම ඒ ප්‍රශ්නෙ ළමයාගෙ ඇහෙන් බලන්න උත්සහ කළා. බලන්නකෝ හොඳද කියලා. ඔව් ඔව් ඔව් අවිදුර දෘශ්ඨිකතවය තමා. වැඩි දුර පෙණුනොත් අනිත් අතට මොනවා ලියාවිද දන්නෙත් නැහැනෙ.
අඬන්නට කඳුළක්
සුසුමකට මොහොතක්
කියන්නට අකුරක්
හිමි නැත්තෙ ඇයි මට විතරක්?
සුදෝ සුදු ඇඳුමක්
ඇඳන් ඉන්නා එකත් සතුටක්
අලුත් පොත් ගොඩකුත්
කියවන්න බැරි ඇයි මට විතරක්?
පිට්ටනියේ පුරාවට
මටත් ආසයි දුවන් යන්නට
අතින් අත අල්ලගෙන
යන්න කෝ අනෙ යාලුවෙක් මට?
රෑ තිස්සෙ ඉකි ගසන
අම්මගෙ කෙඳිරිය
දෙය්යොවත් නැහැ අහන් ඉන්නේ
අපිම විතරද පව්ම කෙරුවේ?
තිබහකට වතුර ඩිංගක්
බත් කන්න හාල් චුට්ටක්
ලියන්නට මටත් පෑනක්
නැතිද "දානය" මටත් උරුමේ?
ඇහෙන නෑහෙන හඬින් දෙස් දෙන
නැන්දලා අනෙ කියනවද මට
අප්පච්චි මගෙ ලොකුම වීරයා
මාත් මැරුණේ නැත්තේ කොහොමද?
" මගේ එකෙක් නම් දන්නවා මං
කරන දේ මම හෙමින් ඕකට"
අනේ නැන්දේ කීයන්නේ ඇයි
මැරෙන්නද අපිටත් කියන්නේ?
බුදුන් වැඩි මේ සිහල දේශයේ
පෑ දයාවට ඉඩක් නැතිමය
කර වටක් පන පිටින් වළලා
ගල් ගසා මැරුවත් සැපක්නෙ?
අනිත් දෙමව්පියෝ තමන්ගේ ළමයින්ව පාසලෙන් අයින් කරන ගිහින්. අම්මලා ගැන මම මුකුත්ම කියන්නෙ නැහැ දරු දුක දැනෙන්න අම්මා කෙනෙක් වෙන්නම ඕනි කියනව නෙ? නැහැ අම්ම කෙනෙක් වෙන්න ඕනිළු අම්ම දුක දැනෙන්න.
මේ රූපෙ නම් ඒ අප්පච්චිගෙ නොවෙයි මං හිතන්නෙ. නමුත් මේකත් මම එකතු කළ උණු වෙන හදවත් ඇත්තන්ට කතා කරන්න
According to UN figures, in 2014 there were 3,200 adults and 100 children living with HIV, fewer than 0.1% of the population.
But there is also concern about poor awareness of the virus and how it spreads, which leads to stigma and discrimination."
එකේ දත්ත වලට අනුව ලංකාවේ ජනගහනයෙන් 0.1% වඩා අඩුවෙන් තමා 2014 ඒඩ්ස් තිබිල තියෙන්නෙ.
2014 දි හොඳේ
මොන හොඳක්ද? (වැඩිහිටියො 3200 ළමයි 100)
හැක හැක " දැන් ඉතින් හැමෝම නම් කියනවා එහෙම නොවෙයි ඕන්. කාගෙ කාගෙවත්
ඔන්න ඉතින් අර ගමේ අය අර දරුවගේ ගේ ඉස්සරහ දාල තියෙන දැන්වීම. ඒඩ්ස් තියෙන කෙනෙක් කිසිම වෙලාවක ඒ ගැන කාටවත් කියයිද? සැකයක් තිබුණත් රෝහලකටවත් යයිද?එහෙම අයට මොන වගෙ සිතුවිලි පහල වෙයිද? කලකිරීම ? පසුතැවිල්ල? ලැජ්ජාව? වයිරය? එයාල මොනවා කරයිද? දැන් සුළුතරය බහුතරයක් වෙයිද? මුහුද හත් ගව්වක් නෙ තාම නේ?
