ලා රෝස පැහැති දුහුල් නයිටිය ඇඳ පිට දිගට විදාහල තෙත කොණ්ඩය විටින් විට අතගාමින් සිහින් හඬින් ඇසෙන " දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා " මුමුනමින් මූනු පොතේ "ෆ්ලවර් ශොප්" ප්ලේ කරමින් සිටියෙමි.
මේක මම බ්ලොග් එකේ පෝස්ට් කළොත් මනොජ් නම් " නදකිං ඕකත් සෙල්ලමක්ද? " අසනු නොඅනුමානය.
හදිසියේම ඇසුණු ගොරහැඩි පිරිමි උගුර පෑදීමකිමකින් කළබල වූ මම ජනේලය දෙස බැලිමි. එය අසල " මුත්තුය" මුත්තු කීවේ මුත්තු ජූනියර් ටය
නමින් ඔහු සීලන්ය. නමුත් අප්පා වගෙම වෙන්න ඕනි කියලා අපේ ගෙදරදී කෑ ගසා අඬපු දවසෙ ඉඳන් එයා " මුත්තු" වුනා. මුත්තූ, පුතාට එන්න කියන්න.කිව්වොත් ආමන්ත්‍රණය තාත්තාට එනම් "අප්පාටය"
"මුත්තූ, අප්පට මේක දෙන්න" කිව්වොත් පණිවිඩය අපි කියන්නෙ පොඩි මුත්තුටය.
පුටුපත්තෙ වනල තිබ්බ හවුස්කෝට් එක ඉක්මනින් ඇදඟෙන කොන්ඩෙ එක දුකුණු උරෙන් ඉස්සරහට වැටෙන්න හදාගෙන ඉක්මනට බොත්තම් දාගත්තා අනිත් පැත්ත හැරිලා.
මම ජනේලේ පැත්තට හැරිලා "ඇයි මුත්තු?" කියලා ඇහුවේ පුන්චි නොරිස්සුමකුත් හිතේ තියාගෙන . ජනේලෙට පිටුපාලා වත්ත දිහා බලන් ඉන්න තරම් සංවර කමක් මුත්තුට තිබ්බත් රෑ ඇඳුම පිටින් මාව දැකපු එක ගැන නම් මට ඇතිවුනෙ සියුම් ලැජ්ජවක්. නොරිස්සුමක්.
"කොස් කඩන්න කියලා පණිවිඩ එවල තිබ්බ " කිව්ව මුත්තු කුස්සිය පැත්තට ගියේ මා දිහා නොබලාම. මම ටක් ගාල මගේ කාමරේට ගිහින් ඇඳුම් මාරු කරගත්තා. පරණැ 'ත්‍රී ක්වාටර්' එකය් පරන අත් දිග කමීසෙය් ඇඳ ගත්තා.ඒක මගේ යුනිෆොර්ම් එක. වත්තෙ වැඩ කරන කොට එහෙම තමා අඳින්නේ
ගෙදර අම්මා නැති සෑම වෙලාවකම ඉස්සරහ සහ කුස්සිය පැත්තෙ දොර වහල තියන්නත් කවුරු ආවත් ඒවා අම්ම නැතිනම් අරින්න තහනම් නීතිය මට මොහොතකට මතක් වුණා.
