ඔන්න එක් තරා එක කළෙක හිටියළු එක මිනිහෙක් හරිද?
දැන් ඉතිං "හ්ම්" කියන්න ඕනි. "ඉතිං අපට මොකෝ කියලා අහන්නෙ නැතුං හොඳේ..අපේ ඉතිහාසය සර් වගේ මතෘකාවෙන් පිට පනින්නෙ නැතුව මම ආයම කතාවට එන්නම්කෝ.
අපි එයාට නමක් දාමුකෝ හරමානිස් කියලා.දවසක් එයාට යාලුවෙක් මුණ ගැහුනලු. මෙන්න දෙබස
හරමානිස්:හලෝ මචං . උඹ 'කුරුසයෙක්' වුණාද?
යාලුවට තේරුණා මොකද්ද අහන්නෙ කියලා
ගිරිගෝරිස්:ඔව් බං මම 'කැතලික්" වුණානෙ?
හරමානිස්:මම දැනගත්තා උඹ 'චර්ච්' එකක් බෙල්ලෙ එල්ලන් ඉන්න කොට
ගිරිගෝරිස්:මටත් ආසයි බං කුරුසයෙක් වෙන්න..
යාලුවට හිතුන එන පොට හොඳ නැහැ කියලා
ඉතිං යාලුවා කිව්වා දවසක් දෙකක් අපි චර්ච් ගිහිල්ල බලමුකෝ කියලා. ඉතින් යාලුවා කිව්වා පල්ලියට ගිහින් "ප්‍රේ ' කරන්න කියලා මේ ගොය්යා දන්නවය ඕවා.
හරමානිස්: අනේ මම ඕව ඉතිං දන්නෙ නැහැනේ?
ගිරිගෝරිස්:මොනවත් ඕනි නැහැ. ගිහින් අනිත් අය කරන දෙවල් බලල පොඩ්ඩක් ඉගෙන ගන්න බලපං. පස්සෙ ගිහින් අපි ෆාදර් හම්බුවෙමු
ගිරිගෝරිස් ඉතින් සැදැහැ සිතින් පල්ලියට ගියා කියමුකෝ මෙන්න බොලේ වැඩේ. ලස්සන ලස්සන ගැහැණු උදවිය ලස්සන ලස්සන ඇඳුම් ආයිත්තම් ඇඳගෙන හරි අගේට මොන මොනවදෝ කියනවා. ඒ මදිවට නැගිටිනවා වාඩිවෙනවා. ඔය මැදැයි ඉතින් මෙයාට වට පිට බල බල ඉන්නකොට දැක්ක එක්තර එක් බවලතෙක්ගෙ ගවුමක් එයා නැගිටින කොට ම්.ම්.ම්.ම් එයාගෙ "ප..ස අස්සේ" ගිහින්..
ඉතින් ගිරිගෝරිස් හෙමින් සැරේ ඇඟිළි තුඩු දාලා අර හිරවුණු ගවුම එළියට ඇද්දා.මොකක් වෙන්න ඇත්ද? ලැබුණා කම්මුල ඉදිමෙන්නම පාරක්
ඉතින් යාලුවට ගිහින් සිද්ධිය කිව්වම " උඹ මොකටද අනුන්ගේ කෙහෙම්මල්. ඒවා ඒ විදිහට තියෙන්න අරින්න එපාය? කිව්වළු
ඊළඟ දවසෙත් එයාටම ඒ දේම උණාලු. ඉතින් ගිරිගෝරිස් ඊයෙටත් වඩා හෙමින් ගවුම අර දෙබලෙන් එළියට ඇද්දමළු එයාට මතක් වුනෙ අර යාලුවගේ උපදේසේ
අනුන්ගෙ කෙහෙම්මල් මොකටද මම ආපහු මම ගවුම තිබ්බ විදිහටම හදනව කියලා මෙයා ගවුම හදන්න හැදුවළු..
හවස යාලුවා කම්මුල් දෙකම ඉදිමිලා තියෙනවා දැකලා
"උඹව නම් හදන්නම බැහැ බං හෙට පුතාවත් එක්ක පළයං. හැබැයි උඹේ ඇඟිළි තියන දිහාව පරිස්සමින්" කිව්වළු අනුන්ගෙ ගැහැනු දිහා එහෙම බලන්නම එපා කිව්වළු.
එදා හවස යාලුවව මුනගැහෙන්න ආවලු හරමානිස්. මූන පුරා අතේ පයේ තුවාල එක්ක ඉන්නවළු කෙඳිරි ගගා ගිරිගෝරිස්.
