මම මගේ කාමරේ ජනේලේ පොලු අස්සෙන් වැස්ස දිහා බලං හිටියා.මුකුත් එච්චර පෙණුනටම නෙවි.. වැස්ස වගේ කඩා හැලෙන කඳුළු ගඟ ඉකියකුත් එක්ක පිටවුනේ මටත් හොරෙන්. වැස්ස හොඳයි.. මගේ කඳුළු කවුරුත් දකින්නෙ නැහැ...කොච්චර වෙලා ඇඬුනද කියන්න මට තේරුමක් නැහැ
අම්මට කොහොමත් මාව පේන්න බැහැනේ . ආදරේ මල්ලිටයි නංගිටයි විතරයිනෙ? මට හිතුනේ නොරිස්සුමෙන්... .
ආයමත් නො එන්න ගෙදරින් හෙට උදේ යන්න ගත්තු තීරණය මම වෙනස් කරන්නෙ නැහැ. හෙට උදෙන් කවුරුත් නැගිටින්න කළින්ම කළුවරේ මම යනවා. පුංචි කාලේ ඉඳන් මගේ මුළු ලෝකයම වුන පවුලත් කාමරේත් දාල යනවා...
හිටගෙන ඉඳලම කකුල් රිදෙන කොට මම හෙමින් ගිහින් ඇඳේ හාන්සි වෙලා ජනේලෙන් එළිය බලාගෙනම වකුටු වුණා මට එහෙමම නින්ද ගිහින්.... ආදරෙන් මගේ ඔළුව අතගානවා දැනිලා මට ඇහැරුණා.. ජනේලෙන් එන හඳ එළියෙන් කාමරය එළිය වෙලා.. සීතල හුළඟක් ඇවිත් මට සීතලක් දැනිලා පෙරවන එක අස්සෙ මම ගුලි වුණා......
.
ආදරය පිරුණු ඇස් වලින් අප්පච්චි මා දිහා බලන් ඉන්නවා.
අප්පච්චි මා ලඟින් වාඩි වුනා.. අපච්චිට ඉඩ දෙන්න මම චුට්ටක් දුරස් වුණා. වෙනද වගේම අප්පච්චි මගේ ඔළුව අතගාල ඇහුව මගේ පුතාට බඩගිනිනේ? කියලා... ඉදිච්ච අඹ ගෙඩි දෙකක් කපල ලුණුදාලා මිරිස් දාලා තියෙන මට දුන්නා..
"දෝණි, කරන්න යන වැඩේ හරිද මගෙ දුවේ? මල්ලියි නංගියි දාලා යන්න එපා මයෙ දුව.. අම්මට කවදත් තරහ යනවනේ? එයා බැන්නට ඔයා ගෙදර දාල ගියාම හරි යන්නෙ නැහැන් මගෙ මැණික?"
කේන්තිය දුක ඉවර වුණාම තව සතියකින් විතර ඔයා ඒ ගැන ආයම පාරක් හිතලා බලන්නකෝ.. හොඳද? ඔයා මොනවද පුතේ ලෝකේ ගැන දන්නේ? නන්නාදුනන තැනක නැවතිලා උදෙ ඉඳන් හවස් වෙනකම් ...... මිනිස්සු කබළෙන් ලිපට වැටෙන්න හොඳ නැහැනේ
දැන් ඔයා පොඩි ළමයෙක් නෙවි.. මීට වඩා පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරන්න ඕනි හොඳද?
මට පොරොන්දුවෙන්න ආයම ඔය වගේ වැඩක් කරන්න හිතන්නෙ වත් නැහැ කියලා
ජීවිත කාලය පුරාවටම කෙල්ලක් ගැහැණියක් තමන්ගෙ හොඳ නම රැකගන්න ඕනි... කවමදාවත් කණ්ණාඩියෙන් තමන්ගෙ මුහුන බලන්න බැරිවෙන කිසිම දෙයක් කරන්න එපා හොඳද?
මම ආයම අඬන්න පටන් ගත්තා. නැහැ මට ඇඬුණා...... අම්මා උදේ බනිද්දි අඬපු නැති මම දැන් ආයම ඇඬුවා....