ගහ දන්න අපිට කොළ කඩාපාන්න එපා නංගී කියයි කියලා මම ඒඩ්ස් කියන්නෙ මොකද්ද කියල නම් කියන්න යන්නෙ නැහැ. මම හිතන්නෙ අපි කවුරුත් දන්න දෙයක් නිසා. කවුරු හරි කමෙන්ට් කළොත් ඒ ගැනත් මේකෙම ලියන්නම්.අර උඩින් තියෙන රතු පාට පටියෙ තේරුම විතරක් දැනට කියන්නම්
වයිරසය ඇති (HIV positive ) අය සහ එයාලත් සමග ජීවත් වෙන අය සමග එකමුතුව (solidarity ) ජීවත් වීම සටහන් කරන ලංඡනයයි ඒ.
https://www.youtube.com/watch?v=yA5FcdOOAMI
මිලියන කීයක්? ලෝකයෙම? තව? (link)
මිලියන් 39ක් දැනටමත් මිය ගොස් ඇති අතර අවුරුදු පතා මිලියන 1.5 මිලියනයක් අවුරුදු පතා මෙයට ගොදුරු වෙන බව පැවසේ.දැන්ටමත් මෙයට ගොදුරු වූ අය මිලියන 35ක් පමණ සිටින බවත් පැවසේ. ඔව් ඔව් ලෝකෙම තමා :)
http://www.theglobalfund.org/en/hivaids/
මිලියන 19 ක් තමාට තිබෙන නොදන්නා අතර එය අනුපාතයක් ලෙසට 2: 1 කි. (link)
"However, there is one number that is even more startling. Out of 37 million people estimated to be living with HIV, 19 million do not know their status. In other words, one out of every two people living with HIV does not know that they are HIV-positive – and therefore does not access treatment and care. "
ඉතිං මේක අපේ හිත් වලට දැණුනු එකම එක සිද්ධියක් නොවේ, 2014 දි 3200ක් වාර්ථා ගත අය පමණක් හිටියා නම් ..ම්.ම්.ම්.ම් අද ඒක කොච්චර වැඩිවෙලා ඇතිද?
ඒත් එක්කම සමාජ ගත් වන ප්‍රශ්න වලට මොකද කරන්නේ?
ඔයාලගේ දරුවෙක්ගෙ පන්තියෙත් ලෙඩ තිබෙනවා යැයි සැක කරන දරුවෙකු හිටියොත් මොකද කරන්නෙ?
***සහජීවනයෙන් ජීවත් වෙන්න අපිට මොනවද කරන්න පුළුවන්????????
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙම ලමයාව ඇතුලත් කර ගැනීම ගැන සළකා බලමින් සිටිනවා. එය මේ ගැන නොදැනුවත්කමින් සිටින හැමෝටම හොඳ පණිවිඩයක් වේවි.
ReplyDeleteඔව් ඒ ප්‍රශ්නෙ නම් හරි කියල මම ලිව්වෙ ඒකයි. මේක එක ප්‍රශ්නයක් ඒ තුලින් අපිට තව ප්‍රශ්න ගොඩක් ඉස්සරහට ඇති වෙන්න පුළුවන් කියන එකත් චුට්ටක් මට මතක් කරන්න ඕනි වුනා
Deleteස්තුතියි හොඳේ
This comment has been removed by the author.
Deleteදරුවන් කුමක් කරන්නද බොල
ReplyDeleteඒක තමා. දරුවන් කුමක් කරන්නද? කියෙව්ව නේ?
Deleteහැමදාම වගේ මේ ප්‍රශ්ණයත් ජනාධිපති විසින් විසදලා නේද????? අපි කොච්චර කරත් කලින් ක්‍රමයට ම තමා කැමති...