හරමානිස්:මොනවද බං මේ කරගත්තේ ' ශික් ශික් මම හිතුවෙ නැහැ උඹ මේ පුතා ඉස්සරහත් ඕ වගෙ පහත් වැඩ කරයි කියලා. අනික පල්ලියෙදිත්
ගිරිගෝරිස්: මම මුකුත් කළේ නැහැ බං අද ගවුම හිර වුන තැනින් ඇද්දෙ පුතා. ඉතින් මම ඒක ආපහු දාන්න හදනකොටම කට්ටියම එකතු වෙලා නෙළුවා බන්. මට කතා කරන්නවත් හම්බුන්නෙ නැහැ කිව්වලු.
ඒ වගෙ අනුන්ගේ කෙහෙම්මල් අස්සෙ අත දාන්න ගිහින් මටත් ගුටි කන්න වෙයිද මන්ද..
මදුමාධවී කවි පන්තිය ගැන කියන්නම් කෝ මම දැන්
දන්නවනෙ ඔයාලා අපේ මධු මාදවී ලස්සන කවි පන්තියක් ලියලා එයා කෝක ලිව්වත් ලස්සනට ලියනවනේ ඇති කරන්න ගත්තු හා පැටියෙක් ගෙ ආවසානය ගැන ලියලා තියෙන්නෙ, හුඟාක් ආදරෙන් හදල ඒ වගේම ඌ වදයක් වුණු හැටි අපූරුවට සිත්තම කරලා. එයාගෙ පෝස්ට් එකෙ ලින්කුවත් මම මේ ගමන්ම පහළින් එකතු කරනවා, නොදුටු අයට බලන්න
lසමාවෙයං පුත මට
මෙන්න ඉතින් මගේ කමෙන්ට් එක එයාට ලිව්ව
හරිම අගනා කවි පෙළක්.. ඔබේ දුක නොදැණාම නොවේ. කොන්ක්‍රීට් වනයෙ හිරවුණු මියගිය හා පැටියා වෙන්න මටත් හිතුණා.එයාගෙ ඇහින් අපේ ලෝකයයි මේ..
සද්දෙට බයයි කොළ හෙල්ලෙන වෙලාවට
නෙත් දෙක සරයි බිය වද්දෙන..... කලාවට
යුද්ධෙට නොවෙයි දුව යන්නෙද ..ගුහාවට
ඇත්තම තමයි ගෙට එන්නෙද ....."පිඟානට"
දුවගේ තුරුලෙ මම හුරතලයේ ඉන්නම්
ඇකයේ රැඳිලා රස පදවැල් අහගන්නම්
පුතුගේ රුදුබවේ කෙණිහිලි විඳ ගන්නම්
මෙමගේ හුරු ලෙසේ හැම තැන බෙටි ලන්නම්
දත කට මදින්නට හැම දෙය හැපුවා කියා
කුමකට බනින්නෙද එය මගෙ හුරුව නියා
සතුටට දුවන්නට එහෙ මෙහෙ යන්න කියා
කෝමට හිතන්නට මේ ගෙයි ඉඩද.... මෙයා
තිබහට වතුර කෑමට දෙය සොයා යමී
නවතින තැනක හිත උඳු පියලියද කමී
තනිකම මකන ඇය ළඟ ජීවිතය ....දෙමී
හුරුලෙස මටම හිතු හිතු තැන බෙටිද ලමී
කූඩුව මටද මට හිමි නැති රුදුරු ලොවේ
කීවට කවුද අසනුයේ නිදහසද නොවේ
"මානන බැලුම්" මිය යන බව දනිමි දැවේ
කීමට දහස් දෙය ගොළු කර ගනිමි මුවේ
මිනිසා දිනෙක වැසුවළු වනපෙත්.... මැද්දේ
කවදා කොහොම ආවද මෙහෙමත්... සද්දේ
රවටා අපිව ගෙනවිත් දෙන වද..... ලද්දේ
බෙටිලා තැනක මිනිසුනි මොකටද සද්දේ
ගහ කොල අහස ගඟ දිය .....වාසනාවන්
පැනයමි දුවමි නිදහස මට...... මනාවන්
සූසැට ඇතත් මිනිසුනි නෙක..... කලාවන්
නොදනිද මියෙන එක අගෙ මැද ප්‍රියාවන්
සඳවත මැද්දේ රුව මැව්වේ අගෙම .......නිසා
බණ පද මැද්දේ ඔබ හිටියේ එයම.......... අසා
හිමිකර ගත්තේ කිම ඉන්නෙම් දෙනෙත....... වසා
කුමකට යුද්ධේ නැත්තේ මට හිතෙද .... තොසා
මිහිකත හිමිය සමතැන හැමටම ඇත්තේ
කොටුකර ගන්න ඔබ හට අවසර නැත්තේ
වනසිරි හැරිය දුක ඇත්නම් ඔබෙ සත්තේ
යමි අපි එකට ඉමු සමගිව වන මත්තේ
අම්මෝ මගේ කවි කමෙන්ට් එකට තිබුණු රිප්ලයි ගොඩ..