මල්ලි ක්ලාස් ගිහින් එන්නෙ හවස
නංගි නම් තුන වෙන කොට එයි
අම්මා ගියෙ කිරි අම්මා දානෙ ගෙදරක. මාමල ගෙදරත් යනවා කියලා ගියේ. රෑ වෙය් මගේ හිතේ. ඒත් ඉතින් කොස් කඩන්න??? මම කුස්සියෙ පැත්තෙ දොර ඇරගෙන එළියට ගියා. මුත්තු ඇඳුම් මාරු කරගෙන. බිත්තියෙ ඇනයක එල්ලලා. මේස් දෙක වැලේ වනල
මාව දැක්ක හැටියෙම " තාත්තට සනීප නැහැ බේබි. " කිව්වා. අපි දෙන්නම හිනාවුනේ එකට. ඒ පුන්චි කාලෙ සිද්දියක් මතක් වෙලා . එදා ඉඳන් එයා මට බේබි කියනවට මම විරුද්ද වුණා. අප්පච්චිට කියල මුත්තුට කියල (ලොකු මුත්තුට ) බැරිම තැන දවසක් මම ගැහුවා අත් දෙක මිටි මොලවලා. මුත්තු මට වඩා අවුරුදු 4ක් වැඩී. "අනේ එපා බේබි" කියලා මගේ අත්දෙකින් අල්ලගත්තේ මට තවත් ගහන්න බැරිවෙන්න. එයා අත් අල්ලගත්තම මගේ; මට තවත් කේන්ති ගිහින්මම උඩ පැනලා එයාට ඔළුවෙන් ගැහුවා. වැදුනෙ කටට. තොල පැලිලා ලේ ගලන කොට තමා ඉවර වුනේ සන්ඩුව. පුරුදු පරිදි අම්මල මැදිහත් වෙලා මට "බේබි" කියන එක තහනම් කළා.
දැන් කට්ටිය කල්පනා කරන්වද මන්දා මම.. ම්.ම්.ම්.ම්.ම්.ම් ඔන්නොහෙ ඕනි එකක් කල්පනා කරන්නැතෑ වෙන වැඩ නැත්තං නේ? ඉතිං ඔන්න කොහොම හරි...
වරකා ගහට මුත්තු නැග්ගේ දිග ලණුවත් අරන්. වරක ගෙඩිය කඩලා ලනුව දිගේ "බෑවා" මම ඒක අල්ලලා ගැටය ලිහල පැත්තකින් තිබ්බා. පැහිච්ච කොස් ගෙඩියකුයි මැල්ලුම් පොලොස් ගෙඩියකුයි බිමට දැම්මා. බැහැලා අනිත් ගහෙන් වැල ගෙඩි දෙකක් කූඩෙන් බෑවා. තේරෙනවනෙ නේද වැල බාන්න ලණුව පාවිච්චි කළොත් ඒක බිමට වැටෙන්නත් ඉඩ තියෙනවා . කොහොමත් අපි වේවැල් කූඩයක් පරන ඒකටම තියන් ඉන්නවා.
"කිරි අම්මා දානේ ටිකක් හම්බුනා කමුද? " කියලා අහන ගමන් මම කුස්සියට ගිහින් නංගිටයි මල්ල්ලිටයි පිඟන් දෙහෙකට බෙදලා අපි දෙන්නට පිඟන් වලට බෙදන් අරන් ගියා. කොස් ගහ ළඟ තියෙන ගල් පොත්තෙ වාඩි වෙලා අපි කිරිබත් කෑව. කැවුම් කිරියා කෙසෙල් මම කවදත් ආස කෑම.
කහට දෙකක් හදං එන්න මං කුස්සියට යන කොට මාත් එක්කම මුත්තුත් ආව. පිඟාන හෝදගෙන එළියෙන්.
මගේ අතෙන් ඇදලා මාව මේසෙ පැත්තට තල්ලු කරන ගමන් මුත්තු කලබළෙන් වගේ කිව්වා " පාඹු පාඹු ඉක්මනට මෙසේට නැගින්න තංගා" කියලා.එයා තංගා කියන්නෙ එයාගෙ නංගිට. මමත් ඉතින් පුටුවට කකුල තියලා පැන්න මේසෙට.වට පිට බලනකොට දැක්කෙ ලොකු සරපයෙක්. අඩියට දෙකට කුස්සියට පැන්න මුත්තු අරන් ඇවිත් තිබ්බෙ මෝල් ගහ. මෝල් ගහේ අනිත් පැත්තේන් උගෙ කොන්ද්ට එකකුයි ඔලුවට එහෙක්යි ගහලා සර්පයාව මැරුව මුත්තු.