ReplyDeletehttps://www.youtube.com/watch?v=XBT0Aq4x4tw
Deleteමැති ඇමතිවරු ඇමතිවරු - සීරුවෙන් සීරුවෙන්
පෙන්වා දෙති වැසියනට - ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව රට පාලනය - රට පාලනය
මැති ඇමති වරු සීරුවෙන් පෙන්වා දෙති
වැසියනට ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව පාලනය රට පාලනය රට
පාලනය රට පාලනය රට
අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරණ මත
ගොයම් බීජ අංකුර උඩ අතට නොව - මඩ යටට
ඇදෙනවා සිකුරුයි
දෙයියනේ
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි
බල ශක්ති පාලනයටත්
නොසිටින්න
ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක්
එන්නේ නැහැ එක අඟුරු කැටයක්
මේ පොළෝ ගැබ තුලින් ඉහළට
ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්
ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්
ආගමට සදාචාරෙට වගකියන උතුමන්
ආයු බෝ නොවේ නම්
නිසි කලට කිසි ලඳක් වෙයි ද ගැබ්බර සැකයි
(කට කට කට)
මෙහෙමයි මිනිස්සු හැමතිස්සෙම අනුන්ගේ දේවල් හෙව්වත් තීරණයක් ගන්න ඕනි වෙලාවට පසුබට වෙනවා. ඒ ආත්මර්ථකාමි කමට. අනික පොදු ජනතාව ඇවිස්සුණු වෙලාවට පොලිසිය කියන දේ වත් අහන්නෙ නැහැනෙ?@kuruttayy
Delete@Katuussayya
Delete"කට කට කට"
අතින් ගන්නට අවි
ජාතිය ආගමද වෙනුවෙන්
කොයින්ද අපට පිරිමි
"කට කට කට"
විප්ලවයෙන් මැරුණෙත්
තමන්ගෙ දර්ශනය වෙනුවෙන්
දිවි පුදන පිරිමි
"කට කට කට"
හමුදාව අවියෙන්
මර්ධනයට කරත් තැත්
මැරෙන්නෙත් පිරිමි
"කට කට කට"
නෙක පැහැති දෙස්පල්ලන්
ගන්නා අරුම තීරණ
වෙනුවෙන් කෑ ගසා
නැහෙන්නෙත් පිරිමි
"කට කට කට"
ඇස් කන් වසා
බියගුළුව දොරගුල්ලා
වැජඹෙන ___________________,
චිරාත් කළක් වැගඹෙති
"කට කට කට"
නූගත් වුනත් විසිකළැකි නම් කාසි
පාතාලයෝ ඇසුරින් ගතැකිනම් මනාපය
විරිත්තා බලා ඉමු තීරණ ගන්න තුරු අපි වෙනුවෙන්
"කට කට කට"
ස්තුතියි. මේ පැත්තෙ ආවට. කවුරු හරි මොනවා හරි කරා නම් හරිනෙ. ඕක මෙහෙම කරා නම් හරි නෙ? එහෙම කියල බලන් ඉන්න ජාතියක්නෙ අපි?
මිනිස්සු.....කුලියාපිටියේ විතරක් නෙමෙයි.ලංකාවම මෙහෙම තමයි.ඒවුනාට වැඩිය හිතන්න එපා.තියෙන්නේ සිංහ ලේ.ආඩම්බර වෙන්න ඕනේ ඒ ගැන.
ReplyDeleteයන එකෙක් පලයන්.මේ ළමයව ඉගනගන්නේ මේ පාසලේමයි කියලා කියන්න කොන්දක් තියන එකෙක් නැතිවුන එකගැන තියෙන්නෙනම් දුකක්.ඒ ළමයාගේ කරුමෙට අධ්‍යාපන ඇමත්තත් ඒ ප්රදේශයේමයි.ඌටත් ළමයාගේ අනාගතේට වඩා උගේ චන්දටික වටිනවා.