"කඳුළු හරිම වටින දෙයක් මයේ පුතේ..... ඒවා ඔහේ හැලෙන්න අරින්න එපා.... කොහොමත් කාටවත් තමන්ගෙ දුක කියන්නම එපා හොඳද?ගැහැනියක්ගෙ කෙල්ලක්ගෙ කඳුළු වලට කරන්න බැරි දෙයක් නැහැ කිව්වට ඒ දුක පෙන්නන්න ගිහිනුත් අමාරුවෙ වැටෙන්න පුළුවන්... මතක තියා ගන්න කඳුළු ඔයාගෙ විතරමයි අඬන්නම ඕනි නම්"
මම යන්නම්. ගෙදරින් යන්න හිතනවා එහෙම නොවෙයි ඔන්න"
"අනේ අප්ප්ච්චි" කියවුණා මට...
අප්පච්චි හෙමින් දොර දිහාට ගියා...මට එයාට එහෙම යන්න දෙන්න බැහැනෙ? මම පැන්නා අප්පච්චි දිහාවට.. දඩාං ගාල මාව කොහේ හරි වැදුණා...
සද්දෙ හැටියට මම වැදුනෙ දොරක... මම දොර අල්ලගෙන අඳුරෙම ආපහු හැරිලා වට පිට බැලුවා.. මම ඉඳලා තියෙන්නෙ අප්පච්චි ගේ ඔෆිස් කාමරේ..
"අනේ සෙනේ යන්න එපා" කියලා අම්ම කෙඳිරි ගානවා මට ඇහුණා. එයා අඬනවා කියලා මට තේරුණා...
ඒත් මට එතනට යන්නත් බය හිතුන.. ඒ වගේම කතා නොකර හිටියොත් අම්ම තවත් අඬයි කියලා මට හිතුණා
අම්මා අම්මා කියන්න කට ඇරියට මගේ වචන පිටවුනේ මම කීප සැරයක් අම්මට කතා කලාම තමා.
බය හිතුනත් ටිකක් මම දොර ඇරන් එළියට ආවා කාමරෙන්. අම්ම දොරකඩ.....
දුක භය සතුට සැනසීම අම්මගෙ අඬලා රතු වුණු ඇස් වලින් මම දැක්කා... අම්මත් මගෙ ඇස් දෙක දිහා බලල අහක බලාගත්තා..
අම්ම කෙළින්ම ගියේ මගේ ඇඳ ළඟට... එයා ගිහින් අත තිබ්බා අප්පච්චි වාඩි වෙලා හිටපු තැනට,,,,
මමත් ඒ ළඟින් වාඩිවෙලා අම්මගේ අත ලඟින්ම මගේ අත තිබ්බා. අප්පච්චි වාඩිවෙලා හිටි තැන රස්නෙයි.... අම්මයි මායි හෙමින් අපෙ ඔළු හරවලා එකෙක්කෙනා දිහා බැලුවා.. දෙන්නම අත් අල්ලන් උරහිස අස්සේ මූනු හන්ගන් ඇඬුවා. ඇඬුණා .
අපි කොච්චර වෙලාවක් එහෙම හිටියද මට හිතා ගන්න බැහැඅම්මා දිග හුස්මක් හෙලලා පාත්වෙලා ඇඳ යට තිබ්බ මගේ රෙදි බෑග් එක අරන් අල්මාරිය ලඟට ගියා. මම ගනන් කරල ගත්තෙ කිට්ස් 5ක් විතරයි. මුකුත් නොකියා ඒවා ආපහු අල්මාරියට දැම්මා... අල්මාරියෙ උඩම තට්ටුවෙ මම තිබ්බ ලියුම අරන් කියවන්නෙ නැතුවම මට ගෙනත් දුන්නා.... දුන්න නෙවි මම වාඩිවෙලා හිටපු තැනෙන් තිබ්බා.. හරියටම අප්පච්ච්ට දුන්න වගෙ
ඉන්පස්සෙ හෙමින් හෙමින් ජනේලෙ ළඟට ගිහින් මම බුරුල් කරලා තිබ්බ කූරු දෙක ගලවලා අරන් බිත්තිය මුල්ලෙන් තිබ්බා...