ඌව කෝටු දෙහෙකින් තදකරලා අල්ලන් අරන් ගියා වත්තට.
මම ඉතින් මේසෙන් බැහැල ගිනි පෙට්ටියයි ලාම්පුතෙල් බෝතලයයි ලිප ළඟ තිබ්බ ගෝනියෙන් රෝනියෝ ශීට්ස්සුයි අරන් එළියට අරන් ගියේ සර්පයා පුච්චන්න. බෝතලෙයි ගිනි පෙට්ටියයි කට වහගෙනම මම මුත්තුට දුන්නා. ලාම්පුතෙල් දාලා ගිනිකූරක් පත්තු කරලා සර්පයාගෙ ඇඟට දාලා කඩදාසි දැම්ම උඩින් . ඔව්ව් ඉතින් සරපයෙක් දැක්කොත් මරනවා ඉතින්. වත්තෙ උනත් ගෙදර වුනත්. 'විසඝෝර සර්පයා අත නෑර මෝඩයා " කියනවා. විස බලන්නෙ නැහැ අහු වුන තැන මරනවා.
"කවුරු හරි එනකම් මං ඉන්නම්" මුත්තු කිව්වා. මම එපා කිව්වෙත් නැහැ. ඒ ගැන වැඩිය හිතුවෙත් නැහැ
ශෙඩ් එකෙන් උදළුත් අරන් අපි බටු පාත්තිය දිහාවට ගියෙ ඔව්ව් කතා බහක් නැතිව. ටික වෙලාවකින් "කියන්න කාරණාවක් තියෙනව" කියලා මං දිහා බලල මුත්තු කීවා.එයා සරස්වතී එකේ ඉගෙන ගත්තෙ හොඳට සිංහල ලියන්න කතා කරන්නත් පුලුවනි.
" මම කසාද බඳින්න යන්නෙ. පාර්වතීව ඔයත් දන්න කෙනෙක්"
"ආආ හොඳයිනෙ? මොන?"
" ඔයාගේ ඉන්ග්ලිශ් ක්ලාස් එකේ"
" නෑ"
"ඔව් "
" එයා ඩයරබා එකේනෙ? (ඩයරබා කියන තේ වත්තේ)
"කොහොමද හම්බූනේ"
" ඉන්ග්ලිශ් ක්ලාස් ඇවිත් තමා"
"අපේ?"
"හ්ම්ම්.... හැමදාම මම උදේටයි ඉන්ටර්වල් එකටයි ක්ලාස් එක ළඟට ආවා.ඒ ආවෙ ඔයා බලන්න"
"ඒ මොකෝ?"
"තේනුකය්යා මට සල්ලි දුන්නා. හැමදාම ක්ලාස් එකට ගිහින් බලන්න. උදේට එක බස්සෙකේ යන්න හවසටත් එකම බස්සෙකෙ එන්න කියලා"
තත්පර කීපයක් අපි කතා නැතිව හිටියා. තේනුක කියන්නෙ මගෙ මස්සිනා. මහ හිතුවක්කාරයා. තරහ ආවත් ඒ කාත් එක්කද කියලා මට හිතා ගන්න බැරි වුණා
ඉතින් මම සීසන් එකක් අරන් "කම්ප්යුටර් ක්ලාස්" එහෙකට ගියා. ඔයා ක්ලාස් එකට යනකම් පස්සෙන් ගිහින් මගේ ක්ලාස් එකට යනවා. එහේ "ලන්ච් ඉන්ටවල්" එකට ඔයාගේ ක්ලාස් එකට එනවා.
"හැමදාම?"
" ඔව් ඉතින්..."