"නොදනිමි කාගේ දොසා...."
ihalin liwwu "kata kata kata" meketh reply eka honde :D :D :D
Delete@katussayya
ඔය ඒඩ්ස් හැදිලා තියෙන්නවා කියන්නෙත් අර සිංහ ලේ තිබුණ තාත්තෙක්ට ද බං..........
Deleteඔය ඒඩ්ස් හැදිලා තියෙන්නවා කියන්නෙත් අර සිංහ ලේ තිබුණ තාත්තෙක්ට ද බං..........
Deleteඅන්න උත්තර දෙන්න වටින ප්‍රශ්නයක්.
Deleteසිංහයා ගෙට ආවෙත් නෑලු.අම්මා කැලේට ගියෙත් නෑලු.ඒත් ගමේ ඉන්න හැම එකාගෙම ලේ සිංහ අලේලු....
Deleteඅබුද්දස්ස කාලෙ ඔහොම තමා
Deleteලේත් හුළගෙන් බෝ වෙලා ඇත්තේ බං...... ඒඩ්ස් බෝ වෙන එකේ ලේ බෝවෙන්න බැරියෑ...
Deleteඅප්පච්චිගේ පාලනෙ හින්දද? නැතිනම් හිටන් වත්ද ආයිබෝන්?
Deleteවැදගත් සහ අද දවසේ කතා කළ යුතුම මාතාකාවක් පිළිබඳ නිර්මාණාත්මක ලිපිය වෙනුවෙන් ස්තුතියි ඔබට , වඩාත් මා සිත්ගත්තෙ , අවසන් ඡේද කිහිපය , එනම් , අප අතර සිටින අනෙකා , HIV වෙනත් ඊට වඩා අවදානම් සහිත රෝගයකින් “නොපෙළනවා “ යැයි කෙසේ කියන්නද ? ඒ සමහර විටෙක ඒ බව ඔහු/ඇය පවා නොදැන සිටිනා නිසා වන්නටත් පුළුවන්. එවන් විටෙක , “රෝගය නැතැයි“ , දැන තිබෙන ඉහළම මට්ටමේ පරික්ෂණ වලින් පවා සනාථ කර තිබෙන මොහොතක , එම පරික්ෂණ ප්‍රතිපල “තුට්ටුවකට මායිම් නොකර“ අධිකරණ වෛද්‍ය වාර්තා“ පිළිබඳව විමසන , වෙනකෙකුගේ බසින් අන්ධ වූ දෙමාපියන් එම ප්‍රෙද්ශයේ සිටින බව අදත් දකින්නට ලැබුණා .
ReplyDeleteස්තුතියි නැවතත් මේ සටහන වෙනුවෙන් !
ස්තුතියි ඔබට මහේශ්. කදිමට සාරාංශ කළා ඔයා පෝස්ටුව. අන්තිම මොහොත වෙනකම් ඇස් කන් පියා ගෙන ඉන්නෙ නැතුං කළ යුතු දේවල් කරන්න ඕනි පාලන තන්ත්රය ඒ වගේම අපිත් අනාගතයට මුහුණ දෙන්න සුදුසු මානසිකතවය හදා ගන්න වෙනවා. අපිට මොකද කරන්න පුළුවන්/ කළ් යුත්තේ කියලය් මට අහන්න ඕනි වුනෙ? මෙකේ මාතෘකාව " උන් ගල් ගහලම මරන්න ඕනි" වගේ අදහසක් ඇතිවෙන්න් ලිව්වෙ ඒකය . අපිට එහෙම කරන්නත් බැරිනම් ඒ රෝගයෙන් පෙලෙන ළමයිත් පාසල් එන්නම ඕනි නම් හෙට දිනයේදි මීට වඩා ළමයි පාසල් බලාපොරොත්තු වෙයි නම් අපි කරන්නෙ මොකක්ක්ද?
Deleteඒඩ්ස් තියෙන්නේ කුලියාපිටිය බෝහන්දිය ගමේ මිනිස්සුන්ගේ ඔලුවේ.
ReplyDeleteඅපි මේවා ලිව්වට, ඒ ගමේ එක්කෙනෙක්වත්, මේවා කියවයි කියලා හිතන්න අමාරුයි.
