ඉතිහාසය පුරාවට ඉපැරණිම කෘත්‍රීම ආහාර වලින් එකක් වන පාන් කෘෂිකරමයේ මූලාරම්භයේ සිට තිබුණු බවනෙ ඔය කියන්නේ.
කෙසේ වෙතත් අවසන් බෝජනය ( ක්‍රිස්තුස් වහන්සේ ගේ ) පාන් බව අපි කවුරුත් දන්නවනේ එක මේසේ එකට එක පාන් ගෙඩිය කඩන් කාපු අය තමා පාවා දුන්නෙ, ඒ හින්දා යාලුවෝ එකට ඉන්න අය එක්ක පාන් කන්නෙ පරිස්සමට . ඔය මතක් වුණු වෙලාවෙ ඉඳන් අපි පාන් නොකාවත් ඉමුද?
දන්නවනේ අර බිසවක් " පාන් නැතිනම් කේක් කාපල්ලා" කියලා වෙච්ච දෙයක්. හොඳ වෙලාවට ලංකාවෙ බිරින්දෑ වරු කවුරුත් එහෙම කිව්වෙ නැහැනේ අනිච්චං දුක්කේ.නැතිනම් ලංකාවෙත් විප්ලවයක් ඇතිවෙනවා අනිවාර්යයි
අපේ ලංකාවට පාන් ගෙනාවෙ පෘතුග්‍රීසි කාරයෝ නෙ? අපි ඉතින් කිව්වා " සුදුපාට ගල් කාලා ලේ බොනවා " කියලා. එදායින් පස්සෙ පරදෙස්ක්කාරයන්ට ආවඩන අපි පාන් ජීවිතයට නැතිවම බැරි දෙයක් වෙලා නෙ?
පාන් ගෙඩියක් දරුවන්ට කන්න දෙන්න හොරකම් කල මිනිහෙක් ගේ අනුවේදනීය චිත්‍රපටිය අපි කවුරුත් බලල තියෙනවනේ?ඔන්න නොදන්න අයට ට්‍රෙලර් එකෙ ලින්ක් එකක් දානවා. ලස්සන ෆිල්ම් එකක් බලන්නකෝ
https://www.youtube.com/watch?v=IuEFm84s4oI
මෙන්න මං මූනුපොතට අද උදේ පෝස්ට් කළ එක
දෙන්නම් බැටේ.
හීන් සතුටක් හිතේ පතුලේ හෙමින් එබිකම්........ කරනවා
පාන් පැලටත් දුකේ බැරුවළු මටත් ගතු නම්....... කියනවා
"පාන්" හතරක් මිලේ වැඩිවළු ඔන්න අවුරුදු..... එබෙනවා
වාන් දමතත් අපේ කැක්කුම ඉන්න "කතිරය"... තියෙනවා
ගොය්යො ගෙටවෙනු අපිද හෙටදින අතට වෙරවිරි ගන්නවා
කය්ය ගැහුවට රූප පෙට්ටියෙ දන්න අය මෙය........ දන්නවා
කොක්කු නැටුවට තිත්ත පැටවුන් දිනක වරමක් ......ගන්නවා
දෙයියො බුදුවරු යදිනු කුමටද කතිර යුද්ධය .........තියෙනවා

තිත්තයෝද අපි වාරයක් එනකම් බලන් ඉන්න? මගේ නංගි මේක බලලා අහනවා රුපියල් 4ටද ඔච්චර කෑගහන්නේ කියලා. කෑ ගැහුවාය මම ?
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන " ආදරෙයි මං ආදරෙයි" බලන එයාට නම් මොකෝ නේ?
හ්ම්ම්ම්ම්ම්ම් සීනිගම පැත්තෙ මිරිස් අඹරලා පුළුවනිද මන්දා පාන් මිල අඩු කරන්න?
අපේ ආච්චි නම් ඒ දවස් වල කියන්නේ " ඔය කිරිසප්පයොන්ට පාන් රොඩු දීල වැඩක් නැහැ. බතකුයි සම්බෝලයකුයි හදන්න කියලා
දැන් නම් අපි 21+ තමා ඒ හින්දා පාන් කෑවට කමක් නැතිද මන්දා.
මේ පැත්තේ නම් හාල් කිලෝ එකක් රුපියල් 60න් ඉහලට + පොල් ගෙඩියක් රුපියල් 45/ 50/55 ම්.ම්.ම්.ම් අවුරුදු ලං වෙන කොට නම් වැඩිවෙයි.ඒත් තාමත් පාන් ක්නවට වඩා ලාබයි.
ලේසියට අපි අපේ කෑම වලට පාන් පිටි එකතු කරාට දන්න අය දන්නවා ආප්ප/ රොටී/ පිට්ටු/ තොසේ ඔය කොයි දේත් හාල් පිටි වලින් හදන්න පුළුවන් කියලා. වැඩේ තියෙන්නෙ ආපි කන්නෙ ඒ වගේ දෙවල් කඩෙන්නේ?
එලවළු ටිකක් වත්තේ හදා ගත්ත නම් මැල්ලුමක් එක්ක බත් ටිකක් උයන්න පුළුවනි. ඉඩ නැහැ නම් කියයි. වෙලා නැහැ නම් කියයි. මම මේ කතා කරන්නෙ අපිවගේ දුප්පත් ජනතාවට.
"සිංහලයා මෝඩයා බත් ගිලින්න යෝදයා " "ගමරාළ දිව්‍ය ලෝකෙ ගිය හැටි" වගේ උපහාස කතා ප්‍රචාරය කරල තියෙන්නෙ එදා ගමරාලට තිබ්බ අභිමානය සැළැකිල්ල අඩු කරන්න කියලා අපි දන්නවනේ? නිදහසෙන් මෙච්චර කාළෙකට පස්සෙත් අපි තාමත් පාන් කන්නෙ ඇයි?
"මොකෝ මේ පාන් කාපු එකා වගේ" කියලා කියන්නෙත් ඕකයි . මොහොතට බඩ පිරුණට පැයෙන් දිරවල ඉවරයිනෙ?
ඉතින් අපි "පෙරදිග ධාන්‍යාගාරයට උරුමකම් කියනව නේ/ අද ඉඳන් බත්ම කමුද? මය්යොක්කා බතලත් තවම තීයෙනවනේ?