පාරුට මෙයා දෙන ලියුම් මාත් කියවලා තියෙනවා. අපි එකතු වෙලා උත්තර ලිව්වෙ කියලා මට එතකොටයි මතක් වුනෙ. ඒක මෙයාට කියන්නෝනද කියලා මම හිතනකොටම....
" කවි ලස්සනයි කියලා මුත්තු කිව්වා.
"වෙඩින් එක ලබන මාසෙ 17.රිවර්සයිඩ් එකේ තියෙන්නෙ. කාඩ් එකක් ගෙනාවා."
"වෙන කාටද කිව්වෙ? "
"තේනුකය්යට විතරයි. ඔයාටත් තනියෙන් එන්න බැහැනෙ?"
"එනව කිව්වද?"
" ඔව්. එනව නේද?"
"හ්ම්ම්ම් එන්නම්"
" අත්සන් කරන්න"
මම හිනාවුනා. අපි දෙන්නම වැඩිය කතා කරන්නේ නැහැ කවදත්. අපිට වචන ඕනි වුනේ නැහැ.
"අවුරුද්දට ගේ පේන්ට් කරනවද? "
"හ්ම්"
"වත්තෙ ඉන්නවා කට්ටියක් එවන්නම්."
"හා"
එයා එවනවනම් අහන්න දෙයක් නැහැ අපිට කරදරයක් නැතුව වැඩේ කරගන්න පුළුවනි.
දැන් දෙමල අය ඉගෙන ගන්නව රට යනවා කුලී වැඩට වතු වලට යනවා . බදුල්ලෙ ටවුන් එකෙත් කඩවලත් ඉන්නව. පිටරට රස්සාවලටත් යනවා. එයාල එයාලගෙ වතුකම්කරු ලෝකෙන් එළියට ඇවිත්. අළුත් පරම්පරාවේ වහල් මානසිකත්වය නැහැ. ඒක නම් වචනෙ
මහ හඬින් පස්සෙන් යකා එනවා වගේ ආපු තෙනුකය්යගේ වෑන් එක මිදුල වටේ රවුමක් ගහලා පාර පැත්තට හරවල නැවැත්තුවා. ඒකේ ලොකු අකුරින් ගහල තිබ්බ "සිංහ ලේ" මුත්තුත් දකින්න ඇති මයෙ හිතේ....
"යන්න එපා" මං හෙමින් කෙඳිරුවා.
"හ්ම්"
මුත්තු හෑන්ඩ් 4න් එකෙන් කෝල් එකක් ගත්තා.
"ලොකු නෝනා, මම මේ මුත්තු කතා කරන්නේ. කොස් කඩන්න කියලා ආවේ. තේනුක මහත්තයත් ඇවිල්ලා. " ඉක්මනින් කියවගෙන ගියා. ඉතුරු ඒවට " හා නෝන හා! හා! හා! " කිව්වේ.
"ආ මුත්තු කොහොමද?" කියාගෙන තේනුකය්යා අපි ඉන්න පැත්තට ආවා . මං කල්පනා කලේ මම එෆ්. බී එකෙන් ලොග් අවුට් වුනාද කියලා
මහ හඬින් පස්සෙන් යකා එනවා වගේ ආපු තෙනුකය්යගේ වෑන් එක මිදුල වටේ රවුමක් ගහලා පාර පැත්තට හරවල නැවැත්තුවා. ඒකේ ලොකු අකුරින් ගහල තිබ්බ "සිංහ ලේ" මුත්තුත් දකින්න ඇති මයෙ හිතේ....
"යන්න එපා" මං හෙමින් කෙඳිරුවා.
"හ්ම්"
මුත්තු හෑන්ඩ් 4න් එකෙන් කෝල් එකක් ගත්තා.
"ලොකු නෝනා, මම මේ මුත්තු කතා කරන්නේ. කොස් කඩන්න කියලා ආවේ. තේනුක මහත්තයත් ඇවිල්ලා. " ඉක්මනින් කියවගෙන ගියා. ඉතුරු ඒවට " හා නෝන හා! හා! හා! " කිව්වේ.