ඊටත් වඩා කණගාටුදායක කාරණය, මේ ගැන අන්තර්ජාලය පුරා ලියවෙන දේ වලින්, 1% ක් වත්, කවුරුන් හෝ, ඒ මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කරයිද කියලා හිතන්නත් අමාරුයි.
ඔයා හරි. ගමේ අය නොකියවයි. බ්ලොග් කියවන අයත් අඩුයි. පොඩි තැනකින් අඳුරු මුල්ලකින් පටන් ගන්නා එළියක් තවත් එළි දල්වන්න උදව් නොකරාවි කියන්නෙ කොහොමද?. ඒ විශෙෂිත වූ සිද්ධිය වගෙම තවත් මෙවන් සිද්ධි ඇති වුවහොත් අපි මොකද කරන්නෙ? අපිට මොනවද කරන්න පුලුවන් කියන ප්‍රශ්නෙ අහන්නයි ඕනි වුනේ මට?
Deleteගොඩක් හොඳ පෝස්ට් එකක්. අපේ රටේ මිනිස්සුන්ගෙ දැනුවත්භාවය හොඳට පේනවා. අධ්‍යාපන ඇමති ඒක තවත් ඔප්පු කරල පෙන්නුවා.
ReplyDeleteඔය ප්‍රතිශතයක් විදිහට ගොඩාක් අඩුයි කියන්නෙ අහම්බෙන් මාට්ටුවුනු කට්ටියගෙන් නෙ. ඔය මොකකට හරි ලේ පරික්ශා කරද්දි වෙන්න ඇති නෙ ඔය සෙට් එකත් අහු වෙන්න ඇත්තෙ. තව කී දාහක් ආසාදිත අය ඉන්නව ඇද්ද කවුරුත් දන්නෙ නැතුව.
ගොඩක හොඳයි.
ජය වේව!!!
ස්තුතියි මනෝජ්. ඔව් තව නොදත් අය සහ හංගගෙන ඉන්න අය ගොඩක් ඇති. මහජනතාව මීට වඩා දැනුවත් වෙන්න ඕනි. තමන්ගෙ ආරක්ෂාව සලස ගන්න ඕනි ඒ වගේම රෝගීන් දිහා මානුශිකව බලන්න පුරුදුවීම සඳහා දැනුවත් වෙන්නත් ඕනි. දරුවනුත් දැනුවත් වෙන්න ඕනි. ඒ නිසාමයි මම මේ ගැන ලිව්වෙ. මේක තනි එක සිද්ධියක් නෙවි අනාගත් ප්‍රශ්න වැලක් වෙන්න පුළුවනි. සමාජයක්/ පව්ලක්/ පුද්ගලයෙක් විධිහට අපි මේකට මුහුණ දෙන්නේ කොහොමද?
Delete@manoj
You've entered my name in this post. See, now I'm also in danger of getting HIV infected. .. ha.. ha..
ReplyDeleteAyyo...... Do U think so ? should I remove your name from it? " what is this " ha ha " refers to? R U enjoying the fact ? :D :D :D thank u for commenting.
ReplyDeleteඅහිංසක දරුවා පව්
ReplyDeleteඇත්ත තමා. තව ළමයි කීයක ඔහොම ඉන්නව ඇතිද අනාගතයේදී ඉඳීවිද?
Delete@Iwaan :)
හොඳ පෝස්ටුවක් ...
ReplyDeleteඒ දරුවාගේ ගැටළුව ඉක්මනට විසදෙනවානම් හොඳයි..
@C. J
Deleteස්තූතියි පළමුව
ඔව් ඒ වගේ අපි නොදන්න ළමයි ඉඳියි. නුදුරු අනාගතයේ ඉඳියි . අපි මොකද කරන්නෙ?
මිනිස්සුගේ අනවබෝධය නිසා අහිංසක පොඩි දරුවෙක් අසරණ වෙලා.