අනිත් ජනෙල් කූරු දෙකක් අල්ලන් ආයමත් අඬන්න පටන් ගත්තා. මම ඔහේ මගේ කකුල් දෙකේ මාපට ඇඟිළි දිහා බලන් හිටියා....
අප්පච්චි ගෙනාපු අඹ ගෙඩි දෙකේ දියවෙච්ච මිරිස් බිඳු කීපයක් මෙත්තෙට වැටිලා තිබුණා.. ඒ අප්පච්චිගේ ලේ කඳුළු කියලා මට හිතුනෙ?
ඒ ආවේ කවුද? අප්පච්චිද? අප්පච්චිගෙ හොල්මනද?හොල්මනට බාගෙට ඉදුණු අඹ කපල ලුනු මිරිස් දාලා ගේන්න පුළුවනිද? එකම වෙලාවෙ අම්මගෙ කාමරෙයි මගේ කාමරෙයි ඉන්න පුළුවනිද? හොල්මනක් නම් අප්පච්චි වාඩිවෙලා හිටිය තැන රස්නෙ කොහොමද? අපි දැක්කෙ හීන නම්.... අම්ම මේ දේවල් ඔක්කොම හීනෙන් දැක්කෙ කොහොමද? බනට ආව සාදු කිව්වෙ කූඩැල්ලෝ වගෙ අපි එක ආතමයක් අතාරින්නෙ තව තැනක්/ ආත්මයක් අල්ලගෙන කියලා...
අම්මා කොහොම දරන් ඉන්නවා ඇතිද?
ඉකිලන ඉසුඹුලන රිදුවන තරුණ .........බවේ
විඳවනු දනිමි රෑ තුන්යම ඉකියෙ..........තැවේ
කඳුළැලි සඟවමිය නොනැවති ගලන.... ඉබේ
විසඳනු කෙළෙසකද නොදනිමි මහද ..... තැවේ
හමුවන කම්කටොළු දුක් කරදර ..............බාදා
ඉවසනු කෙළෙස මට හිසරදයක්............ සාදා
කඳුළක සුසුම හා දුකකට මග................ පාදා
කවියක සවිය ළඟ සැඟවෙමි සිත………… පාදා
රෑ සඳ හොරෙන් ඔබෙ කුටියට එබෙන්නෙපා
සීතල සුලං හොර රහසෙන් ...වෙළෙන්නෙපා
පාළුව තනිය හිත අස්සෙත් .....තියෙන්නෙපා
තනිවුණු බවක් මගෙ අම්මට දැනෙන්නෙපා
රතුවුණු දෙනෙත හංගා ගෙන ඇයිද…… කියා
විමසනු නොහැක මගේ දෙනුවණ රතුම නියා
මදහස පාමි නොබලමි ඔබෙ දෙනෙත….. දිහා
හිනැහෙමු අම්මි අපි දුකඳුරු මැදින්……. වියා
තරුණ වයසෙදි සැමියා නැතිවෙලා කඳුළු සුසුම් හංග ගෙන ඉන්නෙ අම්ම.. එයාගෙ කිංකිණි හිනාව අපිට දැන් ඇහෙන්නෙ නැහැ.. මද හිනාවක් ( මම කියන්නෙ අම්මගෙ මොනාලිසා හිනාව ) විතරය් දැන් අම්මි ලඟ තියෙන්නෙ.. අප්පච්චි අපේ හිනාව අරන් ගිහින්
පුංචි සමනළියක් වගේ ඉගිළුණු මම දැන් පොඩිහිටියෙක් නැහැ වැඩිටියෙක්. අප්පච්චිගෙන් හිස්වුණු කොටසෙන් අල්ප මාත්‍රයක් වත් පුරවන්න උත්සහ කරමින්
අප්පච්චී
සිහිනෙන් ඇවිත් හිස අද්දර නවතිනවා
කඳුළැලි සිනහ රැලි විටකදි හිමි වෙනවා
දිවි මග ගමන ගැන තනියම ලත වෙනවා
ඔබ ගිය මගම මට එන්නට සිත් වෙනවා
මතු මතු ඉපිද මම පියතුම දුව වෙනවා
රහසින් වගෙයි මට මොනවද පවසනවා
සෙනෙහෙන් පහත් වෙල හිස අල්ලනවා
හඬමින් මමත් නෙතු කඳුලැලි වගුරනවා..