"ආ මුත්තු කොහොමද?" කියාගෙන තේනුකය්යා අපි ඉන්න පැත්තට ආවා . මං කල්පනා කලේ මම එෆ්. බී එකෙන් ලොග් අවුට් වුනාද කියලා
අපූරු බැඳීමක්. ලස්ස්න කථාව 'බේබි'
ReplyDeleteස්තූතියි. ඒයි ඔළුවෙන් තොලට පාරක් දෙනවා ලේ එන්නම් ඔන්න . :) ස්තූතියි හොඳේ
ReplyDeleteගුටි කා මරාගන්නේ නැහැ වගෙ සත්තූ
Deleteඉවසුව නිසා නැත ඕනෑ වෙද පත්තූ
තොල්පෙති තියෙන්නේ දෙන්නලු උණු තොත්තූ
කියලා දීල නැහැ ඒබව පොඩි මුත්තූ
එහෙම තමයි ඉන්න ඕනි ඉවසුම ඇති පුත්තූ
Deleteකුමට "දෑත ඉස්සර කර සණ්ඩු වෙන්නෙ සත්තූ"
ගනිමු වැඩක් තොල් සඟලෙත් කනව වගෙම කොත්තූ
නොමැත කටේ නරි වාදං ගන්න දන්නෙ තොත්තූ
This comment has been removed by the author.
ReplyDeleteහංගන් හිටපු සෙනෙහස සිට අපි බාලේ
ReplyDeleteදුහුල් නයිටියෙන් කැලතුනි මගෙ සීලේ
ජාතිය ජන්මෙ වැදගත් නැති මේ කාලේ
බේබිට තමයි හැමදාමත් මගෙ ආලේ
-පොඩි මුත්තු
@iyan :O :O :O :O
Deleteඉර හඳ පල්ල සත්තයි මේ.......... පවසන්නේ
මිතු දම විනා නැත්තෙම සෙනෙ සැනසෙන්නේ
දම දැය අගෙයි නැහැ නොව එය නැතිවෙන්නේ
දුටුවද ඇඳුම කිම ඔහු නැහැ නෙව කැළඹෙන්නේ
ඉසුරු දෙවිඳු උමයංගන සේ පාහෙන්නයි කියලා කියන්නයි තිබුණේ නව යුවලට. අපේ ජීවිතයේ සමහර මිතුරු මිතුරියන්/සහෝදර සහෝදරියන්/සමීපතමයන්/සිතේ විශේෂ මතකයකට අයිතිය කියන අය/ මුළු ජීවිත කාලය පුරාම හිතේ කොතැනක හෝ ඉඳගෙන වරින් වර අපේ හිතටම එබී බලනවා. අත්දැකීමෙන් කියන්නේ.
ReplyDeleteඩයරබා...........අම්මෝ.......ඩයරබා වත්ත තියන වැලිමඩ ප්‍රදේශයත් එපා වෙනවා. ඒ කාලේ දියතලාව කඳවුරේ පුහුණුව ලබද්දී ඔය වත්ත ආශ්‍රිතව, රාත්‍රිය එළිවනතුරු, අමාරු අභ්‍යාසයක් කරන්න තියනවා.
ඒ කියන්නේ ඔයත් හමුදා නිලදාරියෙක් නේ කළනය්යා වගේම. අපි දැකළත් තියෙනවා පාරේ එහෙමත් දුවනවා ගෙවතු මැදින් ඔයාලා පුහුණුවීම් කරන්න . ස්තුතියි යමක් කියවල හොඳ නරක කියල යනවට.