ReplyDeleteඒ ළමයින්ගෙ අයිතිවාසිකම් කවුද රකින්නේ ?
Deleteවටිනා ලිපියක්.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
@ Lalith
Deleteස්තූතියි ලලිත් :)
ස්තුතියි මේ දරුවා වෙනුවෙන් ලියපු සටහනට..කාගේ හෝ දුක දැකල ඒ වෙනුවෙන් තමුන්ට කරන්න පුළුවන් දේ කරන්න ඉදිරිපත්වෙන මිනිස්සු බොහොම විරලයි. ඒ මනුස්සකම වෙනුවෙන් මම හිස නමා ආචාර කරනවා හන්සමාලිට මේ සටහන වෙනුවෙන්.. ඒත් මේ සම්භන්ධව මේ ලියන්න යන දේට මා එක්ක අමනාප නම් වෙන්න එපා.. මේ තමා මම මේ වගේ සිද්දීන් දකින විදිහ..
ReplyDeleteමෙතනත් තියෙන්නේ සාමාන්‍ය කට්ට සූත්තර වෙතට පිත්තල දේශපාලන න්‍යායම තමයි හංසමාලි..ප්‍රශනයක් ඇතිවෙච්චි ගමන් විසඳුම් දෙන දේශපාලන සම්ප්‍රධායක් අපේ රටේ නැහැ. එහෙම කරාම ඒ විසදුම වෙනුවෙන් එයාලට ලැබෙන්න ඕන දේශපාලන වටිනාකම ලැබෙන්නේ නැති නිසා තමයි ඒක එහෙම වෙන්නේ. දැන් මේ දරුවට වෙලා තියන අසාධාරනේම උදාහරණයට ගන්නකො.. දැන් මේ දරුවට ඉස්කෝලයක් නැහැ.. ගමේ මිනිස්සු උද්ගෝෂණය කරනවා ළමයා ගන්න එපා කියල.. උණු කැවුම් වගේ මාද්‍ය කාරයෝ නිව්ස් එක විකුණමින් ඉන්නව.. ඇමතිලා ඉන්නෙත් වක්‍රාකාරව ළමයට විරුද්දව උද්ගෝෂණය කරන ජනතාවගේ පැත්තේ (කෙලින්ම නිකීවත් ).. ඒ කියන්නේ දැන් මේක හෙන හොට් හොට් දැවෙන ප්‍රශ්නයක්.. දැන් ඔය ප්‍රශනය විසඳන්න බැරි තත්වයේ හිනිපෙත්තටම ගියාම දේශපාලන සුපර් මෑන්ස් කෙනෙක් ඔය ප්‍රශ්නයට මැදිහත් වෙලා එක රැයෙන් ප්රශ්නය විසඳනවා.. අන්න එතකොටයි ජනතාව කතාරන්නේ ඒ සුපර් මෑන්ස්ගේ තියන දේශපාලන වැදගත්භාවය.. එතකොට තමයි ඒ සුපර් මෑන්ස්ගෙ මීඩියා ටීම් එකට පුළුවන් වෙන්නේ ඒ කරපු වීරක්‍රියාව පත්තරේ හෙඩ් ලයින් එකේ දාල තව චන්ද ටිකක් කඩාගන්න වැඩපිළිවෙල ශක්තිමත් කරන්න...
ඔන්න ඔහොමයි එක දුරකථන ඇමතුමෙන් විසදන්න පුළුවන් අපේ සිරිලංකාවේ පොලිටික්කන් කෙන්ද කන්ද කරගෙන දේසපාලන වාසි ලබන්නේ.. ඔය නාටකයේ අද්යක්ෂක වරයාගේ අණට සහ තිර රචනයට අනුව තමා විෂය භාර ඇමතිලත්, මාද්‍ය උදවිය සමහරකුත් රඟපාන්නේ..