...
සිහිනෙන් ඇවිත් හිස අද්දර නවතිනවා
කඳුළැලි සිනහ රැලි විටකදි හිමි වෙනවා
දිවි මග ගමන ගැන තනියම ලත වෙනවා
ඔබ ගිය මගම මට එන්නට සිත් වෙනවා
මතු මතු ඉපිද මම පියතුම දුව වෙනවා
රහසින් වගෙයි මට මොනවද පවසනවා
සෙනෙහෙන් පහත් වෙල හිස අල්ලනවා
හඬමින් මමත් නෙතු කඳුලැලි වගුරනවා..
...
තනිකම රැයෙහි හෙමි හෙමිහිට මතු වෙනවා
අප්පච්චිලත් ඉන්නවා.. එහෙමවත් හිත හදා ගත්තෙ නැතිනම්..........
හරිම සංවේදීයි
ReplyDeleteස්තූතියි ඉයන් :)
Deleteඅප්පච්චි ගැන සංවේදි මතක සටහනක්.
ReplyDeleteමගේ දූ මගෙන් අහන්න අකමැතිම වචන කිහිපයක් තියනවා.ඉන් එකක් තමයි මම මැරෙනවා කියන එක.එයාට ඇහෙන්නඒ වචනේ කියන්නම එපා කියනවා....
අපප්ච්චිගෙ රැකවරණය සෙනෙහස අස්සෙ ගුලිවෙන්න අපි කැමතියි හැමදාටම . ඒකෙන් මිදිල ලොක්කේයො වෙන්න අපිට ඕනි නැහැ. ස්තූතියි ආයම එන්න
Deleteඅන්තිමේ හිතන් ආව දේවල් ලියා ගන්න වචන නැති උනා.. සංවේදි සටහනක්..
ReplyDeleteමොනව හරි දෙයක් ලිව්ව නෙ? ඒක හිතට ධිරියක්= ස්තූතියි .. ආයම එන්න
Deleteකවි ටික ඉස්තරන් සත්තරන්...
ReplyDeleteතැන්කූ වේවා පැලැටිනම්
ReplyDeleteහ්ම්ම්... උදේ පාන්දරම කියෙව්වේ.. දවසටම ඇති.. හ්ම්ම්..
ReplyDeleteකියවිල්ල ඇති උනාද?
Deletewell done...
ReplyDeleteThank a lot
Delete@Chathuranga
මං මේක කියෙව්වේ නෑ.... හදවතට දැනෙන දුක වැඩි දේවල් කියවන්න තියන අකමැත්ත නිසාවට.... උඹේ අප්පච්චි නැති අඩුව පුරවන්න බැරි බව හැබෑව... හැබැයි අප්පච්චි නැති උනා කියල හිතාගෙන ඉන්නවට වඩා හොඳයි අප්පච්චි අපි අතරේ කොහේ නමුත් ඉන්නව කියල හිතාගෙනඉන්න එක... ඒ සවියෙන් වැඩ කලානම් හරි...
ReplyDeleteඇත්ත සජ්ජය්යේ,
ReplyDeleteඑහෙම නැතුං අමාරුයි ජීවත් වෙන්න.ළඟ නැතුවට අපිට කිට්ටුයි අම්ම තාත්තා...අපි හැම දෙයක්ම කරන්න එයාලට පේන්න. බලු පැටියෙක් හුරතල් වෙනව වගේ අම්මා තාත්ත ළඟ. එයාල ලඟ නැතිවුනාම ජීවිතේම නැවතුනා වගේ තමා.. ආයම දකිනකම් නොඉවසිල්ලෙන්
ලියන්න දේවල් හුඟක් ඔලුවට ගලාගෙන ආවට ඒ දේවල් ලියන්න තියා හිතන්නත් මම අකමැතියි. මට කරන්න පුළුවන් ලොකුම දේ ලොකුම ලොකු ජීවිත රක්ෂණයක් අරගන්න එක නිසා මම රක්ෂණයක් ගත්ත. ඊට අමතරව කරන්න පුළුවන් ලොකුම දේ වැඩි වැඩියෙන් පින් දහම් කරන එක නිසා මම එකත් නිතරම කරනව . ඒත් රක්ෂණ ඔප්පුව මුදල් වෙන දවසට මම කොහේ ඉඳීවිද කියල මම දන්නේ නැහැ. ඒ තමයි කර්මය. කර්මයට එරෙහිව යන්න අපිට බැහැ. නිතරම මරනානුස්සතිය වඩමින් ඊළඟ තත්පයෙදීත් මරණය බලාපොරොත්තු වෙන එකෙන් කුසල් පක්ෂය වැඩිවීම සහ මරණයට සතුටින් මුහුණදෙන්න පුළුවන් ශක්තියක් ඇතිවෙනව. අපේ දෙමවුපියෝ, දරුවෝ , බිරින්දෑවරු කොයිතරම් නම් සංසාරේ පුරා මැරිලා ඇතිද. ඒ අහිමිවීම් වලින් හෙලපු කඳුළු සප්ත මහා සාගරයට වැඩියි කියලයි බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ හින්ද මෙයත් තව එකක්ම පමණයි. මේ වෙන්වීමත් ආරම්භයද අවසානයද නොවේ.