ReplyDeleteඔව් කියන්න බැරි තරම් ලෙන්ගතු කම් අපි එකතු කරගන්නවා. මුත්තුත් එහෙම කෙනෙක්
ඔය පින්තූරෙ තියෙන්නෙ නයිට් ඩ්‍රෙස් එකක්යැ
ReplyDeleteඅනේද කියන්නේ මේකිට පිස්සු
Deleteඔයිට වඩා සංවර එකක් හොයාගන්න අමාරු වුනා මට ගූග්ලෙ සර්ච් කරලා
Deleteඅනේද කියන්නෙ පිස්සු නැත්නම් බ්ලොග් ලියාවිය නැද්ද මං අහන්නෙ?
Deleteදුහුලු මෙව්වා එකක් කිව්වම නිකං නිකං වෙලා ගියා...
ReplyDeleteඅගේයි ඇෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ
ජ ය වේ වා !!
අරහෙන් මෙහෙන් දුහුල් මෙව්ව එකකුත් ඇඳල බැළුවා C.J අද්දගන්නවත්
Deleteකියවා බලා නිර්මානය විදගත්තේ
ReplyDeleteඅදහස් ගොඩක් ඇත මා සිත් බැද ගත්තේ
පවසමි ඔබට නිර්මානය ගැන සිත්සේ
පතනෙම් සුභාසිරි ලියනට හැම තිස්සේ
කියවා කවිය අපමණ සතුටකි ගත්තේ
ReplyDeleteලියලා සිටිමි අගයන තුරු මා දත්දේ
හිනැහී ලියමි තව තව නිරතුරු සිත්සේ
කියලා යන්න විඳගමි එය මම තොස්සේ
@Dili
මුත්තු කොච්චර හොඳ කොල්ලෙක්ද නේද ?
ReplyDeleteඇත්තටම එයා හොඳ කොල්ලෙක් තමා. මම කියන්න ගියේ සාමාන්‍ය ජනතාව සමගියෙන් කියලා.
Deleteශ්‍රි ලාංකික රචකයින් දිරිගැන්වීම සඳහා පහසුවෙන් තමන්ගේ ලියවිලි නිර්මාණය කරමින් ඒවා බෙදා හදා ගැනීමට, අන්තර්ජාල වේදිකාවක් නිර්මාණය කිරීමේ උවමනාව මට ඇත.
ReplyDeleteමෙම කෙටි සමීක්ෂණය පිරවීමට මොහොතක් ගැනීමෙන්, මට මෙය ගොඩනැගීමට අවශ්‍ය සහය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.
http://goo.gl/forms/Rgg88KhhX8
වෙනත් රචකයින් සමග share කරන්න :)
ස්තුති!
pls give us the link will U ?
ReplyDelete@Anniedesilva
තේනුක අයියා මහා නපුරා.. හරින් අයියා ඊට වඩා නපුරා.. නිමල් මාමා පට්ට වලත්තයා.. ඩිලාන් මාමා.. නෑ එක්කෝ ඒක ඕනි නෑ.. මුත්තු වගේ පුත්තු හදපු අප්පලා ඉතින් හොඳ අහනවා.. එකට ඔය කලින් කියපු පුත්තු හදපු අප්පලා.. එක්කෝ එකත් ඕනි නෑ.. මට පිස්සු.. හැක හැක..
ReplyDeleteනිමල් මාමයි ඩිලාන් මාමයි දෙන්නගෙන් කවුද හපනා කියල කියපං බලන්න.
Deleteකියන්න තිබ්බ ටික කියලම දැම්ම නේද අය්යේ? මටත් හොඳ කතාවක් නම් මතක් වුනා. අර ඉලාස්ටික් පටි වල ආදරය කරපු කෙනා ගැන.. ම්.ම්.ම්.ම්. එක්කො ඔන්නෑ. අය්යගෙ අඩි පාරෙම යන නංගියෙක් වෙන්නංකෝ
Delete@Helapa kade :)
Deleteම්.ම්.ම්.ම්. පාට පක්ෂ බේදයක් නැතුව ලියනවා නම් "නිමල් අය්ය" යමක් ප්‍රදේශයට කලා කියලා පිළිගන්නම වෙනවා, අඩුපාඩු නැත්තෙ කාගෙද? තියෙනවනං දේශපාලනය කරාවිද මන්ද?