ඊට අමතරව හංසමාලි මේ ලිව්ව වගේ අනෙකාගේ දුක දැක හදවත් උණුවෙන මනුස්සකමේ හිනිපෙත්තටම අනුකම්පාව තියෙන උදවිය පීඩනයට පත් පාර්ශවය වෙනුවෙන් ලියන්නාවූ මේ වගේ ස්වාදීන දේවලුත් වෙස්වලාගත් ආශිර්වාද තමා ඔය නාට්ටිය තිර පිටපතේ අවසානය කරා මෙහෙයවන්නට.
කටවහගෙන ඉන්න කම් මෝඩයා පන්ඩිතයා කියනව නෙ?
ReplyDeleteමේක ගැන කියන්න ගිහින් මගේ මෝඩ කම ප්‍රදර්ශනය වේද මන්ද.
පායන හඳක් දිහා බලන එක එක්කෙන තමන්ගෙ කොණයෙන් හඳ දිහා බලන්නෙ
උපාසකම්මා
හොරා
ප්‍රෙමවන්තයා
පරාජිත ප්‍රෙමවන්තයා
කුඩා දරුවා
කවියා
ඒ වගෙ මේ ප්‍රශ්නෙ එක එක්කෙන එක එක විධිහට බලයි. මම ඒකයි කිව්වෙ මට අම්ම කෙනෙක්ගෙ පැත්තෙන් බලන්න බැහැ කියලා.
ඔයා හරියටම හරි
හැමදෙයකින්ම වාසි ගන්න හා අනුන්ට ප්‍රශ්නෙ දීල තමන් අත හෝද ගන්න අය තමා වැඩි. කවුරු හරි මොනවා හරි කරා නම් හරි කියන මානසිකත්වයට අපිත් වැටිලද මන්දා?
"***සහජීවනයෙන් ජීවත් වෙන්න අපිට මොනවද කරන්න පුළුවන්????????" කියන ප්‍රශ්නෙ මම අන්තිමට ඇහුවෙ ඒකයි
"
ඉතිං මේක අපේ හිත් වලට දැණුනු එකම එක සිද්ධියක් නොවේ, 2014 දි 3200ක් වාර්ථා ගත අය පමණක් හිටියා නම් ..ම්.ම්.ම්.ම් අද ඒක කොච්චර වැඩිවෙලා ඇතිද?
ඒත් එක්කම සමාජ ගත් වන ප්‍රශ්න වලට මොකද කරන්නේ?
ඔයාලගේ දරුවෙක්ගෙ පන්තියෙත් ලෙඩ තිබෙනවා යැයි සැක කරන දරුවෙකු හිටියොත් මොකද කරන්නෙ?" කියලා මම ඇහුවෙත් ඒකයි.
නා නා අය නා නා ලාභ ප්‍රයෝජන ගත්තත්.... අන්තිමට ඒකෙ අවසාන ප්‍රතිපලය විඳින්නෙ අපි නෙ? ඒ හන්දා කට වහගෙනම ඉඳලත් බැහැනෙ?
ඔය කොච්චර කිවත් මේ ලංකාවේ ඒ ළමයට නිදහසේ ඉන්න ලැබේවිදැයි හිතන්න නම් අමාරුයි.ඉස්කෝල්යක් ලැබෙයි සාමාන්‍ය ළමයෙක් විදිහට ඉන්න ලැබේවිදැය් සැකයි නෙ?
ඇත්ත තමා වාසි තකා තීරණ අරගෙන මීඩියා එකි පළවෙන කොට අර අහින්සක් හිතට මොනවා වෙලා තියෙය්ද?
ස්තූතියි වෙලාව කැප කරලා කමෙන්ට් කල එක ගැන. නැහැ තරහවෙන්නේ මොකටද
මූනු පොතේ අවුරු 4ක් වත් ඉන්න ඇති මම. බ්ලොග් ලෝකෙට ඇවිත් ටිකම ටිකම කාළයයි. හුඟක් දේවල් දැන ගත්ත. හුඟක් දේවල් දැන ගන්න තියෙනව.කෙළින් කියන එක තමා මෙවගේ විශේෂත්වය, ඉතින් කෙළින්ම කියන්න තියෙන දේ කිව්වට ස්තූතියි හොඳේ :)