Dec 3, 2016

විකිණෙන විකුණුනු ගැහැනිය

කටුසු හදවතගෙ නිසදැස කියවල මගේ ඇස් වලට කඳුළු ආවා.. ඒ ඔස්සෙ කමෙන්ටුවක් නොලියම බැරිවුනා.
ඒ පොස්ටුවට  මම ලින්ක් එක මෙතනම යොදන්නම්

මහඹබාට මූණු දෙකයි
විකිණෙන විකුණුනු ගැහැනිය එදා ඉඳන්ම හිටියා/ අදටත් ඉන්නවා/ හෙටටත් ඉඳියි/හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්




පෝය හඳ පායපු
ලස්සනෝම දවසක
පන්සලේ බෝ මලුවෙදි
යාන්තමට හිනා වෙලා
මගෙ හිත ගත්තම,,,,
කාටත් හොරා දවසක්
මගේ අතේ ලේන්සුවක්
ගුලිකොරපු දවස
හැංගි හොරා අපි කාටත්
අපි අපේ කියැව්ව පෝය දවස
අම්ම අප්ප නාටක කියද්දි
මගුල් බෙර මාල හත නැතුවම
කාටත් හොරෙන්ම අපි කූඩු වුණු හැටි
අමතක කරන්නේ කොහොමෙයි?
අපි වෙනුවෙන්ම උදේ ඉඳන්
හවස් වෙනකම්ම ..රෑ මැදියමෙත්
කාසි පනම් හොයන්ට
වෙන හෙය්යම්මාරුව
මම නොදන්නවය මයෙ දෙය්යෝ?
කරගැට  පුපරපු අතවලින්
කකුල් කෙටි ටික කෙඳිරි නොගාම
රෑ තිස්සේ අත ගාන හැටි මං දුටුවා
දව්ස් ගණන් පය්න්ඩයක් වත්
එවාගන්න බැරුව  මං හූල්ලපු හීල්ලිල්ල
කාට කොහොම කියන්නද මන්ද...
පොඩියෙකා බඩගින්න මොරගහන කොට
අම්මෙක් හැටියට මං උහුලන්නෙ
 කොහොමෙයි මයෙ දෙය්යො ???
"ඉස්කෝළෙට කොපි පොතක් ගේන්න
එහෙම නැතුං ඉස්කෝලෙ එන්න එපා"
කිව්වම " ඉස්කෝලෙ නෝනා කියැව්වම
 මට හොරෙන් ඉකි ගහන
ලොකු එකීට  " අප්ප එනකං ඉඳින්"
කියන්නේ කොහොමෙයි????
නමෝ විත්තියෙන් උඹට දුන්නු
ආලවන්ත කොම එහෙමමයි මයෙ දෙය්යෝ
"මින් මනත නොකියා කළින් එන්න එපා"
කියාගන්න බැරුවයි මං හැංගුනෙ
වෙනදා වගේම අදත් පෝය හඳ පායලා
පව් සෝදන්න බැරිවුනත් අපි පන්සල් ගෙහුං එමුද
ඩුං ඩුං ගගා අර බෙර කැටි මොර දෙන කොට
හිත අස්සේ කීරි ගැහෙන
අඳෝනාව වාං දමයි මයෙ දෙය්යෝ
අපි පෙරහැර නොබලම එමු