කල්‍යාණ,
Deleteමේ ළමයට මගෙ කතාව ටිකක් කොයිල් වගේ බං.උදව් කරපංකො.
දේශපාලනේ නම් එහෙම තමා . ගැහැණිය දේශපාලන සත්වයකි කියල කවුරුත් කියලා නැහැ මං හිතන්නේ
Deleteමෙහෙම කියන්නද ? " ඩිලාන් මාමා හොඳයි. නිමල් මාමා හොඳාආආඅයි ?"
Deleteඅනේ මේ හැලපයියේ.. මේ ගැනු ළමයින්ගේ කොයිල් දිග අරින්න ගිහින් මට රිකොයිල් වෙන්න බෑ.. පීස් මාව ඕවට පටලවන්න එපා.. හැක හැක හැක..
Deleteඔනිමනම් මෙහෙම කියලා ශේප් වෙන්නම්.
ඩිලාන් මාමට නම් පුළුවන් හපන්න විතරයි.. නිමල් මාමගේ බඩ තිබ්බට මිනිහට තාමත් හපන්නයි හපලා ගිලින්නයි විතරක් නෙවෙයි ගිලින ඒවා දිරවා ගන්නත් පුළුවන්. හැක හැක හැක..
තේරුණා වගේ සද්ද නැතුංම ඉන්නම් අය්යණ්ඩි
Deleteනිහඬ සිත්තරාවිත් හිටපු ගමන් ටොප් කතා ලියනවනෙ.හරිම අපූරු කතාව.
ReplyDelete@Helapa kade
Deleteකතාව අස්සේ තිබ්බ හීන් ටොක්ක දැක්කද මන්දා. ස්තූතියි ආයමත් එන්න හොඳේ
හැලප කඩේ ලියන කිසි දෙයක් " බ්ලොග් පොස්ට් එකක්" මට පෙනෙන්නෙ නැත්හ්ටෙ ඇයි? "බුද්ධිමතුන්ට පමණක් පේන් ඒවද මන්දා විවුස් 1,088,762 කුත් ෆ්ලොවර්ස්ල 271 කුත් ඉන්න බැහැනෙ නේද?
Deleteලස්සන කතාවක්..
ReplyDeleteස්තුතියි ලලිත් බෝහෝම
Deleteඅපූරු කතාව....
ReplyDeleteස්තූතියි හොඳේ :) ආයමත් එන්න
Delete//"යන්න එපා" මං හෙමින් කෙඳිරුවා.//
ReplyDelete//තේනුකය්යා අපි ඉන්න පැත්තට ආවා . මං කල්පනා කලේ මම එෆ්. බී එකෙන් ලොග් අවුට් වුනාද කියලා //
මටනන් මොකක්ද මොකක්ද කියල හිතෙනව අක්කෙ...දුහුල් නයිටිය....නෑ එක්කො ඕනෙ නෑ..කතවෙ ඔතුරු ටික එනකම්ම ඉන්නව....දිගටමු ලියමු...(අපේ රසවින්දනයට).....බේබි කියන විදිහවලුත් දෙකක් තියනවනෙ...
1.මම ඇඳුම් මාරු කළා කියලත් ලියලා තියෙනව මල්ලි
Delete2. එෆ්. බී එකෙ ඔන්ලයින්නේ මම හිටියෙ. ඉතින් තේනුකය්යා ඕව බලල අම්මට කියනව
3."යන්න එපා" කියල හෙමින් කෙඳිරුවෙ තේනුකය්යාය මායි විතරක් ගෙදර තනි වෙනවටනෙ?
ඒ කියන්නේ මේක ඇත්ත මුසු වූ කතාවක්ද...?