ReplyDeleteහන්සමාලිගේ පියාණන්ට නිර්වාණය ප්‍රාර්ථනා කරනව ..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්. අප්පච්චිට නිවන සුව පැතුවට ඔයාටත් පින්
Deleteමට තේරෙනවා ඔයා කියන දේ. පටාචාරවටද නොමල ගෙයකින් අබ ඇට අරන් එන්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වෙ? ජීවිතේ දිහා ඔයා වගේ පරිනත ඇහෙන බලන්න හැමෝටම බැහැ මම හිතන්නෙ. ම්.ම්.ම්.ම්..ම්.ම්.ම්.ම්.ම් මාත් උත්සහ කරන්නම් .ස්තූතියි හොඳේ
හපොයි මමනම් මේක කියෙව්වේ නෑ..... මම කොහොමත් දුක හිතෙන පිචර් බලන්න ආස නෑ
ReplyDeleteඅය්යෝ ඒ කියන්නෙ දුක හිතෙන ඒව ලියන්න එපා කියලද?
Deleteකවි ලියැවිල්ල විතරක් නෙමෙයි කතා ලියැවිල්ලත් සුපිරියි.... හරිම සංවේදී රචනයක්... ජය
ReplyDeleteබොහොම ස්තූතියි කුරුට්ටය්යේ,
ReplyDelete:) ලියන්න ආසයි+ ලියනව= කමෙන්ට්ස් හිත ධිරිමත් කරනවා
දුක හිතෙන ලිපියක්...
ReplyDeleteකවිටික් හැඩයි...
ජ ය වේ වා !!!
බොහෝම ස්තූතියි + උත්තර පමා වුනාට සොරි :)
Deletehari wage
ReplyDeleteමම මේ පැත්තට ආව මුල්ම වතාව.
ReplyDeleteගොඩක් සංවේදී ඒත් කොහොම හරි කියෙව්වා. කවි ටික ලස්සනයි.
ස්තුතියි + සතුටින් පිළිගන්නවා+ ආයමත් එන්න හොඳේ
Delete@ Mahesh
අනිවා දිගටම එනවා.
Deletesthuthi :)
Delete@Mahesh
මමත් හුඟක් සංවේදී වුණා මේක කියවල. මම මගේ තාත්තා ගැනත් බ්ලොග් ලිපියක් ලියල තියනවා. අපි හැමෝම එක තැන ඉන්නේ. මම දැන් අවුරුදු 10 කට කලින් මළවුන් එක්ක කතා කරන්න පුළුවන් කියල මීඩියම් ල හොයන ගියා. දැන් ඒවා අත් හැරලා ඉන්නේ. ජීවිතයේ වෙන සමහර දේවල් අපට තවම් වලක්වන්න පුළුවන් කමක් නැහැ.
ReplyDeleteඇත්ත. ඒ වගේම සමහර දේවල් අපේ බුද්ධියට උගත් කමට මනසට තේරුම් ගන්නත් බැහැනේ? ස්තූතියි මේ පැත්තෙ ආවට ... ආයමත් එන්න :)
Deleteharima sanwedi lipiyak,
ReplyDeletesthuthi :)
DeleteSenerath