Deleteඔව් ලොකු පුතේ , ඇත්ත
Deleteරායිට්.. මේ කතාවට ගස්ලබ්බ ලයික්.වචන නැති උනාට අර කොයිං.. කොයිං ගාන ගතියත් තිබුනා.බහුතරයක් මිනිස්සුන්ට ජාතිවාදෙ වැඩක් නෑ..
ReplyDeleteජයවේවා..!!
අපි සහයෝගයෙන් ඉන්නවා ගස් ලබ්බ. හදිසියකදී උදව් වෙනවා. තමන්ගේ කමට ඇසුරු කරනවා. එහෙම නැති අය නැතිව නෙවි.
Deleteසමහර සම්භන්ධකම් වලට කියන්න අපි ව්‍යවහාර කරන භාෂාවල් වල නමක් හෝ නෑකමක් නැහැ හංසමාලි.. සමහර පුද්ගලයින් හිතේ සුවිශේෂී තැන්වල සදාකල් අමරණීයයි..
ReplyDeleteවඩාත් කාලයක් පවතින්නේ නෑකමෙන්, ජාතියෙන්, ආගමෙන්, කුලයෙන් ලැබෙන බැඳීම්ද එහෙමත් නැතිනම් ඒ එකක්වත් නැතුව සංවේදී හැගීම් දැනීම් අස්සෙන් හිත ඇතුලට රිංගලා ස්ථිරවම පදින්චිවෙන සුන්දර මිනිස්සුද කියන එක තේරුම් ගන්න බහුතරයක් මිනිස්සු උත්සහ කරන්නේ නැහැ.
සංස්කෘතිය, සදාචාරය, දේශපාලනය මිනිස්සුන්ගේ ඇතුළාන්තයට බලෙන් රිංගවලා. සුළුතරයක් එව්වයින් වාසි ලබනකොට බහුතරයක් එව්වයේ නරක ප්‍රථිපල නෙලාගනිමින් සිටිනව.
ඔයා මං කියන්න හදපු දේ හුඟක් ලස්සනට කෙටියෙන් කිව්වා. අම්බලන්ගොඩය්යේ, අපේ ආච්චිලට මතක තද පාට ඇඳගෙන බුලත් කාගෙන " හචා පචා" කියාගෙන (ආච්චිගෙ වචන ) නූගත් දලු කඩන මිනිස්සු. " උන් ඔය උම්බලකඩ ඇහිදින්න ආපු මිනිස්සුනේ?" )ආච්චි කිව්වෙ එහෙම. නමුත් දැන් මිනිස්සු උගත් වෙනත් රස්සාවල් කරනවා. ඉස්සර තරම් බයාදු නැහැ.ම්.ම්.ම්.ම්.ම්. ස්තූතියි හොඳේ ආයම ඇවිත් ධිරි දී යන්න :)
Deleteඩයරබා වත්ත ගැන ඇත්තටම දන්නවද?
ReplyDeleteබණ්ඩාරවෙල මාමාලාගෙ වගා වැඩ වලට කට්ටිය එන්නෙ එහෙන් වැඩිහරියක්
Deleteකොහේ ඉපදුනත් මිනිස්සු කියන්නේ මිනිස්සුන්ටම තමයි.අපි සීමාවල් හදාගන උඩ බිම බලනවා.
ReplyDeleteහ්ම්ම්ම් . රාමු හදාගෙන ඒවට සීමා වෙලා. එයින් පිටත ඉන්න අය දිහා ඔරවනවා. තමන් විතරයි හරි කියලා.අනිත් අතට තමන්ගේ දර්ශනය ආගම රට වෙනුවෙන් දිවි පුදන්න බැරිනම් එයා මනුස්සයෙක් වෙනවද මන්දා :)
ReplyDeleteමම තාම පොඩි වැඩී මේව තේරුම්ගන්න
ReplyDelete